Thursday, October 6, 2016

ඔන්න අද දවස අපේලු


අද ඔක්තෝබර් 6.අම්මට තාත්තට පවා ආදරය දක්වන්න දවසක් ඇති ලෝකයේ අපිවත් අමතක කරල නෑ.ඔවු අද ජාත්‍යන්තර ගුරු දිනේ.අද අපේ දවස








--------අපි----------


ගුරු දිනේට සතියකටත් කලින් ආව චක්‍රලේඛය ගුරු දිනයට දරුවන්ගෙන් තෑගි ලබා ගැනීම තහනම් බවත් ලබාගත හැකි එකම තෑග්ග පොතක් බවත් එය පාසල් පුස්තකාලෙට තෑගි කල යුතු බවත් කීව.



--------------------දරුවන් අප පිලිගනිමින් පැලඳූ පලඳනාව---------------



කලාතුරකින් අළුත් අවුරුද්දට උඹල ගේන බිස්කට් පැකට් එකත් පංතියෙදිම කඩල උඹල එක්ක බෙදන් කන්ඩ පුරුදු වුන අපිට ඔයි ලේඛය කොහෙත්ම අදාල වුනේ නෑ.



------------9 වසර දරුවන්ගේ නර්ථනයක්----------------------



උඹලට යමක් දෙන්න මිස උඹලගෙන් යමක් ගන්න හීනයක් අපි කාටවත් තිබුනෙ නෑ.





--------------------මිහිකත නලවාලා-------------------






සමහර ඉස්කෝල වල ගුරුවරුන්ට ලැබෙන රත්තරං බඩු සාරි තෑගි  වලට අපිට උඹලගෙන් ලැබුන කැලෑ මල් පොකුරට අලගු තියන්න වත්  බෑ.



--------------------මානව හිමිකම් කැඩූ ගුරුවරයා නාට්‍ය 7 වසර දරුවන්ගෙනි---------------------


අතනදි ඉස්මතුවෙන ප්‍රදර්ශනකාමය හා ලකුණු දමා ගැනීම වෙනුවට මෙතනදි අපට ලැබෙන උඹලගෙ හිනාව කෝටියක් වටිනව.මොකද ඒ හිනාව ඇතුලෙ කෑගහල අඩන්න තරම් හුඟක් දේවල් උඹලගෙන් බහුතරයක් හංගං ඉන්න බව අපි හොඳටෝම දන්නව


--------------------අළුත් විදියේ පොල්තෙල් පහන-------------------------------


තාමත් පිණි බිංදුවක් තවරගෙන බඩල්වනස්ස,කැකිල්ල හා පඹ අතු අතරින් එබිල බලන කැලෑ ලූණු මලක් අපේ අතට දීල උඹල අපි ඉස්සරහ දන නමනකොට උඹලගෙ හිතේ අපි වෙනුවෙන් උපන් හැඟීම් අපට දැනෙනව.
ඒ හැඟීම් අවිඥානිකව උඹලගෙ හදවත පතුලෙන්ම නැගෙන හිංද අපේ ගුරු ජීවිතයේ වටිනාම දෙය අපි උපයගෙන ඇති කියල නිකමට අපිට හිතෙනව
---------------------සමරු පොත පිලිගන්වමින්










--------------ප්‍රධාන ශිෂ්‍ය නායක සමිත් පුතු ත්‍යාගය පිලිගන්වමින්-------------------------



කෙටි පීරියඩ් වලින් කාලය ණයට අරගෙන උඹලට ඉඩ දුන්නෙ උඹලට ගුරුදින උත්සවයක් ඔය තරම්ම උවමනා වුන හංද



උඹල දන්නව උඹලගෙ දස්කම් අපිට කවදත් ආඩම්බරයක්.
ජීවන තරඟයෙදි උඹල නොදැවී රැස් කරන හැම ලකුණක්ම අපිට සම්මානයක්.






------------------නියෝජ්‍ය විදුහල්පති තුමා පහන දල්වමින්----------------

එත් අපි උඹල උඹලගේම දෛවය උඹල අතින්ම ලස්සනට ලියා ගන්න එක තමයි අපට කරන්න පුළුවන් ලොකුම උපහාරය...



අපි පිදිය යුත්තන් ලෙස සලකා උපහාර දැක්වුවට උඹලට ස්තූතියි..ඒත් දරුවනේ හොඳට මතක තියා ගනිල්ලා අපි ඉල්ලන්නෙ මේ වගේ උපහාරයක් නෙමෙයි...




------------චක්‍රෙල්ඛ අනුව අප දරුවන්ගෙන් ලද ත්‍යාගය----------------------




ඉගෙන ගන්න ජීවත් යෙල්ලා..ජීවත් වෙන්න ඉගෙන ගනිල්ලා...ලස්සනට ජීවත්වෙයල්ලා...අන්න ඒකයි අපිට උඹලගෙන් ලැබෙන නියම උපහාරය...
අපේ මරණ මංචකය තෙක්ම අපට ආශිර්වාදයක් වනු ඇති නියම උපහාරය .....එයයි...එය පමණමයි...අපට උඹලගෙන් අවැසි


------------------------------තේ මේසයට අප පිලිගත් අයුරු---------------------






15 comments:

  1. චක්කර ලේකනයකුත් එව්වද . මෙහේ නං අතින් කටින් එල්ලගන යනවා දැක්කා .

    ReplyDelete
    Replies
    1. එවු අයියේ...නීතියෙ හැටියට නං තහනං.ළමයින්ගෙන් තෑගි හැටියට ගුරුවරුන්ට ගන්න පුළුවන් පොතක් විතරයි..අවසානයට ඒකත් පාසලේ පුස්තකාලයට පරිත්‍යාග කරන්න ඕන

      Delete
    2. දේශපාලකයෝ ටත් ඕවගේ නීති තියනවා නේද?

      Delete
  2. දවසට දාස් ගානක් නාස්ති කරන ළමයින්ගෙන් ලැබෙන සාරි බාරි වලට වඩා ජීවිතේ සැපට වැඩිය දුක් විඳින ළමයෙක්ගෙන් ලැබෙන කැලෑ මලක වටිනාකම නිම කරන්න බෑ.

    ප්‍රීතිමත් ගුරු දිනයක් වේවා !

    ReplyDelete
    Replies
    1. අනිවා ප්‍රසන්න ..ඒ හැම පෙත්තකම දරුවන්ගෙ හිතේ අපි ගැන තියන හැඟීම් ලියල තියනව වගේ..රුපියල් සත යට කරලා ඒ සතුට අපට දෙන්න දරුවන්ට බෑ

      Delete
  3. මට මතකයි අපේ කාලේ ඔය ගුරු දිනේ වැඩසටහන් වලට ගත්තේ තෝරාගත් ලමුන් පිරිසක් විතරයි.. මම ජීවිතේට ගුරු දිනේකට කියල සහභාගී වෙලා නෑ.. ඒත් අදටත් ඒ ගුරුවරුන්ට අපිව මතකයි අපිට ඒ ගුරුවරුන්ව මතකයි.. :)

    ReplyDelete
    Replies
    1. උඹ ඒ කාලෙත් අර සඳරු කියල තිබ්බ පකිරිම්ඹෙක් වෙන්ට ඇති.ඒක ගුරුවරු දන්න හින්ද තමයි ගුරුදිනේ පලාතකට වැද්ද ගන්ටවත් නැත්තෙ...:)

      Delete
    2. ඒකනං ඉතිං එමමයි තමයි ..

      Delete
    3. ඔවු ඉතිං නැටුං ගැයුම්ඔලට ඉස්ටේජ් නග්ගන කොට ඕඩින්ඩියන්ස් එක බයේ පැනල දුවනව නං ඔවුවට තොර ගන්නෑ තමයි

      Delete
  4. බොහොම අපූරුයි මැඩම්...ඔබගේ රැකියාවට ඇති කැපවීම හැම වචනයක් පාසා පැහැදිලිවම දුටිමි....:)

    ReplyDelete
    Replies
    1. ගුරුවරු කියන්නේ මෙහෙම ජාතියක් තමයි රවී තුමා...අපි වැඩ කරන්නේ ළමයි එක්ක..ලෝකයේ අනාගතයත් එක්ක...ගුරුවරු බහුතරයක් මෙහෙම තමයි

      Delete
  5. ගුරු දිනේ කියලා පෞද්ගලිකව එක එක දේවල් බලාපොරොත්තු වන ගුරුවරුත් නැතුවම නෙමෙයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද දිනේෂ්..ළමයි රස්සා කරනවයැයි උන්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන්ඩ

      Delete
  6. ඕනම තැනක රැකියාවක් කරන කෙනෙකුට ලැබිය හැකි හොඳම ඇගයීම සම්මානය ඒ ඒ තැන තමන්ගේ සේවය ලැබෙන අයගේ හිත ඇතුලෙන් අවංකව නැඟන හැඟිම් වලින් දැනෙන තෘප්තිය .

    ඔබ කියලා තියනවා වගේම නියම ගුරුවරුන් සිසුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ //ඉගෙන ගන්න ජීවත් යෙල්ලා..ජීවත් වෙන්න ඉගෙන ගනිල්ලා...ලස්සනට ජීවත්වෙයල්ලා...අන්න ඒකයි අපිට උඹලගෙන් ලැබෙන නියම උපහාරය...//

    ReplyDelete
  7. ගොඩක් පරක්කු වෙලා ආවේ. සුභ පැතුම්

    ReplyDelete