01 ලොක්කාගේ වික්‍රමය
සරම් හතක් මැද ඇති එකම කම්බායට පවුලේ
හැමෝගෙන්ම ලොකු වටිනාකමක් ලැබුනා...ඒ වටිනාකම හින්දම කුසුම්ට හැමෝම ආදරේට
කිවුවේ “මැණිකෙ“ කියලා...
කුසුම් කියන්නේ පුංචි ගෑණු ළමයෙක්...හැබැයි කුසුම් පුංචි ගෑණු ළමයෙක්
විදියට හිටියේ මීට දශක පහකට විතර කලින්.
කැකුළු ජීවිතේ ගැන කුසුම්ගේ මුල්ම මතකය
ටිකක් විතර කැත එකක්.දස දෙනෙකුට ගාල් වීමට මදි පුළුවන් තත්වයෙන් තිබූ කටුමැටි පොල්
අතු පැලේ නිදාගන්න තැනක් තෝරන්න හැමදාම ලොකු යුද්ධයක් තිබුනා...එදා කුසුම්ට හොඳටම
බඩේ රුදාව වැලදී තිබුනේ ගෙදර වැඩිහිටියන්ට හොරෙන් මල්ලිත් එක්ක දෙසා බෑව වැල
ගෙඩියකට පිංසිද්ධ වෙන්න...
බඩ අල්ලගෙන කෙඳිරි ගාන කුසුම්ව පරක් කරගන්න
කුසුම්ගේ අම්මා කලේ බූරු ඇඳ උඩ බුදියන් උන්න ලොකු එකාව චීත්තයක් එලලා බිමට දාලා
කුසුම්ව ඇඳෙන් තිබ්බ එක.ගෙදර ලොක්කා විදියට තමන්ට ලැබිය යුතු ඇඳ(ගෙදර තිබුන එකම
ඇඳ) නංගිට දීල ලොක්ක බිමට බැස්සෙ එකම නංගිට පපු කැනැත්තෙ තියන ආදරේ හින්දයි.බැරිවෙලාක්වත් අම්ම ඇඳ ඉල්ලුවේ මල්ලිලා
හයදෙනාගෙන් එකෙක් මරණාසන්න වෙලා ඌව සතපන්න නම් ලොක්කා අහල ගම් හතක් හෙල්ලන්න
බෙරිහන් දීලයි තමන් ගේ බලේ පෙන්නන්නේ.
පුංචි ගෙයි ඉඩ කඩ පිරිමහගන්න එකෙක් ඇඳ උඩ දපද්දී තව එකෙක් ඒ ඇඳ යට බුදියන එක සාමාන්‍ය
දෙයක්.එදා ඇඳ යට ඉඳලා තිබුනේ සුද්දා..
නංගී අමාරුවෙන් කෙඳිරි ගගා ඉන්න සද්දෙ හිතේ වීරියෙන් උහුලං හිටපු ලොක්ක එකපාරටම
හයියෙන් ඇහුන “බුර් ර්ර්ර්ර්රුස්“... සද්දයක් නිසා එකපාරටම දෙපයින් හිට්ටවුනා...ටිකවෙලාවකින්
සුද්දා ගඳ පෙරාගෙන ඔක්කාරෙ කරගෙන..දෙස් දොවොල් තිය තියා ඇඳ යටින් එළියට ඇවිත් ළිඳ
දිහාට දුවනවා...
අනේ කුසුම්ට ඇඳේම කක්කා වෙලා....අමාරුව වැඩි
කමට කෙඳිරි ගාන්නවත් පණක් නෑ..පොඩි උන් බය වෙලා..අම්මා තාම කෑමොර දෙන පුංචිම මල්ලි
එක්ක ඔට්ටු වෙනවා...අම්මට දෙපැත්තම බලන්න බෑ...ලොක්කො කෙල්ල ඉස්පිරිතාලෙ අරං
පලයං......මල්ලියට කිරිපොවන අතරෙන් නංගි දිහාට හැරිල තියන අම්මගෙ සාංකාකූල ඇස්
ලොක්කෙට කියනව...
ලොක්ක කෙල්ලව පිරිසිදු කරල කරට ගන්නවා.
කලාතුරකින් ගමනක් යද්දි යන්තමින් දැකපු කරවනැල්ල ඉස්පිරිතාලෙ තමයි ලඟම කියලා ලොක්ක
දන්නවා..මහ රෑ කරුවලේම සතා සරුපයා ඉන්න
කැලේ මැද්දෙන් ලොක්කෙ නංගිව බේර ගන්න දුවනව.හැතැම්ම ගානක් ගෙවාගෙන රුවන්වැල්ලට ආවම
එතනින් කරවනැල්ලට බස් තියන බව ලොක්කෙ දන්නව.
ලොක්කෙට හෙඳටම මහන්සියි...ඒත් තමුන්ගෙ එකම
නංගිගෙ ජීවිතේ තමංගෙ වේගය මත රඳා පවතින බව ලොක්කෙ දන්නව.එයාට හති අරින්න වෙලාවක්
නෑ..කවදාවත් තනියෙන් බස් එකක ගිහින් නැති
අසරණ කොළුවා කොන්දොස්තරට එයාව බස්සන්න
කියල කිව්වෙ වැඩි හොඳට..ඒත් අනුන්ගෙ සහෝදරියක්ගෙ ජීවිතේ ගැන වගකීමක් නැති ඒකට ඒ
සැනින් ඒ කතාව අමතක කලා....ඒත් මාගම්මන දිහාදි ලොක්කට තේරුණා කරවනැල්ල පහු වෙලා
කියල.එතනදිම බැහැපු ලොක්කා නංගිව කරගහගෙන පයින්ම
ආපහු දිවුවෙ එන වාහන වලට අත අල්ල අල්ල...
අන්තිමට පයිංම ඉස්පිරිතාලෙට එන කොට ලොක්ක
දාඩියෙන් නෑවිල....කෙල්ලගේ කක්කා පිට දිගේ වැක්කෙරෙනව.ඒත් එතන හිටපු ඉසිවරු නයිටිංගේල් වරියො උත්සහය
අත්ඇරියෙ නෑ..
අන්තිමට ලොක්ක කෙල්ලව බේර ගත්ත...
කෙල්ලට දැන් හොඳයි කියලා දොස්තරවරයා කියනකොට
හිතේ සැනසිල්ලට ලොක්ක ඉකි ගහ ගහ ඇහුවා...ඒ දැකපු සාත්තු සේවකයෙක් ඇහුවෙ “මේ ඔයාගෙ
දුවද?“ කියලා...
ඒ වෙලේ ලොක්ක
පොඩ්ඩක් හොල්මං උනාට තව දරුවො හත්දෙනෙක් අතර මැද්දෙ ඉන්න හින්දා සාත්තු සේවකයා
වයස් පරතරය ගැන ඇති කරගෙන තියෙන හැඟීම වැරදි නෑ කියල දසක පහකුත් පහු වුනාට පස්සෙ
ලොක්කෙට හිතෙනව.....
හයියූ කතාව ඉවර කරාද? ලොකු අයියගේ ආදරණිය නංගි ගේ දුව ලොකු මාමට මිට වැඩිය සලකන්න ඕනි මට හිතෙන්නේ..
ReplyDeleteහපෝපෝයි...ඒ සම්බන්ධෙ දැන ගන්න මුකුත් මං මේකෙ ලියලා තියනවද????
Deleteමාමණ්ඩිට සලකන්න ගස් ගල් වගේ ළමයි 3ක්ම ඉන්නවා...මං මොකටැයි වද වෙන්නේ
මොකෝ නැත්තෙ ඔය බළල මල්ලෙන් යස අගේට එළියට පැනල තියෙන්නෙ හිකිස්
Delete//තමුන්ගෙ එකම නංගිගෙ ජීවිතේ තමංගෙ වේගය මත රඳා පවතින බව ලොක්කෙ දන්නව.//
ReplyDeleteමට මුළු කතාවම මෙතන තියනවා..
මටත් ඒක දැනුනා මල්ලි......ස්තූතියි
Deleteඅංකල් .. අංකල්..
Deleteදැන් මේක ඉවරද ? අවසානයක් කියලා නොහිතෙන අවසානයක්
ReplyDeleteඔවු ඔවු මේ කෑල්ල ඉවරයි...ඒත් මැණිකෙගෙ වැඩ කිඩ මතු සම්බන්ධයි හොඳේ ඉවාන්
Deleteලස්සන කතාවක් ඒත් පොල්ලෙන් ගහන්නැහෙ ඉවර කරපු එක තමා අවුල මීට වඩා ලස්සනට කතාව ලියන්න තිබ්බ
ReplyDeleteහදිසිකාරයාට මාගේ දැඩි මෙව්ව එක
හයි හයියෝ සොලි හොඳේ...අනිත් කෑල්ල වඩාත් රසවත් කියලා හිතං ඉන්ඩෝ
Delete//ඒත් එතන හිටපු ඉසිවරු නයිටිංගේල් වරියො උත්සහය අත්ඇරියෙ නෑ..// මේ කතාවනම් අැත්ත.... මිනිස්සු මරං කන්න හදනු උන් අතර දැන් දැන් බොහොමයක් මේ විදිහ මිනිස්සු ඉන්නවා......
ReplyDeleteඅනිවා කුරුටු ...වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
Delete