සිහිනය
වලා සේලයෙන් ඔතා
සඳ ඔරුවේ නිදි කරවා
තරු කැට කැට එකතු කරන් සීන ගොතන්නයි
තෙරුවන් සරණින් සීනය සැබෑ කෙරෙන්නයි
සිනා අරන් සඳක් මගේ උකුලෙ නිදන්නයි
සුදු නෙළුමක් සොඩින් දරන්
සමන් කුලින් බිමට බසින
ඇත් රජෙකුට මගේ කුසේ යහන් බඳින්නයි
පත්තින් ගම්බාර දෙවිඳු බැල්ම හෙලන්නයි
සිනා අරන් සඳක් මගේ උකුලෙ නිදන්නයි
පින්න සීත කටු උසුලා
හිරුට හොරෙන් නෙළු මහනෙල්
කඳුළු දියෙන් දොවා පුදා පින් රැක ගන්නයි
මතු සක්විති රජෙක් මගේ කුසට වඩින්නයි
සිනා අරන් සඳක් මගේ උකුලෙ නිදන්නයි
ඒක නම් මල් හතයි!!!!
ReplyDeleteපට්ට!!!
ස්තූතියි මල්ලී
ReplyDeleteඅපූරුයි කවිය
ReplyDeleteහිතට දැනුන අපූරුවටම
ලස්සනයි ජයෙන් ජයම වේවා
ස්තූතියි මහේෂ්
Deleteප්‍රාර්ථනාව එලෙසින්ම ඉෂ්ඨ වේවා.. මෙච්චර ලස්සනට ප්‍රර්ථනා කරලත් ඉෂ්ඨ නොවුනොත් තමයි පුදුමේ. ජය!
ReplyDeleteහායි මිත්තරේ තැන්කුයි වේවා!
Deleteලස්සන අදහස ,
ReplyDeleteවර්ඩ් වල ලියලා බ්ලොග් එකකට කොපි පේස්ට් කරන්නේ නැතුව . වර්ඩ් වල ලියපු එක නෝට්පෑඩ් එකට පේස්ට් කරලා ආපහු එතනින් කොපි කරලා බ්ලොගර් එකේ පේස්ට් කරන්න. එතකොට පය අකුරු වටේට සුදුපාට වෙන එක නැතිවෙනවා
තැන්කුයි ඉවාන් උපදේසෙට.ඔය සුදු පාට අයින්කරන්න ෆුල් ට්‍රයියක් දාලා වැඩේ අතඇරලා තමයි ඔහොම දැම්මේ
Delete@ඉවාන්
Deleteමොකක් හරි දාහන්කො බ්ලොගේ. කමෙන්ට් දදා යනවා රෙද්ද.
නිර්මාණය ලස්සනයි. යහපත් ප්‍රාර්ථනාවක්.
ReplyDeleteජය වේවා!!!
තෑන්කුයි මනා
Delete