07. වැරදුන මන්තරය
සුවඳ කැකුළක මතකය සතුටින් දරාගෙන මං ඊළඟට
ගියේ මල් වත්තේ තියන ලාබාලම මල් දකින්න.තාම කැකුළු මෝදු වුනා විතරයි.සුරතල් කැකුළු
විකක්.පහුගිය දාක මේ මල් එක්ක ගත කල සුන්දර දෙහෝරාව සිතුවම් පටක් මෙන් සිතේ
මැවෙද්දී මම තවත් එවැනිම හෝරාවක් බලා පොරොත්තුවෙන් මල් පාත්තියට ඇතුළු
වුනා..හුරුපුරුදු ආදරණීය පුංචි කැකුළු ටික.... මෙන්න මම ආවා...අද එදා හිටපු නැති
මලකුත් පිපිලා.අනිත් මල් තාලයට නටද්දී අළුත් මල සිටි පියෙන් එහෙමම.“මෙන්න මෙහෙමයි
තාලයට නටන්නේ“...මම එයාට ටිකක් කිට්ටු කරලා පෙන්නුවා.ම්හ්...තාලයට නටන්න තියා එයාට
පිපෙන්න ඕන කියන හැඟීමවත් නෑ.
දැන් මං මොකද කරන්නේ.මේ කැකුළට සදාකාලෙටම
කැකුලක් වෙලා ඉන්න පුළුවන්ද?දෙවියන් වහන්සේගේ වැරදි නිර්මාණයක්ද?වෙන්න
බෑ...දෙවියන් වහන්සේ ඇයි ඒ වගේ වැරදි කරන්නේ.එයාට ඕන ලෝකය යහපත් තැනක්
කරන්නනේ.කෝකටත් කියලා මං කැකුළට ටිකක් කිට්ටු කරලා මන්තරය කිවුවා.“ඕපන් සෙසමෙ“
තාමත් මේ පුංචි කැකුළ දළ පත්‍රයේ මූණ හංගගෙන හොඳෙටෝම නිදි.ඒ කියන්නේ මං දන්න
මන්තරය වැරදියි.හරි මන්තරය දන්න කවුරුම හරි කෙනෙක් දෙවියන් වහන්සේ මල් ලෝකයට එවලා
තියෙන්න ඕන.ඒත් මං එයාව හොයා ගන්නේ කොහෙන්ද?
සැර මන්තරයක් කියලා බැලුවොත් මොකද??
ReplyDeleteහරි යන්නෑ.මලෙන් පිණි උනාවි
ReplyDelete