Sunday, July 19, 2015

දික්කසාද බිරිඳගෙන් පළමු සැමියාට

හිරුත් මියගිය උදෑසන ඉඳ නුඹේ සෙනෙහස හිඟ   හිඟා
පස් වසක් මම බලා උන්නෙමි ජීවිතය වන තුරු     ලඟා
ඔබේ පාමුල මට උරුම වූ නිමක් නැති තැවුලන්    නිගා
අතැර අබිනික්මන් කලෙමි මම සතුට මට වන තුරු ලඟා

හදවතින් නොව නිඟාවෙන් නුඹ යදම් ලූ  පය බර වුනා
කැණි මඩල ගිනි වැදී ඇවිලී සිරි යහන අන් සතු වුනා
කඳුළු රැස් වැද පිපිගෙන ආ ලැම හසුන් මන් මත් වුනා
නුඹට තුරුළුව නුරා සුව විදී මීවිතට මම       පැරදුනා

තඹර විල මුකුලිතව ගියදා හිරු රැසින් මොන සැපය දෝ
තනි යහනෙ ඉකි ගසන කඳුලින් හැඟුම් දියවී  ගියාදෝ
සුරත් රතදර මිලින වී ගොස් සඳත් අවරට ගියාදෝ
මගේ සඳ ඔහු නැගී ආවිට අමාවක කොහි ගියාදෝ

උණු සුසුම් මැද නුරා බස් මැද  සෙනෙන් සිත පිරිමැද ඉතා
පිණි ඉසින විට තඹර පෙති මත ලෝකයම මම යැයි      සිතා
මගේ දෙඅදර  ඔහුට උරුමයි දුන්නු සඳ සෙනෙහස ගොතා
මතු මතුත් මම සසර සරනෙමි විඳින මේ සෙනෙහස පතා

14 comments:

  1. මුළු රැයක් පුරා ඔබ ඔහු ළඟ
    ජිවිතය පුරා ඔහු ඔබ ළඟ
    ඔබයි ප්‍රියාදර ප්‍රියම්බිකා ඔහුගේ
    මුළු රැයක් පුරා ඔහු මා ළඟ
    සිරුර පමණයි හිතයි ප්‍රේමයයි ඔබ ළඟයි...

    https://www.youtube.com/watch?v=54PkjwEKChk

    ReplyDelete
  2. සික් අන්තිම කැතයි..ඒ මිනිහ එක්ක ඉන්ට බැරිනං කොට්ට පදුරුත් ඔතාගෙන වෙන අතක් බලාගන්න එක වෙනම දෙයක්. අනික දැං ආතල් එකේ ඉන්නවත්නෙ.එහෙමත් තියෙද්දි ආය කවි ලිය ලිය ඒ මනුස්සයට නෝන්ඩිය දාන එකනම් ගොයියෝ අනුමත කල නොහැක...හෙහ්,හෙහ්...:)

    කවි පේලිය නම් ඉතාම විශිෂ්ඨයි!!!

    ReplyDelete
    Replies
    1. එහෙම තමා රවි...ඒ මනුස්සයට ටිකක් රිද්දන්නත් එපැයි...

      ස්තූතියි

      Delete
  3. හිතට දැනුන නිර්මාණයක්... ජය!!

    ReplyDelete
  4. හිරු උදේට නේ එන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක තමා ජීවිතේ කොච්චර අඳුරුද කියනව නම් උදෙන්ම ඉර මැරිලා දේශකයෝ

      Delete
  5. ලස්සනයි...
    කලිං යන්න තිබ්බ එක පහු වෙලා හරි ගිය එකම මදෑ
    නැද්ද හා
    එල ආ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි....කලින්ම නොගිය එක තමයි වරද

      Delete
  6. පුංචිම පුංචි පිළිතුරක්.. එක්තරා සැමියෙකුගෙන්..
    පාන දඟලන දැල්ල අත හැර............. නිවී අඳුරේ ගිලීදෝ
    ගාන වත.. වතු සුදු සුවඳ ඉසි......... පුයර වියැකී ගියේදෝ
    සීන සිත දුටු.. චෞර රජිඳෙකු.... එසිත සොරකම් කලාදෝ
    පේන නොපෙනෙන වැරදි මා මත තබා ඈ කොහි ගියාදෝ...

    ReplyDelete
    Replies
    1. නිවී ගියමුත් පාන තව ගිණි සිලක් ලඟ කැළුමන් දිදී
      සුළඟ හා මුසු සුවඳ වත්සුනු මාව සරසන්නට මදී
      සොරෙක් නොව ඔහු මහා රජිඳෙකි සෙනේහෙන් මා සිත බැඳී
      ඔබේ පවු කඳ මට එපා මයි -සිටිමි ඔහු සෙවනේ රැඳී

      Delete
  7. අනේ පැනලා ගියාම අර මිනිහා බාර ගන්ඩ බෑ කිව්වා නම් තමයි වැඩේ!!

    ReplyDelete
    Replies
    1. බාර ගන්නවා කියපු හින්දළු පැනලා ගියේ මලේ

      Delete