අපේ රට සිරි
ලංකාවය.එයට ඉංදියන් සාගරේ (අ)මුතු ඇටේ කියාද කියයි. ඒ මදිවාට ඉන්දියාව කියන රටෙන්
වැටුන කඳුළු බිංදුවක් කියාද කියයි.ඉන්දියාව ඇඞුවේ මොකටදැයි කවුරුවත්ම කොතනකවත්
කියා නැති හංදා මමද ඒ ගැන දන්නේ නැත.
අපේ රට ජෛව
විවිධත්වයෙන් අනූන රටකි.චීනෙට වඩා චයිනීස් කඩ ඇත.සිංහල දමිල බාසා වලට වඩා එංගන්තයේ
ඉංගිරිසි වලට තැනක් ඇත.එහෙම්මම පිටිංම “කොරියාවන්“ ද ඇත.කොටිනංම අපේ රට ලෝකයේ
සියළුම රටවල් එකට අනාපු අච්චාරුවක් වාගේ යැයි මට හිතේ.
ඉස්සර කාලේ
ඉඳංම අපේ රටට ඉන්දියාවෙං මහ බල පෑං ඇති වුනේය.රාමා ඇවිත් අපේ රාවනා මරා
දැම්මේය.ඉන්දියාවෙං ආ විජය හොරා ලංකාවේ රජ වුනේය.ඔයාකාර නරක බලපෑම් අටෝ රාසියකි. ඒ
අහු අස්සේ බුදු දහමත් ආවේ ඉන්දියාවෙන්ය.අපේ හිංදු ජන කොටසටත් ඉන්දියානු සම්භවයක්
ඇතැයිලු.
ඉන්දියාවෙන්
මේ දවස්වල අපට ඉන්දියාවෙන් ලැබෙන වටිනාම දේ පවුල් උපදේශනයයි.ඒ සඳහා නිල ලත්
උපදේශිකාවං අටෝ රාසියකි.සැමියාට ගරු බුහුමන් කල යුත්තේ මෙසේයැ,නැන්දම්මාගේ ආදරය
දිනිය යුත්තේ එසේය,නෑනලාගේ ගෞරවය අරසේ ලබාගත යුතුයැ කියා දෙන්නේ මොවුන්ය.ඔවුන්ට
ගෙයක් ගෙයක් ගානේ යංට බැරි හංදා පහසු ක්‍රමයක් ලෙස හූනියං පෙට්ටිය හරහා අපේ ගෙනල්
සේරටම එන්නේය.
ඒ වෙලාවට අපේ
බාරියාවෝ තම හත්මුතු පරංපරාවෙන් එකෙක් වත් පවුල් කා නැති උන් වාගේ හූනියං පෙට්ටියට
වැඳගෙන ඒ බන අසනවාය.හිස් මුදුනිං පිලිගෙන සාදු කාර දෙනවාය.
මට මතක හැටියට
ඉස්සෙල්ලාම ශාන්ති, ප්‍රවීනා ,තුල්සි ආයේය.ඒ කාලේ මං ළදරුවා හංදා උන්දැලා ගැන වැඩි
මනං දේවල් මතක නැත්තේය.
නමුත් ඉෂිතා
ඉෂානි දිව්‍යා (රියා) ශිවන්‍යා මට හොඳටම මතකය..ඒ උදවිය දැනුත් අපේ ගෙවල් වලට දවස ගානේ
එබෙයි.
ඉෂිතා අක්කා
කියන විදියට නං ඉස්සරලාම කල යුතු දේ නං
අසල්වැසි පවුගේ ගෘහනිය සමඟ ජන්මාත්තර වලියක් දමා ගැනීමය.ඊට පස්සේ පාරේ වාහනේකට
යටවී මැරෙන්ට යන පොඩි එකෙක් බේරා ගැනීමය.ඉන් පසු ඇයට පණ ඇර ලවු කර දරුවාගේ ආදරය
දිනා ගත්තාට පසු කොයි තරං තදයෙක් වුවත් රමන් බල්ලා සේ ඇයට සෙට් වනු ඇත.අන්තිමට
කොයි කවුරුත් ඇයට ආදරය කරනු ඇත.
ඉන් පසු සැමියාගේ බිස්නස් සතුරාගේ සිට හිටපු බිරිඳ
දක්වාම වද දෙන සැමියාගේ පාර්ශවේ උදවියට මහා මෛත්‍රිය පැතිර විය යුතුය.එවිට ඔවුන්
ඔබේ හොඳ හිත ප්‍රෙයාජනයට ගෙන ඔබට
මැරෙන්නට තරං වද දෙනු ඇත.
කොයි තරම් ලව්
එක හිත පුරා ඔඩු දිව්වත් ජෝඩුවම ඒක පුළුවන් තරං කල් හංගා ගෙන හිටිය යුතුය.කසාද බැඳ
සෑහෙන කල් යන කල් දෙන්නා දෙතැනක නිදා ගත යුතුය.හනිමුන් එක හැකි තරං පස්සට කල්
දැමිය යුතුමය.ඉෂානි අක්කාද කියා දෙන්නේ එයයි.
අන්තිමේ අහක
යන කරුමයකට කරදී වැඩේ ගැස්සුන පසු හොඳම යාළුවා ලඟට පැන යා යුතුය.මනී වැනි තමුන්ගේ හැම මගුලකටම කට්ට කාගෙන කැපවී සිටින
පිරිමි මිතුරෙකු හැම බිරිඳක් විසින්ම ස්ටෑන්ඩ් බයිව තබා ගත යුතුය.අක්කා ට වඩා ඇගේ
නංගීද දෙවෙනි නැත.එකෙක්( මිහිර් )අත ඇරුන
පසු මේ තරං පිරිමි ඉන්න රටක වෙන එකෙක් සොයා නොගෙන ඒ පවුල අස්සටම රිංගා ඒ පවුලෙංම
එකෙක්ගේ කරේ එල්ලිය යුතුය.ඊට පසු ජීවිතය ආතල් එකේ පටලා ගෙන දිග ඇර දිග ඇර
හිටිතෑකිය.
ඊ ලඟට ඉෂානි අක්කාය.හැමෝටම හොඳ කරන්නට ගොස් හැම එකක්ම
පටලවා ගන්නවාය.ඒ පටලැවිලි මදිවාට අනුන්ගේ පටලැවිලි ලෙහංට ගොස් තවත් පටලවා
ගන්නවාය.කරුමෙට රන්වීර් වැනි මොන
අලකලංචියක් අස්සෙත් තමංට පණ සේ ලව් කරන කසාද පුරුෂයෙක් නැත්තං මේ කෙරුවාවල් කොරංට
යන්ඩ එපාය.අම්බානකම කෙලවේවිය.
මෙයාලා කියන හැටියට
නින්දට යා යුත්තෙත් සර්වාබරනයෙන් සැරසී සේරම මේකප් ටික දමාය.ඒක කොරන්ඩ ආස හිතුනත්
නිදිමරගාතේ ඔය ආභරන කෑල්ලක් ඇනී මම හෝ සුද්දා හෝ නිදි ඇඳේදීම ස්වර්ගයට යාවියැයි මට
බියය.
ඒ එක්කම හත්මුතු පරංපරාවම එක ගෙදර ජීවත් විය යුතුය.මා එය නොකරන්නේ ඇති මනං
පවුල් කෑලි අපිට නැති හංදාය.මට නංගියෙක් හා මල්ලියෙකි.සුද්දාට එකම එක අයියෙකි.ඔය
සේරම එක ගෙදර පුරවන්ට ගෙයි ඉඩද නැත්තේය.එහෙම උනොත් අපිට රෙදි වැලෙත් එල්ලී
නිදියන්ට වෙනවාය.
අනෙක
යාළුවෝ ලංකර ගන්ඩත් දැන් පරාන බයය.පණට පණ
දෙන්ට හිටපු රිතිකා ඉෂානිගෙ අම්මා මරා දැම්මාය.බුදු අම්මේ ...කල්යාන මිත්තරයෝ නං
එපාමය.
අවසාන නිගමනය
නං “ ඉ“ අකුරෙන් නම පටන් ගන්නා උදවිය පට්ට හොඳය.ඒත් කවදාවත් යහතිං ඉන්ට නැත්තේ
එකක් ඉවර වෙන්ඩ කලින් තවත් එකක් විදියට හැම වෙලේම කරදර සිද්ද වෙන හංදාය.ඒ හංදා මං
මගේ දරුවෙකුට කවදාවත් ඉයන්නෙන් පටන්ගන්නා නමක් නං තබන්නේ නැත.
අපි ඉන්නේ
ටිකක් ජනාකීර්ණ පරිසරයක හංදා ශිවන්‍යලා ශිවංගිලා නිතර දකින්නේ නැත.ඒ වගේම මගේ
අම්මාත් නැන්දම්මාත් තාත්තාත් මාමණ්ඩීත් යහතිං වෙසෙන්නේ මොනම මානික්‍යයක්වත් ඔවුන්
සතු නොවන හංදාය.ඒ මගේ වාසනාවය.නැත්තං වෙන කිසිම වැදගත් දෙයක් නොකර මට වෙන්නේ පලි
ගන්ඩ ප්ලෑන් කොර කොර ඉන්ඩය.
දිව්‍යාගේ
අම්මයි තාත්තයි මරා දැම්මේ මිනීමරු අංකල්ය.තාත්තා පොලිස් කාරයෙකි.ඔබ පොලිස්
කාරයෙක් නං කිසිම අපරාධකාරයෙක් අහු කර ගන්ඩ වෑයම් නොකල යුතුය.තමුංද තමංගේ ගෑනිද යන දෙන්නාට
මැරුං කන්ඩ වෙනවා විතරක් නෙවේ අනාථ වූ තමංගේ දරුවාටද මීනී මරුව ලඟම හැදී වැඩෙන්ට
වනු ඇත.ඇය ගැන රජය හෝ වෙන මොකෙක් වත් සොයා නොබලනවා විතරක් නොවේ ඔබ මැරූ පලිය ගන්ඩද
ඇයට ජීවිතේ කැප කරන්නට වනු ඇත.
මේ හැම
මගුලකටම මොනම හරි දේව බැල්මක් තිබිය යුතුය.එහෙම එකක් ඇතැයී සීයයට සීයක්ම ෂුවර්
එහෙම නැතිනං ඔබේ බොක්ක ගලවං ගියත් හැංගී සිටිනු යෙහෙකි.ෂුවර් නං අවුව වැස්ස පවා
ඔබට ඕන විදියට කෙරෙනු ඇත.එහෙනං වහාම පලි ගන්ට ප්ලෑන අඳිනු.
පලි
ගැනීම...මීණි මැරීම..ලෙයට ලෙය ...දතට දත.... එපමණකි.
මහා
කාරුණිකයානන් උපන් දේශයෙන් ආවත් මේ සියල්ලෝම කියන්නේ එකම එක බණ පදයකි.
“පලි ගනු “
සමාව දෙන්ට ඒ කවුරුවත්
උගන්නන්නේ නැත.මේ හංදා මේ උපදේශනය වැඳගෙන සැලකරගෙන අහන අපි හැමෝටම අබ සරණංය.