Wednesday, January 16, 2019

මගේ ආත්මය හාමත්ව නිහඞවම හුදෙකලාව මියයමින් සිටී...


මගේ ආත්මය හාමත්ව නිහඞවම  හුදෙකලාව මියයමින් සිටී...


මට මහා මෙරක් ඕනෑ නැත.උවමනා දූවිල්ලක් පමණි.

අල පොතු අරිද්දී තුවාල වුනු ඇඟිල්ල ඔබ වෙත පෑවේ මගේ නොසැලකිලිමත් කම ගැන ඔබෙන් බැනුම් ඇසීමට නොවේ.ඔබ එක් වරක් ඇඟිල්ල අල්ලා බලා “ඉක්මනට සනීප වෙයි“ කීවානම් එය මට හොඳටෝම ඇතිය.එහෙත් ඔබ ඒ දිහා බැලුවේවත් නැතිය.එවෙලේ  ඇඟිල්ලට වඩා රිදුම් දෙන ලෙස හිත තුවාල වී ගියේය.

ඔබට වඩා දවස මට වෙහෙසකරය.ඔපීසියෙන් ගෙදර එන්නේ වැඩ ඇරිලා ආයෙමත් යන්නේ වැඩට බව නොදැන නොවේ..එවන් දවසක ඔබ රෑපවාහිණිය ඉදිරියේය.මම තනිව කුස්සියේය.ඔය වාහිණීය නිවා දමා මා උයන මුළු කාලය මුලුල්ලේම කයියක් ගසමින්  එකම එක  ලූණු ගෙඩියක් පොතු ඇරියත් එය මට සතුටකි.වෙහෙසකර දවස වියැකෙන්නේය.

ඔබ රූපවාහිණීය සමඟ කාලය බෙදා ගනිද්දී හැලිවලං අතර ඔට්ටු වන මට දැනෙන්නේ  මා අතහැර දමා ඇති බවකි.හුදෙකලා බවකි.එය වේදනාවකි.ඉන් දවසේ බර ,තවත් බර කරන්නේය.නලලත තවරන පුංචි හාදුවකින්,අනපේක්ෂිත වැලඳ ගැනීමකින් සතියක ජවය මට ලැබෙන්නේය.ඔබට තත්පරයකින් උරුමකල හැකි ඒ සතුට පවා මට නොදී සිටීමට තරම් ලෝභ ඇයිදැයි මට වැටහෙන්නේ නැත.

මගේ උපන්දිනයට මට බැංකොක් තායිලන්ත සවාරි ඇවැසි නැත.අවදි වූ මොහොතේ ම ඔබේ සුභ පැතුමකින්  මගේ උපන්දින දවස අරඹන්න මං මනාපය.හවස මගේ අතින් අල්ලා ගමේ පංසලට එක්ක ගෙන ගොස්  සයිවර් කඩයකින් උණු වඩේ එකක් සමඟ ප්ලේන්ටියක් අරන්දීම ඊළඟ උපන්දිනය තෙක්ම සෑහෙන්නේය..අපේ මුළු විවාහය පුරාවටම එක් දිනක් හෝ ඒ සතුට මට  උරුම වී නැත.

මට සතුටු වීමට ලොව වටා රටවටා සවාරි අවැසි නැත.ගෙට පල්ලෙන් ගලන දොලපාරට මසකට වතාවක් වත් මා නෑමට එක්ක යෑම සෑහේ..එය පවා ඔබෙන් මට උරුම නැත.මා ඊට ගියේ ,අසල්වැසියන් සමඟය.ඔවුන්ට සේ අත් දැකීම් හෝ සතුට හෝ බෙදාගැනීමට පවුලක් මට නැත.ඔබේ සතුට මගෙන් හුඟක් ඈතය.

රස මසවුළු,කසී සළු මට අවැසි නැත.ඒත් වැඩ ඇරී එන විට නෙල්ලි ගෙඩියක් ටොෆියක් අරන් ඒමට බැරිතරම් ඔබ දුප්පතෙකු නොවන බව මම දනිමි..ඒත් ඒ කැපවීම මා උදෙසා ඔබට නැත.

කකුලේ යකඩ ඇණයක් ඇණුන දිනය අදවගේ මතකය.එදා බෙහෙත් විදින්නට ගොස් ඔබ   ඔබේ මිතුරෙකු සමඟ සුහද කතාවේය.තනි කකුලෙන් පඩිපෙල නැගගන්නට බැරුව අනේ  එදා මා අසරණ වුන තරම් ....අනේ තාත්තා හිටියා නම් මා එතැන තනිකර දමා යන්නේ නැත...මා කර තබා හෝ රැගෙන යනු ඇත...එදා ඔබේ මිතුරා මගේ අසරණ කම දැක ඔබට නොපෙන්නුවානම් ඔබ කවදාවත් ම එය දැක ගන්නේ නැත.මා  බඩගාගෙන හෝ තනිවම එය තරණය කරනුඇත.

මගේ කුඩා කුඩා ජයග්‍රහණ ඔබ සමඟ බෙදා ගැනීමට කැමතිය...නමුත්ඒ කිසිවකට ඔබ ආවේ නැත.එකම හේතුව ඒවාට ඒමට ඔබට කම්මැලි සිතීමයි.ඔබට නොවැදගත් මට වැදගත් දෙයක් වෙනුවෙන් ඔබේ ජීවිතයේ එක් දවසක් වත් කැපකිරීමට ඔබට හැකියාවක් නැත.

ජෝඩු දමා ඔබේ අතේ එල්ලී ඇවිද යාමට සාප්පුවකට ගොස් ඇඳුම් තේරීමට ,තම ආදරණියයා සමඟ අත්දැකීම් බෙදා ගැනීම කොයි බිරිඳගේත් සිහිනයකි.එහෙත් තනිව බඩු ලැයිස්තුවක් ලියා ගෙන, අතින් කටින් බඩු මළු උස්සාගෙන ටවුම මැද්දෙන් බස් එකට දුවන මට ඒ බොළඳ ආදරණීය අත්දැකීම විඳ ගැනීමට දෛවය ඉඩ තබා නැත.

මා උදෙසා ඔබේ ලෝකයේ කිසිදු ඉඩක් නැත.ඔබේ මිතුරන් දෙමාපියන්ට ඔබ අයිතිය.නමුත් මට ඔබේ අයිතියක් නැත.

මා හුදකලාවේය...මා ඉල්ලන්නේ ආදරය කන් හැන්දකුත්...අවධානය මිලි ග්‍රෑම් පහකුත්, තත්පර කීපයක සිප වැළඳගැනීමකුත් පමණී.නමුත් ඔබ හුඟක්ම ලෝභය.

ඉතින් මගේ ආත්මය හාමත්ව අඟලෙන් අඟල මිය ඇදෙමින් සිටී.මගේ ජීවනාලිය සිඳී ගොස්ය...ජීවිතය හා දවස ඔසවාගෙන සිටිය නොහැකි තරම්ම බරය...

තව දුරටත් දරාගත නොහැකි තරම් මය....දැනටම ආදරය බිඳී ගොස් උදාසීන හැඟීමකින් හිත පිරී ඇත...එය ද වියැකුන විට ආදරය වෛරයක් බවට පත්ව ඔබ දාවාලයිදැයි මට සැක හිතේ...නොතකා හැරීම් මිලියනයකට...හිත රිද්දීම් ට්‍රිලියන දහයකට වගඋත්තර කරු වන ඔබ මගේ ආත්මය මරා දැමූ මිණී මරුවාය...ආත්මය සමඟ ශරීරයත් මියගියා නම් ඔබට බිය වීමට කිසිඳු කරුණක් නැත
.
මියැදුන ආත්මය සීතලය..හදවත බිඳී ඉරිතැලිලාය.....ආදරය දැනටමත් වියැකී ඇතිඅතර හිස් ඉඩ වෛරයෙන් හා වචන ඊතල වලින් පිරී යතැයි මට හුඟාක් බියය.....

ඉතින් ඒවායින් ඔබට හුඟක් රිදෙන්නට පුළුවන...ඒ මල ගිය ආත්මයකට ඔබේ තබා මගේ වත් හැඟිම් වලට සංවේදී විය නොහැකි බැවිනි.


11 comments:

  1. හ්ම්ම්ම්ම්.. දුකය... එය

    ReplyDelete
  2. හිත ශක්තිමත් කරගන්න, මේ ඔබට පමණක් උරුම දෙයක් නොවන බවත් සිතන්න. ඉදිරියේදී මේ පීඩාවන් ඉවත්ව යතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. තැන්තූ හැලපයො....නමුත් මගෙ පුද්ගලික අත්දැකීමක් නම් නෙමේ...ගොඩක් රැකියාවලට යන බිරින්දෑවරුන්ගෙ කතාවක් ඒක

      Delete
  3. ගෑණු ඔහොමමයි.. උන්ට අලියෙක් ගෙනත් දුන්නට වැඩක් නෑ.. අලි කෙන්දෙන් මාලයක් ගොතල දුන්නේ නෑ කියල චුරු චුරු ගානවා… අපෝ උඹල.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඉතින් කවුද අලි ඉල්ලන්ෙන... පිරිමි ඉතින් ඔ්ම ම තමයි. කියන ෙද් ෙනෙවයි ෙවන ෙදයක් හිතාෙගන කෑ ගහන්න දස්සයි...

      Delete
  4. පිරිමින් ෙම් හැඟුම් කවදාවත් ෙත්රුම් ගන්ෙන් නැත. ඔවුන්ට මීට වඩා කරන්නට වැදගත් වැඩ ෙබාෙහා් අැති බැවිනි...

    ReplyDelete
    Replies
    1. අනිවා අක්කේ අපට ඔන පුංචි දේවල්.......................එයාල හිතන්නෙ ලොකු දේවල් ඔන කියල.එවුව අරංදෙන්ඩ සල්ලි නෑනෙ.අන්තිමට අපිට දෙකෙන් එකක් වත් නෑ

      Delete
  5. ජාපාල කිලෝ බාගයක් දමා තේ එකක් හදා ඔබේ ස්වාමියාට පිළිගන්වන්න, පණ නැතිවෙන තරම් බඩ ගිය පසු දවසම ඔබ ලඟට වී සතියක් ඉනු ඇත, ඒස්වා හඃ

    ReplyDelete
    Replies
    1. නියමයි ඒක නම්

      Delete