මගේ රත්තරං
පුතාට,
මගේ පුතේ
දසමාසයක් මැණිකක් වගේ කුසේ හංඟන් ඉඳල උඹව
මේ ලෝකෙට ගෙනාපු අම්ම මම නොවුනට ඒ අම්ම තරංම මමත් උඹට අම්ම කෙනෙක් වෙන්නයි උත්සහා
කලේ.
උඹව උකුලේ
හොවාගෙන හුරතල් කලේ නැති වුනාට නිදි බිඳින පුංචි කැලෑ මලක් වගේ දවසින් දවස උඹ පෙති
දෙපෙති විහිදන කොට මේ ලෝකෙ වැඩියෙන්ම සතුටු උන කීපදෙනාගෙන් මමත් කෙනෙක්.
අකුරෙන් අකුර
ගැටගහල උඹේ ලෝකෙ ගොඩ නගන්න මමත් ගඩොලින් ගඩොල බැන්ද.
මං හම්බකරන්
කන්න නෙවෙයි ලෝකයේම හෙට දවස ගොඩ නගන්නයි මේ රස්සාව කරන්නෙ කියලයි මං අදටත් විස්වාස
කරන්නෙ.
පුංචි පුංචි
තරවටු නපුරුකම් කලේ තරහට නෙමෙයි.උඹල වැරැද්දෙන් වලක්වල යහපතේ යොදවන එක අපේ
රාජකාරීයේම කොටසක් වුන හංදයි.
උඹල මේ ලෝකෙට
බිහිවෙල ඉන්නෙ ලෝකෙ හෙට දවස ගොඩ නගන්නයි.
එහෙව් උඹලගෙ අද දවස ගොඩනගන්න කියල අපිට පත්වීම්
ලිපියකුයි පඩියකුයි දීල මයි අපි ලඟට උඹලව එවල තියෙන්නෙ.
උඹල නොහිතුවට
අපි කරන්නෙ අපේ රාජකාරීය.
රත්තරං පුතේ,
උඹ ගෙදරවැඩ
නොකරනකොට සැර වැර කලේ උඹ ගැන අහිතකින් නම් නෙමෙයි.ජීවිතයේ තමන්ට පැවරෙන කොටස
ඉටුකලයුතු බව උඹලට අවබෝධ කරවන්නයි.හොර ලෙඩ බොරු හේතු ඉදිරිපත් කරද්දි සමාවක්
නොදුන්නේ එහෙම උනොත් උඹල ජීවිතයේ යුතුකම් කොටස පැහැර හැරල නිදහසට කරුනු කියන
කොන්දක් නැති මිනිහෙක් විදිහට වැඩෙයි කියල තියන බයට.
උඹල හරි ආසයි
කැපී පෙනෙන්න.හිප් එකට ඇඳපු මේස් දෙක පේන දිග කලිසමෙන්.හැට්ටයක් තරමටම හිර සුදු
කමිසයෙන් කමිසෙට යටින් දාපු ලොකු සුදු යකඩ දම්වැලකින් ,යාන්තමට හැඩ වැඩ දාපු රැවුලකින්,ගලවපු ඇහි
බැමකින් විශේෂ විදියකට කපල පීරපු කොන්ඩෙකින් උඹ ල අනිත් අයගෙන් ඉස්මතු වෙන්න උත්සහ
කරපු හැම වෙලාවකදිම උඹලට අපෙන් තෙතමනයක් ලැබුන් නෑ.
නිකමට හිතල
බලපං පුතේ අපේ සර් කෙනෙක් කොන්ඩෙ වවල කරාඹු දාල ඉස්කෝලෙ ආව කියල,බැංකු මැනේජර්
මැඩම් නයිටිය පිටින් වැඩට ගියා කියල,එහෙම නැත්තං උඹ මගුල්ගෙදරකට අඳින වෛවර්ණ
ඇඳුමකින් මලගෙදරකට ගියා කියල...මිනිස්සු ඒ
වෙලාවෙ බලන විදිය උඹට හිතා ගන්න පුළුවන් නේද?
හෙට ලෝකෙ
ගුරුවරු බැංකු මැනේජර්ලා වෛද්‍යවරු විදියට වැඩ බාරගන්න ඉන්නෙ උඹලයි.එදාට උඹල
නුසුදුසු ඇඳුමකින් ගියොත් එතනදි උඹල කොච්චර අසරණ වෙයිද?.අද ඉඳලම අපි උඹලව හැඩ
ගස්සන්නෙ ඒවගේ නරක දවසක් උඹලගෙ ජීවිතේට
උදානොවන්නයි.හෙට උඹල යන තැනක සංස්කෘතියට නම්‍යශීලි වන පුරවැසියෙක් ගොඩ නගන්නයි.
නැත්තං අරන්
දෙන්නෙ උඹලගෙම අම්ම අප්ප නං අඳින්නෙ උඹල නං උඹලගෙ ඇඳුං ගැන වද වෙන්න අපිට ඇති
රුදාව මොකක්ද කියලනෙ උඹල හිතන්නෙ.
අපේ අධ්‍යාපන
ක්‍රමයෙ විභාග ක්‍රමයෙ කෙලවරක් නැති වැරදි තියන බව උඹ වගේම මමත් දන්නව.ඒත් මේ
පවතින අධ්‍යාපනයෙන් සියල්ල ගොඩ නොනැගුනත්
එ ඔස්සේ ඉහලටම යන එක ජීවිතය ගොඩ යන්න ඇති ෂෝට් කට් එකක් විදියට මම තාමත් විස්වාස
කරනව.
වෙනස් වෙනස්
විදියෙ උඹල එකම පංතිකාමරයක ඔබල එකම දෙයක් එකම ක්‍රමයට ගිල්ලවන්න හදන එක කොයිතරම්
අසාර්ථකද කියල මටත් වෙලාවකට හිතෙනව.
ඒ නිසාමයි
විෂය කරුණු අමතක වෙලා සිදුවන ලකුනු අඩුවීම් වලට මං යක්ෂ වර්ෂන් එකක් රඟ දක්වන්නෙ
නැත්තෙ.
ගනන් හදන්න
බැරි උඹට ලස්සනට සිංදු කියන්නත්,හරියට උක්ත ආක්‍යාතය ගලපල සිංහල රචනාවක් ලියාගන්න
බැරි උඹ ක්‍රිඩා වලට දක්ස බවත් මං දැකල තියනව.උඹලගෙ ජීවිතේ තරංම වටින අවස්තා අරං
ජීවිතේ උඹ එනකල් මග බලං ඉන්නව.ඒව පාදගන්න උඹලට උදව් කරන එකත් අපේ වගකීමේ කොටසක්.
උඹල කියනව ක්‍රීඩා
තරඟ වලට යන්න උන හංද දුන්න ගෙදර වැඩ කරන්න බැරි වුන බව.මම උඹලට කිසිම බුරුලක් දෙන්නෙ
නෑ ඒ වෙලාවට.දවසක උඹ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් බිරිඳක් සැමියෙක් වේවි.ජීවත් වෙන්න
රැකියාවක් කරන්න වේවි.උඹට ඒ භූමිකා දෙකම රඟ දක්වන්න ඇවැසි පන්නරය දෙන්නයි මේ මගේ
උත්සාහය.නැත්තං උඹ ගෙදර වැඩත් රැකියාවේ වැඩත් අතර අසරණ වෙලා දෙකෙන් එකක් අතඅරීවි.
එදාට ඒ දේ නොවෙන්නයි පුතේ අද අපි උඹව සූදානම් කරන්නෙ.
උඹලට පුටු
පද්දන්න එපා උගන්නන වෙලාවෙදි පෑන් වලින් ඩෙස්වලට ගහන්න එපා කියන්නෙ උඹ දවසක ලොකු තානාන්තරයක් දරනකොට එදාට මූන
දෙන්න වන රැස්වීම් සාකාඡ්චා වලදි නියම මනුශ්‍යයකු වගේ හැසිරිය යුතු හංද.අනුන් කියන
දේට සවන් දෙන්න වගේම උඹලගෙ අදහස් නිර්භයව එලිදක්වන්න සුදුසු වටපිටාවක් සකසමින් අපි
කරන්නෙ උඹලගෙ ඒ අනාගත දවසට උඹලව සූදානම් කිරීමම තමයි.
මේ උඹලගෙ
හෝමෝන විපර් යාස සිද්ද වෙන කාලෙ.ප්‍රජනනයට දැන් උඹලගෙ ශරීර හැඩගැහිල ඉවරයි.ඒත්
නැවතල චුට්ටක් හිතපං.උඹලට ඒ සඳහා මානසික සාමාජීය වටපිටාවක් ගොඩනැගිලද කියල.උඹලගෙ
හැඟීම් මුදාහැරීමේ ප්‍රතිඵලයක් විදියට මේ ලෝකයට එන අළුත් ජීවියා ලෝකෙට බරක් නොකර
හදා වඩා ගැනීමේ හැකියාව උඹට තියනවද?තණ බිස්සේ ලැගුම්හලේ උඹේ ලැජ්ජාවේ සළුපට උනා
දමන්න කලින් එක මොහොතක් නැවතිල කල්පනා කරපං
.අද මේ මොහොතේ විඳීම මුළු ජීවිත කාලය
මුළුල්ලේම විඳවීමට හේතුවක් වෙයිද කියල.උඹෙන් රොං ගත්ත බඹරා පියඹා නොගිහින් උඹ
තුරුලෙම ඉඳීවිද කියල.
ලෝකය හරිම අවස්ථාවාදීයි.තව
කෙනෙක්ගෙ කඳුලක උණුසුම දැනෙන්න තරං සංවේදී වෙන්න තරං වෙලාවක් ලෝකයාට නෑ.සිල්ලර
කාසි වගේ මිනිස්සු උඹලගෙන් ප්‍ර යෝජන ගන්න හදන්නේ හඞක් නගල තමං වෙනුවෙන් නැගිටින්න
තරං ශක්තියක් නැති උඹලට කරන අසාධාරණයක් කරලියට එන්නැතුව වලක්කගන්න පුළුවං හංද.
මගේ රත්තරං
පුතේ..මේ විෂම සමාජයේ උඹල පහසු ගොදුරු.ඒකයි උඹල යන එන තැං ආශ්‍රය කරන මිනිස්සු ගැන
හොය හොයා උඹලගෙ පෞද්ගලික ජීවිතය අපි සැරෙන් සැරේ ආක්‍රමණය කරන්නෙ.
මත් පැං උඹලගෙ
ජීවිතය කුණු කාණුවක් කරන්ඩ තරං හයියක් තියන හතුරෙක්.ඒවගේ දේ වලිං උඹලගෙ සිහිය
විකල් වෙලා ආත්මය ගරා වැටිලා යනවා.ලෝකය ඉදිරියේ උඹව පිලිලයක් ලෙස මවා පානවා.
උඹල
උඹලගෙ ජීවිතය විනාශ කර ගන්නව කියන්නෙ ඒත් එක්කම උඹල ලෝකයේ අනාගතයත් විනාශ කරන ව
කියන එකයි.ඒවගේ බරපතල අපරාධයක් උඹලගෙ හෘද සාක්ෂියට බර වැඩියි නේද.උඹගෙ බෑග් සාක්කු
වල තියන දුංකල සිගරැට්,බාබුල් අත්අඩංගුවට ගන්නෙ අපේ හිතේ උඹල වෙනුවෙන් ගොඩ ගැහිල
තියන අසීමිත ආදරේ හංදමයි.
උඹල හරි
ආවේගශීලියි.ඒ උඹලගෙ වයසෙ හැටි.ඒත් ඇයි උඹල මේතරම් ලේසියෙන් පරාජය බාරගන්නෙ.අම්ම
බැන්නාම ටීචර් දොස් කීවාම,කොල්ල දාල ගියාම ඒක ලෝක විනාශය වගේ ඇයි උඹලට
දැනෙන්නෙ.ඇයි අනුන්ගෙ පුංචි රිදවීමකට උඹලගෙ ජීවිතෙන්ම පළි ගන්නෙ.
මගේ පුතේ ඒක
නෙවි හරි ක්‍රමය.උඹට කවුරු හරි මෝඩයා කිව්වනං උඹ ඔප්පු කරපං උඹ මොඩයෙක් නොවන
වග.එතකොට එහෙම කිව එකාට හුඟාක් රිදෙයි.උඹ ඒ වචනෙට උඹේ ජීවිතෙන්ම පලි ගත්තනං උඹ
මෝඩයෙක් බව එතැනින්ම ඔප්පු වෙනවා.එතකොට ඔයා කියයි “ඕකනෙ මං කීවෙ“ කියල.
ලෝකයේ සියල්ල
හිමි වුන කවුරුවත් නෑ.කෙනෙකුට දූවිලි වගේ වටින්නැති දේ තවත් කෙනෙකුට මුතු මැණික්
වගේ.ඉතින් සේරම ලඟා කර ගන්න උත්සහා ගන්න එපා.තියන දේවල් වලින් අද දවසේ සතුටින්
ජීවත් වෙන්න.හෙටට ඕන කරන දේවල් ඒ සතුටට ආකර්ෂනය වෙලා නිකංම ඔයා ළඟට ගලාගෙන ඒවි.
හොඳටම තරඟ
කලත් පලවෙනි තැන නැති වෙලා,ආසාවෙන් බලාපොරොත්තු වුන ශිෂ්‍ය නායක කම නැති වෙලා
සමහරු කියයි ඒක අසාධාරන විනිශ්චයක් කියල.ලෝකෙ හැමවිටම ඔයාට සාධාරණ වෙන්නෙ නෑ.ඒ බව
මේ පුංචි වයසෙදිම අත්දැකගම දැනුවත් වුන
ඔයාව වට්ටන එක කාටවත් ලේසි වෙන එකක්
නෑ.අසාධාරණයට ලක් වුන ලෝකෙ පළමු කෙනා ඔයා
නෙවි.මාටිං ලුතර් කිං ,සොක්‍රටීස් වගේ අයට ලෝකෙ අසාධාරණ කම් වලින් තමන්ගෙ ජීවිතේ
පවා අහිමි වුනා.ඔයාට එච්චර හානියක් වුනේ නෑ නේද?සමහර විට ඒ අවස්ථාව නැති වුනේ ඊට
වඩා දාස් ගුණයක් වටින අවස්ථාවක් ඔයාට ලැබෙන්න තියන නිසාද වෙන්න ඇති.ඔයාලම නේද පුතේ
කියන්නෙ“ ඊ ලඟ කෑල්ල වඩා රසවත්“ කියල
ඉතිං මගේ
රත්තරං පුතේ ජීවිතේ ඇහිඳ ගනින්.තමන්ගේම දෙපයින් හිටගෙන හිස කෙලිං තියාගෙන ජීවත්
වෙයං.ලෝකයට උඹ බිහිකිරීමට හේතු වුන උඹේ වගකීම් කොටස හොයාගෙන ඒක ඉටුකරපං.අති
දක්ෂයකු ලෙස ජීවත් වෙන්ඩ කියල අපි උඹට කියන්නෑ.නමුත් හැබෑ මනුශ්‍යයකු ලෙස මරණය
දක්වාම ඉඳපන්.අති දක්ෂ යක්ෂ යක්සයෙකුට වඩා අදක්ෂ මනුශයෙක් ලෝකයට වටිනව.මොකද
අඩුගානේ ඒ මනුස්සයගෙන් ලෝකෙට අවැඩක් වෙන එකවත් වලකිනවනෙ.
අපි
දුප්පත්,පංති යන්ඩ සල්ලි නෑ..අම්ම අපිව දාල ගිහින්..අරයට වගේ ලස්සන ගවුමක්
නෑ...වගේ නිදහසට කරුනු කියවන්න කලින පොඩ්ඩක්
නැවතිලා වට පිට බලපං.උඹට තරං වත් මුකුත් නැති කීදාහක් මිහිපිට ඉන්නවද?
දුකේ ඇලී ගැලී
නොසිට ඒ දුකෙන් පන්නරය ලබපං.ලෝකෙට හඳ වගේ එළිය දෙන්න බැරිනං ඉටිපංදන් එලියක් වත්
දියං.
මගේ පුතාට බුදු සරණයි
මේ පුතාට
ගොඩක් ආදරේ ඔයාගේ ටීචර්
(ඡායාරෑප අන්තර්ජාලයෙනි)