Thursday, October 27, 2016

වැටත් නියරත් ගොයම කානම්



--කෙත මැද පඹයෙක් කියූ කවි--


දඩු වැටත් මායිමෙන් පැනගොස්
‍වෙනත් හේනක් රකිනු බව දැක
නියර සීමා රකිනු නියතයි
හිත හිතා හිත හදා ගත්තෙම්



























හඳෙන් කිරි පැණි නුඹට ලැබෙතැයි
සුරඟනුන් සිහිනයට එබෙතැයි
නියර දිය බැඳ ගොයම රකිතැයි
සිතා රැවටී බලා උන්නෙම්...........

නියර කුළු හරකෙකුගෙ වෙස් ගෙන
බණ්ඩි ගොයමේ යකා නැටු බව
කිරි වැදෙන්නට තිබූ අස්වනු
තැලී පෑගී මිලින වූ වග
නොදැන නුඹ ලඟ රැඳී උන්නෙම්.....

කහ ගැහුන සුදු ගවුම ඇඟලා
ජීවිතේ කළු කැලැල් හංගා
උන්නු උඹ හැමදාම දුටුවෙම්
ඒත් හදවත මෙතෙක් නොදුටිම්....



හඩනවා හිත මගේ තාමත්
උඹව පරවී යන්ට ඇරියට
එකම එක ඉඟියක් ලැබුන නං
රැයෙත් නොනිඳා උඹව රකිනෙම්....

කඳුළු පිහදා නැගිටපන් නුඹ
ලිහිනු මාලයෙ මුතු ඇහිඳගෙන
අහිමි වුනු ලොව දුරක විසි කර
තැනිය යුතු නව ලොවක්  හෙට දින...................



15 comments:

  1. බාප්පා....?

    කවුද කවද්ද කියන දේට වඩා වටින්නේ මේවගේ දේවල් වෙන්න තියන අවස්තා වැලක්වීමයි. අපේ රටේ ග්‍රාමීය දරුවෝ තරම් අපයෝජනයට ලක්වෙන වෙන කිසිමකෙනෙක් නැතුව ඇති.

    ReplyDelete
  2. මිනිසුන්ගේ නූගත්කම හා බැඳුනු තවත් ඛේදවාචකයක්.

    ReplyDelete
    Replies
    1. දැවෙන සමාජ ප්‍රශ්නයක්.මගේ නහය යට උන එකය් හිතට අමාරුව.මගේ පංතියේ දරුවෙක්.

      Delete
  3. හුඟක් දේවල් කියවෙන කවි පෙලක්.

    ReplyDelete
    Replies
    1. නොකියපු හුඟ දේවල් තියනව.අවුරුදු 4 අම්ම දාල ගිහින්.ලොකු ළමයෙක් වුනේ ගිය අවුරුද්දෙ.මේ අවුරුද්ද වෙනකොට තාත්ත ඇබෝෂන් 4ක් කරවලගඅන්තිම එක මාට්ටු වුනේ.කෙල්ල දැං පරිවාසේ

      Delete
  4. ගමෙත් නගරයෙත් තාමත් සිද්ධවෙන කාලකණ්නි වැඩ.
    (නීතියෙන් බලය හිමිකර දුන් ජාතීන්ට හැර.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ මං කෙල්ල බලන්ඩ ඉස්පිරිතාලෙ ගියාම කෙල්ල අඩනවා තාත්ත මට කරදර කලාට අපිට ආදරෙයි අපිව බලා ගත්තනේ කියල

      Delete
  5. / දඩු වැටත් මායිමෙන් පැනගොස්
    ‍වෙනත් හේනක් රකිනු බව දැක /

    එතකොට මේ කියන්නෙ අම්මා ගැනද?

    මමත් හිතුවෙ දඬුවැට කියන්නෙ තාත්තා සහ යකා නැටුවෙ බාප්පා කියල.

    පව් දෙයියනේ....ප්‍රසිද්ධියෙ එල්ලා මරන්ට ඕන ඔය වගෙ තිරිසන්නු....:(

    ReplyDelete
    Replies
    1. නෑ රවි අම්ම අවුරුදු 4දි දාල ගිහින්.මට මේ දරුව බේර ගන්ඩ බැරි වුනා.අවුරුද්දක් මං පංති බාර ඉඳලත්.මට මං ගැනම කලකිරීමක් තියෙන්නෙ

      Delete
  6. පොල්ලෙන් ගැහුවා වගේ...

    ReplyDelete
    Replies
    1. මටත් සිද්දිය පොල්ලෙන් ගැහුව වගේ වුනා මිත්තරේ.තාම ඔළුව උස්සගන්ඩ බෑ

      Delete
  7. කවි පෙළ නම් අපූරුයි...ඒත් යථාර්තය නම් තිත්තම තිත්තයි...අර ඉයන් කියල තිබ්බ වගේ මොකට ලංකාවට බුදු දහම ගෙනාවද මන්ද කියල හිතෙන්නේ මේවා ඇහුවම තමයි...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත....බලන් යනකොට අපි අන්ද වෙලා ඉඳල

      Delete