හීන පිරුණු හඳ
තෙත වළාවක හැප්පෙද්දි
අහම්බෙන් බිමට වැටෙන
හැම දාස්පෙති පාට සිතිවිල්ලකම
මැවී මැවී ඉන්න නුඹ.....
පෙර දිග රෝස අහසින්
රතු ඉර එබෙනකොට
බිඳෙන් බිඳ වැටෙන
සුදු පාට උණුසුම් හිනාවකම
නොවැරදී ඉන්න නුඹ
කිරි කවඩි විසුරවා
මුතු ඇට සඟවමින්
අඩන මුහුදේ හැම කඳුලකම
ලා කිරි පාට තෙතමනයේ රැඳී
මා අසලින්ම උන්න නුඹ
ළපළු සොලවමින්
මුමුනන හැම සුසුම් රැලකම
සීතල දුක් පවන් මැද
නොසෙල්වී ළඟින්ම හිඳ
අස්වැසිල්ලක් උනා නුඹ
කෙතරම් අකුරු ඇමිණුවත්
සිතිවිලි නිමා නොම වන
දෛවයෙන් මට උරුම
එකම එක දායාදය
සදා නොවෙනස් ආදරය නුඹ ..
ආදරය එකමයි හැගීම විතරක් වෙනස්.. විඳිමත් වෙනස් එතකොට...
ReplyDeleteනැද්ද
අනිවා අනිවා
Deleteමේවා එයා කියවන්නේ නැති එක අපරාදේ.. :)
ReplyDeleteනොකියවන එක හොදයි මචෝ
Deleteනොකියවන එක හොදයි මචෝ
Deleteමොකක්ද බන් මේ? කොමෙන්ට් දාන්න යනකොට 'මම රොබට් කෙනෙක් නෙවෙයි' කියල පින්සෙන්ඩු වෙන්න ඕනි නේ.. හෑ!
ReplyDeleteඅපිට එහෙම එන්නෙ නෑනෙ.
Deleteඒ කියන්නෙ ගූගලාට බොලාගෙ මොකක්හරි නස්කූනි වැඩක් මාට්ටු වෙලා වගේ. හැක්..
ඒක තමයි.. හැබැයි දැන් ඒක හරිගියා.. :)
Deleteඅනේ මිත්තරෛ් මං ඔයි ටෙකි වැඩ නොදන්න බව දන්නවනෙ
Deleteහ්ම්ම්ම්...
ReplyDeleteආදරය... ජීවත් කරවන හැඟීම.
ජයවේවා..!!
ස්තූති වේවා
Deleteනලලෙ කොටල තියෙන කෙනානෙ හම්බෙන්නෙ.
ReplyDeleteනියමයි.
මගෙ නළලෙ කොටල තියෙන්නෙ කවුද කියල හොයාගන්න බෑ බං...එවුන්දෙ දමල ගහපු පිඟානක් වැදිල නළලට මැහුං හතක් දාපු කැළල හින්ද...
Deleteනලලෙ කොටපු සේරම එවුව මැකිල පලයං කියල වෙන්ඩෑ පාර දෙන්ට ඇත්තෙ
Deleteලස්සනයි පද ටික......
ReplyDeleteස්තූතියි
Deleteලස්සනයි. හමුවීම් වෙන්වීම්, හිමිවීම්, අහිමිවීම් අතර ගලා යන පොදු මිනිස් සබැඳියාවක අපුර්වත්වය..
ReplyDeleteහ්මි හ්ම් සුජී
Deleteමේකත් මට මගේ නොවන මගේම ආදරයක් තිබ්බා ජාතියෙ එකක් වගෙයි..
ReplyDeleteඅපඍු පද පේළි ටික
නෑ නෑ මහේෂ් මේක මගේම ආදරේ තමයි
Deleteට මුලු ලොවම ඔබයි..... කිවුවලු මැතිනි..
ReplyDeleteඉඳ හිට මමද ඔබයි.......කිවුවලු බන්ඩා...
හික් හික්
Deleteහපොයි....මට නං දැනුනේ අසභ්‍ය අදහසක් ඒකෙන්
හුටා...දැන් සුද්දට මොකෑ වෙන්නෙ? මොනව උනත් පව්..මට දුකයි...:(
ReplyDeleteහුටා උන්දැට නේන්නං ලිවුවේ..
Deleteදාස්පෙති පාට සිතුවිලිත් තියෙනවද අප්පා??
ReplyDeleteඅනිවා...එක එක පාට සිතිවිලි කොයි තරම්ද,
Deleteබොහොම ලස්සන නිසඳසකි
ReplyDeleteලස්සනයි මචන්...
ReplyDelete