මම බැරිවීමකින් මා අතින් ලියවුනු කවියක් කථාවක් පොත් අල්මාරිය පතුලේ නිධන් කර දැහැමින් සෙමින් සිටි අහිංසක ලමයෙක්.ඒ මීට මාස කීපයකට කලින්....
දමිත් අයියා ඇතුළු “නිර්මාණ කියවීමේ හැන්දෑවේ“ උදවිය මගේ අහිංසක ලෝකය උඩු යටි කුරු කරමින් කඩා වැදී ඕපා දූප සෙවීම සඳහාම හදාගත් මුහුණු පොත කවි වලින් දූෂණය කලා.
මේ මල් මිට මගේ මුහුණුපොතට සැබෑ අර්ථයක් එක් කිරීමේ වරදට “නිර්මාණ කියවීමේ හැන්දෑවේ“ හැමෝටම..මේ අව නඩුවේ පළමු විත්තිකාරයෝ ඒ හැමෝම.
මූණු පොතේ සැරි සරද්දී මධ්‍යම රාත්‍රියට කිට්ටු කරද්දී හමුවූ පිස්සු මූකලන් බස්සි තමයි දෙවෙනි විත්තිකාරි.මගේ තියන පිස්සුව ඩබල් වී එනවා යි බියවී මගේ සුදු මහත්තයාත් නැන්දම්මාත් ඇස් උඩ ඉඳවන් බලා ඉද්දී මම සිවුවන වරටත් “බස්සිගේ නවාතැන “ කියවමින් ඉන්න කොට තමයි මුල් වරට ඒ සාපරාධී චේතනාව මගේ ඔළුවට ආවේ.....මමත් බ්ලොග් එකක් ලියනවා“!!!!!!!!
අන්න ඒ සාපරාධී චේතනව මගේ අහිංසක ඔළු ගෙඩිය ඇතුලට රිංගවීම සම්බන්ධයෙන් මේ දෙවෙනි මල් මිට “බස්සිගේ නවාතැනට“
“බස්සා නැත්තං බස්සියෙක් කොයින්ද?බස්සියෙක් නැත්තං බස්සිගේ නවාතැනක් කොයින්ද?මේ තුනම නැත්තං මේ දුප්පත් මම නොදන්නා බ්ලොග් කෙරුවාවකට සෙට් වෙලා වරිගේ නහ ගනීද?“
ඒ නිසා මේ මල් මිටෙන් බාගයක් බස්සාටත් අයිතියි.දෙන්නා රණ්ඩු නොකර සමෝසමේ බෙදා ගනිත්වා.............
ලොකුම ප්‍රශ්ණය වුනේ මගේ අසාමාන්‍ය කොම්පියුටර් දැණුම.විශාරදයෙකුට නොදෙවෙනි දක්ෂ කමකින් ඊතලේ නතර වෙන ඕනම තැනක් ඔබ ඔබා යද්දී පරණ පවක් පලදීලා මොකක් හරි එබිලා අළුත් බ්ලොග් එකක් හදන්න තියන තැනකට ඇවිත්.රජා විතරත් නෙමෙයි මුළු රජ පවුලම මරණ මගේ කඩ්ඩ අමාරුවෙන් මලලසේකරගේ බෙල්ලටත් තියාගෙන වැඩට බැස්සා......
ඔන්න ඔය අතරේ අනුන්ව කොපි කරන්න ට්‍රයි කරන්න ගිහින් තමයි මාතලං අයියගේ බොග දැමීම දැක්කේ..
සන්තෝසෙ විලිලැජ්ජාවෙ පණ ගිය පාර විසිල් එකකුත් ගහගෙන මං වැඩ පටාාාාන් ගත්තා..
රජාට බයේ අතර මග දාල යන්න ඉඩ තිබුනු බ්ලොග් කෙරුවාව දන්න සිංහලෙන් දමා මම වරදට පෙළඹවීම නිසා මේ මල්මිට මාතලං අයියාට
අවුරුදු විසි ගණනක් පුරා එකතු වූ සියළුම පල්හෑලි එක දිගටම පෝස්ට් කර ගෙන කරගෙන ගියේ සංතෝසෙන් ඉහවහා ගිහින්....දැන් ඉතින් මගේ පොත් කබඩ් එකේ ටොන් ගානක් බර පරණ කඩදාසි අයින් කරලා වෙන දෙයක් දාන්න ඉඩ හදා ගන්න පුළුවන්!!!!!
එක දිගට එක දවසක් ඇතුලත පෝස්ටු දාසයක්ම දැම්මේ මගේ සාමාන්‍ය දැනීමේ අසාමාන්‍ය ගතිය හින්දමයි.බ්ලොග බොගක් වීගෙන යනකොට මේ වතාවේ මට පිහිටට ආව නිසා හතර වන විත්ති කරු කටුසු පුංචා-මේව දාන්නේ ලියන එකාගේ අල්මාරි අස්කර ගන්න නෙමෙයි මිනිස්සුන්ට කියවන්න යැයි මතක් කර මගේ වරදට අනුබල දීම තමයි ඔහුගේ වරද.
අන්න ඒ වරදට අනුබල දීම සහ අටම් ගෙන් අහගන්න කියමින් මුල් වතාවට අටම් අයියාගේ නම නිර්දේශ කිරීමේ වරදට මේ මල් මිට දයාබර කටුසු පුංචා- කටුසු හදවත අයියාට.ඔයාගේ කරේ නම් රත්තරං බැඳීම අවශ්‍ය නැත.
-යාන්තම් සේරම හරිය - කියල හිතාගෙන සැනසිල්ලේ හුස්මක් කටත් ගත්තා විතරයි.චෝදනා පිට චෝදනා කඳු ගොඩ ගැසෙන්නට වූයේ කොමෙන්ටු දාන්න බැරිය කියලාය.ඉතින් ආයෙත් නන්නත්තාර වූ අහිංසක මම හැකි පමණ හොටු කඳුළු වගුරා සමාව භාජනයකට දැම්මේ ලැජ්ජා නහරය කපා දමා මගේ කොම්පියුටර් දැණුමේ විශාරද භාවය මුහුණු පොතේ අලවමිනි.
ඒ අස්සේ මගේ පිහිටට ආවේ කළ්‍යාණ මිත්‍ර අයියාය.ඔහුට හැකි පමණ උදවු දී ඉතිරිය අටමාගෙන් අහගන්නා ලෙස නිර්දේශ කලෙන් මම අටමා සොයා සයිබරය පීරුවෙමි.
හපෝයි පලපුරුදු බ්ලොග් කරුවෙක් විතරක් නම් මදැයි!!!! සම්මානෙකුත් දිනාගෙන...මා වැනි බිළින්දෙකුට ඒවගේ ජේෂ්ඨ උත්තමයෙක්ගේ මූණු පොතට බලෙන් රිංගලා උදවු ඉල්ලලා ලතෝනි දෙතෑකිද?ඔන්න ඔහෙ මේ බැරි අටමගලය අතහැරලා දානවා කියලා හිතද්දී කල්‍යාණ මිත්‍ර අයියා ඒ ගැන අටම් අයියාටත් කියලාය...මේ බ්ලොග් කෙරුවාව එතැනදී අතහැර දැමීමට ඉඩ නොදුන් වරදට ඊළඟ විත්ති කරු කල්‍යාණ මිත්‍ර අයියාටයි මේ මල් මිට....
ටික වෙලාවකින් තවත් මුහුණු පොතෙන් තවත් මූණක් එබුනා. ජීවිතේට අහලා නැති නමක්.“**** ******“.....මොකාද යකෝ මේ!!!!!
“මං අටම්“ කියනකොට මං උඩ ගිහින් බිම වැටුනා..මං කන්ද ගාවට ගියේ නැතුවට කන්ද මං ගාවටම ඇවිත්....ඒ වෙලේ ඇති වුන සැනසිල්ල කියන්න වචන නෑ...
ඒක නිකං ඉල්ලං කෑමක් වගෙයි.මාත් එක්ක කම්පියුටරයක් ඉස්සරහා වාඩි නොවුන කිසිම කෙනෙකුට තමං වැටෙන්න යන්නේ මොනවගේ අමාරුවකද කියලා තේරුම් ගන්න බෑ නොවැ.
ඉතින් අන්තිමට කොහොම හරි සියල්ලම සතුටින් කෙලවර වුනා.
ඒ අපරාධය මං ළඟටම අරං ඒම නිසාත්..ඊයේ රෑ පටන් ගත් මගේ බ්ලොග රෙපෙයාර් කිරීමේ කාර්යය අද මධ්‍යම රාත්‍රිය දක්වාම ඇදගෙන ආ නිසාත්, හොඩි පොත කියා දෙන්නා සේ සියල්ල කියා දී ඉනුත් නොනැවතී ලස්සන බ්ලොග් එකක් එදා දී බ්ලොග් සම්ප්‍රදාය යනු කුමක්දැයි ඉගැන්වීම නිසා ලොකුම වරදකරු අටම් අයියාය. මගේ සියළු ගොං කං හා පණ්ඩිතකම් ඉවසා ලස්සන බ්ලොගක් හදා දීම වෙනුවෙන් මේ මල් මිට ඔහුටය.
දැන් කැලයට පිපෙන මල් සයිබර් අවකාශයේ ලා නිල් පාට අහස යට ලස්සනට පීපි ඇත.එහි සුවඳ සයිබර් අවකාශය පුරා විසිරුණත් නැතත් මට ඒ ගැන තැකීමක් නැත.ඒ මල් වලටත් වඩා සුවඳ මිනිසුන් මට හමුවීමම සෑහෙන බැවිනි
ඩබ්.කේ
අලුත් බ්ලොග් එකට මගේ සුභ පැතුම්. අටම්පහුර ගේ ලිපිය දැක තමයි මාත් මෙතෙැනට ආවේ.
ReplyDeleteබ්ලොග් පටන් ගන්නවාට වඩා අමාරු වැඩේ තමයි දිගටම කරගෙන යන එක. ඒකටත් ධෛර්යය ශක්තිය සහ කාලය ලැබේවා. ලියන්න දේවල් නම් ඇතිනේ ඕනෑ පදම්?
හානේ මට ප්‍රචාරණයකුත් දීලා...අටම් අයියාට තවත් මල් මිටක් දෙන්න වෙයි වගේ.ස්තූතියි ඔයාට.සාදරයෙන් පිළිගන්නවා මගේ මල් වත්තට
Deleteඅටං ගේ ඉගියෙන් කැලේට පිපුණු (පිපිණු) මල් බලංට ආවෙමි. පළමු ඡේදය කියැවීමී. දෙවන ඡේදය කියැවීමි. අන්තිම ඔක්කොම කියැවීමි. ඔබට ජය.
ReplyDeleteඅතර මගදී නවත්වන්නේ නැතුව සම්පූර්ණයෙන්ම කියවීම ගැන තුති.සාදරයෙන් පිලි ගමි
Deleteමල් පොකුරක් දීලා මෙයා මගේ රෙදි ලෙහලා.. දන්නවනම් උදව් කරන්නෙත් නෑ.. හෆෝයි.. හෙට සුදු වෑන් එකක් එයිද දන්නෙත් නෑ.. බයි ද වේ.. මයි කන්ග්‍රැජුලේශනස්! දැන් නම් මේක පේරාදෙනිය මල් වත්ත වගේ ලස්සනයි. පිළිවෙලයි.
ReplyDeleteහෆෝයි මම රෙදි ලිහීම වැනි අසික්කිත වැඩ නොකරමි.මේක හැබෑම මල් වත්තක් කලේ අටම් අයියා.එයාට පාර පෙන්නුවේ ඔයා.ස්තූතියි
Deleteජය වේවා.. කබ්ඩ් එකම අපිට පෙන්නන්න ඕන හරිය... අර කොට බස්සි යස්සනී නිසා පුදුම අපරාදයක් නේ වෙලා තියෙන්නේ.. හැබෑට.. හැක්
ReplyDeleteඒක තමයි.ඒ හින්දම තමයි මුල් කාලෙදි වුනු හැම කරදරයකටම බස්සී සරණං ගච්චාමි උනේ.ඒ වුනාට මගේ කරදරයෙන් බේරෙන්න බැරි හින්දද මන්දා.බස්සි මුහුණු පොත් වැඩි වෙලාවක් හිටියේ නෑ නොවැ.ඒකෙන් තමයි මම කබලෙන් ලිපට වැටුනේ.දේශකයා සාදරයෙන් පිලිගමි
Deleteකබඩ් එකම පෙන්නන්නම් හොදේ.ඒත් ගිය පාර වගේ එකම දවසේ නෙමෙයි.දැන් ටිකක් මගේ සාමාන්‍ය දැනීම හොඳයි.ඒත් මගේ කබඩ් එක අස් කරගන්න සෑහෙන කාලයක් යයි වගේ
Deleteමොකා වැරදි උනත් කමක් නෑ, තෝ දැන් පටන් ගත්තා වගේ දිගටම ලියහන්,
ReplyDeleteලියන්නම් ලියන්නම්.ඔයාලා ඔහොම කියනකොට නොලිය පුළුවනෑ.සාදරයෙන් පිලි ගන්නවා
Delete@ ඩබ්.කේ, පිපිණු කියන වචනය පිපුණු ලෙසට වෙනස් විය යුතු නොවේද?
ReplyDeleteඇත්ත මාත් දැනුයි දැක්කේ ඒක.ස්තූතියි වරද පෙන්වලා දුන්නට.මේ සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තුවෙන් ඉමි.මං දැන් ඒක හැදුවා
Deleteමං මේ පැත්තේ කලින් ම ආවා...ආවිත් එකක් කියවලා ආයේ ගිහින් එනකොට තව හතරක් විතර දාලා...හෝ ගාලා පෝස්ට් දානකොට මම කියව වැඩේ අතහැරිය...ඔක්කෝම දාලා ඉවර වුනාම කියවනවා කියලා...
ReplyDeleteදැන් නම් ඉතින් අවුලක් නෑ වගේ...
අනේ මං කබඩ් එක ඉක්මනට අස් කර ගන්නනේ හැදුවේ රූපේ
Deleteඅනේ හරි අපරාධයක්නේ වෙලා තියෙන්නේ! . දැන් ඉතින් හීන් සීරුවේ ලියාගෙන යන්න. වැදගත්ම දේ ඔබේ සුන්දර ලියවිල්ල අතරමග නතර නොකර ඉවසිල්ලෙන් දිගටම ලියන එකයි. සුබ පැතුම්!! අටම්ගේ මග පෙන්වීමෙන් ආවේ.
ReplyDeleteස්තූතියි ආවට....ඔවු අපරාධයක් නේන්නම්.අහිංසක මට වෙච්ච දේ බලන්නකෝ
Deleteඅටම්ගේ අත අල්ලන් තමයි මමත් අාවේ. දිගටම ලියන්න
ReplyDeleteස්තූතියි
Deleteඅටම බකමූනෙක්ද කොහේද? මාත් අහුවුනා අටමට, පස්සේ නිදි පැදුරටත් නොකියා පැනලයි මං අටමගෙන් බේරුනේ..........අටම්පහුරට මගෙනුත් මල් මිටක්.....
ReplyDeleteඔබව ෆලෝ කරල, බ්ලොගයත් මගේ රෝලට දාගෙනයි මම ඉන්නේ, මමත් ඉතිං අලුත් එකෙක් හින්දා ම්ම්ම්මේ.......ඒක නෙවී.........ම්ම්මේ......ඔබත් ඉතිං කෙළෙහි ගුන දන්න්නැති එකෙක් යෑ.......මං අහන්නේ
ඇත්ත බකමූනෙක් වගේ මහ රෑ ඇහැරිලා තමයි එයා මගේ බ්ලෛාග් එකේ වැඩ කලේ.උම්මනතක සාදරෙන් පිලිගමි
Deleteහරි අටමා ගේ පාරෙන් ඇවිත් මල් වත්ත දැක්කා........... ගල් එහෙම ඕන උනොත් කියන්න
ReplyDeleteහපොයි ඔයා ගල් බිස්නස් කරනවද?අපි වීදුරු ගෙවල් වල ඉන්න නිසා ගල් එක්ක ගනුදෙනු නෑනේ
ReplyDeleteෂෝයි මල් වත්තක්නේ,, අටමා තමයි පාර කිවේ දිගටම ලියන්න අපි එන්නම් කියවන්න
ReplyDeleteසාදරයෙන් පිලි ගන්නවා ඔමා.පුළුවන් හැම වෙලාවකම ඇවිත් යන්න එන්න ඕන ඔන්න
Delete===============WELCOME TO THE BLOG SPHERE==================
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මේ හිංගල බොග් අවකාසේට.
බොහෝම ස්තූතියි.විභීෂණ
Deleteහැමදාම කියනවා වගේ දිගටම ලියමු අතාරින්නේ නැතුව.
ReplyDeleteජය වේවා....
හානේ කටුසු පුංචත් ඇවිත්.ලියන්නම් ලියන්නම්.ඔයාලා හැමෝම ඔහොම උදවුකරනකොට ඔයාලව දාලා ගියෑකිද?
Deleteඅද තමා ආවෙ ඔන්න. මල් යායක්. දිගටම ලියමු. අපි ඇවිත් යන්න එනව අනිවා :D.
ReplyDeleteජය වේවා!!!
සාදරයෙන් පිලිගන්නවා මනා.......අනිවා එන්න...ඇවිත් අඩුපාඩු කියලා දෙන්න
ReplyDeleteටෝච් එලිය අටං අයියගෙන්.... වැඩේ නැගලම යනවා..
ReplyDeleteජයවේවා..!!!
thanx
ReplyDelete