Monday, June 1, 2015

පස්ස කාඩ් එක

මා දන්නා දේශභක්ෂනයක් නැත.උසස් පෙල වාණිජ විෂය ධාරාවෙන් ඉගන ගත් මට දේශභක්ෂන විද්‍යා පොතක් අතින් අල්ලා බැලීමටවත් ආසාවක් සිතී නැත.පත්තරයක් ගත්තත් අනිත් සියළුම ලිපි කියවා දේශභක්ෂනය කතා මග හරින මම මාතලං අයියගේ ලිපි කියවන්නේ ඔහුගේ භාෂා ශෛලියට ආසා හිතෙන නිසාත් පසුව ඇනෝලගේ කොමෙන්ට් කෑලි කියවා බඩ පැලෙන තුරු හිනාවී ලේ පිරිසිදු කර ගැනීමට අවස්ථාව ලැබෙන නිසාත්ය...

(ඒවාගෙන් වැඩි හරියක් මට ජීර්ණය නොවන අතර මට මීටර් වෙන්නේ සමස්ථ අදහස නොව මැදින් මැදින් යොදා ඇති මඩ හා ගල් පමණක් බවද සංවේගයෙන් සන්තෝසයෙන් කියමි.මම මාතලං අයියගේ බොගට නිතරම ආවත් කොමෙන්ට් නොකරන්නේ කොමෙන් කරන්ඩ දෙයක් ඔළුවට එන්නේම නැති නිසාය)



කොටින්ම මට දේශභක්ෂනය අරහංය.දේශපාළුවන් එපා තිත්තය. ඒ ගැන ඒ නිසා මා දන්නා දෙයකුත් නැත.

නමුත් වරක් මටද දේශපාළුවෙක් බැහැදැකීමට යාමට සිදුවූ බව විලි ලැජ්ජාවෙන් ලියා තබමි.මේ ඒ කතාවයි.

උපාධියකුත් කරපින්නා ගත් රැකියා විරහිත අවිවාහක දියණිය ජීවිතයේ තෙවන දශකය පසුකරමින් හිඳීම මගේ අහිංසක අම්මාටත් තාත්තාටත් කෙතරම් මානසික වධයක් වන්නට ඇද්දැයි එකල මට සිතාගත හැකි නොවීය.

පුද්ගලික අංශයේ රැකියාවට පිංසිද්ධ වන්නට අතේ පයේ අඟ හිඟයක් නැතිව මහරගම බෝඩිමකට වී යහතින් හිටි මට අම්මලාගේ මනාලයන්  දැක්මෙන් බේරෙන්නටද  එයම පිලිසරණක් විය..(කෙසේ වෙතත් පසුව කරුමක්කාරයාම ආ බැවින් අම්මලා ජය ගත්හ)


ඒත් වැදගත් මනාලයන් හෙවුවේ රජයේ රැකියාවැති මනාලියන්ලු.(දෙයියෝ සාක්කි) එයිනුත් ගුරු වෘත්තියේ ඉන්න මනාලියන්ලු.ගුරු රස්සාව යනු අනිත් රස්සා එක්ක බලද්දී දවසකට වරුවක් වැඩිපුර නිවාඩු තියන එකක් නිසා ගොඩක් පිරිමි හොයන්නේ ගුරුවරියන්ලු.


(ගුරු වෘත්තිය ගැන මුලින්ම ඒ බොරුව කිවුව එකා හම්බ වුනොත් කිසිම හිරිකිතක් නැතුව උන්දෑගේ දත් දෑන්දම බඩට යවමි.මම කලින් කල ලිපිකරු රස්සාවටත් වඩා ලියකියවිලි වැඩ මට දැන් මේ ගුරු රස්සාවේ ගොඩ ගැසී  ඇත.ඔපීසියේ වැඩ එහි දමා නිදහසේ ගෙදර ආවත් දැන් දරුවන්ට වඩා හෝම් වර්ක් මට ගෙදරදී ඇත.මේ සියල්ල හරියට තිතට කරන්ඩ ගියොත් උගන්නන්ඩ වෙලාවක් ඉතුරු වෙන්නේම නැත)

ඉතින් මමත් අනිත් උන් වගේම සසර පුරුද්දට මෙන් ගැසට් කරන හැම රජයේ විභාගයක්ම ලීවෙමි.ඒ වියදම් කල විභාග ගාස්තු පොතක දමා එකතු කලා නම් සෑහෙන ගානක් එකතු කර ගන්නට තිබිණි.මුලින් මුලින් සේරම විභාග ෆේල් විය.ඊළඟට විභාග වලින් පාස්වී ඉන්ටවීව් එකෙන් ෆේල් වන්නට ගතිමි.මම  ඉතා සතුටින් මගේ ජොබත් එක්ක මහරගමට වී සිටියෙමි.


මෙන්න මේ කාලයේය ග්‍රාම නිළදාරීන් තෝරන විභාගයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ වැඩිම ලකුණු අරගෙන මං පාස් වූයේ....දැන් අම්මාගෙයි තාත්තාගෙයි ඉහේ මල්ම හතක් පිපි ඇත.මේ පාර නම් රස්සාව හරියනවම තමා..අම්මා කීවේ සමන් දෙවියන්ටත්,දැඩිමුණ්ඩ දෙවියන්ටත් පඩුරු වෙන් කරන ගමන්මය....

“මීට කලිනුත් මං ඕව විභාග පාස්වෙලා තියනවා...“මං කිවුවේ වැඩි බලාපොරොත්තු අවදානම් හින්දාමය

“ඒක ඇත්ත...ඒයි...අපි අහවල් ඇමති තුමාට පොඩ්ඩක් මතක් කරල තියමුද?මොන සුදුසු කම තිබ්බත් ඕන නැතුව පුළුවනෑයි“

“මේ මේ..මට නං බෑ එක එකා ළඟ වැඳ වැටෙන්න...මොන ලැජ්ජාවක්ද?“


“මං උඹට වෙන මොනවත් කරන්න කිවුවේ නෑ...උඔ යන්නේ තාත්තත් එක්ක ...ගිහින් ලිස්ට් එකට නම දාගන්න...“

“මට බෑ....“

“උඹට ඕක බෑ...වෙන ගෑනු ඔය රස්සාවල් ගන්නේ ඔය මිනිස්සුත් එක්ක ඇඳටත් ගිහින්...------------අක්ක---------- අමාත්‍යාංශයේ වැඩට ගියේ එහෙමනේ...“(ඒ මේ ඇමැත්තා නොවේ)

එක නම් හැමෝම දන්නා ප්‍රසිද්ධ රහසකි.ඒත් හරියටම ඒ කතා වල ඇත්ත නැත්ත දන්නේ අක්කාත් ඇමතියාත් විතරයි නොවැ....දිව වල් වල ඇට තියනවැයි එකම පැත්තකට හැරිලා තියෙන්ඩ...

“මට බෑ“

“උඹ දන්නෑ උඹ ගැන මගේ පපුවේ ඇවිලෙන ගින්දර“අම්මා අන්තිම තුරුම්පුවත් දමන්නට යයි.තව ටිකකින් නයගරාව ගලන්ඩ පටන්ගනී

හරි ...හරි...අම්මාගේ කඳුළු බලන්න බැරි කමටම මම කිවුවා...හැබැයි කාටවත් කියන්න එහෙම නෑ....මම තර්ජනාගුලිය  දියත් කලා...(දැන් නං ඕං ඉතින් මං රටටටම කියනව)

අම්මා ඒපාර සැනසුම් සුසුම් හෙලා --------ඇමතිගේ දකුණු අත වගේ ඉන්න ගමේ කෙනෙකුට කෝල් එකක් ගත්තා

ඇත්ත නේන්නම්...මගේ හිත වෙනස් වෙන්න කලින් මේ සේරම කර ගන්ඩ එපැයි උන්දෙලා.

අයියේ මං ----------නංගී
---------------------------------------------------------
නෑ අයියෙ මේ දරුව අර විභාගෙ පාස් වෙලා මෙහෙන් පළවෙනියටම
--------------------------------------------------------------
ඒක තමයි අයියේ.......මොන සුදුසු කම නැතත් ඕක එපැයි..
-----------------------------------------------------------------------------------
අනේ අයියේ පිංසිද්ධ වෙනවා...මගෙ හිතේ ගින්දර බාගයක්ම නිමුනා
---------------------------------------------------------------------
ආ හරි...හරි....ඊළග මහජන දිනේට මං දරුවව එක්ක අරයව එවන්නම්කො..
-------------------------------
බුදු සරණයි අයියේ ...දෙවිපිහිටයි...

අම්මගේ කට කපලා හිනාවයි...අම්මේ ඔය හිනාව වෙනුවෙන් මට මොනවද කරන්ඩ බැරි.

ඔන්න මහජන දිනෙත් උදා වුනා.අම්මා මං ළඟට වෙලා ලෑස්ති වෙන එකේ ඇද කුද හොය හොයා ඉන්නවා...(අම්මා මට එතනින්ම මනමාලයෙක් සෙට් කරලද කියලා මට සාධාරණ සැකයක් ඇති වුනා...... මාව හැඩ කරවන්ඩ මහන්සි වෙන හැටි දැකලා)

“පහනත් පත්තු කරලම යන්ඩ“...හිනා මූනක් පුරෝගෙන ආයෙමත් අම්මා

ඔය හිනාව හින්දා විතරමයි අම්මේ මං මේ එක එකාට පජාති වෙන්ඩ යන්නේ...මං හිතුවා

“පොඩ්ඩක් හිනාවෙලා යන්ඩ...“අම්ම මට හිනාවෙන කල්ම කනක් ඇහිල ඉන්ඩ දෙන්නෑ වගේ...


ඔය අතරේ තාත්ත මන් දිහා බලල හරි අමුතු කතාවක් කිවුවා

“මනුස්සයෙකුට තමන්ගෙ ප්‍රතිපත්ති රැකගෙන ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි....ඒත් ජීවත් වෙන්ඩ නම් ඊට කලින් තමන්ගේ බඩ රැකගන්ඩ වෙනවා.....පිස්සො ගොඩක් මැද්දෙ ඉන්නකොට  පිස්සු නැති එක මිනිහෙක් විතරක් හිටියොත් ඒ මිනිහට කවදාවත් හරි හමන් විදියට ඉන්ඩ බෑ...මිනිහත් දෙයියන්ගෙන් ඉල්ලයි තමන්ව පිස්සෙක් කරන්ඩ කියලා“

මොකක්ද යකෝ ඒ කියපු හරුපෙ තේරුම

අන්තිමට අපි පස්ස කාරියාලෙටත් ආවා කියමුකෝ...සෙනග කට කපලා එකයි...ගමේ මාමා හති දාගෙන දුවගෙන ඇවිත් තාත්තයි මමයි මුල්ලකට ඇදගෙන ගියා.....

“ඔයාලගෙ වැඩේටම පස් දෙනෙක් විතරම ඇවිත් ඉන්නවා...“

බලාන ඉද්දිම තාත්තගෙ කට ලේලන්ඩ් බස් එකකට අහුවුන කජු ලෙල්ලක් වෙලා ගියා...

“ඒ උනාට මං කතා කරන්නම්කෝ ඇමතිතුමාට.....ඇමති තුමා ඉතින් අහන්නේ අපි කියන දේවල් තමයි....“

තාත්තගෙ මූණට යන්නම් හිනා පොදක් ආවා.

“මේ ඒක නෙමෙයි ...ඔයාලට පස්ස කාඩ් එකක් තියද?“

“නැහ්“ තාත්තා හොල්මන් වුනා

“ඇමතිතුමා කවුරු ආවත් ඉස්සරලම අහන්නේ ඒක තමයි....“තාත්තගේ මූන ආයෙමත් හතරැස් වුනා....

“හරි හරි ...උඹලට නොකරන උදවු තියද?මං පස්ස කාඩ් 2ක් දෙන්නම් මං අස්සං කරලා. පරණ දිනේකුත් දාලා...ඒක ලෙමිනේටිං කරල පරිස්සමට තියාගන්ඩ“

අන්තිමට අපිට කාඩ් 2ක් හමුබුනා....

මං නිකමට කියවලා බැළුවා...පක්ෂ සාමාජිකත්වය ගත් දිනය...දෙයියනේ මං පක්ෂයට බැඳෙනකොට අටේ පංතියේ දරුවෙක්....සැකය හින්දම තාත්තගෙ එකත් උදුරගෙන වගේ බැළුවා...මං හිතුවා හරි....ඒ තාත්තලා මේ පැත්තට පදිංචියට එන්නත් අවුරුදු 3 කට විතර කලින් මේ පස්ස කාරියාලෙදිම තමයි තාත්තා සාමාජික වෙලා තියෙන්න‍ෙ.කූඨ ලේඛණ වලත් උපරිමය!!!


කට්ටිය තමන්ගෙ කාරිය ඉටු කරගෙන වැඳ වැටිලා ආපහු යනවා....ගාමන්ට් එකකටත් ,කාගිල්ස් එකේ අලෙවි සහයක ඉන්ටවීව් යන්නත් ලිවුම් ගන්න කස්ටිය ඇවිත් හිටියා...(ඒවටත් මෙවුවා ඕනද හැබෑටම.මං දන්න තරමින් නම් නෑ.ඒ වුනාට ඒවටත් ලෙටර් හෙඩ් එකේම ලිවුම් ගහ ගහ යස අපූරුවට දුන්නා)

අන්තිමට ඒ උත්තමයා බැහැ දකින්න අපිටත් පුළුවන් වුනා...

“ඇමති තුමා...මෙයා අපේ පස්සයේ පරණම සාමාජිකයෙක්....දුව මේ පාර ග්‍රාමසේවක විබාගේ පාස් වෙලා පලවෙනියටම(මේ වචනය මාමා අවධාරණය කලා)

හොඳයිනේ..


“අනේ ඔවු ඇමති තුමා.....මේක කෙරෙන්නම ඕනෑ වැඩක්.“

ඇමැත්තා මං දිහාට හැරුණා...නම ගම මට විස්තර දෙන්න...මේ මගේ ඩයරියේ ලියන්ඩ..

උපන්දා ඉඳන්ම මගේ පැටිකිරියම දන්න මාමා මගෙන් නාහ සේරම විස්තර ලියලා දැම්මා..මගෙන් ඇහුවේ අයිඩින්ට කාඩ් නම්බර් එක විතරයි...

ආ....ඔයාල සාමාජික කාඩ් ගෙනාවද?

තාත්තා වැඩ්ඩා වගේ ඉක්මනටම සාක්කුවෙන් කාඩ් 2 ඇදලා පෙන්නුවා...මං කිවුවා නේද කියන්ඩ වගේ මාමණ්ඩියා මං දිහා බැළුවා...

ඔවු ඉතින් පස්සය වෙනුවෙන් රුපියල් 10ක් දෙන්ඩ බැරි කෙනෙකුට පත්වීමක් අරන්දීලා වැඩක් නෑනේ..

මගේ ඇස් උඩයන්නට ඇත.තාත්තා මං දිහා බැලූ බැල්මේ තිවුනේ තරවටුවක් නෙමෙයි ආයාචනයකි...පිංසිද්ධ වෙයි මේ වෙලාවේ වත් ඔය හැකර කට වහගෙන ඉඳින්...තාත්තාගේ ඇස් කීවේ එහෙම කතාවකි.

“මෙයාට ලකුණු *** තිබුනා ඇමතිතුමා....තාත්තා කිවුවේ ටිකක් විතර ආඩම්බරයෙන්..“

.කාටවත් හිස නොනමා රජෙක් වගේ ආඩම්බරයෙන්  ජීවත්වෙන මගේ තාත්තා......... අද මෙතන යටත්  පහත් ව ඉන්නේ ලොකු දුවගේ අනාගතේ හින්ද  නේද කියලා හිතෙනකොට මගේ පපුව පැලෙන්න ආවා...

ඇමැත්තා හයියෙන් හිනා වුනා....

ලකුණු බිංදුවක් තිබ්බත් 200ම තිබ්බත් මට වැඩක් නෑ...පස්ස කාඩ් එක තමයි වැදගත්..“ ඒක සහතික ඇත්ත තමයි..ඒත් ඒක ප්‍රසිද්ධියේ පිළිගත් නිර්ලජ්ජිත විදිය මගේ හිතට ගෙනාවේ පිළිකුලක්

.......යකෝ ඇයි ඕක කලින් කිවුවේ නැත්තේ...දන්නවනං මං උපන් දවසෙම තාත්තට කියනවනේ ඔයි කෙහෙල්මල් කාඩ් එක අරන් දියන් කියලා...අපරාදේ අවුරුදු 16ක් විතර පාඩම් කරන්ඩ ගත්ත මහංසිය....වියදම් කරපු සල්ලි කන්දරාව...සේරම රුපියල් 10න් ෂේප් කර ගන්න තිබුනනේ....

මං මග දිගට කට වහගෙන ආවේ තාත්තගෙ හිත රිදෙයි කියලා...මගේ හිත හරිම දොඩමළුයි....හෙට ඔපීසියේ යාළුවොත් එක්ක වරුවක් කැකිරි පලන්ඩ කතන්දරයක් මට හම්බ වුනා නොවැ...

ඒ වුනාට තාත්තා ගෙට ගොඩ වුනේ “චික් මේ මිනිස්සු“ කියාගෙන

“අනේ ඇයි වැඩේ හරියන එකක් නැද්ද?“අම්මා දැම්මම අඩන්න ලෑස්තිය...තාත්තා අම්මට කතාව කියනකොට අම්මගේ මූනෙත්  පිළිකුලක් ඇඳෙනවා මං දැක්කා...

ප.ලි

මම සුගතදාස ක්‍රීඩාංගනයේදී පත්වීම ගත්තේ හිතේ කැමැත්තින් නොවේ...මේ ජරා සංස්කෘතියට මාත් ගොදුරු වුනාද කියලා මගේ හිත වද දුන්නා..පත්වීම ලබා ගන්න දේශ පාළුවා සම්බන්ධ වුනාද නැද්ද කියා මං තාමත් දන්නෑ.ඒත් මුලින්ම ලකුණු තිබූ සියළු දෙනා තේරී සිටියා.දේස පාළු අත ගසන්නේ  ඊළඟ පත්වීම් වටයට බව එහිදී කවුදෝ කියනව ඇහුනා..ග්‍රාම නිලධාරි පුහුණුවට යන අතරම මට රජයේ වෙනත් රස්සාවක් සෙට් වුනා...ඒකෙදි මං කාටවත් පන්දම් ඇල්ලුවේ නෑ කියලා දන්න හින්දා මේක අත ඇරලා හිතට එකඟව ඒ රස්සාව මං බාර ගත්තා...ඊටත් අවුරුද්දකට පස්සෙ තමයි මං මල් වත්තක වැඩිහිටි  සමන් මලක් වෙලා ආවේ...

----සුදු වෑන් එකක් එයිද ???එහෙම වුනොත් මගේ සුදු මහත්තයා බලාගන්නේ කවුද????-----------




25 comments:

  1. අපූරු ඉදිරිපත් කිරීමක් වත්සලා,

    ''පිස්සො ගොඩක් මැද්දෙ ඉන්නකොට පිස්සු නැති එක මිනිහෙක් විතරක් හිටියොත් ඒ මිනිහට කවදාවත් හරි හමන් විදියට ඉන්ඩ බෑ...මිනිහත් දෙයියන්ගෙන් ඉල්ලයි තමන්ව පිස්සෙක් කරන්ඩ කියලා“ හොඳ යෙදුමක්,

    පිස්සා කියල කිව්වේ මට නෙවෙයි නේද​?

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ..ඔයා පිස්සෙක් යැයි.. උම්මන්තකයෙක්නේ...

      ස්තූතියි...

      Delete
  2. මගෙ බල්ලවත් යන්නෑ ඕකුන් පස්සෙ... රෙද්ද...!

    ReplyDelete
  3. මට නං යන්න උනා...ඒත් අපේ බල්ල නං මාත් එක්ක ආවේ නෑ.ඌට කැත හිතිලා වෙන්න ඇති ඩ්‍රැකී

    ReplyDelete
    Replies
    1. මගෙ බල්ලා එන්නෙ මගෙ පස්සෙන් විතරයි... :-)

      Delete
  4. //.......යකෝ ඇයි ඕක කලින් කිවුවේ නැත්තේ...දන්නවනං මං උපන් දවසෙම තාත්තට කියනවනේ ඔයි කෙහෙල්මල් කාඩ් එක අරන් දියන් කියලා...අපරාදේ අවුරුදු 16ක් විතර පාඩම් කරන්ඩ ගත්ත මහංසිය....වියදම් කරපු සල්ලි කන්දරාව...සේරම රුපියල් 10න් ෂේප් කර ගන්න තිබුනනේ....//

    සිරා කතාව

    ReplyDelete
  5. එකදිගට කියවන් ගියා කතා බොහොමයක් අල්ලගෙන. එක කතාවක් නම් ටිකක් අමාරුවෙන් දිරව ගත්තේ.
    දේශපාලකයොන්ගෙන් බේරෙන්න කාටවත් බැ වත්සලා.
    ළමා කාලෙ ඉඳන් විප්‍රවාසිව ඉන්න අපිවත් අල්ලගත්තු අවශ්ථා තියෙනවා. මොනවා කරන්නද අපේ රටේ හැබෑව තමයි ඒ.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ.ඇමැත්තගෙ කතාවට මට පොලව පලන් යන්න හිතුනා

      Delete
  6. ඇත්තටම රජයේ විභාග වලින් වැඩි ලකුණු ගන්න අයට දේශපාළුවො බලපෑම් කරනවා කියන එක මට නම් ෂුවර් නෑ.ඒකට පස්සෙ මට තව පත්වීම් 3ක් හම්බුනා.මම කාටවත් පන්දම් අල්ලන්න ගියේ නෑ.විභාග ලකුණු වලින් හම්බුනේ..කටවුට් මාක් ආසන්නයේ ඉන්න අයව නම් කපලා දාල එයාලගෙ අය ඔබනව ඇති

    ReplyDelete
  7. මොනවා කරන්නද ඉතින්.. සිස්ටම් එක ඕකනම් ඉතින් අපිට ඒකේ හැටියට වැඩ කරන්න වෙනව..

    ReplyDelete
  8. මට උනේ ලොවෙත් නැති වැඩක්..

    ජොබක් ටාගට් කරගෙන හිටපු එකෙං අස් වුනත් නොහිතූ විදියට මාස දෙකක් විතර ගෙදර ඉන්න උනා.. ඒ කාලේ මහ චන්දයක්. අතීසාර මිත්‍රයෙක්ගේ බල කිරීමට වගේ ගියා ඔය කාලේ දූසනේ නෑයි කියන කහකුරුල්ලා මාක් ඇමැත්තෙකුට උදවු කරන්න.. අනේ චන්දෙ දාන්න දවස් අටක් තියලා අර රස්සාවට යන්න වෙලා කොළඹ ආවයින් මගේ ඡන්දෙවත් දා ගන්න බැරි උනා.. ඒකෙං මේකෙං උනේ වැඩට ඇවිත් සති දෙකක් යන්න උනේ නෑ අර ඇමැත්තා ගෙන් ලියුං කරදහි අරං එන දෙතුන් සීයකට කම්කරු සිකුරිටී වගේ රස්සා දෙන්න උනා.. (උනාමත් නෙවෙයි තිබුණු අවශ්‍යතාවය නිසා මංම ගෙන්න ගෙන රස්සා දුන්නා..) මිනිහා හෙනට ලකුණු දා ගත්තා ඒකෙන්.. මට ඊට පස්සෙ හම්බවෙන්නවත් යන්න බැරි උනා.. හැක්.

    ReplyDelete
    Replies
    1. මදැයි වෙලා තියන හරිය...මගෙ කතාවේ අනිත් පැත්ත වගේ

      Delete
  9. නියමයි. හොඳට ලියල තියෙනවා. ඔය දෙසපාළුවො කරපු වැඩ නිසා තමා මේ රටේ රාජ්‍ය සේවය හුඟක්ම සවුත්තු වෙලා තියෙන්නෙ. මේ කතාවේ ඉන්න දෙසපාළුවා මේ වෙද්දී නම් ඇමතියෙක් නෙමේ වෙන්න ඇති නේද. යන්න කලින් තාත්තා කීව කතාව හරියටම හරි.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඇමතියෙක් නෙමෙයි මයෙ හිතේ.ස්තූතියි මනා.....ඒක තමා එදා මඥ්ඥං උනාට අද තේරෙනවා ඇත්ත කියලා

      Delete
  10. අවංක විදියට තමන්ගේ කතාව කියපු එක ගැන ස්තුතියි.

    සමාවෙන්න මෙහෙම කියනවට... මගේ නම් බල්ලෙක්වත් මම රජයේ රැකියා වලට යවන්නේ නැහැ. දෑතේ විරියෙන් ස්වයන් රැකියාවක් කරනවා නම්බුයි. එහි බොහොම පොඩි දෙනෙක් තමයි වැඩක් කරන්නේ. ඒ පොඩි දෙනා පුදුම දුකක් විඳින්නේ. ඒ මිනිස්සු අසරණයි. මට නම් ස්වාධින රැකියාවක් කරන්න ඕනේ. වැඩේ කෙරෙන්න ඕනේ. ප්‍රගතියක් තියෙන්න ඕනේ. නැත්තම් මට වසන්න බැහැ , වැරදුනා වටේ උන්ට වසන්න මම දෙන්නේ නැහැ.. හි.. හි...

    මෙහෙම කිව්වට මගේ අම්මි රජයේ රැකියාවක් කලේ. අප්පප්ච්චි නම් ඉවසන් ඉන්න බැරිම තැන අයින් වෙලා පුද්ගලික අංශයට ගියා. රජයේ රැකියා කරන අය දැක්කමත් දුකයි වගේ. ඒක මගේ මහන්තත්ත කමට කිව්වා නෙවෙයි. ( මම උසස් කියල හිතන්නේ නැහැ) ඔවුන්ගේ කටුක ජිවිතේ දැකල. දේශපාලනේ නොගැවිච්ච සිල් රෙද්දක්වත් තිබුනද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත උපේක්ෂා...ඕන ඉලව්වක් ඉවසන්න පුළුවන්...මේ දේශපාලන ඇඟිලි ගැසීම් නැත්තන්.ලොක්කා පියන්ට බයයි.ඌ ඇමතිගේ ගොට්ට කියලා...අන්තිමට මැද මට්ටම් වල ඉන්න එවුන් තමයි තැලෙන්නේ දෙපැතතෙන්ම

      Delete
  11. මම හිතන්නෙ නෑ අපේ ජීවිත කාලෙවත් මේ අශික්ෂිත ක්‍රමය වෙනසක් කරන්න ලැබෙයි කියල. ඇත්තම කිව්වොත් මම ඉස්සෙල්ලම රස්සාවකට ගියෙත් දේශපාලන රෙකමදාරුවක් මඟින් තමයි. ඒත් ඒ රස්සාවට අවශ්‍ය තරමටත් වඩා සුදුසුකම් මට තිබුනා. ඒත් ඒ ආයතනයෙ රැකියා දුන්නෙ ඒ ක්‍රමේට නිසා මටත් එහෙම කරන්න වුනා. නැත්තං ඉතිං රස්සාව නැතුව ගෙදර ඉන්නයි වෙන්නෙ.

    ReplyDelete
  12. ඇත්ත රවී සේරටම කලින් ජීවත් වෙලා ඉන්න එපැයි

    ReplyDelete
  13. ගොස් නැත, යන්නේ ද නැත.
    හැබැයි දන්නා අඳුනන කෙනෙක් ගිය වෙලේ එපා කීවේද නැත. ඒ පක්‍ෂකමකට එහා ගිය හිතවත්කමක් නිසාය.

    ReplyDelete
    Replies
    1. කරුමෙට වරක් යන්නට සිදුවිය.ආයෙත් නම් යන්නේ නැත

      Delete
  14. /* මං මල් වත්තක වැඩිහිටි සමන් මලක් වෙලා */

    ???

    ReplyDelete
    Replies
    1. රසික කියවන්නකෝ මගේ “කැලයක උපන් මල්වත්තක සුවඳ මතක පොද“ ලිපිටික.


      සුද්ද සිංහලෙන් කියනව නම් ගම් බද දුෂ්කර ඉස්කෝලෙක ගුරුවරයෙක් වෙලා

      Delete
  15. Supiri lipiyak. Jayaweva..

    ReplyDelete