සීත පවනැලි
අතර
මන්ද ස්වරයෙන්
ගැයූ
ප්‍රේමයේ වෙන
මිහිර ගොළු වුනා.....
ඉකි ගසන කඳුළු
කැට
ගිණි වැදුන
යහන මත
මධුයාම සිහින
ගෙන වැලලුනා......
සඳ සාවි ගෙන ගිහින්
තරු පොකුර මැද
තනිව සැඟ වුනා.....
ජීවිතය
සැතපෙව්ව
දෑත් මත පර වෙද්දි
සිනාවේ මළ බෙරය හැඬවුනා .....
සෙනේ ඉතිරූ
දෑස
ගිනි ගනී මත්
දියට
මීවිතට ආදරය සැඟවුනා.......
පිපුනු
වතුසුදු යාය
ගසමතින් ඇද
වැටී
පිණි බිඳක් සොය සොයා ලතවුනා.....
සුපිරි!
ReplyDelete"සිනාවේ මළ බෙරය හැඬවුනා"!!
ඒක නම් අමුතුයි!
අපි එහෙමයි...භාෂාව අළුත් කරන්ට පුළුවන් වාසුට විතරයෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ
Deleteඔහ්...
ReplyDeleteඅහන්න දකින්න ලැබෙන කතාවක්
කොල්ල කෙල්ල රවටන්නෙ නැතිව ඇත්තම කීව නං ඉවරනෙ... මං බොනව කියල නැද්ද හා
රසික අක්ක ලියපු කවියක් මතකු වණා මේකට ලොගු කැලපුමක් නැතත් මෙතන ෙප්ස්ට් එකක් දාන්නං
ඔබ මා දමා ගිය තැන
රැඳී ඉමි තවම
වැඩිවිය පවා නොපැමිණ.
ගිණි ගොඩකි ජීවිතය
සඳුන් දර වුව
දැවෙන විට දැවෙයි හද."
'දැන් හුඟක් රෑ වෙලා
ඔයා ගිහිං නිදියන්න
ඉක්මනට ලොකු වෙලා
ආයෙ දවසක එන්න.
මේව දැන ගත්තොතින්
ගෙදර අය පව් නේද?
ඉඳහිටක මිසක ඔබ
හුඟක් බොන් නෑ නේද?'
අන්න කොල්ලෝ...හැමෝම ඔහොම නෑනේ අෆ්ෆා
Deleteමුලදි කෙල්ලට හංගන දේවල් කවදා හරි එලි වෙනවා කියලා දැන ගෙන බොරු නොකර ඇත්තම කියලා විසඳා ගන්නවා නම් ඉවරයිනෙ...
ReplyDeleteඅනේද කියන්නේ කැමරෝ
Deleteහප්පා සෑහෙන දුක් කඳුළු කතාවක්
ReplyDeleteනොවෙන්නම් දිලා
Delete