පොලෝසිය
සහ මැණිකෙගේ බාල විය
මැණිකේ
හීන් එකී සන්දියේ මැණිකෙගේ සීයා ඉහ නිකට පැහිලා තුං කුදු ගැහිලා හැරමිටි වාරුවෙන්
ඇවිදගෙන යන මාල්ලෙක් විතරයි
ඒත්
පැඟිරි වියේ කරපු කොළු කම් මැණිකෙගෙ අම්ම මැණිකෙට කියලා දීල තියනවා..මේ ඉන් එක
කතාවක්..ඒ කාලේ
ජුන්ඩා ආතා වගේම ඒ පලලේ අනිත් උදවියත් දඩයොම රා මැදීම වගේම රා බීමත් යහමින් කොරාපු
උදවිය.
වත්තෙ තිබුනු කිතුල් ගස් විස්සේ තිහේ පිපිලා රෑන් ඇදිලා යන මල් ටික ගැන දුකේ
බැරුවයි ජුන්ඩා ඒව තලල බේත් තියලා බැන්දේ..ඉතින් විය යුතුම පරිද්දෙන් නිසි වයසේදී
ඒවයින් පැණි උනන්න වුනා...
ඒ පැණි කාසි කොර ගත්තොත් පුංචි උන්ට කන්ඩ හාල් තුනපහ ටික
ගෙනත් දාන්ඩ පුළුවන් ජුන්ඩ හිතුවා.කිතුල් පැණි වගේම හකුරු හදන එකත් කරදරයි..කාලය
යනවා..මහන්සි වෙන්නත් වෙනවා.කරගහගෙන රුවන්වැල්ලටම ගෙනිච්චත් කාසි කොර ගන්න එක සැක
සහිතයි.ඒත් පැණි ගහෙන් බා ගත්ත ගමන් විකුණනවනං ඉල්ලුම් කාරයො ඕසෙට ඉන්නව.කිතුල
යටදිම ගනුදෙනු හමාර කරන්නත් පුළුවන්.අමතර මහංසියකුත් නෑ..එකම ආරෝව තමයි පොලෝසියෙන්
කඩා පනින එක.ඒත් ඉතින් බැදි මූකලන් යහමින් තියන දන්නොරුව ගමේ කිතුල් මුට්ටියක් වහං
කොරන එක කජ්ජක්ද?ජුන්ඩ හිතුවේ එහෙම..
ඒත්
වැඩිකල් කරුමාන්තය යහතින් කොර ගන්න බැරි වෙච්චි.පොලෝසියෙන් කඩා පාත් වෙච්චි.
දන්න දහම්
ගැට සේරම ගැහුවත් පොලෝසියේ මහතැන් තම්බන්න ජුන්ඩට බැරි වෙච්චි.අත පය බැඳල කුදලගෙන යන ජුන්ඩා අන්තිමට දැක්කෙ දරු පැටවු ගෙයි අඹු
සිඟිත්තගෙයි කඳුළු තැවරුණු මූණු.
මුළු ගමම
බලා ඉන්නැද්දි පාර දිගේ දක්කං ගිය ජුන්ඩව බස් එකේ දාගෙන අවිස්සාවෙල්ලට ගෙනිහින්
එතනින් නැග්ගුවෙ කෝච්චියට...
ටකස් ටකස්
ටකස් ටකස් හූ ඌ ඌ
ඌ ඌ ඌ ඌ ඌ
තමන්
යන්නේ නොදන්න රටකට
ටකස් ටකස් ටකස් ටකස් හූ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ
තමන්ගෙ
අඹු දරුවෝ හවු හරනක් නැතුං තනි වෙච්චි.
ටකස් ටකස් ටකස් ටකස් හූ ඌ ඌ ඌ ඌ ඌ ඌ ඌ
ඔන්න තව දුර යනකොට එක පාරටම
කොච්චියේ සද්දෙ වෙනස් වෙනවා
මොයියට කොහොමද සීටට කොහොමද ලැයිසට කොහොමද රඟටට කොහොමද දුලියට කොහොමද ජූන්ඩෝඩෝඕඕඕඕඕ
දුලිය යනු මැණිකෙගෙ අම්මා
වන අතර මොයිය යනු මැණිකෙගේ කිරි අම්මාය.
පොලෝසිය සහ සමීප අත්දැකීම් රැසක් උරුම මැණිකෙගෙ පවුලේ කුළුදුලේම
හම්බෙච්ච අත් දැකීම ඕං ඕක වෙච්චි…
මැණිකෙගෙ අප්පොච්ච ගැන
මැණිකෙට විතරක් නෙමෙයි පවුලේ කිසි එකෙකුට යහපත් හැඟිමක් තිබුනේ නෑ.තමන්ගෙ දරුවන්ට වඩා
කළු බල්ලෙකුට ආදරේ කරපු අප්පුච්චයි දරු අට දෙනෙක්ගෙ බඩවල් එක්ක ඔට්ටු උන වීර අම්ම කෙනෙක්ගෙයි
හැල හැප්පිලි මැද ගෙවපු බාල වියක් තමයි මැණිකෙට උරුම වෙලා තිබුනේ.
දවල් වරුව කුලියක් මලියක්
කරල එකතු කර ගත්ත පනං හතර හවසට හොර කසිප්පු තිප්පොලට පූජ කරල ඇවිත් අහල පහල සේරම මිනිස්සුන්ට
අම්ම මෝ නැතිව බැන අඩලන අප්පව බූරු ඇදේ ගැට ගහල කටට පාංකඩ ඔබන්න ලොකු කොල්ලන්ට සිද්ද
වුනේ ලෝක ලැජ්ජාවෙන් ගැල වෙන්න නෙමෙයි. අහල පහල මිනිස්සු තරහ නොකර තියා ගන්ඩ ඕන හින්ද
ඒ කාලෙ සුඛෝපභෝගී දේවල්
වුන ටිං කිරි,උම්බලකඩ සැමන් ගෙනත් ලාච්චුවක දාල යතුරු දාල තියං ඉන්න අප්පා ඒව වෙලාවට
අරං බළු තඩියට ගිල්ලවන හැටි පවුලේ බාලයං වුන මැණිකෙයි මල්ලියි බලං ඉන්නේ කටට උනන කෙල
නිහඩවම ගිල දමමින්..ඒව ඇල්ලුවොත් ලමයින්ට හම්බුනේ කෝටු පාර..හැබැයි ලෝක අණ්ඩපාලයෙක්
වුන මල්ලි නං හොරා කෑ බව මැණිකෙට යාංතමින් මතකයි.හොරා අල්ලගන්ඩ අප්පට බැරි වුනා.
ඕක ගැන ඔත්තුවකට දවසක්
පොලෝසියෙන් පැන්න.ගේ උඩු යටිකුරු කරල හෙවුවත් තුවක්කුවක හෙවනැල්ලක්වත් නෑ.එක මහතැන්
කෙනෙක් දුමට බඩ ගාලා දුක් මූනෙන් බහිද්දි දැලි නෑවුන මූන දැකල මැණිකෙට හිනත් ගියා
අම්මත් අප්පත් ලොකු උනුත්
තුවක්කුවක් නැති බව හත් අතේ දිවුරද්දී පොලෝසියේ මහත්තැන් ගෙදරම පුංචි එකා වෙච්ච මැණිකෙගෙ
මලය දිහාවට හැරුණා
“පුතේ තාත්ත තුවක්කුව හැංගුවේ
කොයිබද?“
“හා හා මාමේ ඒක නං අල්ලන්ඩ එපා ..ඔයාට තාත්තගෙන් කෝටු
පාර හම්බෙයි“
“මං පුතාව බේර ගන්නං කියන්ඩකෝ
ඒක කොහෙද කියලා“
පොඩි එකා බැළුවෙ අම්ම දිහා.“එපා“
අම්ම ඔළුවෙන් කිව්වා..දැන් නං ඉතින් රහස හංගන්න ඕන කියල පුංචි එකා දන්නව
“කොහෙද පුතා හොඳ පුතා වගේ කියන්නකෝ“
“බෑ“
“හොඳ පුතානෙ“ මාම කොල්ලට වදකලා
“බෑ“
“අනේ පුතේ කියන්නකෝ..ගේ ඇතුලෙද කැලේද?“
“හා මාමල ඕන දිහාක තුවක්කුව හොයංඩ..ඒ වුනාට ඒක පොල්
කරබඩේ නං නෑ“මාමගෙ කරදරෙන් බේරෙන්නම බැරි තැන කොල්ලා ජයග්‍රාහී ලීලාවෙන් කිව්ව
වෙලාවට මැණිකෙලෑ අහ තිබුනේ පොල් ගස් දහයක් පාලොවක් විතරයි..ජීවිතේට
ගස් නොනැග්ග මහතැන් සපත්තුත් දාගෙන ගස් බඩගාන්න තතනන දිහා ලොකු කොල්ලො බලා උන්නෙ
කට කොනක හීන් හිනාවකුත් එක්ක.
අප්ප ඊයෙ ඒක වල් ඌරු දඩයමේ යන්ඩ සේදර මාමට දුන් බව ලොකු කොල්ලො දැනගෙන උන්න
ඇඟ පත සූරාගෙන දණීස් පොල් කටු වෙවුල වෙවුල ගස් වලින් බහින
තමන්ගෙ උන් දිහා ලොකු මහතැන් බලා උන්නෙ තරහෙන්.
කොළුවගෙ ඔළුවට තට්ටු දාපු ආදරණීය මාමණ්ඩියා තවදුරටත්
එතැන උන්නෙ නෑ...
-------------------------------
ඒ වෙනකොට යන්තම් වයස දොලහක් දහතුනක් වුනත් භීෂණ කාලෙ
මැණීකෙට හොඳටම මතක තමංගෙ සහෝදරයන් ගැන පපු කැනැත්තෙ ඇවිළුනු ගින්දර හොඳිංම මතක
හින්දයි...
විස්ස විජ්ජාලෙ ගිය කොල්ලො දෙන්නෙකුත් ඇතුළුව උගත් හිරිමල් වයසෙ ඉන්න උගත් කොල්ලො හය දෙනෙක්ම උන් මැණිකෙගෙ පවුලෙ
හැමෝටම ඒක දුක් බර කටුක කාලයක් වුනා.
ඒ කාලෙ ගෝනි බිල්ලො විතරයි බයක් හැකක් නැතිව ගමේ හක්කලං
කොලේ.උගත්කම විස්ස විජ්ජාල සිසුවෙක් වීම ඒ කාලෙ මරණ වරෙන්තුවක් වුනා.
දේශපාලන එදිරිවාදිකම් විතරක් නෙමෙයි පවුල් එදිරිවාදිකම්
පුද්ගලික තරහ මරහ හා කාගෙ හරි දේපල කඩා වඩා ගන්න ඕන නං හොඳම ක්‍රමය වුනේ ගෝනි
බිල්ලෙක් වෙලා පොලෝසියට ඔත්තුවක් දෙන එක විතරයි.ගොනි බිල්ලා කිවුවෙ තුවක්කු ගත්තු යුක්තියේ නියෝජිතයො අපරාධ කාරයො
හොයං යන ගමනේ උන්ට ඔත්තු පෙන්නන්ඩ ඔළුව ගෝනියක ඔබාගෙන තමංගෙ අනන්‍යතාවය හංගං එන
කේලං කාරයංට.උන් තමන්ගෙම ගමේ උන් කියලා හැමෝම දන්නව.
තුවක්කු කටවල් ටයර් සෑයවල් ධර්මය අධර්මය සාධාරණත්වය දැනං
නොහිටි බව දන්න හංදම මැණිකෙගෙ අම්ම තමංගෙ කොල්ලංව පණපිටිං තියා ගන්න ලොකු හටනක්
කලා..
ඒත් ලොකු සමාජ ආශ්‍රයක් තිබ්බ කොල්ලො එකෙක්වත් තමංගෙ
ඔක්කෙ හංගල තියාගන්න අම්මට බැරිවුනා.උන් දේශපාලනය කලා තමයි.ඒත් තුවක්කු කබලං උස්සං
කාටවත් ගිණි බිඳින්න උන් එකෙක්වත් ගියේ නෑ.පස්සෙ කාලෙදි ඒවා කලේ මේ කාලෙ වෙනකොට
කිරි සප්පයෙක් වෙලා උන්න මැණිකෙගෙ මලණ්ඩි විතරමයි.
අප්ප ඉස්කෝලෙ යන්ඩ වියදම් නොදෙන කොට ඒක කලේ අහල පහල උන්න
මැණිකෙගෙ නෑදෑයො...ඒ උදවිය ඇරුණහම ටිකෙන් ටික ඔළුව උස්සන මේ පවුලට උන්න
ඉරිසියාකාරයො එමටයි..ඒ ඉරිසියාව හින්දම බොරු ඔත්තු දුන්න උදවියත් එමටයි.
ඒ හින්දම ඉඳලා හිටල නෙමෙයි නිතරම පොලෝසියෙන් ගෙදරට කඩා
පනින එක කොල්ලො කුදලගෙන යන එක ගෙට වෙඩි තියන එක කොහෙත්ම අරුමයක් වුනේ නෑ..එක පාරක්
මුළු ගේම පෙරලලා මස්කිමී ගෝර්කිගේ අම්මා පොත අත් අඩංගුවට ගත්ත හැටිත් මැණිකෙට අමතක
නෑ.
ඒත් මැණිකෙගෙ අයියලාගෙ යාළුවෝ සමාජයේ ඉහල ස්ථර වල ඉඳල
පහලටම උන්න හින්දා මොන දහං ගැටයක් හරි ගහලා කොල්ලන්ව බේර ගන්න පුළුවන් උනා.
“විමලෙ හැංගෙන්න..අනිත් අය ඉන්න“එයා හති දම දමා කියන්නේ
එහෙම කියල මැණිකෙට තාමත් මතකයි.
විමලෙ කියන්නෙ මැණිකෙගෙ දෙවෙනි අයිය.තැන නොතැන නොබලා
සාධාරණය ඉල්ලල කෑ ගහන විමලය එක්කං ගියොත් කොල්ලො හය දෙනාම නවතින්නෙ ටයර් සෑයක කියල
පොලෝසියේ යාළුව දන්නව.
අනිත් උන් කුදලගෙන ගිහින් දවසක් කූඩුවේ ඔබල තියල පහුවදා
උදේට පරිස්සමට ගෙදරටම වාහනේක අරලින්න පොලෝසියේ උන්න යාළුවො හැමදාම සමත් වුනා..
ඒත් එක දවසක් තත්වය හුඟක් බැරෑරුම් උන බව මැණිකෙට
මතකයි.එදා යුක්තිය පසිලිඳින්න ආවේ පොලෝසියේ ලොක්කෙක්.යාළුවනුත් කර තියා ගන්න දෙයක්
නැතුව අසරණ වුනා.ඒත් ගමේ එකෙක් අතේ තත්තෙ බැරෑරුම් බව දන්නලා එවන්න යන්තං පුළුවං
වුනා.කොල්ලො හය දෙනාම පණ රැක ගන්න කැලේ වහං වුනා.
ගෙදර ඉතිරි වුනේ අම්මයි අප්පයි මැණිකෙයි කිරි සප්පයයි
විතරයි.
පොලෝසියෙන් ආපු උන්ට හිස් අතින් යන්ඩ බැරි කමට
තුවක්කුවක් උස්ස ගන්න තියා කෙලින් ඉන්ඩ බැරි තරං බීමත්ව උන්න අප්පව කුදලගෙන බිම
දිගේ ඇදගෙන අරං ගියාළු.
උන් හිතුව වගේම අප්පගෙ නමට වැඩි තෙතමනක් පපුවෙ නොතිබ්බට
එක ලේ කකියෑව හින්ද කොල්ලො හැදුවෙ හැංගුණ තැනිං එලියට එන්ඩ.අනිත් එක අප්පව අරං
ගිහින් තිබුනෙ අත්දෙක කඹේකින් ගැට ගහල කඹේ අනිත් කොන වාහනේක ගැට ගහගෙන.වාහනේ
වේගෙන් යන වෙලාවට බිම ඉන්දවිලා ඇදීගෙන ගිහින් තට්ටම් ලෙලි ගැහිල ගිහින්..කාට උනත්
මෙව්ව ඉවසන්න පුළුවන්ද?
ඒත් මැණිකෙගෙ අම්ම ඊට ඉස්සර වුනා..කොල්ලො ඒ කාලෙ උදවු
කලේ ඇන් ඇම් පෙරේරා මහත්තයට.ඒ සම්බන්ධයෙන් සමිති සමාගම් වලට අදාල පොත් පත්
සේරම පං මල්ලකට දාගත්ත.රබර් මුදවන්න ගෙනත්
තිබුන ඇසිඩ් බෝතලයක් තවත් මල්ලකට ඔබා ගත්ත.පුංචි කොල්ලව ලඟ ගෙදරක
නැවැත්තුව.මැණිකෙව අතිං අල්ල ගත්ත.පයිංම රුවන්නැල්ල පොලෝසියට ගියා.
ඒ වෙනකොට කොල්ලො හැංගිල උන් තැනින් එලියට අරන් ඇන් ඇම්
පෙරේරා මහත්තය හරහා පොලෝසියට බාර දෙන්න යාළුවො කටයුතු කරමිං උන්නෙ.එතුමා එකල
පාර්ලිමේන්තුවෙ ප්‍රබල ඇමතිවරයෙක්.
“රාලහාමි අපේ කොල්ලො දේසපාලනේ කලා නං කලේ ඇන් ඇම් මහත්තයල
එක්ක.මේ ඒ පොත්...එතුම වැරදි කලා නං අපේ ලමයි වැරදි කරල ඇති....
ගෝර්කිගෙ අම්ම පොත කියවල නැති වුනත් ඒ වගෙම අම්ම කෙනෙක්
වුන ඇය පොත් සේරම මූනට දමා ගසන්නා සේ ලොක්කගෙ මේසෙ උඩට අත අරිමිං කිවුව.
ඇන් ඇම් පුද්ගලිකවම පොලෝසියට ආව.අන්තිමට කොල්ලො බේරුනා.
මහතුව ඇර අනිත් වුන් ටික ඇන් ඇම් එක්ක යන්ඩ පිටත්
වුනා.හදිසි වැඩක් හින්ද මහතුව එයාලත් එක්ක නොගිහින් ගෙදර යන්ඩයි ආවේ.
එතකොටම කඩු කිනිසි ගත්ත උන් ටිකක් මහතුවා පස්සෙන්
පන්නනවා දැක්ක.අරියාදුව මොකක්ද කියල මැණිකෙට මතක නැතත් (ඒ කාලෙ මහතුවා වැඩ කරපු
වත්තේ වංචාවක් අල්ලල දුන්න ඒකට වෙන්ඩෑ)අර ඔත්තුව දීල තියෙන්නෙත් මහතුවත් එක්ක තියන
අරියාදුවට කියල පස්සෙ මැණිකෙලා දැනගෙන.ඒත් ඉතින් ඔත්තුවෙන් වැඩක් නොවුන තැනයි
අරුන් ආයුධ අරං ඇවිත් තියෙන්නෙ.
එයා දුවල ගිහින් ලඟ තිබුන කඩ පේලියකට රිංගගෙන
තිබුනා.අඳුරන තම්බි මුදලාලි කෙනෙක් ගබඩා කාමරේට දාගෙන මහතුව වහං කරගෙනත් තිබුන.ඒ
කාලෙ ජීවිතේ හරි ලාභ හින්දා මිනි මැරුවට කමක් නෑ කියලා උන්ට හිතෙන්ඩ ඇති.
පන් මල්ලත් කිහිලි ගහ ගත්තු අම්ම උන් ඉස්සරහට ගියේ මල්ලෙ
දමාගත් ඇසිඩ් බෝතලෙන් හා කිරිපිහියෙන් සන්නද්ධවය(මා බාල කාලයේ කිරි පිහිය මට තහනම්
භාණ්ඩයක් විය.ඉන් කැපුන හොත් එහි හැඩය නිසා මැහුම් දැමීමට නොහැකි බව වැඩිහිටියෝ මට
පැවසූ බැවින් මා අදටත් සිතන්නේ කිරි පිහිය භයංකාර ආයුධයක් බවය)
කිසිදා මැණිකේ අසා නැති වචන හුවමාරුවකින් පසු එකෙක්
කිනිස්සක් රැගෙන අම්මා ඉදිරියට පනිද්දිම ඇසිඩ් බෝතලය ගත් අම්මා තම දරුවන්ගේ
ආරක්ෂාව සලකා උගේ මූණටම ඇසිඩ් පාර එල්ල කලාළු.වේදනාව දරා ගත නොහැකිව ඌ එතැනම තිබූ
ගුරුගොඩ ඔයට පනිද්දී අනිත් උන් පලා ගියාළු..
ඇසිඩ් ප්‍රහාර එල්ල කරද්දී අම්මා ඇද සිටි බටර් නයිලෝන්
සාරියට ඇසිඩ් හැලී උණුවී රූරා වැටුන හැටි මැණිකේට මතකය.අරූගේ මුහුනේ වැදී ආපහු
විසිවී ආ ඇසිඩ් බිඳකින් අම්මාගේ අතද පිලිස්සී තිබුනෙන් ඇසිඩ් ගැහුවේ ඒ පසින් බවත් වැරදී
උන්ගෙම එකෙක්ට වැදුන බවත් කිරිපිහිය ගෙනාවේ පණපොවා ගැනීමට බවත් නඩුවේදී ඔප්පු
වුනාළු.
අන්තිමට මේ දිරිය අම්මා තම දරුවන්ගෙන් එකෙක්වත් භීෂණයට
බිලි නොදී රැක ගන්නට සමත් වීම ඒ කාලයේ හැටියට විශ්මජනකය.
විවාහ වී පිටිසර බද වාසයට ගියත් 88/89 භීෂන සමය මැණිකේගේ
ගෙදර දොරට තට්ටු නොකලේ නැත.ඊට ප්‍රධානම හේතුව වූයේ අක්කර 10 ඉඩමේ කෙලවරක වන්නට
තිබුන ගල් ගුහාවයි.චේ ගුවාර කොළුවෝ එහි නැවතී හුන්හ.
පසු කාලයේ මැණීකේත් සැමියාත් වත්තේ කිරි කපන අතර තුරේදී
මැණිකෙගෙ ලොකු දුව ඇගේ බල්ලා ටෝනිගේ අර පරිස්සම යටතේ මේ ගල් ගුහාවේ තබා ගිය බවත්
දිනක් කිරි කපා නිමවී එන විට වැලි බත් උයා ඒවා කෝටුවකින් ගසමින් අසරණ බල්ලාට කන්නට
බලකරමින් හුන් බවත් බල්ලා මැණිකේ දැක හෙලූ සැනසිලි බැල්මත් මැණිකේට අමතක නැත.
.උන් අතර මැණිකේගෙම මල්ලී උන්නෙන් උන් පන්නා හැරීමට
මැණීකේට හිත දුන්නෙ නැත.මේ ගැන ඔත්තුවෙන් වන ජල හා කූඩළු දුර්ග තරණය කරමින් වරක්
දෙවරක් භට කණ්ඩායම් ගෙදරට කඩා වැදිනි.
වරක් ඔත්තුව නිවැරදිවම ලැබී තිබුනෙන් එගොඩ පේමරත්න හා
මැණිකෙගෙ පවුල සමීපව ඇසුරු කරන බව පවා උන් දැන ගෙන තිබිණි.
එම නිසා පේමරත්න ගොයියාවත් කුදලගෙන පැමිණි උන් දොරට
තට්ටු කර කතා කරන ලෙස ඔහුට අණකලේළු.
“ගාමිණී දොර අරින්ඩ මං පේම රත්න“හඩක් නැගිනි.ගේ වටා බර
අඩි සද්ද වලින් දැනටමත් ඇහැරී හිටි යුවල මෙය අසා ඇඳෙන් බිමට විසි වුනාළු.
වෙනදා වගේ “මල්ලියේ දොර අරින්ඩ මං ලොක්කයියා “ නොකීවේ
මන්දැයි විමසිලිමත්ව දොර ඇරි මැණිකෙගෙ සැමියා තුවක්කු බට හතරක් දොරෙන් එබෙද්දී කෑ
ගසා පස්සට විසි වුනාළු.
“අර වැලිගොඩේ ආයුධ ඇතැයි එක ලොක්කෙකුට සැක හිතුනෙන් එය
බැලීමටද ඇරියේ පේමරත්නවළු.
කිනිස්සක් හා කෙටේරියක්
අතගෑවුනත් ඒව තව ඇතුලට ගසා “රාලහාමි බලල් බෙටිනං තියනවා “කියා කීවේ සැබෑ
මිතුරු කම වෙනුවෙන් ජීවිත අවධානමක් දරමින්ය.මේ දෙක මලකඩ කා මලමිනියක නහය කැපීමට
නොහැකි තත්වයක තිබුනත් තවමත් මතක වස්තුවක් ලෙස මැණිකෙගෙ ගෙදර ඇත.
එවිටම දැක ඇත්තේ කුඩා දැරියක් ඇඳ මත සැපට නිදං ඉන්න
ආකාරයයි(හිලාකත අනුමාන වශයෙන් දැනටමත් හෙලි දරවු කර ඇති බැවින් ඒ දැරිය මම බව මෙසේ
කියමි.අසරණ බල්ලාට වැලි කැවූ ලොකු දුවත් මමය)
එවිටම තමා මනුස්සෙක් බව ඔප්පු කරමින් තමාගේ යටතේ සිටි
අයට ඔහු මෙසේ අණ කලාළු
“ශබ්ධ කරන්නැතුව සර්ච් කරන්න..දරුවව ඇහැරවන්න එපා..බය
වෙයි“
ඔහු කවුරු වුනත් නිළ ඇඳුමට යටින්
තිරිසන් ආත්ම ඇතැයි හැමෝම සැක කල අවධියක මනුස්සකමේ මාත්‍රයක් පෙන්වූ ඔහුට මං අදත්
ගරු කරමි.
ඔවුන් ආවා වගේම කිසි කතාවක් නැතිව කිසිවෙකුටත් හානියක්
නොකර නිශ්ශබ්ධව නික්ම ගියාළු....නමුත් වැලි ගොඩ පරීක්ෂා කලේ ඔවුන්ගේ භටයෙක්ම නං...මා
නොනිදා ඇහැරී හිටියා නං.... ????
දරුවා නිදන් උන්න ඇඳ
මෙට්ටය යට තමන්ගේ මලයා චේ ගුවේරා පත්‍රිකා සඟවා තබා උන් බව මැණිකෙ දැන
ගත්තේ ඉන් මාසෙකට හමාරකට පසු ඔහු ඒවා ගෙන යාමට පැමිණි විටළු.
අවසන් වරට මැණිකෙගෙ පවුලත් පොලීසියත් අතර සිදුවීමක් වූයේ
මීට වසර පහලොවකට පමණ පෙරය.
මැණිකෙලා මහ ගෙදර ගොස් යලි ගෙදර බලා එමින් සිටියේ ඔවුන්ට
අයත්ව තිබූ තැපැල් නයින්ටියෙයි.හොඳටම වැසි දිනයක් වූ එදා බයිසිකලේ උන්නේ මැණිකේත්
සැමියාත් ඔවුන්ගේ දෙවන දරුවා වූ පුතාත් පමණි.වට පිටාවේ එකඳු වාහනයක් වත් නැති
බැවින් ඇගේ සැමියා කරවනැල්ලෙදී වට රවුම මග හැර වීරයා සේ වැරදි ආකාරයට අවිස්සාවෙල්ල පැත්තට බයිසිකලය
හැරෙවුවාළු.
එවිටම විසිල් හඩක් නැගුනාළු.වැඩේ වැරදුන බව කටිටිය
තේරුම් ගත්තේ එකකොටයි.බයිසිකලය නැවැත්තුවා නොව නිකංම නැවතුනාළු.
එවුන් අතර වූ දෙබස මෙසේවිය.
“තමුන් කරපු වැරද්ද මොකක්ද කියල දන්නවද?
“ඔවු රාලහාමි“
“දැන දැන වැරදි කලේ මොකද?“
ඔන්න එකකොටළු
මැණිකෙගෙ සැමියට ගණදෙවි නුවන පහල වුනේ
“රාලහාමි දරුවත් ඉන්නවනේ ..පාර ලෙස්සයි කියලා බය හිතුනා“
“ආ ...දරුව
වැටෙයි කියලා බයට“
“ඔවු රාලහාමි“හැකිතරම් යටහත් පහත්ව ඔහු කීවාළු
“එහෙනම් නොනයි දරුවයි බස්සලා තමුසෙ තනියෙන් වට රවුම ගහලා
එනවා“...
මොනව කරන්නද මැණිකෙ දරුවත් වඩාගෙන හෙල්මට්ටුවක ඔළුව
ඔබාගෙන පාර අයිනේ හිටගෙන හිඳිද්දී ඔහු තනියම ආපසු ගොස් නිවැරදි පාරෙන් පැමිණියාළු
“ආ එහෙනම් දරුවත් එක්ක පරිස්සමට යනවා“ රාලහාමි හිනාවකින්
ඔවුන්ට සමු දුන්නාළු
___________ මතු සම්බන්ධයි__________________
කියවගෙන යන්න ආස හිතුනා..අන්තිමට මනුස්සකමක් තිබුන ට්‍රැෆික් පොලිස් මාමියෙක් හම්බුනා එහෙනම්!
ReplyDeleteඒක තමා මලියෝ...එහෙම උන්දෙලත් ඉඳල තියනව ඒ කාලෙ...ආවට ස්තූතියි
ReplyDeleteඅද නම් දීල තියෙනවා රබටි හැලෙන්න පොල් වත්තකටම.. ලියනකොට කම්මැලි නැතුව ඔහොම ලියාන්කෝ එක දිගට කියවන්න..
ReplyDeleteඇයි මොකද අනුමාන.. ලෙසටම කියල තියෙන්නේ..
අර කෝච්චියේ හඬ වෙනස් වෙච්චි විදියනම් අපුරුයි.
උබට කියන්න ඉස්සර ඔය කිරිපිටි, බිස්කට්, පැරකුම් උකුකිරි එහෙම කොච්චර සුඛෝපභෝගී භාණ්ඩද කියනවනම් මාසෙටම එකපාරයි දකින්නෙත් පඩි දවසට.. හෙහ් හෙහ්.. වතාවක් අපේ ලොකු අයියයි දෙවෙනියි උකු කිරි ටින් එකක් අල්පෙනේත්තිකින් විදලා උරලා බිලා.. අම්ම බලනකොට ඇයි තියෙනවලු නිකන් අලියා ගිලපු දිවුල වගේ.. හොඳම සීන් එක කියන්නේ ඕක අහල මට මාර ආසාවක් තිබුන ඒ වගේ උකු කිරි බොන්න.. බොහොම මෑතක දවසක ඒ ආසාව ඉස්ට කර ගත්ත.. ඒක දැකල ගෙදර උන්ද කියපි.. "චී.. අප්පච්චි..ලජ්ජා නැද්ද?" කියල.. හිහ් හිහ්.. මං කතාව කියුවම තමයි ජාම බේරුවේ..
88-89 කාලේ ගැන මැණිකට 71 ගැන තියෙන සමාන මතකයක් මටත් තියෙන්නේ.. වයස් කාන්ඩෙත් ඒ කිට්ටුවමනේ.. ඒ ගැන වෙනම පොස්ට් එකක්වත් ලියන්න වෙනෝ..
මුලින්ම වවල තියන මුරුංගා වත්තට ඉස්කෝතුයි කියල ඉන්නම්කො...
ReplyDeleteඔයා කටුස්සා අටම් අයියල උදවු නොකලනං මං මේව නොලියන්ඩ ඉඩ තිබුන කියල මට අමතක නෑ
ඔවු ඔය කිරි ගැන නං අපේ අම්මත් කියල තියනව.එයා ඒ කාලෙ මොට්ටසෝරියක් කලා.කිරිපිටි ආධාරයක් දුන්නලු.ඒකෙන් හැඳි දෙකක් දාලා( වතුර හැලියකට) උනු කරල ගත්තම මාර සුවඳයි මාර රහයිළු.ඒක ළමයි 25ට විතර ඇතිළු.දැන්නං ඔවුව අපි සත පහකට ගනන් ගන්න කෑමද?දැන් දුවන්නේ පිට්සා වගේ දේවල් වලටනේ..
අයියල දෙන්නත් මලයට දෙවෙනි නෑ වගේ එහෙනං.මදැයි මෙච්චර කල් ගිහින් හරි උකු කිරි ටින් ආසාව ඉස්ට කොර ගත්තා...මිත්තරාවිට සම්මානයක් දෙන්න වටිනවා ඔය වගේ පිස්සු වැඩ හිනාවකින් ඉවසන එකටනං..
කම්මැලි නැතුව ඔයාගෙ අත්දැකීමුත් කියමු බලන්ඩ
අර සුඛෝපභෝගී භාණ්ඩ ඔක්කොම බල්ලට කන්න දුන්නද? මම එහෙමනම් බලලවත් එක්ක හොරෙන් කනවා
ReplyDeleteඑවුව ප්‍රාන ගාත අකුසල නොවැ ඉවානයෝ......මලයනං හොරා කෑවළු...බල්ල තමයි ගෙදර වැදගත්ම එකා වෙලා තියෙන්නෙ
ReplyDeleteපොඩි ඒකා තමා සුපර් බඩුව..
ReplyDeleteඅනිවා කුරුටු ..පොර අදටත් සුපර්බ්....ලෝක අංකූරා
Delete/ ඒ කාලෙ ගෝනි බිල්ලො විතරයි බයක් හැකක් නැතිව ගමේ හක්කලං කොලේ.උගත්කම විස්ස විජ්ජාල සිසුවෙක් වීම ඒ කාලෙ මරණ වරෙන්තුවක් වුනා. /
ReplyDeleteඈ බං?...71 කාලෙත් ඔය ගෝනි බිල්ලො හිටියද? අනික ඔය තරමට භීෂණය තිබ්බද? කේළං කියල තමන්ගෙ තරහ කාරයොන්ගෙන් පළිගැනිලි වගෙ එව්ව 88/89 කාලෙ නම් අනන්ත කෙරුනා. ඒත් 71 කාලෙත් එව්ව ඒ විදිහට උනා කියල මම අහල තිබ්බෙ නෑ. බොලාගෙ අම්මට භීෂණ දෙක පැටලිල එහෙම නෙවෙයි නේද?..:)
පලි - බලාගෙන යනකොට බොලාගෙ අම්මට මම බාල අවුරුදු හතරකිං විතර..හෙහ්,හෙහ්, උඹ මට මීට පස්සෙ නිසි ගහුරවේ දීල කතා කරහං තේරුණේ?? ඔය රවියෝ අනම් මනං නැතුව අමතාපං ගරුකටයුතු රවීතුමා කියල. ඒ වගේම මගෙ පෝස්ට් කියෝනකොට පුටුවෙන් නැඟිටපං..හරිද? ඒකට කියන්නෙ පූජාච පූජනීයානං කියල...:)
හපොයි ඔබ තුමා පට්ට නාකියි නොවැ.මං හිතුවේ තෙල් ඉහිරෙන වයසේ කොළුවෙක් කියලනොවැ.සමාව භාජනයකට දාන්ඩ උතුමාණනි.
Deleteඅනේ මන්ද පවුලෙ ඈයො සැරෙන් සැරේ කියන ඒව එකට ගැට ගහල ලිවුවේ.සිද්දි නං ඇත්ත ඒවලු.15 දෙනෙක් විතර එකම දේ එකම ආකාරයට කියනකොට එව්ව ඇත්ත කියල හිතුවා.
මං මේ ලැප උස්සං බුදු පාන තියන තැනිං තියලයි මේ කොමෙන්ටුව කොටන්නෙ
එහෙනං ඔන්න පූජාත පූජනීයං තං
තෙල් ඉහිරෙන වයසෙ තමයි බොල. ඔන්න මම කඩේට ගිහිල්ල පොල්තෙල් බාගයක් ගෙනාවයි කියහන්කො. ගෙදරට එනකොට තියෙන්නෙ පොල්තෙල් කාලයි. අතපය වලන්ගු නැතිහින්ද තෙල් කාලක් මඟදිම ඉහිරිලා.
Deleteඇතත්ටම ලස්සනයි. හීන් සිරුවේ සියලු දුක්, රසක් සේ එළියට ගෙන ඇත... අනිත් එකද කියවලාම යමි.. ජය...
ReplyDeleteස්තූති වේවා දේශකයාණනි.ඔයාලගෙ කොමෙන්ටු හැම වෙලාවෙම මට ශක්තියක්
Deleteඅපූරු ලියවිල්ලක්!
ReplyDeleteසාදරයෙන් පිලිගන්නව යාළුවා..ස්තූතියි
Deleteඅතීත මතකයන් අකුරු කරන ඒවා කියවන්න මම ආසයි.. හුඟක් ආසාවෙන් මේකත් කියෙවුවේ.. අනික්වත් ලියමුකෝ..
ReplyDelete