කොයි තරම් සහනයක්ද හිත
බිඳෙන එක
උන්නත් මලත් එක සේ
හැඟෙන
මතකය හිත පතුලේම වළලන
කොයි තරම් සුන්දරද හිත
බිඳෙන එක
සොඳුරු තනිකම විතරක්ම
තනි රකින
දෑස් අහසෙන් අනෝරා ඇද
හැලෙන
ටික දිනකින්ම උපේක්ෂා
හිරු මුදුන් වන
කොයි තරම්ම මිහිරිද
හිත බිඳෙන එක
සුසුම් උදම් හිත කණපිට
හරවන
මොහොතකට දුක යටවී සතුට
උඩ මතුවන
ආයෙ ආයෙත් සසර වෙරලේ
දුක් සිතිවිලි රළම
ගැටෙන
කොයි තරම් සහනයක්ද හිත
බිඳෙන එක
ලෝකයක් වැඩ අතපසු කරන
දෑස් පියාගෙනම මතකයේ
කිමිදෙන
ඉඳහිට කඳුළු පින්නක්
උව මතුවන
කොයිතරම් සුන්දරද හිත
බිඳෙන එක
මල ගිය හීන මිහිදන් වන
අළුත් සිතිවිලි උපදින
වෙනස්ම හෙටක තිරපට
ඇරෙන
කෙතරම් මිහිරක්ද හිත
බිඳෙන එක
සතුට බිඳෙන් බිඳ මතුවන
දේදුන්නෙන් ආයෙත් හීන
පාට වන
අළුත් ජවයකින් හිත
වෙව්ලන
අහා....
මේතරම් සහනයක්ද හිත
බිඳෙන එක
සමහර විටකදී නම් හිත් බිඳෙන එක සහනයක් නොවෙයි මානසික පීඩනයක්
ReplyDeleteඒ සමහර විටදිනෙ පූසෝ..බැඳීම් අඩු වෙන එකම මාර සහනයක්.ඒ එක්කම වගකීමුත් අඩු වෙනවනේ
ReplyDeleteහිත බිඳෙන එක ඒ බිඳෙන වෙලාවට සහනයක් වෙන්න පුළුවන්.. නමුත් දිගින් දිගටම හිත බිඳෙන්න ගියොත් ජීවිතේ වේදනාවක් වෙනවා..
ReplyDeleteThanks,its for me :(
ReplyDelete