Sunday, June 5, 2016

සුනාමියකට මැදි උනෙමි


ස්ටීවන් ලිසෙන්බර්ග්,වික්‍රම් ලිසෙන්බර්ග්,නිඛිල් ලිසෙන්බර්ග්,මමී ලිසෙන්බර්ග්....මල්ලීගේ කටහඞ තණතිල්ල උඩින් පියඹා යයි.ඒ මුදු වදන් මද පවන විසින් මුළු පෘතුවි ගෝලය පුරා ගෙන යයි.එහි ගැබ් වූ සතුට සාමය ආදරය,අන්‍යොන්‍ය විශ්වාසය දෑතින් ස්පර්ෂ කිරීමට තරම් ගනකම්ය

මමී ලිසෙන්බර්ග් !!!!!...සොනාලි ඊට විරෝදය පායි.



“මල්ලී ඇයි ම‍ගේ නම් දෙකම වැරදියට කිව්වේ... ඒ මම නෙමෙයි“

නිවුයෝක් නුවර උද්‍යාන බංකුවක් මත හිඳ සිය අනන්‍යතාවය විමසා බලන ගැහැනියක්...“මමී‘ යන පදවියෙන් තොරව තමා කවුදැයි වටහාගත නොහැකි ගැහැනියක්...එත් තත්පරයකින් මුළු ලෝකයම අහිමි වූ ගැහැනියක්,නටඹුන් වූ ලෝකය පීරා මතක වතකම් එකින් එක සීරැවෙන් රැස් කරන ගැහැනියක් ..

සොනාලි දැරණියගලගේ දෙනෙතින් උතුරා යන කඳුළු මගේ දෙකොපුල් ඔස්සේ රූරා වැටෙන්නේ කෙසේදැයි මට නොහැඟේ.

2014 දී සීමා බිඳගෙන ගොඩ ගැලූ උදම් රල පහරට අසුව ‍ෙසානාලිගේ ලෝකය සේදී ගියේය.

ඇගේ සැමියා..දයාබර ස්ටීව්,පුතුන් වික් හා මල්ලී...අම්මා තාත්තා යන සියල්ල ලවන ජල‍යේ සේදී ගියේය.
ඒ සා ආදරණීය පවුලක්,සංස්කෘතින් දෙකක් යා වුනත් ඒ සා අවබෝධයෙන් සිටි පවුලක්,ඒ සා සුරතල් දරු පැටවුන් දෙදෙනෙක්...මට අදහා ගත නොහැක..අදහා ගත නොහැක...

උගුරේ පෙරලෙන හැඩුම නවත්වා ගත්තත් කඳුළු නොනවතී...වැහිබිඳු තරම් කඳුළු කැට උකුලේ තබා හිඳින පොත මතට වැටේ..

එදා සොනාලිගේ ලෝකය ගිලී ගිය ලවන තලය මැද මගේ හදවතද කිඳා බහිනු දැනේ...

හිත් පිත් නැති රළ කුමක්වත් නොවුනා සේ මගේ උකුල උඩ නිහඞය ..නිශ්චලය...

මුහුදු රළ සේමය..තමා කල විපතක තරම කිසිසේත් හඳුනා නොගෙන පසුතැවීමකින් තොරව තවමත් නගින බසින මුහුදු රළ සේමය

 ලන්ඩනයේ පදිංචි ඔවුන් මෙරටට පැමිණියේ මරනය සොයා නොවේ...තම ආදරණීයයන් සමඟ නත්තල සැමරීමටයි.නත්තල සාමයේ පණිවිඩය ලද දවසයි...

එහෙත් මේ දරුණු මුහුදු රකුසා සොනාලිගේ ලෝකය මකුළු හුයක් සේ කඩා බිඳ දැමීමට එදාම තෝරා ගත්තේ මන්දැයි මට නොවැටහේ.

මුහුද තම ආක්‍රමණය සඳහා නත්තලම - සාමයේ දවසම තෝරා ගත්තේ ඇයි?? මට නොවැටහේ..

සුනාමියෙන් වසර 10කට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇත.ස්ටීව්,වික්,මල්...සොනාලිගේ ලෝකයෙන් නික්ම ගොස් වසර දහයක් ගතවී ඇත.

එහෙත් ඇය තාමත් ඔවුන්ගේ උණුසුම විඳින්නීය....ඔවුන්ගේ ආදරය විඳින්නීය..ඔවුන්ට ආදරය කරන්නීය...සොබාදහම සිය කුරිරු හස්තයෙන් වෙන් කලත් සොනාලිගේ හදවත තුලතවමත් ඔවුන් ජීවමානය...සදාකාලික නොමියෙන ආදරයක මල ගම පැතු සොබා දහම පරාජය වී ඇත.පරාජය වී ඇත.


නිවුයෝක් නුවර හීතල කාමරයක බිත්ති මැද පවා තවමත් ඇය සිය ආදරය දල්වා ගෙන හිඳී...

වික් ස්ටීව් හා මල් නැතිව තමාට අනන්‍යතාවක් නැති බව ඈ පවසන්නීය..එහෙත් ඇය නොදන්නා විය යුතුය..ඔවුන් නැතිව- ඔවුන් සමඟම ඇය අළුත් අනන්‍යතාවයක් ගොඩ නගා ගනිමින් හිදී...

ඈ සොනාලි දැරණියගල නම් ලේඛිකාවයි...ස්ටීව්ගේ ආදරය අවබෝධය,මල්ගේ හුරතලය හා වික්ගේ නිමක් නොවන ප්‍රශ්න ඇසීම් අහිමි වී ගියත් මේ සියල්ල අලලා ඇය ලියූ “රළ“මැද ඇගේ ඒ ජීවිතය සුරක්ෂිතය.

දැන් ලෝකයම දනිත් ඇය-මොඩ කොළුවන් තිදෙනෙකුගේ මමී ලිසෙන්බර්ග් වූවා සේම සොනාලි දැරණියගල බව.

ලෝකයක් අහිමිවීම තුල ලෝකයක් හිමිකර ගත්..අහිමි වූ සතුට මැද හිනාවක් ගොඩනගාගත් සැබෑම දිරිය ගැහැණියක් බව

සොනාලි දැරණියගලගේ - Wave(A memoir of life after the Tsunami)

ඔබත් කියවා බලන්න...විඳවීම විඳිමක් කර ගත් ගැහැණියකගේ කතාව

7 comments:

  1. ස්තූතියි අක්කා පොත ගැන සටහනට වෙන මක්ක වත් හිංද නං නොවෙයි. පොළඹවන සුළුයි...
    හොයාගෙන කියවන්න ම වෙනව..
    ලිස්ට් එකට දාගත්ක ඔන්න

    ReplyDelete
    Replies
    1. සුනාමියකය මැදි වුණෙමි//
      සුනාමියකට නොවෙද

      Delete
    2. වැරැද්ද හැදුව මලේ...තැන්කූ...
      මාව හිරි වැටිල ගිය පොතක්

      Delete
  2. කියවන්න බොහොම වටිනා පොතක් වගේ.

    සටහන බොහොම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අනිවා විභී..කියවන්ඩ කියවන්ඩ

      Delete
  3. Replies
    1. අනිවා....කියවන්ඩම වටිනවා

      Delete