මගේ ළමා විය විනාකිරි වැඩි වූ
අච්චාරුවකි.කප්පරකට ආදරය හිතේ පුරෝගත්තත් මගේ යහපත තකා මා සිය දෑස් මානයෙන් ඈත් කර
හැදීමට මගේ අම්මාටත් තාත්තාටත් සිදු වූයේ එකල අපේ ගමේ ප්‍රවාහන අපහසුතා ඒතරම්
සුන්දර වූ නිසාය.ඒ නිසා මගේ මුළු ප්‍රාථමික පාසල් අවධියම ගෙවී ගියේ වෛවර්ණ
පුද්ගලයන් අතරය..
දෑස් පියාගෙන ජීවිතය ඔස්සේ ආපස්සට යාමේදී
මගේ ජීවිතය වර්ණ ගැන්වූ බොහෝ චරිත එකි නෙකා මතකය ඔස්සේ තාමත් හිතට රිංගා ගනී..නැත
නැත....ඔවුන් හිත මතුපිටට පැමිනේ...ඒ ඔවුන්ගේ මතකය මගේ හිත පතුලේම ආත්මයේ ගැඹුරේම සදහටම නිදන්ව ඇති නිසාය.ඒ
මතකයන් සදහටම මගේ ජීවිතයේ කොටසත්ව ඇති නිසාය.
මගේ එක වසර ජීවිතය ගත වූයේ පියසීලි
කිරිඅම්මා යටතේය.නීති ගරුක ගුරුවරියක් වූ ඇය මගෙන් බලාපොරොත්තු වූයේ පුංචි
වැඩිහිටියෙක් වීම නිසා ඇයත් මාත් අතර නිරන්තර ගැටුම් ඇති විය.එකල මට ළමයෙකු වීමට
බැරි වුවත් මගේම තාත්තාත් සමන් බාප්පාත් ඒ දරදඩු නීති රීති ජාලයේ සිදුරු තුලින්
වරින් වර ලමාලෝකයේ සවාරි සඳහා මා රැගෙන ගියහ.
අනතුරුව දෙක තුන වසර වලදී මගේ ජීවිතය වෛවර්ණ
මල් උයනක ගෙවී ගියේය.ඒ ධර්මා නැන්දා බාරයට මා පත්වීමත් සමඟය.අද සිටින මේ ලේඛිකාව
හඳුනාගත්තේ ඇය විසින් වන අතර මතු පිපෙනු ඇති කැලෑ මල් සඳහා බීජයන් හිඳුවා පෝෂණය
කලේත් ලෝකය සුන්දර හා ආදරණීය බව මට ඒත්තු
ගැන්වූයේත්, ඇයමයි.එකල මට සැබවින්ම ළමයෙකු වීමට හැකි විය.එකල මම නිතර ප්‍රීතියෙන්
උන් නිදහස් මනසකින් යුත් ළමයෙකු ලෙස ජීවිතය ස්පර්ෂ කළෙමි.අනාගත සුභ සිහින
දුටුවෙමි.
අනතුරුව එලඹියේ ජීවිතයේ කුණාටු සමයක් වන අතර
ළමා සිත්වල අප්‍රසන්න මතකයන් වඩා තිරසරව තැන්පත් වන නිසාදෝ වසර දෙකක මතක සියල්ලන්ම
අතරින් මගේ සිතේ තැන්පත්ව ඇත්තේ මේ මතක පමණමය
එහි ප්‍රතිඵලය වූයේ මා බෝක්කු අසලින් යාමට
බිය වීමය.මන්ද බෝක්කු යනු ජලය බැසයාමට නොව ළමයින් මරා සැඟවීමට සාදා ඇති දෙයක් බවට සෑහෙන කාලයක් යනතුරු මා විශ්වාස කිරීමට පටන්
ගැනීමයි.
කෙසේ වුවත් අතීත සවාරි වල මා වෛරකරන හා
මඟහැර යාමට උත්සාහ කරන මෙම මතකයන් මාත්
අනෙත් අයත් බලාපොරොත්තු වූවාට වඩා හානියක් මගේ ජීවිතයට සිදුකල බව දැන් මට
වටහා ගත හැක.
මම නිතර සිනාසෙන කටකාරිකගෙන් ගොළු හදවතකට මාරු වීමි.ගේ පුරා වත්ත පුරා දුව
පැන්න මම කාමරයේ බිත්ති හතරට සීමා වූ ලෝකයක් තනා ගතිමි.මගේ දෙමාපියන් හා ධර්ම
නැන්දා මට විවර කර දුන් විසල් ලෝකය තුල තාප්පයක් බැඳගෙන කුඩා රාජධානියක් ගොඩ
නගාගත් මම එහි සදාතනික හිරකාරයක් වීමි.පිටස්තර ආක්‍රමන සඳහා වහා කෝපාවිෂ්ටව යුද්ධ
කිරීමට පෙළඹීමි.
මගේ පෞර්ෂය ,මගේ ප්‍රීතිය පමණක් නොව එකල මට
මා පවා අහිමි වී ගියේය. මගේ දෙමාපියන්ගේ සෙවනේ වසර හයක් ගත වුවද මට මා යලි සොයා ගත නොහැකි වූ අතර ඒ සඳහා මට අවශ්‍යතාවයක්ද නොවීය.මගේ
ජීවිතය මත්තේ අපිලිවෙලට හැළුන කළු තින්ත පැල්ලමක් වූ අතර එය විසින් සියළු වෛර්ණ
අවස්ථාවන් බොඳ කර දමන ලදී
ජීවිතයේ ඇතැම් දොරවල් මට නොපෙනෙන මානයක වැසී
තිබිනි.
හදිසියේම සාමාන්‍යෙපල ප්‍රතිපලත් සමඟම මගේ හුදෙකලා
රාජධානීයේ තාප්ප ඉරිතලා ගියේය.ඇහැලියගොඩ මැදි විදුහලට ඇතුලත් වූ මම යලිත්
අහිගුන්ටික ජීවිතයට පිලිපන්නෙමි.මෙවර තාත්තාගේ මවගේ මල්ලීගේ ගෙදරය.නෑකම එසේය.
නමුත් නෑකමට වඩා ඕනකම ලොකු වූවා සේ යලිත්
මගේ ජීවිතයට ආවේ කුණාටුවකි.එය වඩා ආදරනීය වඩා මුදු කුණාටුවකි.
පෙර කුණාටුවෙන් ඇදවැටී මිය ගිය සියළු දෑ
ඉවතට ගසා දැමූ කුණාටුවකි..හිරු එළිය දිලෙනු සඳහා අදුරු වලාකුළු මතක පලවා හැරි
කුණාටුවකි.අවසානයේ මා තනාගත් හුදෙකලා රාජධානියේ තාප්පය සුනු විසුනු කර ලෝකයක
ජීවිතයට මා තල්ලු කල කුණාටුවකි.ජීවිතයේ කුණාටු සමයන්ට මුහුන දෙනු වස් මා දෙපයින්
සිටවා තැබූ කුණාටුවකි.
ඒ මගේ සීයාගේ බිරිඳයි.නෑකමට ඇය මගේ
කිරිඅම්මා වන්නීය...
මම දෑස් පියා ගතිමි..අවුරුදු දහහතරක අතීතයට
මතක පාවඩ ඔස්සේ ඇවිද යමි.සිත හිස් කර ගමි.ලිවිය යුතු කප්පරක දේ ගොනුකර ගත නොහැකිව
වෙහෙසෙමි.මම වසර දෙකක් පුරා මෙය ලියමි ...මකමි...මකමි....ලියමි...අවසානයටම ලියුවත්
මා ස්පර්ෂකල වටිනා යමක් අකුරු අතර මතු නොවූයේ යැයි විස්කෝප වෙමි...යලි
මකමි...ආයෙත් ලියමි...
එකල නම් මට ඇය සාමාන්‍ය ගැහැණියකි..ආගන්තුකයෙකි....මගේ
නොව වෙනත් දරු තිදෙනෙකුගේ මවකි.
නමුත් වසර දාහතරකට පසුව සිතා බලන කල ඈ මට
මවකි.ගුරුවරියකි...විශ්ව විද්‍යාලයකි..සංග්‍රාහිකාවකි...අවසානයට ඈ මට මුළු ලෝකයකි.
ජීවිතය යනු මෙය යැයි ඇය මට දේශන පැවැත්වූ
එක් දිනයක් වත් මගේ මතක අතරේ සොයා ගත නොහැක.ජීවිතයට ආදරය කරන්නේ කෙසේදැයි ඇය
කවරදාකවත් මට විස්තර කලේ නැත.මනුශ්‍යා යනු මේ ආකාරයේ සතෙකැයි ඇය මට කවරදාකවත් ඇඳ
පෙන් වූයේ නැත.යුවතියකගේ ගැහැණියකගේ වටිනාකම මේ යැයි මට කවරදාකවත් පංති පැවැතුවූයේ
නැත.අනුන් වෙනුවෙන් කැපවීම් කල යුතුයැයි කවමදාකවත් කීවේත් නැත.ලෝකය ලස්සන බව
කවදාවත් මවා පෙන්නුවේත් නැත.
නමුත් තම පංතියේ උන් සෙමින් මනස සංවර්ධනය වන
දරැවන්ගේ හා අතීත ගම් මැදි හෑලි ගෙන හැර දක්වමින් ජීවිතය යනු කුමක්දැයි ඇයි මට
නිහඩවම ඉගැන්නුවාය..අසල්වැසියන්ට සිසු දරුවන්ට හා මුළු ලෝකයටම ආදරය දක්වමින් ගෞරව
කරමින් ජීවිතයට ආදරය කරන්නේ කෙසේදැයි කියා දුන්නාය.ඇගේ මාධ්‍ය වචන හෝ නර්මාලාප හෝ
අයිසින් කරන ලද ආත්ම ප්‍රකාශන නොවීය.හුදෙක් ක්‍රියාවන්ම ,හුදෙක් අනෙක් උදවිය
කෙරෙහි දක්වන ලද ආකල්පම පමණක් විය.
යලිත් මනුශ්‍යත්වය පිලිබඳ විශ්වාසය මා තුල
ඇතිකිරීමට ඇය සමත් විය.ජීවිතය අභියෝගයක්ව බාර ගතයුතු බවත් ඇකිලී පැකිලී නොසිටිය
යුතු බවත් නොපැවසූ ඈ මා සාහසික ලෙස ජීවිතය තුලට තල්ලු කලාය.ඒ දෙපයින් හිට ගත හැකි
පරිදි මා ශක්තිමත් වීමට පෙර නම් නොවේ..
මලගිය සෙවනැලි අත හැර ජීවිතය අල්ලා ගතහැකි
තවත් පොටක් ඈ මට සොයා දුන්නීය...අද සිටින මා මටම සොයා දුන්නී ඈය.
බහුතරයක් ඥාතින් මා දුටු සැනින් කිටිකිටියේ මා තුරුළු කර සිප වැළඳ ගන්න විට මා
තුල ඇතිවන්නේ නුරුස්සන බවකි.මක් නිසාද එය ප්‍රදර්ශනයක් විනා හදවතින්ම ගලන ඇල්මක්
නොවන බැවිනි.
නමුත් ඇය දිදුලන දෑසින් මා දෙස බලා නගන එක්
සිනාවක් මට කෝටියක් වටින්නේය.ඒ ඒ හිනාව තුල ඇගේ හිතේ මා වෙනුවෙන් ඇති සියළු හැඟීම් ගැබ්ව ඇති බැවිනි.මේ ලිපියේද ඈ
පිලිබඳ ලිවිය යුතු වැදගත්ම දේ ලියවී නැති
බව හැඟේ..
ඇය පිළිබඳ මා තුලවූ ආදරය භක්තිය ගෞරවය
විස්වාසය කිසිදු භාෂාවක් තුලට ගොනු කල නොහැක.
ආදරණීය කිරි අම්මේ ,ඔබ මගේ ජීවිතයේ කෙබඳු
වටිනා කොටසක් දැයි ඔබ අවබෝධ කරගෙන ඇති බව මට නිසැකය.නිතර හමු නොවුනත් කතා නොකලත්
මගේ හදවතේ ගැඹුරුම තැන ඔබත් සිටින බව ඔබ දන්නව.
ආපසු ජීවත්වීමට මගේ ජීවිතය සොයා දුන්නාට ඔබට
ස්තූතියි.කවදාවත් නොකීවට සැබවින්ම මම ඔබට මග හුඟක් ආදරෙයි..
වසර දාහතරකට පසුවත් ඔබ ගැන වූ ඒ මතකයන් ප්‍රදීපාගාරව
මගේ ජීවිතයේ අඳුරු අහු මුළු එලිය කිරීමට සමත්ය.
මලානික සඳ පළුව
අඳුරු ලොව ඉරාගෙන
තරු අතර ඉඟිබිඟය දමාවී........
බොල්ව ගිය රළු පොළව
හිරු රැසින් දැවි දැවි
වසන්තය එන තුරා හිඳීවි....
හිරු රැසින් දැවි දැවි
වසන්තය එන තුරා හිඳීවි....
දිනෙක මෙහෙවර අතර
තැලෙන සැනසෙන හිතට
පෙර කතා එකින් එක නැගේවී....
ඉපල් වුන ජීවිතය
සෙනෙහසේ දියවරින්
මල් පිබිද වූ හැටි හැඟේවී.....
මා ලැබූ අද දවස
නුඹ නෙතින් දුටු බව
මතකයන් නිතර තනි රකීවී....
ලෝකයට පිවිසෙන්න
දෙපා මත හිට ගන්න
දුන්න දිරි යලි යලිත් දැනේවී...
ගෙවී ගිය කාලයක
නොදුටු නොඇසුන නමුත්
ආගමක් සේ හිතේ ඉඳීවී....
දෙවන මවුතුමිය වී.
සසර සැරි සරන තුරු
නුඹෙ සුවඳ මගේ ළඟ රැදේවී....
++++++
ReplyDeleteස්තූතියි වාසිත
Deleteඋදේම ඇස ගැටුනෙ මේක මුහුණු පොතෙන් ...අපූරු මතක ආවර්ජනයක්
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅනිවා ස්තූතියි
Deleteවසර දෙකක් පුරා මෙය ලියමි ...මකමි...මකමි....ලියමි...අවසානයටම ලියුවත් මා ස්පර්ෂකල වටිනා යමක් අකුරු අතර මතු නොවූයේ යැයි විස්කෝප වෙමි...යලි මකමි...ආයෙත් ලියමි...
ReplyDeleteනැන්දාට පිස්සු හැදීගෙන එයි ...අනේ කවුරුත් නැද්දෝ ..ඉක්මනට එන්නකෝ ..
මෙලෝ දෙයක් තේරුනේ නැතෝ ..... බුදු ආම්මෝ !!!!!
අනේ පවු මේ පුතා...අනිත් සේරටම තේරුන දෙයක් තේරිලා නෑ...ඇනෝ පුතේ උඹට විනා මට පිස්සු නැත
Deleteසෙනෙහසින් පිරි භක්තියෙන් බරවූ මේ වගේ කෘතවේදී පොස්ටුවක් උදෙන්ම කියවන්න ලැබීම භාග්‍යයකි. බොහෝම ස්තුතියි.
ReplyDeleteස්තූතියි කොරල්
Deleteනමුත් වසර දාහතරකට පසුව සිතා බලන කල ඈ මට මවකි.ගුරුවරියකි...විශ්ව විද්‍යාලයකි..සංග්‍රාහිකාවකි...අවසානයට ඈ මට මුළු ලෝකයකි.
ReplyDeleteජීවිතය යනු මෙය යැයි ඇය මට දේශන පැවැත්වූ එක් දිනයක් වත් මගේ මතක අතරේ සොයා ගත නොහැක.ජීවිතයට ආදරය කරන්නේ කෙසේදැයි ඇය කවරදාකවත් මට විස්තර කලේ නැත
ජය වේවා ..!!!
ජය වේවා සුමුදු ස්තූතියි
Deleteගෙදරින් පිටවෙලා ජීවත් වෙලා ඉදල ඉදල කාලයක් ගිහිං ආපහු ගෙදරට ආවම දැනෙන්නෙත් පිටස්තරයෙක්වගේ එහෙම දැනිල නැද්දවස්සලා අක්කා
ReplyDeleteහෘදයාංගම අතීතාවර්ජනයක්.. කිරි අම්මල කිව්වම කොහෙත්කිරි අම්මල එකයි කියල හිතෙනව
මටත් දැනෙනවා වෙලාවකට, මං කොහෙටවත් අයිති නැති කෙනෙක් වගේ...
Deleteඅනිවා මල්ලි...තරුට වගේ මං කොහෙටවත් අයිති නෑ කියල මටත් හිතිල තියනව
Deleteඅඩුගානෙ මේ ඉන්න ගෙදර(අපේ මහත්තයගේ) උනත් මං නිකං බෝඩිංකාරයෙක් වගේ..දැන් මට ඕන විදියට ටිකක් කඩල හැදුවට පස්සෙ ගෙදර වගේ දැනෙනව
//ආපසු ජීවත්වීමට මගේ ජීවිතය සොයා දුන්නාට ඔබට ස්තූතියි.කවදාවත් නොකීවට සැබවින්ම මම ඔබට මග හුඟක් ආදරෙයි.//
ReplyDeleteඇයට මෙය කියන්න. නිතර කියන්න.
ඇයට එසේ කියන එක අමුතුයි වගේ ඉයන්.නමුත් ඇගේ දරුවෝ බුකියෙ ඉන්නව.එයාලගෙන් කෙනෙක් අනිවා මෙය ඇයට පෙන්වාවි
Deleteමෙය මා මුහුණු පොතෙන් කියෙව්වා....බොහොම අව්‍යාජ සටහනක්...මිනිස්සුන්ට ජිවිතේ නොයෙකුත් තැන් වලදී තමන්ගේ ජීවිතය හැඩ ගස්වන අයව හමු වෙනවා...තමන්ගේ පවුලේ කෙනෙක් ගොඩක් වෙලාවට අපි හැමෝගෙම ජිවිත පිටිපස්සේ ඉන්නවා...
ReplyDeleteඅනිවා අක්කෙ..මං වැඩිපුර පිටම හිටිය හංද ජීවිතය හැඩ ගස්සන හා හැඩි කරපු නෑයෝ ඈයෝ මහ හුඟක් මගේ ජීවිතේ බන්නව
Deleteමගේ ජීවිතෙත් පිටුපසත් මෙහෙම අය ඉන්නවා අදටත්. මටත් පාර පෙන්නුවේ ඒ අය.
ReplyDeleteGoogle MAps? da
Deleteගූගල් මැපි..ඔයික බලන් යන හුඟක් උදවිය යන්නෙ වැරදිපාරෙ නොවැ ඉයන්...බලන්ඩකෝ නෙළුං සෙල්ලමට ආව බහුතරයක් ඔයික හංද අතරමං වෙලා තිබුන නොවැ
Deleteඅනිවා කුරහං මල්ලි අපි හැමෝටම එහෙමයි නොවැ
හැමෝගෙම ජීවිත වල මෙහෙම කට්ටිය ඉන්නවා නමුත් ප්‍රස්නේ අපි ඒ මිනිස්සුන්ව හදුනා ගන්න සැහෙන කාලයක් ගන්න එක
ReplyDeleteඒක තමයි කුලේ මල්ලි..අපිට ජීවිතේ දිහා ආපහු බලන්ඩ වෙලාවක් නෑනේ...ඒ හංද එයාල මෙහෙම කරල තියනව කියල අපට නොදැනීම අමතක වෙනව
Deleteහොඳ ගුරුවරු එහෙම තමයි.. ඇඟිල්ලෙන් ඇන ඇන කියල දෙන්නේ නෑ.. දැනෙන්න සලස්සනවා.. ඒ දැනීම කල් ගත උනත් සදාකාලිකයි..
ReplyDeleteහෘදයාංගම සටහනට ස්තුතියි!!!
අනිවා..මිත්තරේ..ගුරුවරු එහෙමයි..ඒත් ගුරුවරු වුන අපට කරන්න බැරි වෙන දේත් ඒකමයි
Deleteස්තූතියි
මග පෙන්නපු අය, බලාගත්තු අය අමතක නොකරන එකම ඒ අයට කරන කල ගුණ සැලකීමක්
ReplyDeleteජයවේවා!!