Sunday, August 9, 2015

නොපිපි සිහිනය

ජීවිතේ සිහින පොදි
නේක අරුතින් ගේන
දඟකාර නෙත් කැකුළු
මදෙස ඉඟි බිඟි පාන
පැකිලෙමින් වදන් වැල්
සොයා අතපත ගාන
සදා වාසනා මට
කිරිසිනා නුඹ ගේන.........


සිතේ පැටලී තිබේ
නුඹෙ නෙතු හඳපාන
කඳුළු මැද සිනා පොද
නුඹයි සදහට නේන
ඔය සිනා මුදු වදන් මට
පෙනෙන තෙක් මාන
නුඹ ගෙනෙයි මගෙ ලොවට
තවම නොපිපුන සීන…………………


10 comments:

  1. ගෙදර යන්න නිවාඩු ඕනෙද?

    ReplyDelete
    Replies
    1. දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලෙ

      Delete
  2. ඉක්මනට ඒ හීනේ පෙනේවා!

    ReplyDelete
  3. සිහින සැබෑ වීමට සිහින දැකිය යුතුය. ඔය හීනේ හැමදාම ජීවත් වෙන්න. එතකොට ඉක්මනින්ම ඔය හීනේ හැබෑ වේවි...

    ReplyDelete
    Replies
    1. ඕ යේස් ලොකු පුතා...ඉස්කෝකුයි

      Delete
  4. මුකුත් කියන්න බැහැ................... ටිකක් සීරියස් වුණා.... සීරියස් වුණා ම මං අවුල් වෙනවා.... ඒ නිසා මුකුත් කියන්නෑ........ උඹේ සිහින සැබෑ වේවා කියලා කියන්නම්... ඉතුරු ටික හිරකරගන්නම්.... ඒකකොට හොදයි

    ReplyDelete