දිවා රැය නිදි නැතුව
දුක සතුට සමව ගෙන
කැකුලක්ව පුබුදන්න
අනේ දිසාපාමොක්
නොදනී....
හීන අහුරු අහුරු ගෙන
දේදුන්නේ පාට ඉල්ලා
ඇඳි
බලි කුරුටු වල කතාව
අනේ දිසාපාමොක්
නොදනී....
.
පෙති දෙපෙති විහිද ගෙන
උදා හිරු දකින්නට
මල් කැකුළ පැතු පැතුම්
අනේ දිසාපාමොක්
නොදනී....
බිඳී ගිය මල් බඳුන
පාස්සා ගනු බැරිව
ගස හඩා වැටෙන බව
අනේ දිසාපාමොක්
නොදනී....
පරව ගිය මල් කැකුල
බිමට නොවැටෙන ලෙසට
ගස දරා ඉන්න යුරු
අනේ දිසාපාමොක්
නොදනී....
"පරව ගිය මල් කැකුල
ReplyDeleteබිමට නොවැටෙන ලෙසට
ගස දරා ඉන්න යුරු
අනේ දිසාපාමොක් නොදනී...."
මේ ටික නම් මාරයි!!
තැන්කුයි මලේ
ReplyDeleteනියමයි................
ReplyDeleteස්තූතියි පවුරේ
ReplyDeleteනූතන දිසාපාමොක්ද?
ReplyDeleteඔවු ඉවාන් නූතන දිසාපාමොක්ලා වැඩි හරියක් ඒ වගේ තමයි
Deleteඔව් ඒක ඇත්ත මොකද අද දිසාපාමොක් ල නෑ. ඉන්නෙ කච්චපුටල
ReplyDeleteඒ හන්ද කතාව ඇත්ත කියල පිලිගන්නව.
ඒත් අතරිං පතර නියම ගුරුවරු කියන්නපුලවං අයත් ඉන්න වග මං අමතක කරල නෑ හොදේ
හැක් හැක්..ඔවු මේ අපි වගේ දිසාපාමොක්ලත් ඉන්නව හරිය...................
Deleteමනුස්සකම පුරවගත්ත දිසාපාමෝක් කෙනෙක් වියන් නගේ පොඩි එවුන්ගේ ජීවිත වල හැමදාම රැදෙන....
ReplyDeleteඔවු අයියේ පුංචි උන්ට හඳක් වෙන්න බැරි වුනොත් මං ඉටිපන්දම් එලියක් හරි දෙනවා
Delete