මල් වලින් ලස්සන රෝසමල් විතරක්ද?ඇයි නිඳි
කුම්බා මලක් ලස්සන නැද්ද?රෝස කටු
කොච්චර නපුරුද? නිදිකුම්බා කටු උනත් රොස කටු වලට වඩා කොයිතරම් මුදුද?රෝස මල්
මිදුලෙ පාත්තියක වැඩි සැලකිලි මැද පිපෙන එකයි නිඳිකුම්බා කැලේ තණ කොල මැද පිපෙන
එකයි අතර ඔය තරම්ම ලොකු පරතරයක් තියනවද? මං මගෙන්ම ඇහුවා
ප්‍රථම ප්‍රේමයේ සුන්දර අසුන්දර මතක...
ඒ 2008 අවුරුද්ද..මට තාමත් අමතක නෑ...ඉස්
ඉස්සෙල්ලාම ඔය ඇස් මට මුණ ගැසුනෙ 122 බස් එකකදි..අවුරුදු නිවාඩුවට ගිනි ගත්ත කොලොම්
පුරේ අතර ඇරල ගම් පලාත් වලට ඇදෙන සෙනග ගොඩේ තෙරපිලා ඉන්නෙද්දි...
එදා අපේ ඇස් කතා කලේ සසර සර ආදරයක් ගැන කියල
එදා ඔයත් හිතුව..මාත් හිතුව
අපේ ආදර කතාව පටන් ගත්තෙ පූජා
බිමක...රත්නපුර මහ සමන් දේවාලෙන්.....සමන්දෙයියන්ගේ ආසිර්වාදෙ අපිට නොලැබුනේ ඇයිද
මන්ද?
උඹ මට අදුන්වල දුන්නෙ මං කවදාවත්ම නොදැකපු
ලෝකයක්..උණුසුමින් හිනාවෙන් හා සතුටින් පිරිල තිබුන ලෝකයක්...
මං හිතුවේ ඔයා පාරාදීසියකට දොර ඇරල දුන්නයි කියල...
ඒත් ඒ වසන්ත හීනය බොහොම තාවකාලිකයි..
.
“උඹ අඩු ජාතියේ ගෑණියෙක් ගෙනාවම අපි ගමට රටට
මූණ දෙන්නේ කෙහොමද?“
මුල්ම වෙඩි මුරේ ඔයාගෙම අම්මගෙන්
“අඩු ජාතිය“???
ඒ මොකක්ද?
එහෙම එවුව තියනව.- ඔයා අහක බලං කිව්වෙ
ඉතින් මගේ මොනවද අඩුයි කිව්වෙ.- මං ඇහුවෙ
ඕනෑවටත් වඩා පුෂ්ටිමත් මගේ සරීර කූඩුව දිහා බලන ගමන්
“වාසගම“
“වාසගම“????? ඕක ඉතින් තාත්තලගෙන් සීයලගෙන්
ආව එකනේ“මං උවමනාවට දාගත්ත එකක් යැයි,,,
මං කිව්වෙ හිනා වෙන ගමං
“අපි ගොවිගම...ඔයාල හකුරු“
“හරි එහෙමයි කියමුකො...ඉතින් ඒක මං කරපු
දෙයක් යැයි...අපේ සම්බන්දෙට ඒක බලපාන්නෙ කොහොමද?.....මට තාමත් තේරුන්නෑ...
ඔයා අඩු කුලේ..ඔයාගෙ කටහඩෙත් පිලිකුලක්
තිබුනා.....
???????????
මගේ වාසගම
***********ආරචිචිල්ලාගේ,ඔයාගේ *****ගේ
ආහ් දැන් මට තේරුනා..ඔයාගෙ වාසගම කෑලි
දෙකයි...මගේ වාසගමට එක අකුරයි
ඔවු
ඉතින් ඒක අපේ ආදරේට බලපාන්නේ කොහොමද?
“ගෙදරින් කවදාවත් ඔයාට කැමති වෙන්නෑ..අපි
මේක නවත්තමු....
මුළු ලෝකෙම එක පාරට නැවතුනා..ඉර එලියත්
ටිකක් මලානික උනා...නුගේ ගොඩ අහස අඩන්න අර ඇද්ද
අනේ ඉතිං මං ඔයාට ගොඩක් ආදරෙයිනේ....
ඒ වුනාට කරන්න දෙයක් නෑ...
ඉතිං අයියේ මං ඔයාට වරදක් කරලා නෑනේ...ඔයාගෙ
අම්මලටවත්....
එතකොටත් මගේ මුල්ම රස්සාවේ මුල්ම පඩියෙන්
ඔයාටයි ඔයාගෙ අම්මටයි තාත්තටයි ගත්ත ඇඳුම් බෑග් එක මං ලඟ තිබුනා...
ඒ වුනාට මේක කෙරෙන්නෑ තේරුම් ගන්ඩ..
ඔයා නැතුව මං ජීවත් වෙන්නේ කොහොමද? අනේ
අයියේ..මාව දාල යන්ඩ එපා...
මට කරන්ඩ වෙන දෙයක් නෑ...මං පවුලේ එකම
ළමයා“...
ඉතින් පසුසෙ එයාල අපිට සමාව දෙයි...
එහෙම වෙන එකක් නෑ...
ඉතින් ඇයි මං නොකරපු දෙයකට මට දඩුවම්
දෙන්නේ....මගේ උගත්කම සල්ලි මදිනං එවුව මට හම්බ කරල පෙන්නන්න පුළුවන්....ඒත් මං
කොහොමද මගේ ඇගේ ලේ වෙනස් කරගන්නනේ
ඒක බැරි හින්ද තමයි මේක නවත්තමු කිවුවෙ
අන්තිමට බෙල්ලන්විල පංසලේදි අපි සමු
ගත්ත..එදා මං හරි ආසාවෙන් එකතු කරපු සැමරුම් -අපි එකට ගමන් ගිය බස් ටිකට්,කාපු
ටොෆි කොල චොක්ලට් කොල,උදේ හවා උණු තොත්තු දීපු ඔයාගේ ෆොටෝ එක..ඒ සේරම මං ඔයාට
දුන්නා..ඔයත් මං අකුරින් අකුර අමුණල ඔයා වෙනුවෙන් ලියපු කවි සේරම මගෙ දිහාට දිග්
කලා...
තුවාලෙ ආය ආය පාර ගන්න බැරි කමටමයි කාලයක්
මගේ ජීවිතේටත් වඩා වටිනාකමක් දුන්න ඒ සැමරුම් මගේ අවසන් කඳුළු බිංදුත් එක්ක බෝඩිමේ
කුණු වලේ නිධං කරල දැම්ම..
පිරිත් පැං පොදක් වගේ භක්තිමත් මගේ ආදරේ කෙලවර
වුනේ කහල ගොඩකින්....සරසවියේ ගේට්ටුව ගාව ඔයාගේ මූණ එක් චුට්ටක් දකින්න මං පැය දෙක
තුනක් හිටගෙන බලං උන්න.ඔයා මං දිහා නොබලම අහක බලං ගියා....එහෙම මං හලපු කඳුළු විජේරාම
පාර දිගේ ගල් කැට වෙලා තාමත් පාර දෙපැත්තෙ ඇති.
මං මගේ රස්සාව නැති කර ගත්ත.... විභාගෙ ඇණ
ගත්ත...චාටඩ් විබාගෙ නවත්තලම දැම්ම..ඔවු එවුව මගේ මෝඩ කම.
ජීවිතේම අතේ ඇඟිලි අතරින් බිමට වැටෙද්දි රැක
ගන්න තරම් ඒවගෙ වටිනාකමක් මට දැනුනෙ නෑ.
මං බලං හිටිය ..බලං හිටිය...බලං හිටිය
කවදා හරි මගේ ආදරේ තේරුම් අරං ආපහු එයි කියල
මං මග බලං හිටිය
මාත් ජීවිතේට ඉඩ දුන්න..
ඊට හුඟ කාලෙකට පස්සෙ මං දැන ගත්ත ඔයා අපේ
සම්බන්දෙ නවත්තනකොටත් ඔයාගෙ විවාහ උත්සවයේ මූලික සැලසුම් වැඩ ඉවර කරගෙන ඉවරයි..
ඔයා මගෙන් ප්‍රයෝජන ගත්තාම විතරයි
ඔයා මගේ ෆොන් නම්බර් එක බ්ලැක් ලිස්ට්
කරල...මට ඔයාගෙ කට හඩ අහන්න තිබුන අයිතිවාසිකමත් මරල දැම්ම.
මගේ නමට ඉස්සරහින් එල්ලල තියෙන කෑල්ල එච්චරම
අජූවද මට මේතරම් දඩුවමක් දෙන්න තරමටම..
මං හිටියෙ මං ගැන ආඩම්බරයෙන්..කවදාවත්
කතාවක් අහ නොගෙන ආරක්ෂා කරපු මගේ චරිතය ගැන මං හිටියෙ අහංකාරයෙන්...මං මහන්සි වෙලා
ඉගෙන ගත්තෙ හෙට දවස වඩාත් ලස්සන කර ගන්න...මට ආඩම්බර වෙන්න තරම් විවිධ දස්කම්
ටිකකුත් උපතිංම මං අරන් ඇවිත් තිබුන
ඒත් වාසගමකට ඒ හැම දෙයක්ම යටත් වුනා...මට
කවදාවත් නිවැරදි කර ගන්න බැරි වරදක් මගේ උපතත් එකක්ම සිද්ද වෙලා තිබුන..
අන්තිමට මං ඔයාගෙන් ඉල්ලල අඩං වැටුනෙ ඔයා
මගෙන් උදුර ගත්ත මගේ ආදරය නොමෙයි...මගේ නැති කරල දාපු සතුටත් නෙමෙයි....ඔයා
සුන්නද්දූලි කරල දාපු මගේ ආත්මාභිමානය....
ඒක ආපහු ගොඩ නගා ගන්න මට අවුරුදු හතරක්ම
ගියා
ඔයත් එක්ක ආගිය පාරවල් තනියම යන්න ආයෙත් මං
පුරුදු උනා.
..
මං දැක්ක ඔයා මට පිටුපාල තුරුලට ගත්ත ගොවිගම
අප්සරාවී තුරුල් කරගෙන බුකියෙ ඉඳන් මං දිහා බලං ඉන්නව
මට දේදුන්නෙ රං හා වලාකුලෙන් සේද හම්බුනා..ඔයාගෙ
ඇස් ඒවෙලේ මට කිව්ව
ඒත් මං කවදාවත් ඔයාට කීවෙ නෑ...ඔය මුකුත්
නැතුවට දැන් මට මගේ ජීවිතේම හම්බුන බව
රොස මල සුවඳයි ලස්සනයි අහංකාරයි..ඒක දැන් මට
වැටහෙන බව.
ඒත් මට ජීවිතයක්ම ගෙනත් දීපු මගේ පුංචි නිදි
කුම්බා මල මට ලෝකයක්ම බව


