දහදියෙන් ඇනූ සිමෙන්ති මත
ගඩොලින් ගඩොල බඳිමින්
ජීවිත බිත්ති බැඳ
ඉහල යන පලංචිය මත හිඳ
දහදිය මල් නෙලා
සිනාසුනා නුඹ හරි ලස්සනට..................
සොයා ගස වට පරිධිය
කඳුළු කිරි උනවමින්
ජීවිතේ පොල්කටු පුරවන්න
දා බිඳු වගුරමින්
සෙනෙහසේ දුම් ගෙය පුරා
සිනා සුනා නුඹ තෙත් ඇස් හංගා..........
අවු වැසි සුළං රැක
දළු ලන විටදි මදහස
නොරිදෙන ලෙස නෙලා
සිහිනෙන් සිහින උපයා
අපේ ලොව පුරවලා
සිනා සුනා නුඹ හිස් අතින්ම..........
අව්වේ මුතු කැට වපුරා
ReplyDeleteඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිණි නිවලා
නුඹ කුස ගින්නේ
ඉද හිනැහෙන්නේ අපේ අප්පච්චි
නුඹ කුස ගින්නේ අපේ අප්පච්චි....
අප්පච්චිලා එහෙමයි
Deleteඅන්දරයායේ වැව් තාවුල්ලේ..
ReplyDeleteසක්මන් කරනා අප්පච්චී..
දොලේ දියයි ඔබ.. කෙතේ නිලයි..
ගහ වැලේ මලයි ඔබ..
අප්පච්චී...
අපේ අප්පච්චී ඉන්නේ රජරට නෙමෙයි.සබරගමු කඳු වැටියේ.ඉතින් කෙතේ නිල වෙනුවට තේ දල්ලෛ් කඳුලයි රබර් කිරි කඳුළුයි තමයි උරුම
Deleteලස්සනයි නිර්මාණය.......................
ReplyDeleteතැන්කුයි වේවා!!!!
Deleteඅපූරුයි....
ReplyDeleteමං සිංදුවක් කොටන්න කියල ආව මට කලිං ආපු කර කළණ කියන ඩෑල් එක ඒක කොටල කියන්නකො
අප්සට් ඈ හිහිහිහ
ඒකට මොකැයි...මං ඔයත් ඒ සිංදුව කෙටුවා කියලා හිතා ගන්නම්කො එහෙනම්
Deleteකියන්න වචන නෑ ලස්සනයි
ReplyDeleteස්තූතියි මල්ලියෝ
Deleteඅපි ගොඩාක් දෙනෙක් අප්‍පචිචීව තේරුම් ගන්‍නේ නෑ තමනුත් අම්‍ම කෙනෙක් අප්‍පච්‍චී කෙනෙක් වෙනකම් . කෙනෙක්‍ට පුලුවන් නම් ඒ තැනට එන්‍න කලින් අප්‍පචිචීව තේරුම් ගන්‍න ගොඩක් වටිනවා , කවිය පුදුම තරම් ලස්‍සනයි ,අරුත් බරයි
ReplyDelete