උඔ ගිය මාසෙ
වෙනකල් උඹේ අම්මගෙයි තාත්තගෙයි පුතා විතරයි.ඒත් මේ වෙනකොට උඹ මේ රටේ හැම අම්ම කෙනෙක්ගෙම
තාත්ත කෙනෙක්ගෙම පුතෙක්.
උඹට එල්ල වුන චෝදනාව සරල නෑ වගේම අහිංසක උඹ
ඒකෙන් වින්ද මානසික වේදනාව අපි කවුරුත් හෑල්ලුවට ගන්නෙ නෑ.
අනිත් අතට
මිනිහෙක් මරල වීරයො වෙන්න පුළුවන් මිනිස්සු ඉන්න රටක ,අහිංසක කෙල්ලො 100කගෙ ගෞරවය
නැති කරල රෙකෝඩ් එකක් තියල ඒ වෙනුවෙන් පාටි දාන මිනිස්සු ඉන්න රටක උඹ ඇත්තටම ඒ වගේ
දෙයක් කලත් ඇත්තටම ඒක වැරැද්දක්ද කියලත් වෙලාවකට හිතෙනව.
ඒ අසරණ පුංචි එකී
ගෙනාපු ආයුස ඉවරයි.ගෙදර මිනිස්සු කල්පනා කරල ජනේලෙ වහල තිබ්බනං හරි ජනේලෙට ග්‍රීල්
දාල තිබ්බනං හරි අර මිනිහ කලින් හිරබාරයට ගත්ත වෙලාවෙ මානසික ප්‍රතිකාර ලබා දිල
තිබ්බනං හරි මොහෙම දෙයක් නොවෙන්න තිබ්බ.
ඉතින් පුතේ උඔ
ගෙවන්නෙ උඹේ සමනල් වයස.ඒ වයසෙදිම රටේ ලෝකෙ හැම එකාම එකතු වෙලා උඹේ අත්තටු කපල
දැම්ම කියල උඹ හැමෝටම වෛර කලත් ඒතන අසාධාරණයක් නෑ තමයි.
උඹේ ලැප් එකේ
වැල වීඩියෝ තිබුනළු.රහස් පොලීසිය අත්අඩංගුවට ගත්ත ලැපේ තිබුන දේවල් පහුවෙනිදම
මීඩියා වල යනවනං ඒ පොලෝසියේ තියන “රහස්“ පදය අයිං කරල දාන්ඩ ඕන.
උඹ මීට
අවුරුදු 10ට කලින් කුණු හබ්බයක් වත් නොදැන හිටි පුංචි එකෙක් වෙන්ඩ ඇති.මේ වෙනකොට
වෙනස් වුන උඹේ හෝමෝන වැල වීඩියෝ බලන්න උඹ පොළඹවන්න ඇති.
ඉස්කොලෙ යන
පුංචි උන් ඔව්ව බලන එක මං අනුමත කරනව නෙමෙයි.ඒත් සෙක්ස් කුණුහරුපයක් විදියට සලකන
අපේ රටේ මිනිස්සුම තමයි ඒ වචනෙ ඉන්ටනෙට්ටුවෙන් වැඩි පුර හොයල තියෙන්නෙ.
ඇත්ත.............. උඔල අන්තර් ජංජාලෙන් හරි
හොයා නොගත්තනං කොහොමද මේ දේවල් දැන ගන්නේ.කොයි අම්මද තාත්තද උඔලත් එක්ක උඔලගෙ
සරීරයේ සිතිවිලි වල වෙන වෙනස් කම් ගැන කතා කරන්නෙ.උඔල මොනවද පවුල් ජීවිතය ගැන
දන්නෙ.විෂය නිර්දේශයේ යන්තං උඩින් පල්ලෙන් තිබ්බත් කොයි ගුරුවරයද මේ විෂය ගැන ගැඹුරින් උඹල එක්ක කතා කලේ.පාඩම
කරන වෙලාවෙදි උඔලට නැගුන අනේකවිද ප්‍රශ්න ගුරුවරයගෙන් අහන්න උඹලට ගටක් නැති වෙච්ච
එක අරුමයක් නෙමෙයි.සමාජ සමිමත උඔලගෙ කටවල් හිත් ගැට හහල.
අනික උඔල කවදාවත් අම්මගෙ තාත්තගෙ ආදරේ
විනිවිද දකින්න උත්සහ කරල තියනවද?සැමියා හා බිරිඳ ආදරය කල යුත්තෙ නිදන කාමරේ
දොරවල් වහගෙන යතුරුත් දාල තියෙද්දි විතරයි කියල හිතන මිනිස්සු ඉන්න රටක උඔලට යතුරු
හිලෙන් එබිල බලන්ඩ හිතෙන එකම අරුමයක් නෙමෙයි.
හෝමෝන උඔලව ඇහැරවද්දි ඒව පාලනය කරගන්න
සමාජයෙන් උඹලට මග පෙන්වීමක් තිබුනද?මෙන්න මේකයි හරි පාර ....ජීවිතේ පිලිවෙලක්
කරගෙන කසාදයක් බඳිනකල් මේ විදියට කරල උඹලගෙ හැඟීම් පාලනය කර ගනිල්ල කියල කවුද උඹලට
කියල දුන්නෙ.
එහෙවු
එකේ හෝමෝන උඹල පොළඹවද්දී වැලක් බලල පුංචි සතුටක් විඳින එක ජාත්‍යන්තර
අපරාධයක් වගේ සලකන්න පුළුවන්ද?ඒ වගේ දේකින් විතරක් මිනිහෙක් දූෂකයෙක් මිණී මරුවෙක්
වෙනවනං අපේ රටේ පිරිමින්ගෙන් 90% විතරක් නෙමෙයි ගෑනු අයත් 25% වත් හිර ගෙවල් වල
දම්මන්නයි වෙන්නෙ.
උඹේ වැරදි කියන්ඩ මීඩියා නිවුස් කියන පැය
බාගෙන් පැය කාලක්ම ගත්ත.වෙන එකක් තියා උඔ
ලස්සනට වවාගෙන උන්න නියපොතු ටිකත් ලං කරලම පෙන්නුවේ උඹ අර කෙල්ල දූෂණය කලේ මැරුවේ
ඒ නියපොතු වල වැරුද්දෙන් කියනව වගේ.
දැන් හැම දෙයක්ම එලි වෙලා .උඹ නිදොස්
වෙලා..උඹට දොස් කියපු හැමෝගෙම හිත් දැන් අනුකම්පාවෙන් බර වෙලා.ඒත් පළුදු උන උඹේ
ආත්මාභිමානෙ තවත් උඹට රිද්දනව කියල මට දැනෙනව.උඹ දිහා උඹගෙ ගෙදර උදවිය දිහා බලන
සැක සහිත බැල්ම දැන් ඉවරයි.ඒත් උඹ සතුටු වෙයන්.මුළු ලෝකෙම උඔ අපරාධකාරයෙක් කියල
කියද්දි , උඔ දිහා සැකෙන් බලද්දි මේ ලෝකෙ එකම එක්කෙනෙක් උඔ ගැන තිබුන විස්සාසෙ බිඳ
ගත්තෙ නෑ..උඔ ටී වී එකේ බලපං අර හැබෑ අපරාධකාරයාගෙ අම්මගෙ කටහඩේ තිබුන වේදනාව
,කලකිරීම ,පරාජිත බව.අපි කොයිම වෙලාවකවත් දැක්කෙ නෑ උඹේ අම්මගෙ කටහඩේ තියෙනව.කඳුළු
වලින් අවහිර වුනත් අචල කටහඩකින් අම්ම හැම වෙලේම කිවුවෙ “මගෙ දරුව වැරදිකාරයෙක්
නෙමෙයි “ කියලයි.
උඹේ හිත මුළු ලොකෙම ගැන වෛරයෙන් පිරිල
තිබුනත් උඹ ඒ අම්ම ගැන හිතපන්.උඹට අසාධාරන වුන සමාජයට රිද්දන්න ගියොත් වැඩිපුරම
රිදෙන්නේ උඔව විස්වාස කරපු ඒ හිතට කියල හොඳින්ම මතක තියා ගනින්.
උඹ නිවැරදියි කියල දැන දැනත් උඹේ සමාජය-පාසල
මිතුරෝ උඹෙන් තවමත් ඈත් වෙලා ද ඉන්නෙ.එහෙනං උඔ දැන ගනින් ඒ මිත්‍ර ප්‍රතිරූපකයෝ
විතරක්ම බව.සමහර විට උඹ ලාබාල පෙම්වතෙක් වෙලා ඉන්ඩත් ඇති.ඇයත් මේ වෙලාවෙ උඹ තනිකලාද?එහෙනං
උඹ තවත් සතුටු වෙයං.විවාහ ජීවිතයේ අනේක විධ ගැටළු මැද උඹව තනිකරල දාන කෙනෙක් උඹේ
බිරිඳ වීමෙන් වැලකුව මේ අවස්ථාව උඹේ වාසනාවක් කියල හිතපං.මේ වගේ දෙයක් වෙලා හරි
උන්ගෙන් දුරින් දුරු වෙන්න ලැබිච්ච එක ගැන උඹ සතුටු වෙයං.
.උඹේ පෙම්වතිය
තාමත් උඔ එක්ක නං.ජීවිතේ කිසිම දවසක ඇය මඟ
හරව ගන්න එපා.උඹේ ජීවිතයට උරුම වටිනාම සමිපත ඇය වේවි
උඔට මේ දුන්න වඳ වේදනාවලට උඔ සමාජයෙන් පලි
ගනින්.ඔවු උඹේ හිතට දුන්න වේදනාවට හිතේ තියන තරහ දුරින් දුරු වෙනකල්ම පලි ගනින්.
ඒත් උඹ
හිතනවනං පලි ගන්ඩ තියන හොඳම විදිය උඹ ගැන කලින් මිනිස්සු කිව්ව දේවල් ඇත්ත කරන එක
කියල උඹ වැරදියි.උඹ ස්ත්‍රි දූෂකයෙක් මිණී මරුවෙක් අපරාධ කාරයෙක් කියල කියපු මේ
සමාජයෙන් පලි ගන්න තියන හොඳම විධිය තමයි උඹ ඒ එකෙක්වත් නොවෙන එක.
එතකොට මේ සිද්ධිය ඒ මේ අත හරව හරව පණ්ඩිත
කතා කියපු උන් නිකංම පල් වෙලා යාවි.
උඔ මේ පීඩනය උඹේ ශක්තිය කර ගනින්.ඒ
ශක්තියෙන් පන්නරය ලබා ගනින්.අළු ගසාදාල නැගිටපං.ඉස්කෝලෙං බැරිනං ටියුෂන් එකෙන්
බැරිනං තනියෙන් හරි ඉගෙන ගනිං.උඔට පනින්න තියන ආසන්නම කඩ ඉම තමයි උසස්පෙල
විභාගය.මේ ශක්තිය උඔට කැම්පස් එකකටම බල්ටියක් ගහන්න ප්‍රමාණවත්.එදාට උඔ ලෝකෙට ම වීරයෙක්
වේවි.මේ තරං කරදර මැද උඹ ලබන දිනුම ගැන තවත් බරීස් වලවොයි කෙනෙක් තවත් සැබෑ
මිනිසෙකුගෙ කතාවක් ලියාවි.
ආදරණිය පුතේ,
උඹට පලිගන්න තියන හොඳම විදිය තමයි සැබෑ
මිනිසෙක් වෙන එක.
ඊට අවශ්‍ය පන්නරය පහුගිය සති දෙකේ සමාජයෙන් උඹට නිර්ලෝභීව ලැබුන.
වඩාත් ලස්සන හෙට දවසකදි අපි ආයෙත් හම්බෙලා ගෙවිල
ගිය අද දවස ගැන හාස්‍යෙයන් කතා කරමු.
උඹට බුදු සරණයි!!!!!!