පියුමක් ලෙසට පහලව
දවසින් දවස හැඩ වුන
විලේ රණ තිසරෝ
මමයි ඒ දෙව්දත්
විලේ කළු තාරාවා...............
නෑසිය පිරිවරා
ලෝකෙට ශිල්ප දක්වා
මා නැගනි පැහැර ගත්
විලේ රණ තිසරෝ
මමයි ඒ දෙව්දත්
විලේ කළු තාරාවා...............
නුඔ ලොවට හිරු වී
මා තරු නිවා දැමු විට
වෛර පිරිමහනු මිස
පෙම් කල හැකිද කියපන්
මමයි ඒ දෙව්දත්
විලේ කළු තාරාවා...............
ඉතින් ගල් හෙලනු මිස
නාලාගිරි එවනු මිස
දුණු දිය අදිනු මිස
මෛත්‍රීකල හැකිද දැන් මට
කියන් රණ තිසරෝ
මමයි ඒ දෙව්දත්
විලේ කළු තාරාවා...............
එය පාපායක් වද
අපා ගත කලේ මා අද
මට ඉඩ බිඳක් නුදුන්
නුඹ නිවැරදිද හැම විට
කියන් රණ තිසරෝ
මමයි ඒ දෙව්දත්
විලේ කළු තාරාවා............
කවි ටිකනම් පංකාදුයි............ සුපිරියි........
ReplyDeleteස්තූතියි කුරුටු
Deleteදෙව්දත් කියල ලිව්වනම් වඩාත් හොඳයි....:)
ReplyDeleteමලා දැන් හදන්න යනවෝ
Deleteමේක නියමයි
ReplyDeleteඉස්කෝතුයි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ මොකද අනේ author කියන එකාව හම්බුනොත් හම ගහනවා මගේ කමෙන්ට් රිමූ කලාට
ReplyDeleteවෙනස් ඇහැක්.. දෙව්දත් ට උනත් කියන්න කතාවක් ඇති.. අපි අහල තියෙන සුදුම සුදු කතා ගොඩාක් වෙලාවට මේ වගේ..
ReplyDeleteඅනිවා මිත්තරේ..මාත් හිතන්නේ කට්ට කළු හරි කිරි සුදු හරි චරිත මෙි ලෝකේ නෑ කියලා....
Deleteඅනිවා මිත්තරේ..මගේ විස්වාසය නම් කට්ට කළු හරි කිරිසුදු හරි චරිත ප්‍රායෝගික ලෝකේ නෑ කියලා
Delete///නෑසිය පිරිවරා
ReplyDeleteලෝකෙට ශිල්ප දක්වා
මා නැගනි පැහැර ගත්///
මේ සිද්ධිය පොඩ්ඩක් පැහැදිලි කරන්න...
ඇයි දෙයියනේ දේව දත්ත පරදවලා ශිල්ප දක්කලානේ යශෝදරාව දිනාගත්තේ
Deleteඒකත් එහෙම වෙලා රත්තරන් තැටියටත් කෙළවෙලා (තව මට මතක නැති ඔක්කොම දේවලුත් වෙච්ච) මානසික පීඩාවට පත්වෙච්ච මනුස්සයෙක් ද එතකොට ඒ...
Deleteහැබැයි තමන්ට එහෙම දේවල් පෙර ආත්ම වලදී සිද්ධ උනා කියල දෙව්දත් දැනගෙන ඉන්න විදිහක් නැහැ නේද...?
උඹට පවු සිද්දවෙයි හොඳේ...අපි දන්නේ නෑ
ReplyDeleteනියමයි නංගී.ජය වේවා...
නෑ...නෑ කටුස්සෝ මං බුදු දහමට අපහාස කලා නෙමෙයි හොඳේ..පාට මාරු කරලා හරියට බලන්ඩෝ
Deleteඉස්කෝතුයි