ජීවිතය මිටින් ගෙන
සමනළුන් හඹා යද්දී
නුඹ හිටියා දොරකඩම
සිවුරකුත් පොරෝගෙන
ලස්සන අටපෙතියා මලේ..............
හීන පොදි ඇහිඳිමින්
හිසේ බර කරට ගෙන
තක්සලා බිමේ කොන
සුපුරුදු හිනාවෙන් නුඹ
දොරකඩ අස්න ගැයුවා

සුපුරුදු සුවඳ දැනුනා...........
සුභ පැතුම් පුරෝගෙන
පෝරුමස්තක මත නැග
දොරට වඩින දින
මගුල් සිලෝ ගී අතරින්
නුඹේ සිනා හඩ ඇසුනා
ඒ නුඹම නොවුනත්
සුපුරුදු සතුට දුන්නා....
ජීවිතය විසිරිලා
මළගිය සිහින මිට ගෙන
ආ මග කෙලවරේ
තවමත් නුඹම හිටියා
ඉපල් ගස මුදුනෙම
වැහැරුණු මුව අයා
මද සිනා තවරගෙන
මෙතරම් කලට පසුවත්
සුපුරුදු සුවඳ දැනුනා..............
ප්‍රේමය කල් ඉකුත් නොවේ
ReplyDeleteඅනිවා ඉවාන්
Deleteරස වින්දා
ReplyDeleteඑල ද බ්‍රා
එලද බ්‍රා මෙන්ඩෝ
Deleteඔය සුවද අමතක වෙන්නෑ.... ඒ හැටි
ReplyDeleteඇත්ත කුරුටු..මතකය පවා තාම සුවඳයි
Deleteසුවඳ....ඔය මගුල් ආදරය නිසා කිසිම සුවඳක් නැති අටපෙතියා මලෙත් සුවඳ දැනෙන්න පටන්ගන්නවා.අන්තිමට ඉතුරු වෙන්නේ කවදාවත් හැබැහින් අත්විඳින්න බැරි සුවඳම විතරයි.
ReplyDeleteකටුස්සා ළඟදී බූට් පාරක් කාලද මන්දා....ආදර සුවඳ එක්කත් තරහ වෙලා ඉන්නේ
Delete