හුස්ම ඇහැරුනු
දා පටන් සෙවු - සිහිනයක රැඳි රහස නුඹ විය
මියෙන ඉපදෙන
තරු කැකුළු මැද - දිලෙන රිවි මඩලත් නුඹම විය
ගන අඳුර
මකමින් සිනාසුන- සොමිගුණය පිරි සරා සඳ විය
නොපැතු මොහොතක
නොසිතු විලසට - හමා ආ මල් සුවඳ නුඹ විය
පිණි කඳුල මත
රැඳුන නෙතකට -වසන්තය කැඳවූ සුසුම විය
පුරන් සිත්
කෙත රනින් සරසා - ඇද හැළුනු නිල් වැස්ස නුඹ විය
බිහිරි හද ගැබ
ගීතයක් කල - දෙව් ලොවින් බට වෙණ නදක් විය
පැතුම් වැලලූ
සොහොන් පිටියක - පිපී ආ පරසතු මලක් විය
නගින සැඟවෙන
උදම් රළ ගැබ - අහම්බෙන් දුටු මුතු ඇටය විය
කුරුළු
තුඩඟින් හොරෙන් ගිලිහුනු - සරල සිතිවිලි නුඹම සතු විය
පිපුණු
අටපෙතියා කැදැල්ලක -රඟන සමනල සිතක් හිමි
විය
ජීවිතෙන් පැතු
සියළු සම්පත - නුඹේ තුරුලෙදි සැබෑවක් විය
මුණ ගැසුනු
නෙත් දහස් කිමිදී - මා සෙවූ නෙත් නුඹම සතු විය
කුරිරු
ලොවකින් සතුට සොයනට - සිත පැතූ උණුසුම ළයේ විය
අවැසි නැත
නිම් තෙර සොයන්නනට-එකම සිහිනය අද සැබෑ විය
නුඹයි හිරු
සඳු නුඹයි දියවර - සදෙව් සැප මට නුඹෙන් හිමිවිය
මගේ සුදු මහත්තයා ගැන ලිවුවේ හොඳද?
ReplyDeleteඅනේ ඉතින් අපි නම් ඔවා දන්නේ නෑ.... :-D
ReplyDeleteඒක ඇත්ත.... ඒත් මම හොඳටම දන්නවානේ
Deleteමොන සුදක්ද බොල?....නම්බ නෝට් වැලි කඩදහියකිං අත තදකරල හූරල දෙපාරක්වත් හුණු ගෑවොත්නං ඔන්න සුදු මහත්තය කියල කිව්වැහැකි...:)
ReplyDeleteඅපහාස කරන්න එපා හරිය- කළු උනාට මගෙ කොල්ලට කියන්නෙ මම සුදු......
ReplyDeleteඅහල නැද්ද මනුස්සයෝ ආදරේ අන්ධයි කියලා....ඉතින් පාට පෙනෙවියැැැැැැැ