ඔන්න සුභ
අළුත් අවුරුද්දක් වේවා හැමෝටම.අළුත් අවුරුද්දෙ හාහපුරා කියල මල් වත්ත පැත්තෙ ආව
මකුළු දැල් එහෙම කඩලවත් යන්ට කියල.හැම ගුරුවරයෙකුටම වගේ මටත් නිවාඩු මාසෙ නිවාඩු
නැති හංද වල් පැල ගලෝල යන්ඩ වත් මල් වත්ත දිහාට එන්ඩ බැරි වුනා...
ඒ අතරේ අපේ අය
හුඟක් පොත් එහෙම දොරට වඩම්මල තියනව.එව්වට හදවතිංම සුභපතන ගමන් සමාව භාජනේකට දානව
යන්තමටවත් ගොඩ වැදිල යන්ඩ එන්න බැරි වෙන එකට. දවසකට පැය හයක් මහ පාරෙ ගතකරන
බාරියාවකට අමතර වැඩ වලට කාලෙ හොයාගන්න ඇති නොහැකියාවටත් වඩා කොලඹ පාරවල් නුහුරු
වීමත් දොරට වැඩීම් හවස් කාලේ තිබීමත් තමයි හේතු.නෙළුං යායෙ මල් කඩල ආපහු යන්ඩ
වින්ද දුක තාමත් මතකයි නොවැ.
හිත හිස්
පිටුවක් වෙලා තියනකොට ලියන්ඩ දෙයක් ඔලුවට ආවෙ සුරං මලයගේ ලිපිය දැකල.
ඔන්න මටත්
හිතුන හිටං මං දන්න සෙක්ස් ගැනත් ඔන්න ඔහෙ ලියල දාන්ඩ ඕන කියල.
ඕක මහ අමුතු
කුනුහරුපයක් කියල මං ඉගෙන ගත්තෙ මං හතරෙ පංතියේ ඉන්නැද්දි.මං ඒකාලෙ හරි නිස්සද්ද
අහිංසක එකී.මං ළඟම උන්න ළමය මට දවසක් කැව්ම් ගෙඩි දෙකක් දුන්න
අද ඔයාගෙ
උපංදිනේද?
නෑ රෙදි නැන්ද
නෑව්ව...එයා කීවෙ වටපිට බල බලා..හරි හෙමිං.විභාගෙදි උත්තර කියා දීල ටීචර්ට අහු
වෙනවට බයේ වගේ
අයියෝ ඔයාව
තාමත් කවුරු හරි නාවනවද?මං නං තනියෙන් නා ගන්නව.කිරි අම්ම පිට අතුල්ලනව ඉතරයි...මං
ආඩම්බරෙන් උත්තර දුන්න
ඊළඟට හයේ
පංතියෙදි.අනුංගෙ ගෙවල් වල බෝඩිං කාලෙ හමාර කරල අම්ම තාත්ත ලඟට ආව.එක ළමයෙක් සති
දෙකක් ඉස්කෝලෙ ආවෙ නෑ.
එයාට මක්
වෙලාදෙ
එයා ලොකු
ළමයෙක් වෙලා....තව ළමයෙක් වට පිට බල බලා කොඳුරල කිව්වෙ මහ ලොකු රහසක් කියනව වගේ.ඒ
වෙලාවෙම එතනින් ගිය කොල්ලෙක් දිහා ඇඔරිල බලල.ඒක මහ කුණුහරුපයක් වෙන්ඩ ඇති.. කොල්ලන්ටවත්
අහනඩ හොඳ නැති දෙයක් වෙන්ඩ ඇති.
“අම්මෙ අපේ
පංතියෙ ළමයෙක් ලොකු ළමයෙක් වෙලා,.. ගෙදර ආපු ගමන් මං මහ හයියෙන් නිවේදනය
දුන්නා.බත් කකා හිටපු සීය අම්ම දිහා රවල එතනින් පිට වුනේ අම්ම කුනුහරුපයක් කියනව
ඇහුන වගේ.තාත්තත් අම්මත් අතර ක්ෂණීක බැල්මක් හුවමාරු වුනා.
මාත් ලොකු වෙලා
තමයි...මල්ලි ඇඟිලි තුඩු වලිනුත් ඉස්සිලා ලොකු බව පෙන්නුව
එදා නාන්න
යනකොට අම්මත් මං එක්ක ආවා.ප්‍රජනන පද්දතිය හා දරුවන් ලැබීම ගැන හුඟක් දේවල් එදා
අම්ම මට කියා දුන්න.හත වසරෙදි මට ඒක වෙනකොට හැමෝටම රහසෙ ඒක අම්මගෙ කනට කොඳුරන්න
තරමට මං දැනුවත් වෙලා හිටිය.
ඒත් එතන හිස්
තැනක් තිබුන.ළමයෙක් හැදෙන්න ගෑනු පිරිමි දෙගොල්ලොම ඕන කියල මට තේරුනත් එයාල කොහොම
හිටියාමද ළමයි හම්බෙන්නෙ කියල මං දැනං උන්නෙ නෑ.බස් එකේදි පිරිමියෙක්ගෙ අත මගෙ අතේ
යන්තං වැදුනත් පොල්මුඩ්ඩෙං අතුල්ලලා සබං
දාල හේදුවෙ මට ලමයෙක් හම්බුනොත් ඉස්කෝලෙ යන්ඩ බැරිවෙයි කියල බයට.
හැබෑටම ලමයි
හැදෙන්නෙ කොහොමද?
මට වඩා දැන
උගත් නංගි කෙනෙක් මට දැනමුතුකං දුන්න
මාමෙක්ගෙ #
පැත්ත නැන්දෙක්ක # පැත්තට දැම්මම තමයි බබ්බු හැදෙන්නෙ... මොන මගුලකට එහෙම
දාන්නෙ..මට හිතුනෙ එහෙමයි.
ඔය අතරෙ තමයි අපේ
මාමා කෙනෙකුගෙ ගෙදර තිබිල “උදා වූ යෞවනය හා සරුංගලය “ කියන පොත් දෙක මට හම්බවෙන්නෙ
.අද්දියාපන
අමාත්‍යාංශෙම්ම ගහපුව
මගේ කුතුහලය
ඒකෙංම නිවුන.රෑප සටහනුත් එක්ක විස්තර තිබ්බ උදා වූ යෞවනය පොත මගේ යෞවනයට පාර
පෙන්නුව කියල ආපහු හැරිල බලද්දි මට හිතුන.යාළු මිත්තරයංගෙ අමුතු නිර්වචන වලට වඩා
පොතක තියන දේ විස්වාස කරන්ඩ මං කොහොමත් පුරුදු වෙලා හිටිය.
මගේ හැඟීම් හා
සීමා ගැන අවබෝධයකින් යෞවනය පිළිගන්න මට පුළුවන් වුනා.මේ 98/99 කාලෙ.ඒ කාලෙත්
අද්දියාපන අමාත්‍යාංශෙ මේ අවශ්‍යතාවය දැකල තිබ්බ
මට දැන් ආයෙත්
යෞවනයත් එක්ක ගැටෙන්ඩ වෙලා...ඒ මගෙ දරුවො එක්ක ..මගෙ කිව්වට මං උගන්නන දරුවො
අන්න ඒ හංදමයි
කොල්ලො 18 දෙනෙකුයි කෙල්ලො 3යි උන්න මගේ
පංතියට අමාරුවෙන් හොයාගෙන ඒ පොත කියවන්ඩ දුන්නෙ.
ඒත් උන් මං
වගේ ලිං මැඩියෙක් වෙලා ඉඳල නෑ.අන්තර්ජංජාලෙන් ව්‍යාපෘතියකට කරුණු හොයන්ඩ දන්නැති
උන් SEX හොයන්ඩ දැනගෙන
ඉඳල තිබුන.
උන් සෑහෙන
දේවල් ඉගෙනගෙන තිබුන.ඒත් හරි දේවල් නෙමෙයි.ඔය කුණූ ගොඩවල්.අටේ පංතියෙ එකෙක් ලඟ ඔයි
වීඩියෝ එකක් තිබිල අහු වුනාම හැම ගුරුවරයෙක් වගේම මාත් ගැස්සිලා ගියා.
හවස ඉස්කෝලෙ
ඇරිල ගෙදර යනගමන් හංදියේදි හම්බෙන ෆිට් අයියලා උඹලට මග පෙන්නනව කියල මං දන්නව.
ඒත් මං
වෙව්ළුම් කාපු දවස එදා නෙමෙයි.මගෙ පංතියේ අවසාන දවස.අවුරුද්දක් මං වටේ ඉඳන් යකා
නටපු කොළු කෙලි රෑන වෙන කෙනෙක්ගෙ දෑතට බාරදෙන්න බැරි ලෝභ කමෙනුයි මං හිටියෙ.
ඒ අතරෙයි මට
ආරංචිය ආවෙ උඹල සෙට් වෙලා ෆෝන් එකකින් ඔයිව බලනව කියල.
මගේ නාහෙ යට උන්න
උඹලව උන්නට වඩා හොඳ තත්තවයක ගොඩ නගන්න මං මගෙ හිතට එකඟව අවුරුද්දක් මහංසි වුනා.ඒත්
අන්තිම දවසෙත් චෝදනාවක්...මගේ ඇහැට උනපු කඳුල මං කාටත් හොරා පිහ ගත්තෙ අනිත් අය
ඉස්සරහ විකාරයක් වෙන්න මට ඕනකමක් නොතිබුන හංද.
අත්අඩංගුවට
ගත්ත උඹේ ෆෝන් එක මං විනය කමිටුවට බාර දුන්නත් මගේ හෘද සාක්ෂියෙන් මට ගැලවීමක්
නෑ.මං මගෙ වගකීම් පැහැර හැරල.උඹල මගෙ කනෙන් රිංගල තහනම් භාන්ඩයක් ගෙනත් තහනම්
වැඩක් කරල.
උඹලට දඩුවම්
ලැබුන ඇත්ත.ඒත් ලොකුම දඩුවම ලැබුනෙ මට.මගෙ හිත තමයි මටම දඩුවම් කලේ.
උඹල කලේ ජාතික
අපරාධයක් නොවන බව ඇත්ත.ඒත් අපිට දඩුවම් කරන්න වෙලා තියෙන්නෙ උඹලගෙ හෙට දවස නිවැරදි
කරන්න විතරක් නෙමෙයි.උඹල කරන වැරදි කරන්න බලාගෙන ඉන්න උඹලගෙ නංගිල මල්ලිලව නිවැරදි
කරන්නත් එක්කයි.
ඒත් මං ළඟ
අවුරුද්දක් උන්න උඹලට උඹලගෙ හැඟීම් පාලනය කර ගන්න කියා දෙන්න මට බැරි වුනා.
උඹලගෙ කුතුහලට
ශාපයක් කරගන්නෙ නැතුව ආශිර්වාදයක් කරගන්න හැටි උගන්නන්න මට බැරි වුනා.
විශේෂයෙන්
ලොකුම වැරදිකාරයා වුන ෆෝන් එක ගෙනාව උඹ.පංතියේ අග හරියෙ උන්න උඹව පංතියෙ මුල්
තුන්දෙනා අතරට ඇදගෙන එන්ඩ අපිට පුළුවන්
වුනා....
මං උඹත් එක්ක
කතා කරන හැම වචනයක්ම ගැන දෙපාරක් හිතුවෙ වචනෙකිංවත් උඹට රිදෙන්න ඉඩ දෙන්න බැරි
හංද.රිද්දන්න හුඟ දෙනෙක් උන්න උඹට ආදරෙයි අවධානයයි දෙන්නයි මං උත්සහා කලේ.ඒ දේවල්
වලට උඔ හොඳින්ම ප්‍රතිචාර දැක්කුවා.ඒත් අන්තිම මොහොතෙ මෙහෙම විනාශයක්..
මෙතන වැරදි
කාරයා උඹද?
එහෙම හිතෙනකොට
මට කල්පනා වෙනව උඹටහරි මග පෙන්වීමක් කොහෙන්වත් හම්බෙන්න නැතුව ඇති
කියල.ගෙදරින්...??? කොහෙත්ම නෑ....
ඔය වයසට
ලිංගික හැඟීම් පහල වීම සාමාන්‍යය දෙයක්.ඒත් එක අතකට මට හිතෙනව කොයි හරි කෙල්ලක්
රවට්ටල හරි බලෙන් හරි අකුලකට ඇදගෙන යනවට වඩා මෙහෙම ඔය හැඟිම් සමනය කර ගන්නවනං
හොඳයි කියල.
ඒත් පුතේ උඹල
තාම පුංචි උන්..දඟකාරකම් වලට වත් සීමාවක් තියාගන්න බැරි උඹල කොහොමද මේ වගේ බරපතල
දේක සීමාවක් තියාගෙන යන්නේ.
උඹල ඕකට ඇබ්බැහි
වේවි.ඊට පස්සෙ අනිත් හැම දේම අතපසු කරල ඔව්ව බල බල ඉඳීවි.
පස්සෙන් පහු
වෙනකොට ඔව්ව කරන්නත් ඕන වේවි.ලිංතොටේ අනුංගෙ ගෙවල්වල කාමර ගානෙ,අනුන්ගෙ දූවරු
සහෝදරියො එක්ක කැලවල් ගානේ කාමර ගානේ.....ඊට පස්සෙ සමාජ අපවාද.හිරේ විලංගුවේ
වැටීම්.උඹලගෙ අම්මලට සහෝදරියන්ටවත් පාරක බැහැල යන්ඩ බැරිවෙයි
ජාතික අපරාධය
වෙන්නෙ එදාට...අදට නෙමෙයි.අන්න ඒ දවසයි අපට වලක්වන්න ඕන වුනේ.
දැන් උඹල හිට
ගත්තාම උඹලගෙ ඔළුව අත ගාන්නවත් අපි උස නැති උනත් තාම අපිට උඹල දරුවො.උඹලගෙ හෙට දවස
යහපත් කරන්නයි අපි මහංසි වෙන්නෙ.ගුරු කම කියන්නෙ වැටුපෙ සීමාවක් බල බලා කරන්න
පුළුවන් රස්සාවක් නොවන විත්තිය උඹල ද න්නෙ නෑ.පංතියට ඇවිත් මොනව හරි ඔළුවට දාල
විභාගෙට ලකුණක් දෙන එක නෙමෙයි අපේ රාජකාරිය.උඹල උඹලගෙම හෙට දවසට සූදානම් කරන එක.එතෙන්දි
අපි තදින් ඉන්නෙ උඹලගෙම යහපත වෙනුවෙන්.
ඒක හංද අපි
උඹලට රිද්දුව කියල අපි දිහා වෛරෙන් නොබල පොඩ්ඩක් බලපල්ල ඇයි අපිට එහෙම කරන්න සිද්ද
වුනේ කියල.
ආශාවත් එක්ක
ලිංගිකත්වය හා සමාජ සම්මතයන්ට පටහැනි දේවල් එකතු වුන තැන විනාශයක්.එවෙලෙ සතුටක්
දැනුනත් සමහර විට සදාකාලිකව විඳ වන්න හේතුවක් උඹලට හදල දේවි.ඒත් ආදරය විශ්වාසය හා සභ්‍යත්වයට
එකතු වුන ලිංගිකත්වය ජීවිතයට ආශිර්වාදයක්.
ඒත් ඒ තැනට
එන්න උඹලට ටිකක් කල් බලා ඉන්න වේවි.හොඳම තැන හොඳම කෙනා එක්ක හොඳම විදියට ඒ සතුට
විඳින්න නම් උඹට ටිකක් කැප කිරීමක් කරන්න
වේවි.
ඒත් උඹල ආදරේ
කියල කරන මුළු ගැහීම් ලියුම් ලිවීම් නෙමෙයි ආදරය කියන්නෙ කියල උඹලට අවබෝධ වෙන දවසක
පසුතැවීම් වලට කරුණු හදල තියා ගන්න එපා.
සිංදු
අහන්න,
සෙල්ලම් කරන්න.
පොත් කියවන්න.
ස්වභාවධර්මය විඳින්න...
විනෝදාංශයක්
තියාගන්න.
ජීවිතේ හෙට ගෙවන විදිය අද හීනෙන් දකින්න..
.ඒ හීනය ඇත්ත කරන ආකාරය සැලසුම්
කරන්න..
ඒ සැලසුම් සැබෑවන ආකාරය ගැන හීන දකින්න ..
.ඒකට කැපවෙන්න
විහින්
විනාශයට ඇදෙන්න එපා...ජීවිතය විඳීමට බොහෝ ක්‍රම තියනව.
ඇස් ඇරල වට පිට බලන්න ..ඒවා
සොයා ගන්න
මොහොතක
වින්දනය සදාකාලික විඳවීමකට පාර කපනවා නම් වහාම ඉන් ඈත් වෙන්න.
උඹලට උදව් ඕන
හැම වෙලාවකම අපි දිහා බැළුවොත් අපේ දැතම උඹලගෙ අත් අල්ල ගන්න සූදානමෙන් උඹල ලඟින්ම
තියන බව උඹලට පෙනේවි