අහස
අඞනවා.ලොකු කඳුළු කැට එකින් එක පොලව උරා ගන්නවා.හරියට මං වෙනුවෙන් අඞනවා වගේ.මට
අඞන්න අවසරයක් නැති හංද මං වෙනුවෙං අඞන එක අහස බාර අරං වගේ.නුගේගොඩ අහස මීට වඩා
අඞනව ඇති.මගේ සතුටට මාත් එක්ක හිනාවුන,මගේ දුකට මාත් එක්කම වැලපුන එකම කෙනා
නුගේගොඩ,මීට වඩා මහ ගොඩක් අඞනව ඇති
මගේ හිත ගිණි
ගන්නව.ඒත් අහස් කඳුලින් ඒ ගින්න නිවා දාන්න බෑ.හරියට පොළව යට ලෝදිය පැහි පැහී
තිබිල එක පාරටම ගිණිකන්දකට උපත ලබා දෙනව වගේ.
ඔයා ළඟ නැති
වුනත් මේ දක්වා ඔයාගේ මතකය ආශිර්වාදයක් වෙලා මගේ සතුට රැක ගත්තා.ජීවිතේ අතඅරින්න
හිතපු හැම වෙලාවකම කාලයක් මට ආදරේ කරපු කෙනෙක් උන්නා මං කෙනෙක්ගේ ආදරය ලැබුවා කියන
මතකය දරුණු තීරණයක් ගන්න එකෙන් මාව වැලැක්කුව.මොකද ඊට පස්සෙ කවදාවත්ම කිසිම කෙනෙක්
මට ආදරය කරල නැති හංද ඔයාගෙ ආදරේ එක මතකයක් පවා මං මුතු මැණික් වගේ රැක්ක.ඔයා මාව
රැවැට්ටුව කියන් සාක්ෂි එකින් එක ඉදිරිපත් වෙද්දි පවා මගේ හදවත ඊට එරෙහිව තර්ක
කලා....ඔයා මාව රැවැට්ටුවට...ඔයාගෙ ආදරේ අවස්ථාවාදී වංචාවක් වුනාට කවදාවත් ඒක මං
ඉදිරියේ ඔප්පු වෙන්න එපා කියලයි මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ..මොකද ඒ මොහොත මගේ ජීවිතේ
අවසාන මොහොත වෙන්න පුළුවන් නිසා...
අද ඔයා මට
සදාකාලයටම නැති වුනා වගෙයි මට දැනෙන්නෙ.ඒත් එදා මහරගම ගුරුවිද්‍යාලෙ ළඟදි නිල
වශයෙන් අපේ ආදරේ මිහිදන් කරද්දි මට නොදැනුන වේදනාවකින් අද මගේ හිත පිච්චෙනව.එදා බෙල්ලන්විල
පංසලේදී මං ඔයාගෙ දෙපා සිපගෙන වැඳල සමු
අරගත්තෙ සදාකාලයටමයි කියල මට හිතුන්නෑ.මං හිතුවේ දෛවය වෙනස් වෙලා කවදා හරි ඔයා මාව
හොයාගෙන ආයෙත් එයි කියල.මං අවරුදු හතරක්ම ඔයා එනකල් බලා උන්න.ඒත් ආයෙ කවදාවත් ඔයා
ආවෙ නෑ.අඩුගානෙ ඔයා වෙන කෙනෙක්ගෙ වෙන දවසෙවත් මට ඒ ගැන කියන්න ඔයා හිතුවෙ නෑ.ඔයා
එයාගෙ වෙලා කියල දැන ගත්ත දවසෙ වත් මං මෙච්චර පිච්චුන්නෑ.
මොකද ඔයාට මතක
නැති කර ගන්න ඕන වුන හැම දෙයක්ම මතක තියා ගන්න ඕන වුනා.මගේ ජීවිතය මගේ සතුට රැඳිල
තිබුනෙ ඒ මතක එක්ක විතරයි.
මං අදත් ඉඳල
හිටල 122 පාරෙ යනව එනව.එදා අපේ ආදර ගමන
පටන්ගන්න ඇත්තෙ කොයි බස් එකේදි වෙන්න ඇත්ද කියල ඒ පාරෙ යන හැම බස් එකකම අතීතයට
එබෙන්න උත්සහා කරනව.
නුගේගොඩ බෝධිය
තවත් දළු දානව.නුගේ ගොඩ හුඟක් වෙනස් වෙලා.ගුවන් පාලමකුත් ඇවිත්.හරියට වෙනස්වුන
ඔයාගෙ ආදරේ වගේම නුගේගොඩත් වෙනස්වෙලා...අපි ඉස්සරලාම දවසෙ ගිහින් බත් කාපු සයිවර්
කඩේ තාමත් තියනවද මං දන්නෑ.මං කිසිම දවසක ඒ දිහා බලන්නෑ...මොකද ඈතින් බෝධිය
දකිද්දී පවා සාහසික අතකින් මගේ හදවත මිරිකනව වගේ හැඟීමකුයි මට දැනෙන්නේ.
ඇත්තමයි
නුගේගොඩ කියන්නේ දුෂ්ට නගරයක්.මගේ සතුට සිනාව කඳුල වේදනාව විදවීම මේ හැම දෙයක්ම
නුගේගොඩ එක්ක බැඳිල තියනවා.
නුගේගොඩ ආව
හැම දවසකම මට මලගිය අපේ ආදර සැමරුම් වල භූතාත්ම හම්බුනා.මං ඒවත් එක්ක කතා කලා.ඒකත්
වෙලාවකට සහනයක්.ඒත් හුඟක් විඳවීමක්.මං ආසම කරපු තැන පිල්ලෑවෙ පංසල..ඒ බෝධිය යට
හැමදාමත් මං වින්දෙ නිරාමිෂ ප්‍රීතියක්.ඒත් අද මට පිල්ලෑව ගැන හිතන්නත් බයයි.මගෙ
හිත කියනවා අතීත මතක තියෙයිද කියල බලන්න එකපාරක් පිල්ලෑවට ගිහින් වරෙන් කියල.ඒත්
මං හුඟක් ආස කරපු පිල්ලෑවෙ , අපි හුඟක් සතුටින් අත් වැල් බැඳගෙන ගිය පිල්ලෑවෙ
හුදකලාව යන එක මට උහුලන්නෑ.අපි ඔයාගෙ බත්එක කාපු කඩේ.මලවපු පොල් සම්බෝලෙයි හිඳවවපු
පරිප්පු මාළුවයි සෝයා මීටුයි.මට අදත් මේ කෑම ජාති තුන එකට හදන්න බෑ.හැදුවත් කඳුළු
නොබී කන්නත් බෑ...ඒ හංද හදන්නෙත් නෑ.ඔයයි මායි හැර ඒ කෑම වට්ටෝරුවට කැමති තව කෙනෙක් මට තාම මුණ ගැහිලත් නෑ.
අපි හුඟාක්
දුර වුනත් දුර වුනත් මං හැමදාම ඔයාගෙ හිත ලඟ උන්න.ඔයා දන්නෑ...ඔයාට හිතා ගන්නත් බෑ....නුගේගොඩ
ආව හැම දවසකම මට දැනුනෙ ඔයා ලඟ ඉන්නව වගේ.ඔයාගෙ කෑම වේල් හදල දිදී ඔයාගෙ දරුවො
උකුලෙ තියන් ඉස්සර වගේම ඔයා එක්ක වල්පල් කියව කියව ඔයාට තුරුල්වෙලා ඔයාගෙ ළඟින්ම ඉන්නව වගේ.
මට හැමදාම
තිබුනෙ හරි පුංචි හීන.මං ආදරේ කෙනාගෙ අතින් අල්ලගෙන රටේ ලෝකෙ සේරම බූත කියෝ
කියෝ ඔහේ ඇවිද ගෙන යන්න...මං දවසකට එහෙං
මෙහෙං අහුල ගන්න කතන්දර පණ
පිහිටවල මං ආදරේ කෙනා එක්ක කියවන්න.. එයාගෙ පපුවෙ උණුසුමට තුරුල්වෙලා නිදා
ගන්න ...දරුවො මහ ගොඩක් හදල එයාලත් එක්ක සෙල්ලම් කරන්න...අගලෙන් අඟල එයාල වැඩෙනව
දකින්න..
මං දෛවයෙන්
ඉල්ලුවෙ හුඟක් පුංචි දේවල් .ඒ දේවල් එකක්වත් දෙන්න දෛවය කැමති උන්නෑ.ඔයාව දුන්නෙත්
නෑ.ජීවිතේ එකම සතුටක්වත් දුන්නෙත් නෑ...මං සතුට කියල ඉල්ලපු කිසිම දෙයක්
දුන්නෑ..දුන්න කිසිම දේක සතුටක් රැඳිල තිබුනෙත් නෑ.නුගේගොඩ නගරය වගේම දෛවයත් මහම මහ දුෂ්ටයෙක්...
ඔයා ළඟට නාවත්
ඇහැට නොදැක්කත් නුගේගොඩ අහස යට ඔයා ඉන්නව
කියන සිතිවිල්ල පවා මට සුවයක් ගෙනාව.ඔයා එයාගේ උනත් ඔයා නුගේගොඩ අහස යට ඉන්න තාක්
ඔයාගෙ කොටසක් මාත් එක්ක ජීවත් වෙනව කියල මට දැනුන.නුගේගොඩ හුළඟට මං ඉව ඇල්ලුවෙ
ඔයාගෙ ඇඟේ හැපීගෙන එන සුලඟක සුවදක් හරි මගේ ඇඟෙත් දැවටෙයිද කියල බලන්න...
ඒත් අද මට
සදාකාලයටම ඔයා නැත්තටම නැති වුනා..ඔයා නුගේගොඩින් සමු ගත්ත..ඔයා මගේ ළඟ පරිස්සමට
තියං උන්න ඔයාගේ කොටස ඒත් එක්කම ඔයා ගෙනිහිල්ල. ඔයා මට නැති වුනා කියල ඇත්තටම
දැනෙන්නේ දැනුයි .ඒකයි කවදාවත් නැතුව මාව මේ තරම් පිච්චෙන්නෙ..දැන් ඔයා මුළුමනින්ම
එයාගෙ වෙලා...
ඉතිං මගේ
සුහදයාණෙනි ,ඔබට සුභ ගමන්..සදහටම ආයුබෝවන්........
සංසාරෙදි
කවදාවත්ම ආයෙත් මුණ ගැහෙන්න එපා.ඒක සදාකාලික විඳවීමේ චක්‍රයේ දෙවන ඇරඹුම වේවි...ඒ වගේ වේදනාවක් ආයෙත් දරන්න බැරි
තරම්ම මගේ හදවත හුඟක් පුංචියි..
මේ ජීවිතේ කිසිම දවසක ආයිත් මගේ සිතේ නු ඹේ නමින් කවි නූපදිනු ඇත
නුගේගොඩ,මහරගම,බෙල්ලන්විල,පිල්ලෑව,ගෝල්ෆේස් & පුංවි කෝව්විය මගෙත් අමතක කරන්නම බැරි මතකයන් ගොඩක් තියෙයි.ඒ හැමදේම ආපහු මතක් උනා.. ස්තූති
ReplyDeleteමං වගේ තව සෑහෙන පිරිසක් ඉන්නවා වගේ
Deleteමේ තරුණියගේ ලියවිල්ල ලස්සනයි හම්ම්
ReplyDeleteඅම්මට සිරි තරුණිය ඈ...තැන්කුයි වේවා
Deleteකාලෙකට කලින් මම මෙහෙම ලිව්වෙත් මේ වගේම හඟීමක් තමා.. අපූරුයි මට මේ ලියවිල්ල හොදටම දැනුනා.
ReplyDeleteතාමත් ඉදහිට දවසක
පහු කරනකොට නුගේගොඩ
හැරි හැරී බලනවා බෝ ගහ යට
වැරදිලා හරි ඉන්නවද නුඹ
රොටරියට යන පාර මුල
උණු උණුවෙ වැටුන කඳුළක තෙත
නැවතිලා හිතින් අත ගා මිස
පහුකරන් යන්න තාමත් බැරි පව
ෆැබ් එකේ කෙළවරෙම මේසෙක
ගෑවි ගෑවී ළඟින් ඉදගෙන
එදා උණු උණුවෙ බිව් කෝපි උගුරට
අදයි පිච්චුනෙ පපුවෙ පැත්තම
සරසවියෙ පොත් අතර දුවනකොට
හිත මෙලෝ සිහියක් නැතුව
වැදිල නුඹෙ හුස්මක් පිටුපසින් ගෙල මුලට
අදත් ගැස්සිලා අත අතහැරුන සුනේත්‍රගෙ 'හෘද සූත්‍රය '
ඇත්තමයි නුගේගොඩ උඹ මහා කරුමයක්
පාඩුවේ ඉන්න හිත ගිනි තියන පුළිඟුවක්
ඇමිණි ඇමිණි හිතේ ලේ විදින මතකයක්
නුගේගොඩ කියන්නෙම ආදරේ නගරයක්
https://kavisandalla.blogspot.com/search/label/%E0%B7%83%E0%B6%B3%E0%B6%A7%20%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%96%20%E0%B6%9A%E0%B7%80%E0%B7%92?updated-max=2017-01-31T00:25:00-08:00&max-results=20&start=31&by-date=false
යකූ නුගේගොඩට වුන දෙයක්
Deleteඔයාගෙ කවිය මං බුකියෙත් දැම්මා හොඳේ
Deleteලස්සනයි.....අපි හැමෝටම ඔය වගේ පොඩි පොඩි සීන් තියනවනෙ
ReplyDeleteබලං යනකොට නුගේගොඩ ආශ්‍රිතව හැමෝටම පොඩි පොඩි සීන් තියනව වගේ
Deleteරොටරි ගියපු ගොඩක් දෙනෙකුගේ හිත් වල නුගේගොඩ ගැන ඔය වගේ මතකයන් ගොඩක් තියෙනවා. අතීතය සිහි කරවපු ලිපියක් ..
ReplyDelete“මලවපු පොල් සම්බෝලෙයි හිඳවවපු පරිප්පු මාළුවයි සෝයා මීටුයි” කවුද දෙයියනේ අකමැති... මතක් වෙනකොටත් කටට කෙල උනනවා.
හම්මේ එකෙක් හම්බුනා.මගේ කෑම වට්ටෝරුවට කැමති
Deleteමේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
ReplyDeleteමේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
මේ නගරය අලුත් වෙලා
Deleteවැව් දිය රැළි ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා
එදා අප දුටු පෙම්වතුන්
වෙලා අද හොඳ පිංවතුන්
අකුරු පොත් පත් පිරුනු අත් වල
එල්ලිලා අද පොඩි පුතුන්
පෙම් කරපු තැන් පුරුදු
වසා සුවිසල් මැදුරු
පෙම්වතුන් අද සිර වෙලා
පාළු කුටිවල අඳුරු
ඇත්තමයි ඉවාන්
DeleteHmm
ReplyDeleteමළසේක කිව්වලු!
ReplyDeleteඅර කියාපු මෙනූ එකට අත් දෙකම උස්සමි..... කටට කෙලත් උනයි.
ඔහොම එකක් මම ලිව්වා එක්තරා නගරයක් ගැන. හම්මියෝ එතන තිබ්බනේ බිම් බෝම්බයක්. සිරාවටම කිව්වොත් මම ලිව්වේ පරිකල්පනයක්. ඇත්තම සිද්ධිය උනේ වෙන නගරයක හි හි හි හි