ලොක්කයියා මගේ
ජීවිතේට ආවේ කවදාදැයි මට හරි මතකයක් නැත...ඔහු මගේ දුර ඥාති සොයුරෙකි.මගේ ජීවිතේ
එක්තරා යුගයකදී ඔහු මගේ ලෝකයේ ඉතා වැදගත් කොටසක් විය.
ඔහු සම්බන්ධ මගේ මුල්ම මතකය නම් මම කලක්
පාසල් යාම සඳහා නැවතී සිටි මගේ මාමාගේ ගෙදර ඔහු මුලින්ම දුටු දවසයි...ඇත්තෙන්ම ඔහු
ඒ පවුලේ ලොකු පුතා විය.ඔහු අපේ ලොක්කයියා වූයේ එබැවිනි.
එකල ඔහු කොට කලිසම් අඳින කුඩා කොළු පැංචෙක් විය.වයසක කිරිඅම්මලා සීයාලාගේ සමාගම හුරුව හිටි මං මේ අළුතින් කඩාපාත් වූ ලෝකය ගැන වූ කුහුලෙන් යුක්තව ලැජ්ජාවෙන් මට වඩා මාස කිහිපයක් වැඩිමහල් ඔහුගේ නැගණිය වෙත ඇලී සිටියේ ඇගේ කකුලේ එල්ලුනු කූඩැල්ලෙකු පරිද්දෙනි.
එකල ඔහු කොට කලිසම් අඳින කුඩා කොළු පැංචෙක් විය.වයසක කිරිඅම්මලා සීයාලාගේ සමාගම හුරුව හිටි මං මේ අළුතින් කඩාපාත් වූ ලෝකය ගැන වූ කුහුලෙන් යුක්තව ලැජ්ජාවෙන් මට වඩා මාස කිහිපයක් වැඩිමහල් ඔහුගේ නැගණිය වෙත ඇලී සිටියේ ඇගේ කකුලේ එල්ලුනු කූඩැල්ලෙකු පරිද්දෙනි.
මා නවතා අම්මාත් තාත්තාත් පිටත්ව ගිය පසු මා
මැද සාලයේ බිත්තියට හේත්තු වී බලා සිටියේ අසරනවය..මීට පෙර මේ ඥාතීන් සමග මගේ සමීප
සම්බන්ධතාවයක් නොතිබූ බැවින් මම බෙහෙවින් බියපත්ව සිටියෙමි. එකම පිළිසරණ වූයේ කිරි
අම්මාත් එහි සිටින බව දැන සිටීම පමණි.
එවිටය ඔහු මා දෙස බලා සුහදව සිනාසුනේ...ඉන්
පසු දශක දෙකකට වඩා කල් ගෙවී ගොස් ඇත.ඒත් මගුලකට මරණයකට රැස් වූ යම් නෑදෑ පිරිසක් මැද කිසිවෙකු ඔහු ගැන මතක් කල
බව සිතන්න.එවිට මට තාමත් මැවෙන්නේ කොට
කලිසමක් ඇඳ සිනාසුනු ඒ කොළු ගැටයාය
.ඒ හිනාව අපහසුතා දුරු කරවන්නක් විය.මට ඒ වහල යට
මුල් වතාවට සුවපහසු හැඟීමක් දැනවීමට ඒ
හිනාව සමත් විය.....
එතැන් පටන් වසර ගණනක් ගතවන තුරු ඔහු මගේ
අයියා විය......උපදේශකයාද විය.
මම වාසනාවට හෝ අවාසනාවට ඔහුගේ නංගීගේ පාසලේ
ඇගේම පන්තියට ඇතුලත් කරවනු ලැබීමි.තම නිවසට කඩා වැදී තම කාමරයටම රිංගා, තමන්ගේ
අධිකාරී බලයට අභියෝග කරමින් සම අයිතිවාසිකම් ඉල්ලන මා දෙස ඇය බැළුවේ ළමා
ඊර්ෂයාවකිනි.
එම නිසා ඇති වූ නිමක් නොවන රණ්ඩු සරුවල් වල
සමාදාන විනිසුරු පදවිය ඔහුට හිමිවූයේ නිරායාසයෙනි.නිතර රණ්ඩු කරන ,පසුව සාමයෙන් ජල්තර
වැඩ කරන අපි දෙන්නාම ඔහුට නොව මුළු පවුලටම
හිසරදයක් වන්නට ඇත.
අක්කාත් මාත් දෝර ගලන අනුකම්පාවෙන් හා ආදරයෙන් මහ පාරේ සිට ගෙදරට උස්සාගෙන එන කෝටු
කිතයි,හොරි වලින් මැක්කන්ගෙන් ,කිණිතුල්ලන්ගෙන් හැඩ වුන, ගඳ ගහන බළු පැටවු -පූස්
පැටවු අපි දෙදෙනා නින්දට ගිය පසු හොරෙන්ම
පාරටම ගෙනගොස් දැමීමටත්, පසුව උදේට උන්ගේ අම්මා ඇවිත් උන්ව ගෙන ගිය අයුරු පිළිබඳ
සවිස්තරාත්මක ගජබින්නාලංකාරයක් දෙසා බෑමටත් ඔහු සමත්ය.
මට වරක් කැල් එකකින් ඔහු කියා දුන් කතාව
තාමත් මතකය
ඔන්න ගෑනු ළමයි හතර දෙනයි පිරිමි ළමයි හතර
දෙනයි චිත්‍රපටියක් බලන්න සිනමා හලකට ගියා
එයාල වාඩි වුනේ මෙහෙමයි
( “11110000“)
ඔන්න එකපාරටම ලයිට් ගියා...
( “-“ )
ඉතින් ඒකෙ වැඩ කරන කට්ටිය වොල්ට් 100 ක
බැටරියක් ගෙනාවා
(“ 100“)
ඒත් නෑ..වොල්ට් 89ක බැටරියක් ගෙනාවා
(
“89“)
ඒත් නෑ...
අන්තිමට වොල්ට් 90ක බැටරියක් ගෙනාවා..
(“90“)
අන්තිමට ලයිට් ආවා ..එනකොට කට්ටිය හිටියෙ
මෙහෙමයි....
(“10101010“)
මේ කතාව නොදන්න උදවිය කැල් එකකින් මේ
ගැටළුව විසඳල
බලන්ඩෝ....................................
(11110000-1008990 = ____________)
මෙහි යටි අර්ථය පමණක් නොව වෝල්ට් යනු
කුමක්දැයි වටහා ගන්නා වයසක ඔහුත් අක්කාත් මමත් යන අපි තුන්දෙනාම නොසිටියෙමු.
ඔහු උගත් නගරාසන්න ජනප්‍රිය පාසලේ උන් වයසට වඩා පැහුණු ඇම්බැට්ටයෙක් ඒ කතාව ඔහුට
කියාදෙන්නට ඇත.
තවත් මතකයක් නම් ඔහු නේවාසිකාගාරයේ සිටිද්දී
නැන්දා අත මාත් අක්කාත් වෙනුවෙන් එවූ බඹර දෙකයි.
සෘජුකොණාස්රාකාර කොටසක මුදුනේ ප්ලාස්ටික්
උලක් තිබිණි. එහි ඇදිමට ලණුවක්ද තිබිණි.කරත්ත රෝදයක හැඩ ගත් එක එක ප්‍රමාණයේ ප්ලාස්ටික්
රෝද තුනක් විය.ඉන් එකක් අර උලෙහි අමුණා ලණුව ඇද්ද විට රෝදය උඩින්ම පාවි යන ඈතට යයි.ඉන් අපි විනෝද වූ තරම්.එය බොහෝ කාලයක් මම අර
පරිස්සමෙන් තබා ගතිමි.
කවදා කොතැනදී එය අහිමි වූයේදැයි මට මතකයක්
නැත.නවාතැන් මාරු කරමින් තැනින් තැනට ගිය අහිගුන්ටික ජීවිතේදී කොහේ හෝ මම එය දමා
එන්නට ඇත.නමුත් මට වටිනාම දෙය වූයේ ඔහුට මා මතක් වීමයි.ඔහුගේ නංගීට තෑග්ගක්
ගනිද්දී මා අමතක නොකිරීමයි.
ගෙට උඩහා ඕසෙට හැදුණු දං කැලයක් විය.අපි
කොළු කෙලි රංචුව නිවාඩු දවසට ඊට කඩා පනින්නේ ෂොපින් කවර සාක්කු වල පුරෝගෙනය...ඇති පදම් කා ලොකු ෂොපින්
කවර වලත් දං පුරෝගෙන බැරි බැරි ගාතේ ගෙදර උස්සන් යන දං වලින් වැඩි හරියක් කවර වල
කුණු වී යාම සාමාන්‍ය දෙයක් විය.වැඩිහිටියන් ඒවායේ රස නොබැළුඑවාම නොවේ.ඒත් සිරිතක්
ලෙස අප දං කැලයෙන් එළියට එන්නේ ආන්තික උපයෝගීතාවයට පත්වූ පසුව බැවින් තවත් දං කෑමට පිරියක්
අප තුල නොතිබීම එයට හේතු වන්නට ඇත.
ඔහු ක්රමාණුකූල පුද්ගලයෙක් වූ අතර එම රාමුව
තුලට අක්කාත් මාත් එබ්බවීමට නොනවතින අරගලයක යෙදිනි.බත් කා නිමවූ පසු අපි අතින්
බිමට හැලෙන සියළු බත් ඇට එකතු කර කුණු
කූඩයට දැමිය යුතු බව ඔහුගේ නියෝගය විය.දැන් විප්ලවකාරියක වුවත් එවකට ඉතා කීකරු,
ළකුණු දමාගන්නා ආකාරයේ සුචරිතවාදී ළමයෙකු වූ අක්කා එම අණ හිස නමා පිලිගෙන අප්‍රමාදීව
ක්රියාවේ යෙදවූවත් අද මෙන්ම එදත් සියළු නියෝග හා බල කිරීම් නුරුස්සන මා හැම විටම
බැළුවේ ඉන් ලිස්සා යාමටයි.එය මාට්ටු වී දිනක් මම ඔහුගෙන් ගුටි කෑවෙමි.
මම එම නිවසින් වෙනත් තැනකට මාරුවූ පසු අප
සම්බන්ධය අළුත් අවුරුදු දා හුවමාරු වන බුලත් අතකට සීමා විය.
නමුත් ඔවුන්ගේ උසස් පෙල විභාගය අවසානයේදී
වරක් තවත් අයියලා දෙදෙනෙක් සමඟ සතියක පමණ අප නිවසේ නැවතී සිටියේය.
මම ගණිතයට දුර්වල බව ක්ෂණිකව හඳුනා ගත් ඔහු
ඒ සතිය තුලදී මගේ ගණිත ගුරු පදවිය බාරගත් අතර ටොකු අනිමින් ගණන් කියාදුන් බවත්,
ඔහුගෙන් ටොකු කෑමට බියෙන් පාසලේ ගණිත ගුරුවරයාගෙන් පවා අහගෙන ඔහු දුන් ගණන් හැඳු
බව දැන් නම් මතක් වන විට පවා ලොල්
සහගතය.කෙසේ නමුත් ඉලක්කම් ඇලජික් මම දණ බඩ ගා,දත්මිටි කාගෙන ගණිතයට ලබා ගත් “සී“
එකට ඔහුගේද සුළු හෝ දායකත්වයක් ඇති බව මට අමතක කල නොහැක.

කාලය ගෙවී ගොස් ,කුඩා උන් වැඩි හිටියන්
වෙද්දී ,කාර්යය බහුල බවේ යදම් අප බැඳ දමද්දී, ඔහුගේ පවුල හා අප අතර යම් පමණක දුරස්
වීමක් ඇතිවිය.ඒ අතරේ අපේ ජීවිතයට වඩා වටිනා යම් යම් පුද්ගලයන් ඇතුළු විය.
ඒ
වටිනාකම් මැද බාල කල දුටු වටිනාකම් අදට වලංගු නොවන බව පසක් වූ අතර තව තවත් බන්ධන
මැද -ඉතා වටිනා සහ ඉතා වැදගත්- පරණ බන්ධන
අගය රහිත බව දැණිනි.කාලය හා අවකාශය එකල මගේ ජීවිතයේ වැදගත් කොටස් වූ බොහෝ දෙනෙකු
මගෙන් දුරස් කරනු ලැබීය.
මේ වන විට සැබවින්ම ඔවුන් උන්නද මලාදැයි මා නොදන්නා මුත්
වැඩිමහල් සොහොයුරකුගේ රැකවරණය මේ යැයි මට පසක්කල, කොටකලිසමක් ඇඳ එදා සිනාසුනු
පුංචි කොළුවා මගේ මතකයේ හැමදාම ජීවමානය.
දං නේහ් දං. හික්ස්. බොලාට කියන්ට වස්සලා අක්කේ දං ගැන කියල වැඩක් නෑ. ඉස්සිස්සෙල්ලාම දං කාල කට කලු වෙලා දං කෑව හින්ද කලු වෙනව කියල නොදැන ඇඟම කලු වෙයි කියල නටපු නෙයියාඩගම මට තාම මතකයි මචං. හෆොයි. එදා වෙච්ච දේ මතක් කොල්ලා තාමත් මගෙ කාඩ්ස් ටික කුඩු කොරන අය නං අනන්ත.
ReplyDeleteහිහික්.
අර වගෙ පොඩි කාලෙ එකට ඉඳල. කොටින්ම අපේ බොඩි පාට එකක් වෙන තරමට ෆිට් වෙලා හිටපු සමහර ඩෑල් වලට අපිව මතකවත් නෑ අපෙං කොයි තරං දුරද කියල හිතෙද්දි සිරාවටම පපුව හූරන්න වගේ බං.
අද වගෙජංගම කැමරා නැති කොටිංමරීල් එකක් දාගන්න කැමරාවක වුණත් අධි සුඛෝපභෝගී හීනයක් වුණ ඒ දවස් වල මතක මොකේක හරි හිර කරල තියාගන්න තිබ්බ නං කියල කොයි තරං හිතිල ඇද්දහෙැම දේම කාලෙත් එක්ක ෆේඩ් වෙලා ම ගිහින්
හපොයි මලේ....දං ඔයාට ඔච්චර විනැබ්බෑසයක් කලාද?ඔවු අනේ...ඒ කාලෙ ගොඩකි ලගින් උන්න හුඟ දෙනෙක් හුඟක්ම ඈත් වෙලා ගිහින්....ඒ ආදරණීය මතක රසවත් වගේම දුක් බරයි.....
Deleteඒක තමයි මලේ...මතකෙත් හුඟක් සම්බන්ධකම් එක්කම ෆේඩ් වෙලා
මේ මහේෂයෝ..මට වස්සලා කියන්න එපාය ..හරිය...වැරදිලා හරි “ලා“ හැළුනොත් මං නිකංම වස්සා වෙනවා
Deleteමගේ නම වත්සලා
වාත්සල්‍ය = දේශානුරාගය
පවුලේ වැඩිමලා වීම නිසා ඔය ජාතියේ මතක සටහන් වැඩියේ නැති වුනත් ල්මාකාලේ හරි අපූරු මතක සටහන් රාශියක් ම අපිටත් ඇත.
ReplyDeleteඑව්වා අස්සේ ආපහු පීනන්න මතක් වෙන විදියට ලියාපු මේ පොස්ට් එක බොහොම වටිනවා.
ඒ කාලේ මතක ලස්සනයි වගේම හුඟක් වටිනවා විභීෂණ..දැන් ජීවිතේ හරිම ඒකාකාරියිනේ
Delete.මාත් කුළුඳුලාම තමයි...
ස්තූතියි
හරිම සිත්ගන්නාසුළු සටහනක් . අද අපි කියල හිතාගෙන ඉන්න චරිත හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ පුංචි මතක හා සුවිශේෂ පුද්ගලයන් නිසා එකතු වෙච්ච දේවලින් නේද
ReplyDeleteඅනිවා තිලක සිත...ලොකූ වගේ අයමගේ ජීවිතේට නොදැන උනත් හුඟක් දේවල් එකතු කලා...වෙලාවකට මට හිතෙනවා අපේ චරිතය ගොඩනැගුනේ මේ වගේ අපිට සුවිශේෂ වුන චරිත රැසක් එකට කලවන් වෙලාද කියලා...මොකද අපි එයාලගෙ අගේ කරන ගති ගොඩක් අපිට ආදේශ කර ගන්න උත්සහා කරනවා
Deleteකැල් එකේ ඔය වැඩ කෑල්ල ට්‍රයි කරා මතකයි ඒ දවස් වල.. හැබැයි ඔය ව්දිහනම් නෙමෙයි.. දැන් නම් හරියටම මතකත් නෑ..
ReplyDeleteමටත් හරි මතකයක් තිබ්බේ නෑ ඉලක්කම් ටික දිනේෂ්.කැල් එකකින් ගහලා බැළුවා ලියන්න කලින් ඒ හන්දා
Delete/ ඒත් සිරිතක් ලෙස අප දං කැලයට එන්නේ ආන්තික උපයෝගීතාවයට පත්වූ පසුව බැවින් තවත් දං කෑමට පිරියක් අප තුල නොතිබීම එයට හේතු වන්නට ඇත. /
ReplyDeleteමෙතන කැළයට නෙවෙයි කැළයෙන් වෙන්න ඕන නැද්ද?
/ ඔහුගෙන් ටොකු කෑමට බියෙන් පාසලේ ගණිත ගුරුවරයාගෙන් පවා අහගෙන ඔහු දුන් ගණන් හැඳු බව දැන් නම් මතක් වන විට පවා ලොල් සහගතය. /
ලොල් සහගත?..හෙහ් ඒ යෙදුම නම් නියමයි!
හරිම අපූරුවට ලියල තියනව බොල…...අති විශිෂ්ඨයි!
තැන්තූ රවියෝ ...මේ වැරැද්ද හදන්ට යන ගමන්...
ReplyDeleteGrt nangi really interesting,,,,still I remember eth of our lives,,,,Anyway though wtevr hpns among us n child hood up and downs,,,,Im really proud to hv a sister lik you and only you I got,,:*
ReplyDeletethanx akko
Deleteආ.. මේ මං දාන්න කියන කෙනෙක් ගැන නේ කියන්නේ.. එතකොට දිල් කියන්නේ එයාගේ නංගි ද?
ReplyDeleteමොනවා උනත් ගණන් බැරුව ගුටි කාපු විදිය හා දං කාල කාල අර ආන්තික මොකක්ද එකට පැමිනිමනම් හරිම ලොල් සහගතයි තමයි.. හැක හැක හැක..
ඔබ නිවැරදියි මිත්තරේ.ඔයාගෙම ජුන්නෙක් ගැන තමයි කියන්නේ.දිල් කියන්නේ උන්දැගෙ නංගී තමයි...ඔය උඩින් ඇවිත් ගිහින් ඉන්නේ
ReplyDeleteඔය කැත හිනාව දාගන්නයි කිවුවේ සාක්කුවේ
සුපිරි ලිවිල්ල\
ReplyDeleteස්තූතියි
Deleteඅර ඉලක්කම් කතාව තාම මතකයි... පොඩි කාලේ කළා... ඒත් ඉලක්කම් ටික මතක නැතුව හිටියේ.... පට්ට අෑ...........
ReplyDeleteස්තූතියි කුරුටු...මටත් හරිම මතකයක් නෑ..කැල් එකක් අරගෙන ගහලා තමයි කන්ෆර්ම් කර ගත්තේ
ReplyDeletePunchi kâle matath mehema sahodarayek unnâ...
ReplyDeleteApe gedarata enna tharamak loku kandak naginna one.
E ayya ape diha ena bawa dakina podi podi un pahalata duwanawâ...
Apiawa ath deken karen hari thiyâgena hai ara kanda nagagena âpu e ayyage sahodarathwaya mata dan duras welâ.
Bulath dennawath yanna wenne naha
As deka theth unâ ewâ mathak wekâ...
Puluwan tharam maga harim walakwaganna one...
Mama hari âdaray me post ekata... 😢
ස්තූතියි ලොකු පුතේ...ඒ කාලේ අපි ආදරෙන් වැළඳ ගත් අය ගොඩ දෙනෙක් මේ වෙනකොට අපෙන් හුඟක් ඈතට ගිහින්...අළුත් අය අපේ ජීවිත වලට එකතු වෙලා...මොනව කරන්නද ජීවිතේ මේ වගෙයි
ReplyDeleteඅතීතය අවර්ජනය කිරීම තරම් රසවත් දෙයක් නැත්තේය. ගත කල කාලයන් හමුවු මිනිසුන් ගැන සොදුරු මතකයන් කිසිදා මිය යන්නේ නැත.
ReplyDeleteආත්මය ඇතුලේ ගලින් කොටපු චරිත කොයිතරම් උත්සහ කරත් අමතක කරන්න බැහැ .. ඒ සුන්දර මිනිසුන් ගාව වැරදි තිබ්බත් ඒවා අමතක කරලා සැප දුක සොයා බැලීම කලයුතුයි කියල මම හිතනවා.
ReplyDelete