මවු යෝනියකින් මිසක
නගුල් ලීයෙන් දරුවන් නූපදින බව..........
වාල්මිකී උඔ දන්නෙ නෑ
කෛකෛගේ දුස්ට කම් වලට
දඩුවමක් දිය නොහැකි තරමටම
දශරථ ස්ත්‍රී ධූර්තයෙකු බව.......................
වාල්මිකී උඔ දන්නෙ නෑ
රාජධානියක් භරතට දී
අත පිහදාගන්න තරමටම
රාම බියගුල්ලෙකු බව...................
වාල්මිකී උඔ දන්නෙ නෑ
රාමගේ නැට්ට වගේ
ලක්ෂ්මනයා කැලේට ආවෙ
මං ගැන පිස්සු වැටිල බව...........
වාල්මිකී උඔ දන්නෙ නෑ
පිනට හම්බුනු සැපත් නොතකා
රජ පුටුවෙ සපත්තුවක් ඉන්දවපු
භරත මන්ද මානසික දරුවෙකු බව............
වාල්මිකී උඔ දන්නෙ නෑ
මෙච්චර ගෑනු ඉන්න රටක
මං පස්සෙම ඇවිත්
මහා මිනිස් සංහාරයක් කරපු
රාමට පිස්සු බව......
වාල්මිකී උඔ දන්නෙ නෑ
චාලි මරවලා තාරාදේවි බේරගන්න
රාම ලඟට දුවන් ආපු හනුමා
ඇගෙ අනියං සැමිය බව.................
වාල්මිකී උඔ දන්නෙ නෑ
හුඹහක් උඹ වටේ එතෙනකං
ඒකවත් නොතේරුන
උඹ මහ මැටි හරකෙක් බව..............
වාල්මිකී උඔ දන්නෙ නෑ
අහස් යන්තරයක් හදපු
පලවෙනි මිනිහ දුෂ්ටයෙක් කියල
පචයක් ගොතාපු උඹ
සේරටම වැඩිය දුෂ්ට බව....................
මේකනං පට්ට.........
ReplyDeleteතුති වේවා ආර්යයන්
Deleteවාල්මීකි උඹ දන්නෙ නෑ
ReplyDeleteඋඹ බොරුව කවද හරි එළිවෙන බව
වාල්මීකි උඹ දන්නෙ නෑ
එදාට උඹට මඩ ගහල කවි පවා ලියවෙන බව
ලස්සනයි
ජයවේ - ඩබ්කේ
ස්තූතියි වර්න
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපට්ට කවිය...
ReplyDeleteස්තූතියි
Deleteඅපූරු නිර්මාණයක්. ඇත්තටම සේරටම වඩා තමන් වටා හුබහක් බදිනකම් හිටපු වාල්මිකී තමයි ලොකුම මෝඩයා. ඇත්තට මෙහෙම දෙයක් විශ්වාස කරගෙන පුදපූජා පවා කරන මිනිස්සු ඉන්නවනෙ.
ReplyDeleteමටත් එහෙම හිතුනා යාළු
Deleteසිරා කවිය වත්සලා..! :)
ReplyDeleteඉන්දියාව එදා ඉඳන්ම කොරලා තියෙන්නෙ ඔය ටික තමා..හැබැයි ඔව්වා දැක්කම සමහරු කියන්නේ කට පියන් ඉඳින් කියලා..:)
අනිවා තරුව..ඒත් අපිට බැරිත් ඒක නොවැ
Deleteනියමයි ... වාල්මිකීලට ඕන හැටියට තමා හැමදේම වෙන්නේ
ReplyDeleteඅනිවා ඉවාන් ඌ පොතක් ලිවුවා අපේ එකා වැරදි කාරයා කරල.තද වෙනව බං
Deleteනියමයි, මෙය අනික් මාධ්‍ය වලටත් අරින්න.
ReplyDeleteතෑන්කිවු
Deleteචාලි ෙනාව වාලි ෙලස නිවැරදි විය යුතු යැයි සිතමි...
ReplyDeleteමැටි ෙගාඩකට තවත් මැටි ටිකක් ඒක් වුණා කියල ෙවනසක් තිෙය්ද වස්සලා අක්කා...
මං නං කතා රසයට කියවනව මිසක් ඒ් අැෙරන්න ෙදයක් ගන්ෙන නෑ..
ඒ්ත් රාමායණය මහාභාරතය කියවපු ෙකෙනක්ට ඒ් වෙග් මැජිකල් ස්ෙටා්රි ලියෙනක සිම්පල්
වාලි වෙන්ඩ ඇති මලයා.මාත් හරියට ඒක නං දන් නෑ.
Deleteඅනිවා මැටිම තමයි.රාවනාව සාධාරණී කරණය කරලා ලංකාවෙ කෙනෙක් පොතක් ලියල තිබ්බ.නම නං මතක නැති වෙයි
වාලි තමයි නිවැරදි.
Deleteකවුද මෙයා චාලි කියන්නෙ.. සිංගප්පූරු චාලිද..?
ReplyDeleteකයිය එල..
මං හිතන්නෙ හනුමගෙ බොස් වෙන්ටෑ
Deleteහත්තිලව්වේ.............. කියෙව්වේ ඒක හුස්මට...... පට්ටම පට්ටයි......
ReplyDeleteමේක මගේ අතින් ලියැවුණා නං (තරහා ගන්න ඒපා) මං තියන මාතෘකා මේවා.
වාල්මිකී උඹ දන්නෑ........
රාවණා නෙමේ දුෂ්ට උඹයි වාල්මිකී..........
රාමා මේවා දන්නෑ වාල්මිකී......
වාල්මිකී, රාවණා නෙමෙයි ගෑණු හොරා ........
තුෂාර විතාරණ
වාල්මිකී රාවණා නෙමෙයි ගෑනු හොරා තුෂාර විතාරණ හැක හැක හැක ඇත්තම කියලා
Deletehttp://kurutugegeepawra1.blogspot.com/
Deleteගිහින් බලන්න..............
පවු ඉවාන් ඔහොම කියන්න හොඳ යැයි
Deleteතෑන්කූ කුරුටු
Deleteවෙලාවට මේක ලංකාවෙ ලියවුනේ. ඉන්දියාවෙදි ලිව්ව නං.......
ReplyDeleteමාව එල්ලාවිද රාජෝ..මං බය නැතෝ
ReplyDeleteඇත්තටම ලස්සනයි. ඉන්දියානු කතා ගොඩක් බොරුව ලස්සනට වනලා තියෙන ඒවා. කොහොම වුණත් මොනවා හරි ගෑණු හුටපටයක් තියෙන්න ඇති රාජතාන්ත්‍රික මට්ටමින්. නැත්නම් අපේ මනුස්සයා ගෑණු හොරෙක් කරයිද. කවිය මරු.
ReplyDeleteඅනිවා සුජීව
ReplyDeleteපච වවාගෙන කන්න කොහොමත් උං දස්සයො නෙ බං ඩබ් කේ සහෝ!!!
ReplyDeleteපොතක් ලිව්ව නිසා ද දන්නෑ, වාල්මිකී පණ්ඩිතයෙක් ලු!!!
අහෝ "පණ්ඩිත" තනතුරටත් නිගාවක් ද මංදා!!
එකඟයි සහෝ
Deleteවාල්මිකී කියන නමේ අරුත "මුගුරක් අතින් ගත්" කියන එක...
Deleteඔහු රැකියාව වශයෙන් කර තිබුනේ ඔහුගේ නිවාස ආසන්නයේ පිහිටි කැලයක් හරහා ඇති පාරෙන් යන මිනිසුන්ගේ ඔලු කුඩු වනසේ මුගුරෙන් පහර දී මරා වස්තුව පැහැර ගැනීමයි...
දිනක් නාලක තවුසා ඇතුළු තිදෙනෙක් කැලේ හරහා යද්දී මේ මංපහරන්නා ඔවුන් මරා ළඟ ඇති දෑ පැහැර ගන්නට උත්සාහ කර තිබෙනවා...
එවිට ඔහුට බැගෑපත් වූ ඔවුන් ඔහුගෙන් බේරී ගොස් ඇත්තේ නාලක තවුසා විසින් පැවසු අනාගත වාක්‍යයක් නිසා...
එනම් ඉදිරි කලෙක වාල්මිකී ලෝ ප්‍රකට වන පොතක් ලියන බවට පැවසීමෙන්. එය කුමන විෂයක පොතක්ද කුමක් අරභයා ලියවෙන්නක්දැයි විමසු විට නාලක තවුසාගේ පිළිතුර වී ඇත්තේ "එම කාරණය ඉදිරි අනාගතයේදී ඔබ සොයා පැමිණෙනු ඇත" යන්නය...
අභය ලද ඔවුන් එතනින් පිටව ගිය අතර වාල්මිකී ද ඔහුගේ සැහැසිකම් නවතා දැමු බවක්ද එහි වූ බව මතකයට නැගේ...
කෙසේ නමුත් කලකට පසු රාම විසින් අතහැර දමන සීතා සහ දරුවන් යනඑන මං නැතිව ඉබාගාතේ ගොස් පැමිණෙන්නේ වාල්මිකී වෙතටය...
ඔවුන්ගෙන් අසා දැනගත් කරුණු අනුව රාමායනය ලියවී ඇති බව මා කියවූ පොතක සඳහන්ව තිබුණි...
ඒ පොත කියවීම සඳහා ගෙනගිය මිතුරෙක් පසුව සිනහමුසු මුහුණින් සහ හරිම සැහැල්ලුවකින් කියා සිටියේ "ඒ පොත නැති වෙලානේ" යනුවෙන් බැවින් ඒ පොතේ නම හෝ කතුවරයා හෝ මතකයට නගා ගත නොහැකිය...
මිලදී ගත්තේ අනුරාධපුර අටමස්ථානය අසලක පිහිටි කුඩා පොත් ලෑල්ලකිනි...
නිර්මාණාත්මකයි, සියුම් විවේචනය තාර්කිකයි, සුපිරිම ලියවිල්ලක්, ජය.
ReplyDeleteවාල්මිකී මොන බොරුව ලිව්වත් "විභීෂණ" පාවා දුන් බව කියවෙන කතාව නම් නිවැරදි යැයි මම විශ්වාස කරන්නේ විභීෂණ යනු ලාංකිකයකු බැවිනි... ;)
ReplyDeleteකුරුට්ටට පිං සිද්ධ වෙන්න මේක දැකගත්තා. තාර්කිකයි ඩබ්ලිව් කේ.
ReplyDeleteමාත් ආවේ එතනින් තමයි
Delete