මැණිකෙ
ගේ බාල විය ටිකෙන් ටික මැණිකෙ අතඇරලා පියමං වෙන්ඩ ගත්තා.ඒත් හැමෝගෙම ආදරය රැකවරණය
ඇතිව ඇහිපිල්ලමක් යට හැදුණු මැණිකෙට කිසි දෙයක බරපතලක් දැනෙන්න පවුලෙ කවුරුවත් ඉඩ
තිබ්බෙ නෑ.අඩුගානෙ කෙල්ල ගෙට වෙනකල් උදේට ඉස්කෝල ඇඳුම් පවා ඇන්දුවේ අයියලගෙන්
කවුරු හරි.
තනියම
ඇඳගත් දවසට මැණිකෙ ඇඳුම් වලින් එකක් හරි අමතක කරල දාල තමයි ඉස්කෝලෙ
යන්නෙ.ලොක්කයියයි දෙවෙනියයියයි එතකොට පාසල් විය හමාර කරලා.පස් වෙනි අයිය එක්ක තමයි
මේ කාලෙ වෙනකොට මැණීකෙයි මල්ලියි ඉස්කෝලෙ ගියේ....
ටිකක්
දුරට ගියාම අයියා අහනවා
“මැණිකෙ
ජංගිය ඇන්දද“?
ඔන්න
එතකොට තමයි මැණිකෙට මතක් වෙන්නේ තමන්ට ඒක ඇඳ ගන්න අමතක වුනා කියලා...
“ඔවු
අයියේ කෙල්ල ඇඹරි ඇඹරි කියනවා“
“පෙන්නපිය
උස්සලා“
කෙල්ල
ඇඹරෙනවා
අන්තිමට
අයියම ගවුම උස්සලා බලනවා.
“පල
ගෙදර ගිහින් ඇඳගෙන වර“ අයිය කියන්නේ හුරතලේට තට්ටමට පාරක් ගහන ගමන්.අයිය අතට පොත්
ටික දීල මැණිකෙ ගෙදර දුවනවා.අයියයි මල්ලියි ගලක් උඩට වෙලා බලං ඉන්නවා...මැණිකෙ වැඩිවිය පැමිණීලා
කාලයක් යනකල්ම සතියකට අඩුගානෙ දෙවතාවක් වත් ඔය සිද්ධිය වුනාළු.
මේ කාලෙ
වෙනකොට මැණිකෙගෙ දෙවැනි අයිය ගුරුවරයෙක්..ඈත බටුවිට ඉස්කොලෙ උගන්නන අයිය ගෙදර ආවෙ
එහෙමත් දවසක.ඒ වුනාට මැණිකෙ වෙනුවෙන් හිතේ ඉපදුනු ආදරය තාමත් එහෙමමයි.ඒ හින්දයි
ඉස්කොලෙ ළඟ තිබුන කිරි හල කරපු උන්දැට කියල තිබුනේ නංගි ඉල්ලන ඕනම කෑමක් දෙන්න
කියලා..අවස්තාවෙන් ප්‍රයෝජන ගත්ත මැණිකෙ දවසට එක ගානෙ කල් කිරි බෝතල් බීවළු.බිල
කොච්චර වුනත් අයිය මාසෙ අන්තිමට ගෙව්වළු
රෝසමලක්
වගේ පිපිගෙන ආව තමන්ගෙ නගන්ඩිය ගැන
දෙවෙනියයිය බලං උන්නේ හරි ආඩම්බරෙන්.මේ කාලෙ වෙනකොට පවුලෙ උන්න එකම උපාධිකාරයා
හැටියට පවුලෙ ඇත්තන්ට නියෝග දීමේ බලයක් උන්දෑම පවරගෙන තිබුන.ඉතින් පස්වෙනි හා හය
වෙනි අයියලට කියල තිබුනේ නංගිව තනියම එවන්නැතුව කීය වෙනකල් හරි ඉඳල එයාවත්
එක්කගෙනම ගෙදර එන්න කියලා.ඒ දෙන්නත් ඒක පිලිපැද්දෙ අයියට තිබුන බයට විතරක්
නෙවි.මැණිකෙට තිබුන ලෙංගතු කම හින්දමයි.
ඒත් ක්‍රීඩා
උත්සව දවසක මේ වැඩේ වැරදුනා.පස් වෙනියා හිතා ගත්ත හය වෙනියයිය එක්ක ගියා කියල.හය වෙනියා හිතාගෙන පස්වෙනියයිය
එක්ක ගියා කියල.අන්තිමට දෙන්නම හිත හදා ගන්නව යාළුවො එක්ක එයි කියල.ඒත් අයියල තමං
එනකල් ඉන්න බව දන්න මැණිකෙ යාළුවන්ට සමුදීල අයියල හොයං යනවා.ඒත් අයියල
ගිහින්.මැණිකෙට දෙයියො සිහි වෙනව.අන්තිමට මැණිකෙ තාමත් රුවන්නැල්ල ටවුමෙ.හතර වටින්
අඳුර එනව.මැණිකෙ අඩ අඩා ඉන්නව.
ඔන්න කොහෙද යන ගමන් දෙවෙනියයිය එතනට එනවා.කතාව අහපු
අයියට ඌරු ජුවල්.තමංගෙ ගමන පැත්තකට දාපු අයිය ගෙම්බ කාර් එකක් හයර් එකට ගන්නව.මැණිකෙව
දැකල සැනසුනු අයියල දෙන්නගෙ පපු කැවුත්ත ගිනි ගන්ඩ ගත්තෙ ඒත් එක්ක ආපු අයියව
දැකල.
තමන්ට බඩ පුරා කන්ඩ වෙන බව වටහගත්ත පස්වෙනියයිය ජනේලෙන් පැනල කැලේ පැත්තට
අන්තරස්දාන උනා.ඒත් මිදුල අතු ගාමිං උන්න හයවෙනියයිය එච්චර වාසනාවන්ත උනේ
නෑ.උන්දැගෙන්ම ඉලපත උදුරගෙන ඒක කැඩෙනකල්ම තඩිබෑවා.
කලාතුරකින් ගෙදර එන තමංගෙ පුතාට අනිත්අයට වඩා
විසේසයක් කරන්ඩ අම්ම හැමදාම පුරුදු වෙලා හිටිය.කඩේට දුවල ගිහින් ගෙනාපු බිත්තරේ
බත් අස්ස ගහල හංගල දෙවෙනි පුතාට දුන්නේ අට දෙනෙකුට බිත්තර කවන්ඩ වත්කමක් අම්මට
නැති හින්දමයි.පිරිමිංට බඩ කට පිරෙන්න යහමිං කන්ඩ දිය යුතු බවත් උන් ඉතුරු කරපු
ඉඳුල් වලින් ගෑණුන් සැනසිය යුතු බවත් තමයි මේ අම්ම දැනං උන්නෙ.ඒ උන්දැගෙ අම්ම
උන්දැට උගන්නපු විදිය.
ඒත් උගත් අයිය ඊට වඩා දැනං උන්න.දරු ප්‍රසූතිය වැනි
අවස්ථා වලට මූන දෙන්ඩ ගෑනු උදවියට හොඳ පෝෂණයක් උවමනායි කියල අයිය විස්වාස කලා.ඒ හන්දම ඒ බිත්තරය
අම්මටත් හොරෙන් මැණිකෙගෙ බත් පිඟාන අස්සෙ
ඔබන්න දෙපාරක් හිතුවෙ නෑ.
අයිය ලා
මැණිකෙව කොච්චර රැක්කද කියනවකං ලොකු මහත්
වෙනකල්ම කුණු හබ්බයක් ඇහෙන්ඩවත් ඉඩ දුන්නෙ නෑ.ඒ හන්දමයි ඉස්කොලෙ පංතියෙ ඉන්න
නසරාණියෙක් දවසක් කිවුව මෙතෙක් නොඇසූ විරූ වචනයක් මැණිකෙට ලොකු ප්‍රශ්නයක් වුනේ .පිරිමි
ළමයි හක හක ගාල හිනා වෙද්දි ගෑනූ ලමයි ලේන්සු වලින් රතු වුන මූනු වහගෙන හිනාවෙද්දි
මැණිකෙ ඇස් ලොකු කරල බැළුවාම විතරයි.ඒ තනි වචනයේ ඔච්චර හිනා වෙන්ඩ දෙයක් තියේද
කියල හිතපු මැණිකෙ ගෙදරට ගොඩ වුන ගමන්ම දෙවෙනියයිය ගාවට දුවගෙන ගියේ තමන්ට නොතේරුන
විහිළුව දැන ගන්ඩ.
“අයියෙ හු*** කියන්නෙ මොකක්ද?
අයියල හය දෙනාම එකපාරටම මැණිකෙ දිහා බැළුවෙ ඇස් ඩොඟිත්තාගෙන.අතු ගගා හිටපු
කොස්සත් සුදු අයිය අතින් නොදැනීම බිම වැටෙනවා මැණිකෙ දැක්කා.
.
හය දෙනාම ඇහුවෙ එක හඩින්.
හු***
ආයෙත් කියපිය බලන්ට...දෙවෙනි අයිය කිවුවෙ මහ හඩින්.
ඇයි වදේ මෙච්චර හයියෙන් කියලවත් කං ඇහෙන්නැද්ද?මැණිකෙ ආයෙමත් ඒ වචනය කිවුවේ
පුළුවං උපරිම සද්දෙන්.
හු**.*
ඔළුව වටේ තාරකා එලි දස දහසක් පත්තු වෙලා නිවී යනව වගේ දකිනකොට මැණිකෙ
හිටියෙ බිම වැටිල.අයියල දෙන්නෙක් දෙවෙනි අයියව අල්ලං හිටිය.
ඇත්තටම ඊයෙ ගෙදරදි මොකද වුනේ කියල දැනගත්ත මැණිකෙගෙ යාළුවෙක් විහිළුව අමු
සිංගලෙන්ම විස්තර කලාම මූණ හොඳටම රතු කර ගත්තත් අයිය ගහපු කනේ පාර සාධාරණයි කියල
මැණිකෙට නිකමට හිතුන.
ඔය කාලෙ
වෙනකොට මැණිකෙ නෙළුමක් වගේ පිපෙමිං උන්න.අහල පහල ඉලන්දාරින්ගෙ ඇස් ගිණිකන වැටුනත්
නාග රාජයො හත්දෙනෙක් නගින මැණිකකට ලං වෙන්ඩ උන් බය උනා.ඒත් අයියලගෙ යාළුවො හුඟ
දෙනෙක් අයියල හම්බෙන මුවාවෙන් නංගි බලන්ඩ ආව
එක ගෙදර කාටවත් රහසක් වුනේ නෑ
මේ කාලෙ
එස් එස් සී ලියපු මැණිකෙ ගෙදරට වෙලා හිටිය.අම්ම කිරි කපන කුලී රබර කට්ටියට තේ ගෙනියන්ඩ
කලින් ගේ දොර වැඩ අහවර කරන්ඩ මැණිකෙ පුරුදු වෙලා හිටිය.මේ කාලෙ වෙනකොට අයියලා
හැමෝම වගේ කූඩු තනන්නයි රස්සා වලටයි ගෙදරින් පිටමං වෙලයි හිටියෙ.
ගේ දොර
වැඩ අහවර කරල කේතලේ ලිපේ තියනකොටමයි “සූර තිස්ස“ ගෙදරට ගොඩ වුනේ.වෙනදත් අයියල
හම්බෙන්න ගෙදරට එන සූරතිස්සගෙ ගමන ගැන මැණිකෙට අමුත්තක් දැනුනෙ නෑ.හිනාවකින්ම පිලි
අරගෙන ආසනයකුත් පැනෙව්වෙ ඒකයි.
“අයියලා
කං කවුරුත් නෑයියේ“
කෝ
නැන්දා...සූර තිස්ස ඇහුවේ පරිස්සමට ගේ ඇතුල බලන ගමන්.
අම්ම
කිරි කපන්න ගියානෙ අයියෙ..ගෙදර මං විතරයි
ඒක
හොඳයි නංගී....සූර තිස්ස එක පාරටම ලොකු කල්පනාවකට වැටුනා.අම්මට තේ අරන් යන්නත්
ඕන.මේ යකා යන පාටකුත් නෑ.
එහෙනං
අයියෙ මං අම්මට තේ දෙන්න යන්නද
නංගී...සූරතිස්සගේ
කට හඩ හොඳටම වෙනස් වෙලා.
මට ඔයාට
කියන්ඩ දෙයක් තියනවා..
ඒ
මොකක්ද?මේ යකා කියන මගුලක් කියලා ඉක්මනට යනවනං හොඳයි .මැණිකෙ ඒ අස්සෙ හිතුවා..
“නංගී මගෙ හිතේ ඔයා ගැන “පොඩි අදහසක්“ තියනවා“...වචන
පැටලි පැටලි කිවුව ඒ වාක්කියේ තේරුම ඔළුවට වැටෙන්ට ටික වෙලාවක් ගියා
තමංගෙ
ජීවිතේ පලවෙනි වතාවට කෙනෙක් තමන්ගේ ජීවිතේ බෙදා ගන්න යෝජනා කරනවා.ඒත් සූර තිස්ස
අයියලගෙ යාළුවෙක්ම විතරයි.මැණිකෙට දැනුනෙ හිස් හැඟිමක් එක්ක බියක්.වහා වහා තේ
ටිකත් වක්කරගෙන පෑලදොරින් රබර්කෑල්ල පැත්තට පලා යන්ඩ මැණිකෙට එයහැටි වෙලාවක් ගියේ
නෑ.
නංගී...නවතින්න...සූර
තිස්සගෙ කටහඩ ඈතින් ඇහුනත් මැනිකෙ නෙමෙයි ආපස්සට හැරිලා බැළුවෙ.
මැණිකෙ
හවස උයන්ඩ හාල් තෝරන ගමන් මේ කතාව අම්මට කිවුවෙ හිනාවෙවී...ඒත් අම්මගෙ ප්‍රතිචාරය
නම් බලාපොරොත්තු වුනාට වඩා හාත්පසින්ම වෙනස් එකක්
මුලින්ම
චීත්ත රෙද්ද ලෙහල තද කරල ඇඳ ගත්ත අම්ම ඊට
පස්සෙ කොන්ඩෙ තද කරල බැඳගත්ත.පොල් බිඳින්න ගෙනත් තිබුන මන්න පිහිය අතට
ගත්ත.සූර තිස්සට කොටල අම්ම හිරේ යයි කියල බය වෙලා මැණිකෙ අම්මගෙ චීත්තෙ එල්ලුනා.
උඹ
ඔහෙන් හිටපන්...
අම්ම
පිටත් වුනා.බයටම මැණිකෙයි මල්ලියි දෙන්නම පඳුරු වලට වහන් වෙවී හොරෙන් අම්ම පස්සෙන්
ගියා.
අම්ම
යනකොට සූරතිස්ස මිදුලෙ පහන් පැලේ මල් පූජා කරනව.
මන්න
පිහියකුත් අරගෙන නාලාගිරිය වගේ පිඔගෙන එන දුලිය නැන්ද දැක්ක ගමන් වැඩේ වැරදිලා ඇති
බව සූර තිස්සට වැටහුන.මෙතනින් පැනල ගියොත් අවනඩුව යන්නෙ අම්ම ගාවට.එහෙම උනොත්
ගෙදරින් බත්කාල හමාරයි.තමන්ට මන්න පාරක් දෙන්න තරම් නපුරු හිතක් නැන්දට නැති
විත්තිය කොල්ල දන්නව.එකත් එකටම ඒක ගේන්න ඇත්තෙ තමං බය කරන්න වෙන්න ඇති..
තමන්
දිහා ඇස් ලොඩි කරං බලා හිටපු කොල්ල මෙන්න බොලේ එකපාරම පංසිල් ගන්ට පටන් ගත්ත හැටි
මැණිකෙගෙ අම්ම දැක්ක.ටිකක් නැවතිල බැළුව.තමං දිහා සැරෙන් සැරේ ඇස් කොනින් බලන ගමන්
බොහොම සද්දාවෙං ගාතා කියන කොල්ල දැක්කාම මැණිකෙගෙ අම්මට පුංචි හිනාවක් ගියා.
බුද්දං සරණං ගච්චාමි
ධම්මං සරණං ගච්චාමි
සූරතිස්සෝ
ඕඕඕඕ
සංගං සරණං ගච්චාමි
දුතියංපි බුද්දං සරණං ගච්චාමි
උඹට මං
කියන දේවල් ඇහෙනවද
ඇහෙනවෝ
දුතියංපි බුද්දං සරණං ගච්චාමි
දුතියංපි දම්මං සරණං ගච්චාමි
උඹ ආයෙ එහෙම අපේ ගෙවල් පැත්තෙ එනව නෙමෙයි
හා.........
දුතියංපි සංගං සරණං ගච්චාමි
තතියංපි බුද්දං සරණං ගච්චාමි
උඔ ආයෙ අපේ කෙල්ල එක්ක කතා කරොත් කොටනව මේ මන්නෙං
හා .............
තතියංපි දම්මං සරණං ගච්චාමි
තතියංපි සංගංසරණං ගච්චාමි
මැණිකෙගෙ අම්ම ටිකක් නැවතිල බලං හිටිය.මූ එක දිගට
තුන්සූත්තරයත් කියල ඉවර කරල භාවනා කරන්ඩත් ගන්නකල්...
ඉර ගල වැටුනත් භාවනාවනං ඉවරවෙන පාටක් නෑ
මූ රහත් වෙනකං මෙතන බාවනා කොරයි....තමන්ටම කියාගත් මැණිකෙගෙ
අම්ම ආපහු හැරුන
ඒත්
මැණිකෙගෙ මල්ලිට පිං සිද්ද වෙන්ඩ කතාව ගමේ කොල්ලො අතරෙ පැතිරුනේ විදුලි වේගෙන්
අන්තිමට
සූරතිස්සට “ පොඩි අදහස“ කියල නමකුත් වැටුන
හෑ? මේ ඇත්ත ද බොලං? අන්තිමට මැනිකෙ බැන්දෙත් සූරතිස්සයව ද?
ReplyDeleteනෑ..නෑ..බැඳපු කතාව මතු සම්බන්ධයි
Deleteහම්මේ යකෝ සූරතිස්සය තමා දවසකටත් මිනිහ... හැබැයි තැනට සුදුසු නුවණ පාවිච්චි කොරන්න දන්නව වගේ හිහික්
ReplyDeleteඅනේද කියන්නේ ..නැත්තං ඉතින් මැරෙනකල් බැනුම් අහන්නමයි වෙන්නේ
Deleteඅන්න මුනිස්ෂු... ෂුරතිෂ්ෂලා අදාන්න වටිනවා..............
ReplyDeleteඉතින් අපිදේවාලයක් හදමුද කුරුටු
Deleteමරේම මරු බං... ජය පිට ජය...
ReplyDeleteස්තූතියි දේශකයාණනි
Deleteමේ අක්කේ.. දැන් හැබැට මොකක්ද ඔය හු**** කියන්නේ? (යකෝ අපි දැනටම වල් කියල හිතගේනනේ මුන්ද මේවා ලියන්නේ.. අපි එහෙම වල නෑ හරිය..)
ReplyDeleteමැණිකේ ළඟින්වත් තියන්න බෑ උන්දගේ දොනියන්ද නම්.. හැක හැක හැක..
මඩ එපා හරිය මිත්තරේ
Deleteනියමයි...
ReplyDeleteස්තූතියි
Deleteකතා දෙකක් නෑ පට්ට කතාව...........
ReplyDeleteඇත්තම කථාවක්ද දැරණියගල පැත්තේ උන? එතකොට ඔබතුමි රාජසිංහ සෙන්ට්‍රල්ද ගියේ ?
ReplyDeleteසිංහල බ්ලොග්ගල.