දයාබර නුගේගොඩ
අදත් ඒ වගේමයි
දහසක් මතක සිත දරා
නිහඩවම නිසලවම....
අදත් ඒ වගේමයි
දහසක් මතක සිත දරා
නිහඩවම නිසලවම....
සිහිලැල් බෝධි පාමුල
ඉපදුනු සොඳුරු සෙනෙහස
කවියක්ව රැකගත්
නොමල හදවත නුඹ නුගේගොඩ....
ඉපදුනු සොඳුරු සෙනෙහස
කවියක්ව රැකගත්
නොමල හදවත නුඹ නුගේගොඩ....
ආදර දබර විඳගෙන
උණුසුම් සුසුම් මැනගෙන
එදත් මේ වගේමම
බලාහිටියා නුඹ නුගේගොඩ..
උණුසුම් සුසුම් මැනගෙන
එදත් මේ වගේමම
බලාහිටියා නුඹ නුගේගොඩ..
සීන පොදි විසි කොට
නික්ම ගියපසු මා සඳ
දෙනෙතින් ගැලූ දුක් කඳ
දරා ගත්තෙත් නුඹ නුගේගොඩ...
නික්ම ගියපසු මා සඳ
දෙනෙතින් ගැලූ දුක් කඳ
දරා ගත්තෙත් නුඹ නුගේගොඩ...
මෙතරම් කලක පසුවත්
දැනේ සුපුරුදු උණුසුම
මියගිය මතක පණ දෙන
හදේ කොටසකි නුඹ නුගේගොඩ
දැනේ සුපුරුදු උණුසුම
මියගිය මතක පණ දෙන
හදේ කොටසකි නුඹ නුගේගොඩ
ඩබ්.කේ
2015/07/10
2015/07/10
හ්ම් මටත් ලීවහැකි කුරුණෑගල ගැන හිහි
ReplyDeleteඅපි දන්නවැයි නුගේගොඩ
අපූරුයි
ස්තූතියි මහේෂ්...ලියමු බලන්න එහෙනම් කුරුණෑගල ගැන
ReplyDeleteවටෙන් එන එංජින් හෝන් නද..
ReplyDeleteඋඩින් එන කාක් වසුරු පිඩ
විටින් විට යන එන මිනිස් කැල
කොයින්ද ඔය කියන නුගේගොඩ සැනසුම..
ආදරය කරන ාකාලෙ කාටද අනේ ඔවුව දැනෙන්නේ
Deleteඅගෙයි කවි පද ටික................... මතකයන් හාරා අවුස්සලා වගේ
ReplyDeleteස‘තුතියි කුරුටු.ඔවු ඔවු අවුරුදු 4කට එහා මතකයක්
Delete