මං ආදරේ කලේ
ඔය හිතට
ඔය කොලපාට
රාක්ස සරීරෙට නෙමෙයි
චාමේන්
දුෂ්ටයෙක්
උගේ අම්ම
සුරංගනාවියක් නෙමෙයි
නපුරු කොට
මායා කාරියක්
දැක්කද තාත්තව
ගෙම්බෙක් කරපු අපූරුව
මං රැක්ක මකරාට
උනත්
තියනවද කොච්චර
ආදරනීය හිතක්
කටේ ගින්දර
තිබුනත්
දැක්කද
බූරුවාට හාදු දෙන අපූරුව
ආදරේ කියන්නේ
සුරංගනා මතු මහලක
සේද කොට්ට උඩ
විතරක් පිපෙන දෙයක් නෙමෙයි...
ගන කැලෑවක්
මැද මඩ වගුරක වුනත්
යස අපූරුවට
පිපෙන්න පුළුවන් දෙයක්
ශේරේක් මං ආදරේ ඔය හිතට
ඒ හිත මොන ශරීර කූඩුවක් ඇතුලේ තිබුනත්
මං ආදරේ ඔය හිතට
ලස්සනයි
ReplyDeleteස්තූතියි ඉයන්
Deleteමෙන්න ෆියෝනා කවියක් ලියලා.කොහේද බන් නංගියේ ගිහින් හිටියේ? අන්තිමට දාපු පෝස්ට් එකේ මාතෘකාවත් එච්චර හොඳ නැතිනිසා ඇග සීතලවෙලා හිටියේ.
ReplyDeleteකවිය සිරා හොඳේ.හිත ගියතැන මාලිගාව කියනවනේ.
ජය වේවා....
ගේ කැඩුවා අයියේ ..ටෙලිකොම් ලයින් එකත් කැඩුනා...පුළුවන් තරම් දරා ගත්තා...බැරිම තැන සල්ලි සල්ලි කියල නොබලා ගත්ත ඩොංගලයක්..තැන්තූ හොඳේ
Delete//ශේරේක් මං ආදරේ ඔය හිතට
ReplyDeleteඒ හිත මොන ශරීර කූඩුවක් ඇතුලේ තිබුනත්
මං ආදරේ ඔය හිතට//
හිරිගඩු පිපුනා...
ජයවේවා..!!
තුති ලබ්බෝ
Deleteඅම්මට හුඩු ෆියෝනා....
ReplyDeleteසුපිරියි ඈ////
තැන්කූ විභීෂන
Deleteකාලෙකින් ඇවිත් ශේප් වෙන්න කවියක් දාලා ගිහිං
ReplyDeleteහී.....හී ඉවාන්
Deleteලස්සනයි.............
ReplyDeleteශ්රෙක් ෆිල්ම් එකේ මාර විදිහට පෙන්නනව ශ්රෙක් කියන්නෙත් සාමාන්‍ය තරුණයෙක් වගේම හැඟීම් ඇති පෙම්වතෙක් බව...
ReplyDeleteඅනිවා...ඉරිසියාව ආදරය කැපවීම හැමදෙයක්ම
Delete//මං ආදරේ ඔය හිතට//
ReplyDeletewow....
හපොයි ලලිතෝ අපේ සුද්ද මොනව කියයිද
Delete"ආදරේ කියන්නේ සුරංගනා මතු මහලක
ReplyDeleteසේද කොට්ට උඩ විතරක් පිපෙන දෙයක් නෙමෙයි..." හ්ම් හ්ම්. ලස්සන පද ගැලපුම්. ඉතින් මොකද වුණේ. ආයේ ගේ ගලවා දැම්මවත්ද?
හ්ම් හ්ම්
Deleteමේ දවස් ටිකේ වහලේ ගැහුවා සුජී
ReplyDeleteපද ටික ලස්සනයි.. ඒත් ඇසින් දුටු යතාර්ථය නම්..
ශ්‍රෙක්ගෙ හිතට ආදරේ කරපු කුමාරිකාවි ඔය වගේ සුරංගනා කතා කියල අන්තිමේ රාජකුමාරයෙක් දුටු ගමන් ශ්රෙක්ව අමතක කරලා රාජකුමාරයා එක්ක පැනල ගියා.. කුඩු පට්ටම් වෙච්චි හිතත් එක්ක නන්නත්තාර වෙච්චි ශ්රෙක් කුලී වැඩක් කරගෙන හවසට නහුතෙට කසිප්පු ගහල කොහෙහරි කඩ පිලක වැටිල බුදියනවා...
එල එල ලියමු අම්බලන්ගොඩයෝ ඒ ශේරේක් ගැන කවියක්
Deleteආදරේ කියන්නෙත් සුරංගනා කතාවක් නෙවෙයි..
ReplyDeleteපුංචි දැරියක් දන්න දේවල්
ReplyDelete