මා හිතන
හැටියට අපට රෙකෝඩ් බාර් එකකට ගොස් පපුව පුම්බා
“දෙන්ට මට
ජෝතිගේ අළුත් සිංදු “ කියා ඉල්ලා හිටින්නට හැකි වී ඇත්තේ මේ නිසාය.නැත්තං දශක
දෙකකට පමණ පෙර මිය පරලොව ගිය මිනිසෙකුගේ අළුත් යමක් මිහිපිට තිබිය හැකිද?
අනෙක පුරාණ
සිංහල චිත්‍ර පට බොහොමයක හිංදි තනුවක ට සිංහල වචන ඔබා ඒ තාලයට ගයන සිංහල සිංදු
බොහොමවක් දැකිය හැක...
ඉතින්
අනුකරණයේ දක්ෂ අපේ යක්ෂ ලමයි සිංහල සිංදු වලටම වෙනත් පද යෙදීම අරුමයක්ද?
මේ සිංදු
බොහොමයකටම ආහාර ජීර්ණ පද්දතියේ අවසන් කෙලවර හඳුන්වන අකුරු දෙකේ වචනයක් හා ඒ වචනයට අදාල ක්‍රියාව ආශ්‍රිත පද නිතරම යොදා
ගන්නේ ප්‍රසිද්ධියේ කිව හැකි “මහා කුණුහරුපය“එය යැයි ළමුන් සිතන නිසා වද්ද????
1.
බාලිකාවියන් ..තක්සලා දොරෙන්
ඉස්සිලා
හොරෙන් බලාවි ගස්සලා නුවන්....
මේ අපි අසා
ඇති ගීයයි.
බාලිකාවියන්
ලැට් එකේ ඉඳන්
ඉස්සිලා
හොරෙන් බලාවි වතුර ගේන කං...........
මේ ලමයි ගයන
ගීයයි
එය අපේ ළමයි
ගයන්නේ මෙසේය
එදා තරම් මගේ
*කේ රැඳුනේ නෑ *න්ඩ බරක්
මගෙ *ක වට කර හිටියා නිල මැස්සෝ දස දහසක්
සැනකෙලියේ කිසිම තැනක තිබුනේ නෑ වැසිකිලියක්
තිබුනෙ එකම වැසිකිලියයි - ඒකෙත් තඩි * තලියක්
3.පිණි බර
යාමේ සැවුලන් හඩලනවා
අම්මා වට කර ලිප ගිණි මෙලවෙනවා
කොළඹ කෝච්චිය
රජ ගමනට යනවා
නැගිටින්
පුතුනේ බිම්මල් හිනැහෙනවා
මේ මවු ගුණ
කියවෙන ලයාන්විත ගීයකි
පිණි බර යාමේ සැවුලන් හඩලනවා
අම්මා වට කර ලිප ගිණි මෙලවෙනවා
කොලඹ බාප්පා පිළි කන්නේ *නවා
නැගිටින්
පුතුනේ * ගඳ ගෙට එනවා
අපේ ලමයි ගයති
4.
කවියන්ගෙ රස
හැඟුම් පුබුදා තියා
සුදු නංගියා මාගෙ හිනැහී ගියා
මේ ගීයද
අපේ ළමයි මග හැරියේ නැත
මම *න්නෙ
පිලිකන්නෙ කොලයක් තියා
තටමන්න ඉස්සරම *ඩයක් ගියා
*කෑලි හැම තැනම විසිරී ගියා
නිල මැස්සො මා එක්ක හිනැහී
ගියා.
5. හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා ....
මට ගීයේ ඉතිරි පද මතකයට නොඑයි
නමුත් ළමයින් ගැයූ ඊට සමාන ගීයක් මට මතකය
හොරෙන් රෑට පොල් කඩනා පිස්සු ජෙමා
එදා රෑම ගහෙන් වැටිල එතන මලා
මල ගේකුත් වුනා
තුන් මාසෙත් ගියා
හඳ පායන කාලේ ඔබ මතක් වෙලා
මෙහි අවසන් පදය වෙනස් නොකලේ මන්දැයි මට වැටහෙන්නේ නැත.
මේ ඇතැම් කවි අපි ළමයි කාලයේ ද ඇසූ ඒවාය.එ කල ඇම්ඩන් කතා
රැල්ලක්ද විය.මං 11 වසරේ සිටියදී තදේටම ඇදී ගිය මේ රැල්ල පංතියට ගෙනාවේ පංතියේ
පෙම්වතියන්ය.උන්ගේ කොල්ලන් උන්ට මෙම කතා හා සිංදු කියාදී ඇති අතර උන්ගෙන් අපි
උගත්තෙමු...
අපේ ජාතිය නිර්මාණශීලී නැතැයි කීවේ මොකාද???ඌට මේ කවි
ටික පෙන්නමුද
.
****** ලකුණු තම තම නැණ පමණින් දැන ගත යුතුය.



