අද ඔක්තෝබර්
6.අම්මට තාත්තට පවා ආදරය දක්වන්න දවසක් ඇති ලෝකයේ අපිවත් අමතක කරල නෑ.ඔවු අද ජාත්‍යන්තර
ගුරු දිනේ.අද අපේ දවස
--------අපි----------
ගුරු දිනේට
සතියකටත් කලින් ආව චක්‍රලේඛය ගුරු දිනයට දරුවන්ගෙන් තෑගි ලබා ගැනීම තහනම් බවත්
ලබාගත හැකි එකම තෑග්ග පොතක් බවත් එය පාසල් පුස්තකාලෙට තෑගි කල යුතු බවත්
කීව.
--------------------දරුවන් අප පිලිගනිමින් පැලඳූ පලඳනාව---------------
කලාතුරකින් අළුත් අවුරුද්දට උඹල ගේන බිස්කට් පැකට් එකත් පංතියෙදිම කඩල උඹල
එක්ක බෙදන් කන්ඩ පුරුදු වුන අපිට ඔයි ලේඛය කොහෙත්ම අදාල වුනේ නෑ.
------------9 වසර දරුවන්ගේ නර්ථනයක්----------------------
උඹලට යමක්
දෙන්න මිස උඹලගෙන් යමක් ගන්න හීනයක් අපි කාටවත් තිබුනෙ නෑ.
--------------------මිහිකත නලවාලා-------------------
සමහර ඉස්කෝල
වල ගුරුවරුන්ට ලැබෙන රත්තරං බඩු සාරි තෑගි
වලට අපිට උඹලගෙන් ලැබුන කැලෑ මල් පොකුරට අලගු තියන්න වත් බෑ.
--------------------මානව හිමිකම් කැඩූ ගුරුවරයා නාට්‍ය 7 වසර දරුවන්ගෙනි---------------------
අතනදි ඉස්මතුවෙන ප්‍රදර්ශනකාමය හා ලකුණු දමා
ගැනීම වෙනුවට මෙතනදි අපට ලැබෙන උඹලගෙ හිනාව කෝටියක් වටිනව.මොකද ඒ හිනාව ඇතුලෙ
කෑගහල අඩන්න තරම් හුඟක් දේවල් උඹලගෙන් බහුතරයක් හංගං ඉන්න බව අපි හොඳටෝම දන්නව
--------------------අළුත් විදියේ පොල්තෙල් පහන-------------------------------
--------------ප්‍රධාන ශිෂ්‍ය නායක සමිත් පුතු ත්‍යාගය පිලිගන්වමින්-------------------------
කෙටි පීරියඩ්
වලින් කාලය ණයට අරගෙන උඹලට ඉඩ දුන්නෙ උඹලට ගුරුදින උත්සවයක් ඔය තරම්ම උවමනා වුන
හංද
උඹල දන්නව
උඹලගෙ දස්කම් අපිට කවදත් ආඩම්බරයක්.
ජීවන තරඟයෙදි
උඹල නොදැවී රැස් කරන හැම ලකුණක්ම අපිට සම්මානයක්.
------------------නියෝජ්‍ය විදුහල්පති තුමා පහන දල්වමින්----------------
එත් අපි උඹල
උඹලගේම දෛවය උඹල අතින්ම ලස්සනට ලියා ගන්න එක තමයි අපට කරන්න පුළුවන් ලොකුම
උපහාරය...
අපි පිදිය
යුත්තන් ලෙස සලකා උපහාර දැක්වුවට උඹලට ස්තූතියි..ඒත් දරුවනේ හොඳට මතක තියා ගනිල්ලා
අපි ඉල්ලන්නෙ මේ වගේ උපහාරයක් නෙමෙයි...
------------චක්‍රෙල්ඛ අනුව අප දරුවන්ගෙන් ලද ත්‍යාගය----------------------
ඉගෙන ගන්න
ජීවත් යෙල්ලා..ජීවත් වෙන්න ඉගෙන ගනිල්ලා...ලස්සනට ජීවත්වෙයල්ලා...අන්න ඒකයි අපිට
උඹලගෙන් ලැබෙන නියම උපහාරය...
අපේ මරණ මංචකය
තෙක්ම අපට ආශිර්වාදයක් වනු ඇති නියම උපහාරය .....එයයි...එය පමණමයි...අපට උඹලගෙන්
අවැසි
------------------------------තේ මේසයට අප
පිලිගත් අයුරු---------------------