Sunday, March 26, 2017

මම එරංදි සහ අපි -පශ්චාත් නෙළුම් කතාවක්


ඊයේ රාත්‍රියේ වෝටර් ඒජ් හි තුංවෙනි හෙවත්  බෝල රූම් තට්ටුවේ නිල් හා කහ තරු යාය මැද නෙළුම් යාය යස රුවට පිපී හිනැහිනි.


( එක එක සික්කා මල්ලිලාගෙන් පාර අසාගෙන නෙළුං යාය හොයනකොට උන්දැලා කීවේ බෝල් රූම් හෝල් එක කියාය.තාමත් බ්ලොග් ගල් රූම් එකත් කපරාරු කර ගන්ට පිච්චිය නැතිව බ්ලොග් ලියන මං දනීද බෝල රූම්???)

ඒ ගැන වෙනම පොස්ටුවක් ලිවිය හැක.මේ පශ්චාත් නෙළුං කතාවකි.

ගිය පාර වගේම නිදාගැනීමට පුටුවකට වඩා ඇඳ පහසු බව කියමින් සුද්දා නෙළුං යාය වර්ජනය කරපු හංදා තමං හිසට තම අතමය හෙවනැල්ල කියාගෙන මං තනියම ආවා....නමිං වත් නොදන්න බ්ලොගේ නමිං අඳුනගෙන උන්න හැබෑ මිනිස්සු පණ පිටිං වටේ කැරකෙද්දි මොන ජගතටද අප්පා කලිං පැනල ගෙදර යා ගන්ට ඕන වෙන්නෙ.

එකිනෙකා අදුන අඳුන ඉවර වෙලා බලනකොට ඔන්න අටහමාරයි..

අම්මට සිරි...සුද්දා දැං මගේ මව දෙමව්පියො නෙමේ කිරි කිත්තලත් මතක් කරනව ඇති...දැන් පලකො මහ රෑ සමයමේ කඩුවෙලට???එතනිං අවිස්සාවෙල්ලට???

රෑ හොල්මංනුත් බය කොරන කතා ලියන යාං හෑල්ලෙ සුරං මලයා ගෙදර යන ගමං ඒ බස් එකටම මාවත් පටෝගෙන යනව කීව හංද තනිකං දෝසෙ ගැනත් බයක් නැතුවාය.ඒ හංද මං වීරය වගේ හිටියාය.

අන්තිමට අපි හතර පස් දෙනෙක් පටෝගෙන මහරගමදි බාන්න සෙට් වුන හිලාකතට සොඳුරු සිතක(මතක හැටියට)බොඩි ගාඩ්  වීමට උන හංද අපිව මහරගමිං බාන වැඩේ මං එරංදි බාර ගත්ත.අපි කිව්වෙ මං ,යාං හෑලි සුරං මලයා හා ටෙක් සයුරේ පුංචි එකාය.

අපිත් ඉතිං  මම එරංදි ඇගේ දසූ හා සුරංගනාවියක් බඳු පුංචි දූ ත් සමඟ නමෝ විත්තියෙං ඔවුන්ගේ ජීප් රියෙං මහරගම බලා පිටත් වීමු..මං හීනෙන් වත් දැක නැති අතුරු පාරවල් හරහා කරකැවී යාංතමට දන්නා මහර ගම දුටුවා පමණි.

“අපි රත්න පුරෙං ඔයාලව දාන්නං එතකොට මඟ ඇරුනු බස් අල්ලා ගත්තෑකි“

ඉස්සරහ පේලියෙං හඞකි.මමත් සුරං මලයාත් මූනෙන් මූන බලා ගත්තේ අපි තුං දෙනා එක්කාසු වී අසරණ මම එරංදිට මොන වින්නැහියක් කැටුවාද යන්න හිතාගන්නට බැරුවාය.

“අපි කෙස් හැලෙන තර්ක කඳු ගොඩ ගැහුවත් මම එරංදිගේ දසූ ඒව නිෂ්ප්‍රභා කරන වචන දැන උන්නේය.අලි මදිවාට හරක් කියන්නැහේ ඒ අස්සේ අවන්හලක් ලඟ ජීපය නැවතිනි.

බහින්න දැං කාල යං

හුටා දැන් ඉතින් කාපියවුකො!!!!!

අපි අදිමදි කලේ මම එරංදිට ඉන්දන බිලට අමතරව අවන්හල් බිලක්ද එක්කිරීම ගැන දෙගිඩියාවෙනි.මේ මහේෂයාගේ අවන්හල නොවන්නේය.ඒක නං බඩපුරා කා බිල ගෙවීම මහේසයාටම බාර දී යාමට පුළුවන.මේ අප්පොච්චිගේ අවන් හලය.මහරගම ඩැඩී‘ස් ය.

“යං යං නැත්තං මිනිස්සු බලයි අපි මෙතන රන්ඩු වෙනව කියල“

අන්තිමට දෙවන යෝජනාවද ඉහ මුදුනින් පිලිගන්නවා ඇර අපට විකල්පයක් නොවීය.ඊට පස්සේ අලි පත ආප්ප පිගානක් ගෙනත් දී සේරම කන්ටලු

කිරි අප්පට බල්ලො පැනපි..නෙළුං යායෙං ඉස්මුරුත්තාවටම සප්පායං උන අපිට තවත් කන්නේ කොහාටද?

කිරි අම්මා කියල තියෙන්නෙ කාල වැඩියි වගේ නං උගුරට ඇඟිල්ල ගහල වමනෙ කරපිය කියල.ඇයි දෙයියනේ ඇඟිල්ලක් ගහන්ඩ තව ඉඩක් තිබ්බ නං තව ඉකිලියාස් එකක් දෙසාබානව නොවැ.

මෝටබයිසිකලයක් ඇර රෝද කැරකෙන ඕනම එකකට නැග්ග ගමං කටකපල නින්දක් දාන මගේ පුරුද්ද මටත් අමකත වුනේ සුරංගයා එතන රස සාගරයක් මැවූ හංදාය .ටිකිරි සඳමාලිගේ හා තලයාගේ කතා වලට අමතරව සුරං සේම අරුම පුදුම බඩුවක් වූ උන්දෑගේ කාර් රතේ ගැන කතා ඇදී ආවේය.

අන්තිමට හිනා වෙලා බඩ කොර විය.සුරංග මලයා ලිවීමට දක්කන හැකියාව කතාවටද දැක්විය.

අරකගේ මේකගේ ඇද කුද ගැන කතාකරන කතා අරහං හංද නෝ කතා නෝ හිනා වෙලා හැම වෙලේම පැත්තකට වෙන මමත් වෙනදාට වඩා තකා කලාද මන්ද.

මම එරංදිගෙ දසූ කතාකලේ පරණ තාක්සණය ගැන.අළුත් තාක්සනේට හිතැති ටෙක් මලයාද මයික් එක අත ඇරියේ නැත.නොදන්නා තාක්සනේට ගිහින් වරිගෙ නහගන්නැතුව සුරං මලයාත් මමත් අසා උන්නෙමු.
මෙබදු විවෘත මනසත් ඇති ගවේශනහීලි මං එරංදිගේ දසූ බ්ලොග් ලෝකයට නොඒම ඇත්තටම කනගාටුවට කරුණකි.

ඔහු ඉදිරිපත් කල කතා වල අහකදැමිය යුතු කිසිවක් නොවීය.අන්තිමට නින්දකින් තොරව මම ගමන නිම කලෙමි.

මගේ හෑන්ඩ් බෑක්කෙක ඩිකියට දමා වසා තිබුනෙන් සුද්දාට කතා කලේ සුරං මලයාගේ ජංගමයෙනි.මහ රෑ හංදියේ තනිවුනොත් උන්දෑගේ බාරියාව කවුරුන්හෝ (ඩෝසරයකින් පැමින) උස්සං යාවියි බය වුන සුද්දා කමිසයක් වත් නැතුවය තෙසක් රියක නැග ඇවිත් ඇත්තේ.මගේ යාළුවන් ඉදිරියට නිරිවස්තරෙන් එන්ට බැරුව අඳුරෙ හැංගිල උන්නට මොකද උන්දෑ වාහනේ ඇතුලෙ උන් උදවියගේ රැවුල් පවා යස අපූරුවට ඉස්කෑන් කොරගෙන තියනව නොවැ.

මං ගෙදර සැපසේ උන්නට ටෙක් මලයාත් සුරං මලයාත් තාමත් බස් වල නිදි කිරනවා ඇත.මම එරංදි දසූ සහ පුංචි සුරංගනාවි හෙට දහංපාසල් එක්ක යා යුතු නිසා උදෙංම නැගිටල ආපහු කොලොං තොටට යාත්‍රා කල යුතුය.මම හෙට නමයෙං මෙහා ඇස් නොඅරිමි.

මා ඇහැරගෙන කී බෝඩය ඔබන්නේ තමන්ගේ සුව පහසුව අනුන් වෙනුවෙන් කැපකල මම එරන්දිටත් ඇගේ දසූටත් ඉස්තූති නොකලොත් මට රෑට නින්ද නොයනු ඇති හංදාය.දැං මමත් සුද්දාට තුරුල්ව කටකපා නින්දට වැටෙමි.

අවසානයේ එක දෙයක් ලියා තබමි

පුංචි සුරංගනාවියේ මෙවන් මවක් පියෙක් ලද ඔබ නිවුනේම වෙයි!!!!!!!!

ප.ලි.- මා බ්ලොග් ලෝකයට සාදරයෙන් කැඳවා ආ අටම් අයියා හා සුට්ටං ඩයිනෝසරයාත් ගියවර මා සමඟ උන් ගිම්මි නංගියාත් නැති අඩුව මට හොඳින් දැනිනි


සම්මාන  ලද හැමෝටම මගෙං බොක්කෙංම සුභ පැතුම්ය

65 comments:

  1. පළමු පශ්චාත් නෙළුම් කතාව පළමු කොමෙන්ටුව

    ReplyDelete
  2. සුරංගයා හපුතලේය. තවත් දෙමළ මිනිහෙක්ගෙ ආත්මකථනය අහනවාය. එරංදි අක්කා සහ දස් ජෝඩුව ගැන මහ මොකද්දෝ එකක් හිතේ හිරවී ඇත.

    ReplyDelete
    Replies
    1. මටත් එසෙමය..ලියන්ට මහ හුඟක් දේ තිබුනාට ලියැවුන එකේ වටිනාම මොකක්දෝ ලියවී නැතුවා වගේ දැනෙනවාය.ලබන පාර අපිව මහරගමින් බස්සනවා කියල පටවගන්න හදන උදවිය ගැන අපි දෙපාරක් හිතමු මලයෝ

      Delete
    2. :) :) ඊළග පාරත් ඉතිං "මං" සෙට් එකම තමයි ඉතිං. හිතුනොත් බදුල්ලටම යනවා ඊළග පාර :)

      Delete
    3. පිස්සොත් එක්ක වැල කන්ඩ එපා කියන්නෙ ඒකයි

      Delete
  3. ඔව්ව මොනවද මට උනු දේවල් ඇහුවොත්.. හෙක් හෙක්..
    හෙට දැනගත්තැහැකි

    ReplyDelete
    Replies
    1. ඔව්වොව් ලියමු ලියමු

      Delete
    2. ෂර්ට් එක කොයි මාමේ

      Delete
  4. සුරං මලයා කොහොමටත් කතාවට දක්ෂයා. මම හිතුවේ හොඳම බ්ලොග් සම්මානයත් කෙල කොර ගනියි කියාලයි ඕං

    ReplyDelete
    Replies
    1. අනිවා අපූරු මිනිසෙක්...

      Delete
  5. නිදාගන්නෙත් නැතිවම ලියලා වගේ .. වැඩේ නියමෙට තිබුනා ... කට්ටිය අඳුරගන්නත් පුළුවන් උනානේ ..

    සම්මාන ලද හැමෝටම සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. අනිවා ධනුවෝ කස්ටිය අඳුනගන්න පුළුවන් එක තමයි වටිනාම සම්මානේ

      Delete
  6. මම එරන්දි නෙමයි බන් ඒකිගේ හස්බන්ඩා තමයි පොර අම්මපල්ල තව පැය හතක් අටක් වත් උන්ද එක්ක කතා කරන්න තිබුනමම් ...කොහෙද මගේ තියන අරක්කු පෙරත කමට යන්නම්වත් කියන්න බැරි උනා ...
    ඒ මදිවට පැනක් හොයන්න විදපු දුකක් ..තව ටිකෙන් ස්කොට්ලන්ඩ්යාඩ් එකෙනුත් ගෙන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ සිරාවටම ආවද?මට මිස් වුනේ කෝමද....ඇත්තටම සිරා බුවෙක්...

      Delete
    2. මං ළග උන්නු කාට හරි ( ඇවිද්ද පයද මන්දා) අඳුන්නල දුන්නා, මං එල ද බ්‍රා මෙන්ඩා කියල.. අපි දෙන්නට බකස් ගාලා සිනා පිපිරුණා. හමුවන්න ලැබිම සතුටක් කොහොමත්...

      Delete
    3. මේ මෙන්ඩ අයියේ, මගේ බලවත් විරෝධය, හහ් මෙලෝ සිහියක් නැතුව දෙන්නත් එක්ක කියෙව්වා මාත් එක්ක කතා කලාද මං පොරක් ද කියලා බලන්න හහ්... නැ අනේ යන්නම් කියලා ගියේ. "මං එයාගේ හස්බන්ඩ්" ඊලග පාර මාව හලලා හරි ඒවි ඔයාලව හම්බ වෙන්න.

      අම්මෝ අයියේ පැන...... :) :) පැනක් නම් අන්න එහෙම වටින්න ඕනේ හා නැද්ද මං අහන්නේ :)

      Delete
    4. වත්සලා නංගි ඔයාලා කොහේ දකින්න ද කෑම කාපු වෙලාවේ ඉදලා ඉවර වෙනකම් මෙයා හිටියේ අපි එක්කනේ

      Delete
  7. නැති අඩුව ලබන වර නැතිවේවායි පතමු

    ReplyDelete
  8. ඔබ තුමියව හඳුනාගන්න ලැබීම ගැන සතුටුයි

    ReplyDelete
  9. සතුටත් සමග නෙලුම් සුවඳ මතකෙ තියෙයි
    ඔබවත් හඳුන්ගත් එක ගැන සතුට තියෙයි....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී ඔයාත් ගියාද ඊරිසියයි අප්පා

      Delete
    2. දුමී ත් ආවා රස්තිත් ආවා මං දෙන්නා එක්ක කතා කළා කොහෙද ඉතිං ඔයා ආවේ නැ නේ ශෂී

      Delete
  10. එන්න බැරි උන එක ගැන කණගාටු හිතෙන්නෙ ඔය පශ්චාත් ටෝක් ඇහෙද්දි තමයි

    ReplyDelete
    Replies
    1. උඹට පුතේ හෙටක් ඇතේ..ලබන අවුරුද්දේ සෙට් වෙමු

      Delete
    2. ඕකමනෙ කොච්චියෝ මටත් වෙලා තියෙන්නෙ

      Delete
    3. ලබන අවුරුද්දේ හම්බවෙමු..

      Delete
  11. Mama Doha Air port thama me hira wela, US yaganna bariwa duk vididdi mama wenuwen stage nagga Erandi nagata mage adareth methanama liwwa onna.

    ReplyDelete
    Replies
    1. ඔවුන් දෙදෙනාම හරි අපූරු උදවියය.හඳුන ගන්නට ලැබීමම සම්මානයකි

      Delete
    2. අනේ මම කැලේ පිපිණු මල් මතක තියන් උන්නෙ පොකුරු වැහි කියලනේ... මට ටැපළිලා...

      Delete
    3. පොකුරු අක්කී, එහෙමවත් නොකලා නම් අපේ සහෝදරකම් වලින් අති වැඩේ මොකද්ද අක්කියේ....

      Delete
    4. තරුරසි , කොම්බුව නැ කියලා දැන් මං දන්නවා :) :) :)

      Delete
  12. හිලාකත.. දෙන්නං ටොට හිටු..

    හා..හා.. අපි වැඩ.. හෙට කොටන්නං වැඩි යමක්.. දසු එල බුවෙක්.. බැලින්නං අපි දෙන්නගේ මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස් ලා ගොඩයි.. දැන් සත්නපුරෙන් එහාට යන්න වෙන්නේ නෑ බොන්නේ නැතුව.. හැක්.

    ReplyDelete
    Replies
    1. හැක් අද හෝම් වර්ක් වෙන්ඩෑ....
      ආ ආදි අානන්දියෝ

      Delete
    2. :) :) ආව්.. මට මේ කමෙන්ට් කියවලා එපා වේගන එන්නේ. අපරාදේ දසූ එක්ක ආවේ :) :)

      Delete
  13. ආ ඔය ගෙරි සුරංගයා අපිට බොරු කියල ෆෝන් එක කට් කරේ නැත්නම් අපිත් එනවනේ අප්පච්චිගේ ආප්ප කන්න. එතනින් යන ගමන් උඹල වගේ උන් ටිකක් ඇතුලේ ඉන්නවා දැකල පැත්තකට කරලා නතර කරලා කෝල් කරා මේකා ඉස්සුවේ නෑ. ඔන්නොහෙ අපි ඒ පාර හයිවේ එකට දාල ගෙදර ආව.. :/ උහ්..උහ්..උහ්..

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙනං ආප්ප කෑමේ අමාරුවෙන් අපව මුදවගන්ඩත් තිබුනානොවැ..සුරංගයා මොකට පෝන් එක කට් කිරීමේ අපරාදෙ කරාද මන්දා

      Delete
    2. නෑ නෑ කලණ අයියෙ ස්‍රංග අයියා දුර බනුව නිහඬ
      පිළිවෙතේ දාලා තිබුණේ...!

      Delete
    3. අපරාදේ අයියේ, මට කතා කරන්න තිබුනනේ

      Delete
  14. අසනීපයෙන් සිටි නිසා මම ටිකක් කල් ඇතිවම ගෙදර එන්න පිටත්වුණා ස්තුතියි සුබ පැතුමට

    ReplyDelete
    Replies
    1. හපොයි අර කතා කොල උන්දෑ වගේම උණක් හැදිලද..
      අසනීපෙන් උනත් ආ එක අගේ කරමි

      Delete
  15. සතුටුයි හුඟක්... මගෙනුත් සුභ පැතුම් හැමෝටම..

    ReplyDelete
  16. හෘදයාංගම බවට හෘදයාංගම ලිපියකින් තුති පිදීමක්.. අගෙයි
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ලබ්බෝ

      Delete
  17. ඔය කොරල තියෙන්නෙ.

    ReplyDelete
  18. එරන්දියි එයාගේ කලු අයියා දසූ ගැනයි කියලා තියෙනව දැකලමයි මෙහෙට ආවේ.අපේ එරන්දිට ජය වේවා... දැන් ඉතින් දිගටම මෙහෙ එන්නම්කෝ අදනෙ මේ බ්ලොග් එක ගැන දැන ගත්තේ

    ReplyDelete
    Replies
    1. මේ ලස්සනම ලස්සන බ්ලොග් එකක් වගේම ලස්සන හිත් තියෙන අය ශෂී

      Delete
  19. සම්මාන උලෙලෙදි ගොඩක් අයව අදුනගත්තා...

    ජයවේවා ...

    ReplyDelete
    Replies
    1. මල්ලිවත් දකින්න ලැබුන එක ලොකු සතුටක් මල්ලි

      Delete
  20. උඹ ගෙදර එක්කං ගියේ තෙසක් රියෙං කිව්වා???
    හෑ
    වෙන්ට බෑ කොහෙත්ම

    ReplyDelete
    Replies
    1. අපේ සුන්දර තඩි සරීරෙට ඉරිසියා කොරන්ඩ එපා බං.ලබන ආත්මෙත් බත් කූරෙක් සයිස් වෙලා ඉපදෙයි

      Delete
    2. මගෙ ඇඟපත තාම රිදෙනවා එරන්දි අක්කගෙ වාහනේ වත්සලා අක්ක ගාව වාඩි වෙලා ඇවිත් ඇවිත්... 😂

      Delete
  21. උඹ ගෙදර එක්කං ගියේ තෙසක් රියෙං කිව්වා???
    හෑ
    වෙන්ට බෑ කොහෙත්ම

    ReplyDelete
    Replies
    1. දෙපාරක්මනං ‍කොහෙත්ම වෙන්න බෑ.

      Delete
  22. ලබන පාර නෙළුං සෙල්ලමට යනකොට මතක ඇතුව රෑට අඳින්ට ඔය මොකවතුයි උදේට දත් වහල්ල මදින්ට බුරුසුවකුයි හෑම්බෑග්ගෙකේ දාගං.

    ඒ කරල මං එරංදිලාගෙ ගෙදරම රෑට නැවතියං. ඒ කරල උදේම ගෙදර පලයං...අර සුද්දට කුද ගහගන්ට කියාපං

    ReplyDelete
    Replies
    1. අන්න කතාව අයියේ... ඔය දුර ඉන්න ඔකොම එන්ඩ අපේ ගෙදර තියෙන හැටියට වැටිලා ඉමු.
      රවී අයියේ ඔයා ආවේ නැනේ....

      Delete
  23. මං එරන්දි.. අන්තිමේ අපේ එරන්දි වුණා...

    ReplyDelete
    Replies
    1. තරු.... මේ තරම් වටිනාකමක් මට....

      Delete
  24. අනේ බං අක්කෙ ගෙදර ගිය ගමං ආයෙ කොම්පීටරේ බදාගත්ත ද?
    සුද්දගෙ ඉවසීම කොහොම වෙන්ඩ ඕනිද.. හික්ස්..
    එරන්දි අක්කාත් දසූ අයියා ත් නොසොටින්න මට එන්න වෙන්නෙත් නෑ..
    ජය!!!!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මල්ලි අර "රට රොටි කඩේ" ගාව දීපු උපදෙස තරම් මං හිතන් නැ ඔයාට අමතක නොවෙන උපදෙසක් කාගෙන්වත් ලැබිලා ඇති කියලා :) :)

      Delete
  25. ඔබ කව්රුත් හිතනා තරම් දසුත් මාත් පරිත්‍යාගශීලි මිනිසුන් නෙවෙමු. තනිකරම ඔබ වැනි සොඳුරු මිනිසුන් හා රැදෙන්නට ලැබුණු අවස්ථාව මඟ හරින්නට ලෝබකමින් අපි රත්නපුරයටම ආවේය... ඒ මතකය අපිට වටිනා තරම මෙතෙකැයි කියා නිමකළ නොහැක.

    ReplyDelete