හිරුගෙ ඇස නොගැටෙන
පහත්ම නිම්නයක
වැරදීමකින්දෝ පිපුන පෙර
නොදුටු සුවඳ මල
ජීවිතේ සොය සොයා දුරට
පිය මනිනවද
කෙතෙක් දුර ඉගිලෙන්න
සුමුදු පෙති සවි ඇද්ද
එදා දැක්කා වගෙම
බිත්ති හතරම ගොළුයි
මේසයෙන් බිමට පැන හුණු
කැටය ඉකිබිඳියි
මඟ හැරුණු පොත් මිටිය
මතක සිතුවම් මවයි
හුරු පුරුදු හිනාවට
මගේ නෙතු මග බලයි...
ජීවිතේ සුන්දරයි උඹ ඒක
දන්නවද
නුඹ සතුට නුඹ ලඟයි -
අනෙකු සතු නෑ නේද
කොහෙන් හෝ සොයාගෙන
ලෝකයේ හොඳ දේම
ඔය සුවඳ පොද හෙටක ලෝකයට
දන් දෙන්න
නුඹ යනෙන මාවතේ කටු
බෝම මල් සේම
ඇහිඳගත් අකුරු පොඩි
බුමුතුරුණු වෙයි දිනක
බැඳී ඇති මකුළු දැල්
මගැර පෙරටම යන්න
යම් දිනක නුඹට හැක
අරුණැල්ල දැක ගන්න
//ජීවිතේ සුන්දරයි උඹ ඒක දන්නවද
ReplyDeleteනුඹ සතුට නුඹ ලඟයි - අනෙකු සතු නෑ නේද//
බොහොම එකඟයි.
ජයවේවා..!!
ස්තූතියි ලබුස්
Deleteලස්සනයි.
ReplyDeleteතැන්කුයි
Deleteඅනගියි...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සනයි..................
ReplyDeleteස්තූති
Deleteගුරුවරියක් නිසාම මේවගේ අත්දැකීම් බහුල ඇති.තමන්ට අතපොවන්න හැකි සීමාවේ ඉදන් අත දිගුකලනොහැකි සීමාවට හෙළන සුසුම ඒ දරුවාට ශක්තියක්ම වේවා...
ReplyDeleteසුට්ටං කසුට්ටා ගොඩ කාලෙකට පස්සේ..වෙල්කම් වේවා
Deleteලස්සනයි.
ReplyDeleteතුති
DeleteSuper!!!!
ReplyDeleteThanx miththre
Deleteබොහොම අපූරුයි...:)
ReplyDelete//ජීවිතේ සුන්දරයි උඹ ඒක දන්නවද
ReplyDeleteනුඹ සතුට නුඹ ලඟයි - අනෙකු සතු නෑ නේද// ...
හරියටම හරි, හැබැයි මේ දේ තේරුන් ගන්න ගොඩ දෙනෙකුට ගොඩ කාලයක් යනවා, සමහරුන්ට නම් මොනවා කරලවත් තේරුන් කරලා දෙන්නත් බැ කරන්නත් බැ..