මටෝනෑ මේ දෙය
වදනක් කිව්ව විතරයි
හැම තැනම සොය සොයා
ගෙනත් දුන්නා මගේ දෝතට
මගුල් ගෙදරක වුව
දුන් වෙඩින් කේක් එක
සාක්කුවෙ නිදන් කොට
ගෙදර ගෙනවිත් දුන්නෙ නුඹ මට
පලතුරු කඩේ ලොවි දැක
කටට කෙල ඉනු විට
ලොවි පැලයක් ගෙනත්
මිදුලෙ ඉන්දුවෙ මගේ සතුටට
දවාලට මිටි කොට
මගෙ අම්ම එවු බත් පත
තේකකින් බඩ රවටා
ගෙදර උස්සන් ආවෙ නුඹ මට
මා සතු මෝඩකම්
හිතුවක්කාර දඟ කම්
හිනාවකින් ඉවසා
මහ මෙරක් සේ සිටියෙ නුඹ ලඟ
නැතක් කවි ලිව්වත්
වදනක් කෙලෙස පබඳිම්
බැල්මකින් වුව ඇඟවෙන
නුඹෙ සෙනෙහෙමයි මගේ කවි කම
ඉතින් නැන්දම්මට කියලා බත් පාර්සල් දෙකක් ම හදවා ගත්තනම් ඉවරයිනේ........
ReplyDeleteනෑනේ බණ්ඩෝ...මං බෝඩිමේනේ.සුද්ද වැඩකරන්නෙ අපේ නගා යන ඉස්කෝලෙ.ඉතින් අම්ම උන්දෑ අතේ සුද්දට බත් එවනවා
Deleteමේ හලෝ...සුද්දට කවි ලියල නිකන් කාලෙ නාස්ති නොකර ඒ වෙලාවෙ නැන්දම්ම ගැන ලියාපන් කවියක් පැණි බේරෙන. ඒ කරල උන්දැට පෙන්නපන්.." මෙන්න බලන්ටෝ අම්මෙ මම අම්ම ගැන සෝක් කවියක් ලිව්ව. " එහෙම කියල ඒක තාලෙට ගායනා කරල උන්දැගෙ හිත දිනාගෙන අර දඬුලේන් නැට්ට සහිත පූසව ගෙදර ගේන්ට පොටක් පාදගනින්...අහවල් කවිද බන් ආය සුද්ද ගැන.....:)
ReplyDeleteමේක සුද්ද ගැන නෙමෙයි බං. කොහෙද දැකල තියෙන්නෙ සුද්දො ලොවි කනව.
Deleteහපොයි උන්දැට බටර් ගානව බොරු.උන්දැ තම්බන්ඩ මගෙ ලුණු ගොරක මදි අෆ්ෆා
Deleteදවාලට මිටි කොට
ReplyDeleteමගෙ අම්ම එවු බත් පත
තේකකින් බඩ රවටා
ගෙදර උස්සන් ආවෙ නුඹ මට............................නියම ආදරය
අනිවා
Deleteහෙට ලෝන් එකක්වත් ඉල්ලා ගන්න තියෙනවද සුද්දාගෙන්?
ReplyDeleteදන්න එකෙක්..
මොන ලෝන්ද දන්න එකෝ සුද්දගෙ පඩි පැකට් එකටම විදින්නෙ මං කොට.වෙන එකක් තියා සුද්දගෙ ඒ ටී එම් කාඩ් එකත් මං ලඟ
Delete/ පලතුරු කඩේ ලොවි දැක
ReplyDeleteකටට කෙල ඉනු විට
ලොවි පැලයක් ගෙනත්
මිදුලෙ ඉන්දුවෙ මගේ සතුටට /
හෙහ්..මේක දැක්කෙ දැන් නෙව...සුද්දත් නරකම නෑ...උඹව අන්දල තියනව ගාණට. ලොවි කන්ට ආස හිතුනනම් රුපියල් පහළවක් විස්සක් වෙයි වැඩිම..දීල ලොවි ගෙඩි දහයක් දොළහක් අරන් දෙන්නෙ නැතුව ඔය කාගෙ හරි වත්තකින් ගලවගත්තු ලොවි පැලයක් ගෙනල්ල හිටවල.
උඹේ දොළ දුක සන්සිඳවා ගැනීම පෝස් පෝන් කරන්ට වෙනව අඩුම ගානෙ අවුරුදු තුන හතරකටවත්. ලොවි ගහ ලොකු වෙලා ගෙඩි හැදෙනකල්. හෙහ්..කොහොමද උන්දැගෙ මොලේ....උඹත් ඒකට ගෙඩි පිටිම්ම අහුවුනා මදිවට තව කවිත් ලියනව..අම්මාපල්ල මෙහෙමත්......
අම්මප රවියෝ බලාගෙන යනකොට මං ගෙඩි පිටිං අහුවෙලා නේද හිටං
Deleteගොඩක් වෙලාවට කෙනෙකුගෙ සෙනෙහස තව කෙනෙකුගෙ කවිකම වෙනවා
ReplyDeleteලස්සන පැදි පෙළක්
ජයවේ කැලේ පිපුණු මල්!
ස්තූතියි වර්ණ
Deleteඅනේ වාසනාවන් ඔය සෙනෙහස හැමදාම හිත්වල රැඳෙන්න කියා පතනවා. හැඟීම් සැබෑවටම අත්විඳපු හිත්වලින් තමයි කවිකම උපදින්නෙ. හරිම ලස්සනයි. ලෙංගතුයි පැදි පෙල.
ReplyDeleteස්තූතියි සුජීව
Deleteදවාලට මිටි කොට
ReplyDeleteමගෙ අම්ම එවු බත් පත
තේකකින් බඩ රවටා
උස්සන් ගිහින් දුන්නා මම ඇයට ..
එහෙව් දෑ කල මට
ලැබුනා බූට් එක සුදුසුම කලට
නවතිල්ලේ හිතනකොට
අං දෙකක් තිබුනද කියලා සැකයි මට
අනේ පවු අම්බලන් ගොඩයෝ.ගනන් ගන්ට එපා සුදුසු කෙනා සුදුසු කාලෙදි ලැබෙයි නොවැ
Delete