දිවා රැය නිදි නැතුව
දුක සතුට සමව ගෙන
කැකුලක්ව පුබුදන්න
අනේ දිසාපාමොක්
නොදනී....
හීන අහුරු අහුරු ගෙන
දේදුන්නේ පාට ඉල්ලා
ඇඳි
බලි කුරුටු වල කතාව
අනේ දිසාපාමොක්
නොදනී....
.
පෙති දෙපෙති විහිද ගෙන
උදා හිරු දකින්නට
මල් කැකුළ පැතු පැතුම්
අනේ දිසාපාමොක්
නොදනී....
බිඳී ගිය මල් බඳුන
පාස්සා ගනු බැරිව
ගස හඩා වැටෙන බව
අනේ දිසාපාමොක්
නොදනී....
පරව ගිය මල් කැකුල
බිමට නොවැටෙන ලෙසට
ගස දරා ඉන්න යුරු
අනේ දිසාපාමොක්
නොදනී....



