දයාබර විචා තුමනි
එකපාරටම ඇත්තද කියල හිතාගන්නත් බෑ............
ඉස්සරලම මගේ බ්ලොගෙට එබිල අඩුපාඩු පෙන්නල දීපු ඔබ මේ වෙනකොට අපි අතර නෑ...
2016 මාර්තු විසි හය වෙනිද නෙළුං යායෙ මැද්දෙ හුදකලාව ඉන්නකොට ළඟටම ඇවිත් තමංව අඳුන්නල දීපු ඔබ ඊලඟ නෙළුං යාය දවස උන්නෙ ලෙඩ ඇඳේ...
ඒත් කවුද මෙහෙම දෙයක් හිතුවෙ..අපි හිතුවෙ සනීප වෙලා 2018 නෙළුං යායෙදි හමුවෙමු කියල නේද
එදා ඔබ නෙළුං යායට ආවෙ මස්සිනාගෙ දේහය ගෙදර තිබියදි...
අද ගෙදර සාලෙ මැද තියෙන්නෙ ඔබේ දේහය..
බ්ලොග් ලෝකයේ පියවන්න නොහැකි හිස්තැනක් තියල ඔබ ගියා...
කමෙන්ට් ,පෝස්ට් හා එදා හමුවුන ඔබ අනිත් අයට නොව අනිත් අය හිනස්සා ඔවුන් සමඟ සිනාවෙන මනුශ්‍යෙයකු හැටියට මං හිතුව..
ඉතින් විචා තුමනි ..
ඔබ අපිට කලින් ගියා.....
එතැන කොතැන උනත් ඔබ අපි එන විට එය සිනාවෙන්ම පිරැනු ලස්සන තැනක් කර තිබෙනු නොඅනුමානයි..
සුභ ගමන් විචා තුමනි..
එතැනදී නැවත බ්ලොග් ඇතිව හෝ නැතිව යලිත් හමුවෙමු
1
ReplyDeleteකියාගන්න බැරි අඩුවක්.. :(
ReplyDeleteඑතුමාට නිවන් සුව පතමු
ReplyDeleteනිවන් සුව Wicha
ReplyDeleteජීවීතය ගැන අපූරු පාඩමක් කියල දුන්
ReplyDeleteනිහතමාණී සොඳුරු මිනිසා...
ඔබට සුබ ගමන්...
ඔබට සුබ රාත්‍රියක් විචා!!!
ReplyDeleteසුභ ගමන්. ඔබට නිවන් සුව.
ReplyDeleteමුහ්..මුහ්... නැන්දේ මගේ හදවත හඬා වැටෙනවා ,පුපුරන්නවගේ. කොළොන්නාවේ මරණ කියක් වුනත් මොකෝ ඒ වගේද විචා තුමා
ReplyDelete