Saturday, October 17, 2015

මගේ කවි කම


මටෝනෑ මේ දෙය
වදනක් කිව්ව විතරයි
හැම තැනම සොය සොයා
ගෙනත් දුන්නා මගේ දෝතට

මගුල් ගෙදරක වුව
දුන් වෙඩින් කේක් එක
සාක්කුවෙ නිදන් කොට
ගෙදර ගෙනවිත් දුන්නෙ නුඹ මට

පලතුරු කඩේ ලොවි දැක
කටට කෙල ඉනු විට
ලොවි පැලයක් ගෙනත්
මිදුලෙ ඉන්දුවෙ මගේ සතුටට

දවාලට මිටි කොට
මගෙ අම්ම එවු බත් පත
තේකකින් බඩ රවටා
ගෙදර උස්සන් ආවෙ නුඹ මට

මා සතු මෝඩකම්
හිතුවක්කාර දඟ කම්
හිනාවකින් ඉවසා
මහ මෙරක් සේ සිටියෙ නුඹ ලඟ

නැතක් කවි ලිව්වත්
වදනක් කෙලෙස පබඳිම්
බැල්මකින් වුව ඇඟවෙන
නුඹෙ සෙනෙහෙමයි මගේ කවි කම

17 comments:

  1. ඉතින් නැන්දම්මට කියලා බත් පාර්සල් දෙකක් ම හදවා ගත්තනම් ඉවරයිනේ........

    ReplyDelete
    Replies
    1. නෑනේ බණ්ඩෝ...මං බෝඩිමේනේ.සුද්ද වැඩකරන්නෙ අපේ නගා යන ඉස්කෝලෙ.ඉතින් අම්ම උන්දෑ අතේ සුද්දට බත් එවනවා

      Delete
  2. මේ හලෝ...සුද්දට කවි ලියල නිකන් කාලෙ නාස්ති නොකර ඒ වෙලාවෙ නැන්දම්ම ගැන ලියාපන් කවියක් පැණි බේරෙන. ඒ කරල උන්දැට පෙන්නපන්.." මෙන්න බලන්ටෝ අම්මෙ මම අම්ම ගැන සෝක් කවියක් ලිව්ව. " එහෙම කියල ඒක තාලෙට ගායනා කරල උන්දැගෙ හිත දිනාගෙන අර දඬුලේන් නැට්ට සහිත පූසව ගෙදර ගේන්ට පොටක් පාදගනින්...අහවල් කවිද බන් ආය සුද්ද ගැන.....:)

    ReplyDelete
    Replies
    1. මේක සුද්ද ගැන නෙමෙයි බං. කොහෙද දැකල තියෙන්නෙ සුද්දො ලොවි කනව.

      Delete
    2. හපොයි උන්දැට බටර් ගානව බොරු.උන්දැ තම්බන්ඩ මගෙ ලුණු ගොරක මදි අෆ්ෆා

      Delete
  3. දවාලට මිටි කොට
    මගෙ අම්ම එවු බත් පත
    තේකකින් බඩ රවටා
    ගෙදර උස්සන් ආවෙ නුඹ මට............................නියම ආදරය

    ReplyDelete
  4. හෙට ලෝන් එකක්වත් ඉල්ලා ගන්න තියෙනවද සුද්දාගෙන්?

    දන්න එකෙක්..

    ReplyDelete
    Replies
    1. මොන ලෝන්ද දන්න එකෝ සුද්දගෙ පඩි පැකට් එකටම විදින්නෙ මං කොට.වෙන එකක් තියා සුද්දගෙ ඒ ටී එම් කාඩ් එකත් මං ලඟ

      Delete
  5. / පලතුරු කඩේ ලොවි දැක
    කටට කෙල ඉනු විට
    ලොවි පැලයක් ගෙනත්
    මිදුලෙ ඉන්දුවෙ මගේ සතුටට /

    හෙහ්..මේක දැක්කෙ දැන් නෙව...සුද්දත් නරකම නෑ...උඹව අන්දල තියනව ගාණට. ලොවි කන්ට ආස හිතුනනම් රුපියල් පහළවක් විස්සක් වෙයි වැඩිම..දීල ලොවි ගෙඩි දහයක් දොළහක් අරන් දෙන්නෙ නැතුව ඔය කාගෙ හරි වත්තකින් ගලවගත්තු ලොවි පැලයක් ගෙනල්ල හිටවල.

    උඹේ දොළ දුක සන්සිඳවා ගැනීම පෝස් පෝන් කරන්ට වෙනව අඩුම ගානෙ අවුරුදු තුන හතරකටවත්. ලොවි ගහ ලොකු වෙලා ගෙඩි හැදෙනකල්. හෙහ්..කොහොමද උන්දැගෙ මොලේ....උඹත් ඒකට ගෙඩි පිටිම්ම අහුවුනා මදිවට තව කවිත් ලියනව..අම්මාපල්ල මෙහෙමත්......

    ReplyDelete
    Replies
    1. අම්මප රවියෝ බලාගෙන යනකොට මං ගෙඩි පිටිං අහුවෙලා නේද හිටං

      Delete
  6. ගොඩක් වෙලාවට කෙනෙකුගෙ සෙනෙහස තව කෙනෙකුගෙ කවිකම වෙනවා
    ලස්සන පැදි පෙළක්
    ජයවේ කැලේ පිපුණු මල්!

    ReplyDelete
  7. අනේ වාසනාවන් ඔය සෙනෙහස හැමදාම හිත්වල රැඳෙන්න කියා පතනවා. හැඟීම් සැබෑවටම අත්විඳපු හිත්වලින් තමයි කවිකම උපදින්නෙ. හරිම ලස්සනයි. ලෙංගතුයි පැදි පෙල.

    ReplyDelete
  8. දවාලට මිටි කොට
    මගෙ අම්ම එවු බත් පත
    තේකකින් බඩ රවටා
    උස්සන් ගිහින් දුන්නා මම ඇයට ..

    එහෙව් දෑ කල මට
    ලැබුනා බූට් එක සුදුසුම කලට
    නවතිල්ලේ හිතනකොට
    අං දෙකක් තිබුනද කියලා සැකයි මට

    ReplyDelete
    Replies
    1. අනේ පවු අම්බලන් ගොඩයෝ.ගනන් ගන්ට එපා සුදුසු කෙනා සුදුසු කාලෙදි ලැබෙයි නොවැ

      Delete