කඳු කපා හැලෙන
සීතට
ඇඟේ ඇනි ඇනී
දැවටී
හිතත් රිද්දන
හී ගඩු මල
දාඩිය
පිපෙනකොට
පරවෙලා බිම
වැටුනට
දුක හිතුනාද
අම්මේ
ඒ ගැන හිතලමද
ඉරත් අහසට නැංගේ
බදු වගේ ඇඟේ
එල්ලී
කූඩැල්ලො ලේ
බොනකොට
ජීවිතේ තරං උස
රබර් ගස වටේ
වන්දනාවෙදි
කකුල් රිදුනාද
අම්මේ
ඒ ගැන හිතල මද
නිදිකුම්බ අතු පාවඩව බිම වැවුනේ
තරු රටා ඇඳි
අහස
මැටි බිත්තියට ඉහලා
කුඹුරකම මඩ ඇති
බිම
එළුන වැරහැලි
පදුරට
රෑ කරුවලත් ඇරගෙන
වත්තෙ මහත්තය
එනකොට
බය හිතුනාද
අම්මේ
අහසටත් දුක හිතිලද
අනෝරා කඳුළු වැටුනේ
පනහක අරන්
ලෝදිය
මිලියන පහක්
වෙරි උන
උඹේ මුර
දෙවියා
කානුවක බුදියන කොට
පාං බාගෙට
පොරකන
හීං උන්ගේ
කෙඳිරිය
කනට කටු
අනිද්දී
දුක හිතුනාද
අම්මේ
ඒ ගැන හිතිලමද
කිරි පැනිත් නැති පුර හඳ
වලාකුලකට වැහුනේ
මහ රෑ දකින හීන..
ReplyDeleteඒ මොකෝ දේෙසා්
Deleteඊයෙත් ඇත්ත අදටත් ඇත්ත.. අවාසනාවකට හෙටත් ඇත්ත මේකමයි..
ReplyDeleteජයවේවා..!!
අනිද්දටවත් මේක බොරුවක් කරමු ගස්..හැබැයි දැන් නං වතු ජනයාගේ ජීවිත මීට වඩා හොඳයි.හොඳ ගෙවල් එහෙම අදලා අපේ පැත්තෙ අය නං..
Deleteඇත්තටම දැනුන කවි පෙලක්.....ස්තූතියි අක්කෙ..
ReplyDeleteස්තූතියි මලේ
Deleteදැං ටිකකට කලින් මාර ප්‍රවෘත්තියක් ගියා
ReplyDeleteඒ මොකැයි අටමෝ
Deleteකිරි ගස් යට කඳුළු කතාව.. ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ...
ReplyDeleteමං නං ගැහුවෙ නෑ ඕං..හැබැයි කන්දක් පල්ලට පැන්නා කියල ආරජචියි
Delete/////පනහක අරන් ලෝදිය
ReplyDeleteමිලියන පහක් වෙරි උන
උඹේ මුර දෙවියා
කානුවක බුදියන කොට
පාං බාගෙට පොරකන
හීං උන්ගේ කෙඳිරිය
කනට කටු අනිද්දී
දුක හිතුනාද අම්මේ//////////
ඇත්ත ඇති සැටියෙන්ම... රබර් කිරි කඳුළු...ඒ කඳුළුවලට මිළක් නැහැ අගයක් නැහැ..හ්ම් කියනවා හැරෙන්න වෙන මොනවා කියන්නද....
හ්ම් අරුන
Deleteහරිම ලස්සනයි............ ජයවේවා
ReplyDeleteස්තුතියි යිාළුවනේ
Deleteසොබාදම් මව කම්පාවී...
ReplyDeleteහිතට දැනෙන කවිපද ගැලපුම.
මේ ඛේදවාචකය ගැන ගැඹුරු ලිපියක් දිවයින පත්තරේ පලවී තිබුණා:
http://www.divaina.com/2016/05/28/feature.html
++++++++++++++
Delete