Monday, November 2, 2015

යුග පෙරලිය



ඉපිද මැරෙති යලි උපදිති
රිය සක ලෙස පවු ගෙන යති
සෙව නැල්ලත් ඇද වුනාට
පිං මිනිසා පසු පස යති

සසර පුරා පතාන ආ
ආලය ගිණිගෙන ඇවිලෙති
අළුත උපන් පුංචි එවුන්
කුණු ගොඩවල් උඩ මියයති

පෙර භවයේ පිංකල උන්
පගාව දී රැකියා ගති
වීනා කඳ හොරු අරගෙන
සරස්වතී පිකටින් යති

දෑවැදි යහමින් ඇත්නම්
විසි තිස් වර කසාද ඇති
ජීවිත බර දරනු බැරිව
පතිනි දේවි වීදි බසිති........

පඩුපුලසුන කුස්සිය මැද
මස් පුච්චන්නට දී ඇති
සිතුමිණි සෑ ගිලා බැසල

අග්ගලයට පහන් පුදති..........

16 comments:

  1. ශා මරේ මරු.......ඊට වඩා පිංකල වුන් පගාව ගෙන රස්සා දෙති.......

    ReplyDelete
  2. ලස්සනයි. ඇත්තම තමයි.. කියන්න වදන් නෑ. මරු.

    ReplyDelete
  3. Replies
    1. කාලය මැව් වෙනසක අරුමේ

      Delete
  4. නියමයි ....................... ලස්සනයි

    ReplyDelete