දයාබර ජිමී,
මම ජෙම්මා බොල්ලා සමඟ එක්ව මිය ගිය සිරකරුවෙකුගෙන් ඈ ලද ලිපිය කියවන්නට වීමි.ඝන අන්ධකාරය තුලින් එක වරම අාලෝක පුංජයක් පැන නැගිණි.වසර ගනක් සැක කල යමක් එක් වරම ස්ථිර විය.එහෙත් දැන් ඈට ඔහු නැතිවී ඇත.නැතිම වී ඇත.ඒත් ඈ ඔහුට ආදරේ කලා නොවේද?
“කොන්ඩ කරලක්
පිට දිගේ වක්කරගත් පුංචි කැත කෙල්ලක්ව සිටි අවධියේදීත් මම ඔයාට ආදරේ කළෙමි.දැනුත්
ආදරේ කරමි.“ එය පැමිණියේ කෙතරම් පමා වීද?නමුත් ඔහුගේ ආදරය පැහැදිලිව දුර්වර්ණ
කඩදාසි කැබැල්ලේ කුරුටු ගා නොතිබිනිද?
අනේ ඈට යලිත්
වරක් ඔහුගේ ජෙනී වැරන් වීමට හැකිනම්,සෙමෙනේරියේ සිට පැමිනෙන ආතර් සමඟ යලිත් වරක්
සිය පියාගේ නිවසේ විසිස්ත කාමරයේ රැඳී
සිටීමට හැකිනම් ඈට යලිත් මේ දිවියේ වෙන කිසිත් ඇවැසි නොවනු ඇත.කාළය කෙතරම්
දරුණුද?එහෙත් අවසානයේදී ඈට අවශ්‍යම වූ දෙය ඔහු දැනුම් දුන්නා නොවේද?නමුත් ඔහු මිය
ගියේ තමා එතරම් දැඩි ලෙස ඔහුට ආදරය කරන බව නොදැනමය
.එය විය හැකිද?හැම මනුශ්‍ය හැඟීමක්ම නිර්දය ලෙස හෙලා දකින ඇට මැස්සාට තමා වරක් පැවසුවා නොවේද තමා ආතර්ට ....ආතර් බර්ටන්ට ආලය කරන වග.නමුත් ඒ ඔහුට නොවේ.විරූපී ,කොරයක් සහිත,සිරවා ගතනොහැකි අපහාස කථා කියන,ඒ මදිවාට නළඟනකුත් යන යන තැන කරේ එල්ලාගෙන යන ඇ මැස්සාට නම් නොවේ.එහෙත් ආතර් ඇට මැස්සෙකු කලේ ඇය විසිනි.දුර දිග නොබලා ඈ දුන් කම්මුල් පාර විසිනි.දර්ශිනා බොක්ක හරහා මරණයටත් අන්ත ඉරණමක් වෙත ඔහු පලවා හරින ලද්දේ ඈ විසිනි.ඈ එතරම් දේ කර තිබියදීත් ඔහු ඈට ආදරය කළේය.

“මම ඔයාගේ යාළුවා
නම් මැරුණු විදියටම ඉන්නවා.මැරුණු මිනිහෙක්
කියන්නේ කැත හොල්මනක්“ඔහු තමාට නොකීවේද?ඈ විප්ලවයේ ගිණි දළු හා දෛවයේ සැඩ
සුළන් මැදින් තම බාල වියේ ආදරය රැක බලා ගත්තේ මෙතරම් වේදනාකාරී සමු ගැනීමක් සඳහාද?
ඔහුගේ දිගු
ඇඟිලි තුඩු තම මතකය අවදි නොකලේද?තමා මෙතරම් මෝඩ සහ ඉක්මන් නොවී නම් තමාට ඒ දෑත් මත
ම අවසන් නින්ද ලබා ගත හැකිව තිබුනි.ඔහු තම සිත තුලවූ කැකෑරෙන ආදරය වෛරී
හිතුවක්කාරී බවකින් හා අවකැපෙන කථා වලින් සඟවාගෙන සිටියේ මන්ද?අවසානය....
අවසානය...............අවසානය තෙක්ම
“එපමණයි දයාබර
ප්‍රියාදරිය,
ඔව් සියල්ල
එපමණකි.සෙන්ඩුවාළුවේ වැතිර සිටින ඔහු යලි නැඟිටිනු නැත.මිය ගිය මිනිසෙතුගේ ජීවදාන
ආදරය රැගත් දුර්වර්ණ තඩදාසි කැබැල්ලක් පමණක් ඉතිරි වී ඇත.
ජෙම්මාගේ ඉරි
තලා ගිය හදවත වෙනුවෙන්,යලි උට්ඨානයක් නැති ඔවුන්ගේ ආදරය වෙනුවෙන් මමද හඬමි.
කවදාවත් නොහඬන
ඔයා...ජෙම්මා මා දයාබරී...
ඈ ජෙම්මා
නොවුනාය.ඈ ආතර්ගේ ජිමී වැරන්ය.ඉතින් සිසාරේගේ වදන් කෙසේ ඈ සනසන්නද? දැන් ඔහු
කොහිද?යලිත් ෆාද්රේ ගේ තොරතුරු කියමින්
ඔහු තමා වෙත එනවා නම්,තරප්පු පෙලින් ඔබ්බේ වූ මිය යන සොඳුරු කාන්තාව දැකීමට
ඔහු තමා කැටුව යනවා නම්......තමාට ඔහු දෙවරක්ම නැති කල මේ විප්ලවය මකබෑවීම යනවා
නම් ..... ඈ කෙතරම් සැනසෙනු ඇද්ද?
එවිට කම්මුල්
පහරින් නතර වුනු තැන සිට ජීවිතය යලිත් ජීවත් වනු ඇත.
එවිට මා
මිය ගියත්
ජීවත් වුනත්
වාසනාවන්ත
මැස්සෙක්මි...............
කියා ගැයීමට හැකිවෙනු ඇත.වඩාත් විස්වාස කල වුන් වෙතින් හද බිඳ දමනු ලදුව සෙන්ඩුවාළුවේ වලලා දැමුනු ඒ දුප්පත් ආත්මය වෙනුවෙන් මම හඬමි.එක් කම්ම්ල් පහරකින් ජීවිත කාලයම වේදනා විඳි ඒ අසමාන ගැහැණිය වෙනුවෙන් මම හඬමි.ඔවුන් සමඟ වියැකී ගිය ඉතාලියේ සිහිනය පිළිබඳ මම හඬමි.කවදාවත් ගෙන්වා ගත නොහැකි ඔවුන්ගේ තාරුණ්‍ය වෙනුවෙන් මම හඬමි.ජෙම්මා ආතර්ගේ ලිපිය ළය හොවාගෙන කඳුළු සැළුවේ යම් සේද මමද සුගතපාල ද සිල්වා ශුරීන් ගේ ඇට මැස්සා තුරුල් කරගෙන කඳුළු හෙලමි.කාදිනල් මොන්ටිනෙල්ලිගේ මරණය හෝ සිසාරේගේ ගොළු වූ සෙනෙහස මට බල පෑමක් නොකලේය.

ඔව්.....මෙබඳු
අවස්ථාවක හෘදයාබාධයත් හොඳ වචනයක්......
ඩබ්.කේ
අනේ...මේ විදිහට එක දිගට පෝස්ට් දැම්මහම කොහොමද අපි කියවන්නේ?මේ බ්ලොග් ලියන,කියවන ගොදක් දෙනාට තියන ගැටළුව තමයි කාලය.මේ විදිහට ඔක්කොම ටික එක පාරට අතෑරියම අපිට වෙන්නේ උඩුන් පල්ලෙන් කියවගන යන්න විතරයි.කිසිමදෙයක් මොලේට ගන්න වෙන්නේ නෑ.ඒකෙන් ගොඩක් අසාධාරනයක් වෙන්නේ ඔබටමයි,නිසි අගැයුමක් ලැබෙන්නේ නැති නිසා.සතියකට පෝස්ට් 2-3ට වඩා දාන්න එපා.අනිත් බ්ලොග් වලටත් යන්න.කියවන්න.කමෙන්ට් කරන්න.සුහදත්වය ඇතිකරගන්න.එතකොට ඔබටම තේරේවි "සිස්ටම්" එක.
ReplyDeleteමේ ලිපිය ලස්සනයි,අපි තාමත් ඇටමැස්සට ප්‍රේම කරන නිසා.දිගටම ලියමු.අතාරින්න එපා.
ජය වේවා....
අනේ...මේ විදිහට එක දිගට පෝස්ට් දැම්මහම කොහොමද අපි කියවන්නේ?මේ බ්ලොග් ලියන,කියවන ගොදක් දෙනාට තියන ගැටළුව තමයි කාලය.මේ විදිහට ඔක්කොම ටික එක පාරට අතෑරියම අපිට වෙන්නේ උඩුන් පල්ලෙන් කියවගන යන්න විතරයි.කිසිමදෙයක්මොලේට ගන්න වෙන්නේ නෑ.ඒකෙන් ගොඩක් අසාධාරනයක් වෙන්නේ ඔබටමයි,නිසි අගැයුමක් ලැබෙන්නේ නැති නිසා.සතියකට පෝස්ට් 2-3ට වඩා දාන්න එපා.අනිත් බ්ලොග් වලටත් යන්න.කියවන්න.කමෙන්ට් කරන්න.සුහදත්වය ඇතිකරගන්න.එතකොට ඔබටම තේරේවි "සිස්ටම්" එක.
ReplyDeleteමේ ලිපිය ලස්සනයි,අපි තාමත් ඇටමැස්සට ප්‍රේම කරන නිසා.දිගටම ලියමු.අතාරින්න එපා.
ජය වේවා....
සුභ පැතුම් වත්සලා.. සාදරයෙන් පිළිගන්නව මගේ බ්ලොග් මිතුරු කැල අතරට.. පෝස්ට් සියල්ල නිදහසේ කියවා අදහස් දක්වන්නම්. දිගටම ලියන්න. ජය ශ්‍රී!
ReplyDeleteකැලේ පීරල පීරල හොයා ගත්ත ඔන්න
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.කටුස්සා අයියේ ඔයා කිවුවට පස්සේ තමයි අනිත් අයටත් කියවන්න වෙලාව ඕන කියලා තේරුනේ.මගේ සාමාන්‍ය දැනුම අන්තිම ඉහලයි නේද?ඔයා දුන්න හැම උදවුවකටම ගොඩක් පිං
ReplyDeleteහම්මේ ඇති යන්තම් දමිත් අයියා මාව හොයා ගත්තා.මම හිතුවා ගත්ත කාලේ හැටියට මටත් නොපෙනෙන්න මාවම අතුරුදහන්වෙලා කියලා
ReplyDeleteස්තූතියි කළ්‍යාණ මිත්‍ර.මම මඟ බලාගෙන ඉන්නවා ඔයාගේ අදහස් ලැබෙනකල්.අඩු පාඩු පෙන්නල දෙනවනම් ගොඩක් ස්තූතියි
ReplyDelete