කෝ අනේ සල් ගහ
මන්ත්‍රීගෙ ලී මෝලෙ
දැනටමත් පතුරු වී ඇති...
ඒත් කෝ අමර දැන්
කුඩු අරන් මත් වෙලා
කුනු කෙලත් පෙරාගෙන
බස්හෝල්ටෙකේ බුදි ඇති.........
රටකජු නාරං තබා
සීනි බෝලවත් නැතිවම
පැය ගනන් කඹුරලා
සොච්චමක් අතට ගෙන
පාං බාගෙත් අරන්
තාත්තා කෝච්චියෙ ඇති............
පැටවුන් බඩ බැඳ ගස්උඩ යනවා
කියන්න මගෙ නම කියන්න කීවත්
ලැයිසොන් තුවක්කු දෙවියගෙ උදහස
හින්දම වඳුරත් ගහ මුල දොයි ඇති...
සමහර විට අර දැල්වෙන ගින්දර
මැද රස හොද්දක් වෙලා හිඳින්නැති
ඒ ගින්දර පණ ගසා කියන්නේ
උගෙ අඹු දරුවක්ගේ දුක් වෙන්නැති............
කොලයක් ගත්තත් ඔරුව හදනු බැරි
සහස්‍රකේ අපි ඒවා දන්නැති
ඒකට ටියුෂන් යන්නත් ඕනැති
කොම්පීතර ගේම් වගේ නොවෙන්නැති..........
ඔරුවක් හැදුවත් වැස්ස දකිනු බැරි
පොත් තුල කිමිදෙමු තෙරක් පේන්නැති
සල්මලකක හැඩරුව නරඹන්නට
ඉන්ටනෙට්ටුවෙන් වරම් සොයන්නැති
සැබෑව හා යථාර්තය...
ReplyDeleteහ්ම් කුරුටු
Deleteඅපූරුයි.........
ReplyDeleteස්තූතියි ආර්යය
Deleteමේ සිලබස් වෙනස් වෙලාලු නේද? අපි ඉගෙන ගත්ත පොත ගිය අව්රුද්ද වෙනකල්ම තිබුනනෙ.
ReplyDeleteඅනේ මන්ද කසුන්....මං මේ පොත ළඟදි ඉස්කෝලෙ ගබඩාවෙ තිබිල හොයා ගත්තා.අකුරු අඳුනන්නැති 8 පන්තියේ ලමයෙකුට උගන්නන්න
Delete90 දශකයෙන් මෙහා දරුවන්ගේ ඛේදවාචකය තමා මේ.
ReplyDeleteඅනිවා...ලමයි සල් මල් හොයන්නෑ...සෙක්ස් ඊට වඩා ආකර්ෂනීයයි 2 වසරෙ ලමයෙකුට වුනත්
Delete//කෝ අනේ සල් ගහ
ReplyDeleteමන්ත්‍රීගෙ ලී මෝලෙ
දැනටමත් පතුරු වී ඇති...
ඒත් කෝ අමර දැන්
කුඩු අරන් මත් වෙලා//
++++
ස්තූතියි
Deleteතාත්තා ගෙනා පාන් භාගෙ
ReplyDeleteකාපු අපි හතරදෙනා
ඩුබායි ගිය අම්ම එවු
කහවණුත් ඉතුරුකර
මොරටුවට මම පාස්
සිස්සත්තෙන් නංගි එක
සමාජෙ යනු අපියි බං
අපි හරිනම් ඒකත් හරි
එකඟයි..
Deleteමාත් එකඟයි...ඒ වගේම ඔයා ගැන ආඩම්බරයි
Deleteසමාජෙ යනු අපියි බං
අපි හරිනම් ඒකත් හරි
++++++++++++++++++++++++++++++++++++++++
මේවා කියවද්දී හරි දුක හිතෙනවා
ReplyDeleteමටත් බණ්ඩෝ..අපේ ලමා වියයි අපේ ලමයින්ගෙ ලමා වියයි හුඟක් වෙනස්
Deleteමන්ත්‍රීගෙ ලී මෝලෙ
ReplyDeleteදැනටමත් පතුරු වී ඇති...
ඒත් කෝ අමර දැන්
කුඩු අරන් මත් වෙලා//
+++++++++++++++++++++++++++++++
මුල් කවිවල අපට වෙච්ච දේ ගැන කියවෙනව.
අවසන් කවිවල සමාජ වෙනස්වීම තමයි කියවෙන්නෙ. ඒකනම් වළක්වන්න බෑ.
සාමල අමරල වෙනුවට වෙන නම් ආදේශ වේවි. ඒ අය අන්තර්ජාලය හරහාම දැනුම ලබාගන්නා අය වේවි. ඒ වගේම video conferencing හා virtual reality වැනි දේවලුත් අධ්‍යාපනයට එකතු වේවි.මම දැක්ක නිව්ස් එකක් virtual realty වලින් කවදාවත් නොගිය තැන් ගැන දැනුම ලබාදෙන ආකාරය ගැන නිව්ස් එකක්.මෙන්න ලින්ක් .
http://geekdad.com/2015/10/google-education-with-vr/
http://www.theverge.com/2015/9/28/9409571/google-expeditions-virtual-reality-field-trips
සාමල අමරල එක්ක වගෙ නෙමෙයි ඊලඟ සෙට් එක එක්ක වැඩ කරන්න ගුරුවරුන්ටත් අප්ඩේට් වෙන්න වේවි.
ස්තූතියි ඔත්තු වලට
Deleteඅනිවා...අපි අප්ඩේට් වෙන්නම ඕන..අපිට වඩා සමහර දරුවො දැනටමත් තාක්ෂණය ගැන දැනුවත්
සහතික ඇත්ත කතාව.. ගුරුවරුන්ටත් වඩා අම්මල ගෙ සිස්ටම් අප්ඩේට් එක වැරදියට වෙනහින්ද තමයි හුගක්ම නස්පැත්ති.
ReplyDeleteතරගෙටම හිත යොමනව උං ප්‍රැක්ටිකල් නෑ... ඒ මදිවට මනුස්සකම් දන්නෙත් නෑ
අනිවා..මහේෂ්..මේ තරඟය දමා මනස කෘතීම කරල.ළමයි කැමති නෑ පාඩමකදි යාළුවන්ට උදවු කරන්න.ඌ තමන්ට වඩා ලකුණු ගණියි කියල බයට.මල විකාර
Deleteඋඩුගං බලා පීනන්න එක ළමයෙක් හරි පුරුදු කරමු..
ReplyDeleteඅපි ට්‍රයි කරමු මිත්තරේ
Deleteආයේ ඉතින් කියන්න දෙයක් නෑ.සහතික ඇත්ත
ReplyDelete