සඳ දිය දොවා ගෙනැවිත්
තරු කැට සමඟ ගවසා
සුදු නෙළුම් යහනට
වැඩමවන්නේ කෙලෙස නුඹ මම.....
සුදු ගවුම පොඩ කොට
පොත් මිට අතුල යහනත
නිකලැල් සෙනෙහෙ හොරු ගත්
ළඳු කැලේ ගැන නොකියවමි මම....
ධවල ඇත් පොව්වෙක්
පැදකුණු නොකල යහනක
නින්දා වළඳමින්
කඳුලැල් පොවමි කිරි කොට......
ආදර දෙවොල ඉදිකොට
ගිලිහෙන විටදි සළුපොට
සිතිවිලි ලෙහී විසිරුණ
සැනින් දුටුවෙමි සැබෑ නිරුවත....
ගුගුරවා මිහිකත
හැංගී අකුණු පහරක
වැඩිය මුත් කුස යහනට
නුඹත් කැකුලකි සුවඳ විහිදන.....
පොරු මස්තක නැතිවම
කිරි බර ඉසිදු දෙතනට
දහසක් නුරා නෙත්
හී සර විදී දින දින......
නින්දා රසය දැන දැන
මගේ දුක් විල පිපි නුඹ
විසිරුණ සිහින පොදි බැඳ
සඟවයි සිතේ තැන තැන....
කිරි කවඩි නැති මුත්
පෙණ පිඬු විසිර ගිය මුත්
නොපියවා නුඹ නෙත්
නිදන් පුත ඉර එබෙයි අපටත්.....
සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඩින් ගෙන
ReplyDeleteපදකුණු නොකලත් සිරියහනේ
පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
මට රජ පැටියෙක්
හන් කිති කවමින් කුසතුල සක්මන් කරනා
නුබ දගයෙකු වී දැයි නිකමට මෙන් මට සිතේනා
පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් නුබෙ හිස පලදන්නේ
වෙනසක් නැති එක ආදරයයි ආදරයයි ආදරයයි..
කුසතුල දරුවැයි මතු බුදුවන පෙරුමන් නෑ
ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නෑ
පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් මා නුබට පුදන්නේ
සැබෑව දිදුලන ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි..
https://www.youtube.com/watch?v=CQnjyWPeBKw
හ්ම් හිතට කතාකල සිංදුවක් ඉවාන්
Deleteවිනාඩි 15ට වැඩිය කල්පනා කරලත් තේරුනේ නෑ.....
ReplyDeleteඒ වුනට පට්ට....තේරුන ගමන් ආයේ එනවා...
මලේ උ.පෙ ලඟ හින්ද ඔයාගේ මොලේ පිරිල හින්දයි...විභාගෙ ඉවරවෙලා කියවලා බලන්නකෝ
Deleteලස්සනයි කවිය
ReplyDeleteකවි රිප්ලයි කොටන්න බැර්වට දුකයි
ලස්සනයි කවිය
ReplyDeleteකවි රිප්ලයි කොටන්න බැර්වට දුකයි
අයියෝ හිතන්න එපා මහේෂ්...ඇවිත් ගිය එකම මදැයි
Delete//නිදන් පුත ඉර එබෙයි අපටත්.....//
ReplyDeleteමම ආසම යෙදුම මෙතැනයි වත්සලා, මුළු කවියේම එලිය අන්තිමේ මෙතනට ගොනු වෙලා..
ස්තූතියි අල්තයිර්..මමත් ඒ යෙදුමට හරි ආසයි
Deleteලඟදීම කිරි සුවඳ ඉතිරේවා.. සුභ සිහින ඉටුවේවා!
ReplyDeleteහපොයි මිත්තරේ..තැන්කුයි වේවා!
ReplyDeleteහ්ම්. මොනවා කියන්නද කියලා හිතුවේ.. කොහොම උනත් අම්මා කෙනෙක්ට දරුවන්ව වටිනවා.. හුඟක්..
ReplyDeleteඇත්ත අවජාතක දරුවෙක් උනත් අම්ම කෙනෙකුට මැණිකක්
ReplyDelete