මේ වාරය
නිවාසාන්තර ක්‍රිඩා වාරයයි.ඒත් අපේ දියවන්නාවේ සර්වබලදාරි දෙවියෝ එය මාසයකට සීමා
කිරීමට සමත්විය.ඒ සමඟම දවසේ පීරියඩ් අටම ඉගැන්නිය යුතුයැයි නීතියක් පැනෙවුවේ අපේ සාමාන්‍ය
බුද්දියෙන් උකුණු අධෝමුඛයක තරම්වත් අපට
ඉතිරි නොකරමිනි.ඉතින් අපි කාලජේද 8ටම පංතිවලට ගොස් එමු.ක්‍රීඩාද කරමු.
හිරු,සඳු,තරු
නම් වූ නිවාස අතරින් මා අයත් සඳු නිවාසයටයි.වාසනාවකට හො අවාසනාවකට මගේ නිවාසයට
නිවාස රැස්වීම් පැවැත්වීමට ලබා දුන්නේ මා බාරකාරත්වය දරන 9 වසර සඳු පංතියයි.
අප සාකඡ්ජා
පවත්වන අතරේ පිටුපස පේලියක කිරිමෙල්
සිද්දියක් වී ඇත.
රැස්වීම අහවරව
ළමයි පංතිවලට ගෙවදුන පසු මගේ කොල්ලන් 17 දෙනාගෙන් වැඩි පිරිසක් ගුරුමේසය වට කර
ගත්තේ යකා නටමිනි..
“මිස් බලන්න
මිස් ආයෙ නං අපේ පංතිය නිවාස රැස්වීම්
තියන්ඩ දෙන්නෑ...“එකෙකු ආවේග ශීලීව අත පය වනවමින්ම කෑගෑවේය.
“බලන්ඩ
මිස් අපේ
****යාගේ වතුර බෝතලේ බිඳලානේ“
“ඒක තමයි මිස්
ආයෙ නං රැස්වීම් කියාගෙන එකෙකුටවත් දොරෙන් ඇතුලට එන්ඩ දෙන්නෑ“...
“අපරාදෙ
අළුත්ම වතුර බෝතලේ“කෙල්ලන්ගෙ පැත්තෙන්ද කොමෙන්ටු වැටෙන්නට විය
“අපේ පංතියේ
උන් චූ කරලද කොහෙද“
බෝතලේ අයිති
කොළුවා වචනයක්වත් කතා නොකලාට ඉතිරි දහනව දෙනාම ඒ වෙනුවෙන් කතා කරයි.
දැන් ඉතිං මං
මක් කරන්ඩද?බිඳුනු බෝතලේ මං අලවන්ඩද? මගේ
හිත කෙදිරිගායි
ඒත් හිතෙන
හිතෙන ඒවා වචන කිරීමට දැං මට වරං
නැත.බෝතලයකට වඩා දරුවෙකුගේ හිතක් බිඳීම බැරෑරුම්ය.
කොළුවාගේ ඇස්
ඇතුලේ නතර කරගන්ඩ දඟ දමන දුකකි.මූනේ ඇත්තේ දුකද බයද පසුතැවිල්ලදැයි ටක්කෙටම හිතා
ගන්නට බැරි දෙයකි.
අළුත්ම බොතලේ
ගැන කොළුවා දුක් වෙනවා වෙන්ඩත් පුළුවන්.ඒත් ඊට වඩා අළුත්ම වතුර බෝතලේ පරිස්සම්
කරන්ට බැරිවීමේ නොසැලකිලිමත් කම ගැන අම්මාගේ දේසනාව හිතේ මැවෙනවා වෙන්ටත් පුළුවන්.එහෙමත්
නැත්තං තාත්තාගේ ගුටි මුරය..අළුත් පාසල් වාරයට අළුත් බෝතලයක් හම්බුන ගෙදර එකම
සාමාජිකයා වාරය පටන්ගන්ඩත් කලින් ඒක විනාස කර ගැනීම ගැන ගෙදර පුංචි උන්ගෙ
ආඩපාලි...ඒ සේරම වෙන්ඩත් පුළුවන්...
මුළු සඳු
නිවාසයේ ලමයි 120 ගෙන්නලා නඩු විසඳීමේ බයානක ඉරනම මගේ ඔළුවට කඩා පාත් වුනා..
දඩාං බඩාං
දඩාං බඩාං
දෙයියෝ බැළුව
වගේ බෙල් හතරක් වැදුන.
.රැස්වීමක්
.තප්පරේකට පස්සෙ පංතියේ ඉතුරු වුනේ මං විතරයි
යංතං ඒකෙන්
ගැලවුනා...මං සාරිපොටෙන් දාඩිය පිහින ගමං මටම ප්‍රසංසා කර ගත්ත
අද පිට්ටනියෙ
කපපු තණකොල අයින් කරනවා...
නිවේදනය
හම්බුනා...සේරම ළමයි ටික පේලියට ගාලකඩාගත්ත හරක් රැල වගේ පිට්ටනියට යද්දි අපිත්
අපේ ලැසි ගමන් විලාස වලින් එතනට සේන්දු වුනා...
ආයෙත් මගේ
කොල්ලො ටික මාව වට කරගෙන පරණ අවනඩුව..මේ පාර සාක්කිත් එක්කම..දෙයියෝ
සාක්කි..
“මිස් මේ මේනකයා දැකලා තියනව එතන වාඩි වෙලා හිටියෙ හතේ පංතියේ කසුන් මල්ලි“ එකෙක් අපේ නිවාසයේ කොළුවෙක් දිහාට
දබර ගිල්ල වනවයි.
“බෝතලේ අයිතිකාරයා ඉඳල අනිත් හැමෝම පිට්ටනියට
යන්ඩ...අර ලමයට මෙතනට ඉන්ඩ කියන්න...“
“මෙයා
තනියෙන්නෙ මිස් ..මාත් ඉන්නං...“
“පුතා ඉන්න
තැනද මේ වතුර බෝතලේ තිබුනේ“
“මං දකින
කොටත් මේක බිඳිල තිබුනෙ මිස්..බොරුනං සාගර ගෙන් අහල බලන්ඩ..එයා මං ලඟමයි
හිටියේ...“
“සාගරට එන්ඩ
කියන්ඩ“
සාගර දුවගෙන
එයි...
“ඔවු මිස්
ඇත්ත තමයි....මමයි එයයි එකට හිටියේ..අපිට කලින් එතන හිටියේ පංතියේ තාරක මල්ලී“
“හා එහෙනං
තාරක මල්ලිට එන්ඩ කියන්ඩ“ තාරක දුවගෙන එයි
“නෑ ..නෑ...මං
නෙමෙයි මිස් මං ඔතනට එන කොටත් ඒක බිඳිලා වතුර හැම තැනම..බොරුනං කමල් අයියගෙන්
අහන්ඩ“
“හා කමල් අයිය
එක්ක එන්ඩ“කමල් දුව එයි.
“අනේ
අම්මපා බුදුං
පා...මිස් පා..මං නං නෙමෙයි ඕක බින්දෙ...මං එනකොට හයේ හෂාන් මල්ලි ඔය බෝතලෙන් ඩෙස් එකට ගගහ සිංදු
කිය කියා හිටියා...බොරුනං මේ දමිත්ගෙන් අහල බලන්ඩකෝ..
“හෂාන්ට එන්ඩ
කියන්ඩ“
අනේ නෑ මිස්
මං නෙමෙයි...මං එනකොටත් ඒක බිඳිල වතුර සේරම බිම..බොරුනං ලතික ගෙන් අහන්ඩකෝ....“
දැන් ළමයි
50ක් පමණ වරකට දෙන්නා බැගින් ඇවිත් මා වටේ නැංගුරම් ලා ඇත.දැනටමත් පිට්ටනිය සුද්ද
කරනවා වෙනුවට මං වගේ හිටගෙන කයිය හගන ලමයි රොත්ත දිහා පී.ටී මිස් දෙතුං වතාවක්
රබර් ඇහැ දමා හමාරය.
වයිස් ප්‍රින්සිපල්
තුමාද ඇස් කොනක අවදානය මගේ පැත්තට දී ඇත.
එන පොට නං හොඳ
නැත...
“හා ලතික එක්ක
එන්ඩ“
“ඔවු මිස්..ඇත්ත. හැබැයි මිස්ල එන්ඩ කලින් ඔතන තේජාන් අයියල ගහ
ගත්ත.. නේද මචං.“
මේ වෙනකොට මට
හොඳටම පුෂ්පය ජම්ප් වී ඇති අතර
“එන්ඩ කියනවා
තේජාන්ට“මං මගේ උපරිම සිංහ නාදයෙන් ගෙරෙව්වෙමි.
“අනේ මිස් අපි
ගහ ගත්තෙ විහිලුවට...එතකොට ඔයි බෝතලේ තිබුනෙත් පේලි දෙකක් ඉස්සරහ..බොරු නං මතිෂ
ගෙන් අහන්ඩකෝ“
මං හිසේ අත
ගසා ගතිමි.
“මිස් මං
ගිහින් මතීෂ අයිය එක්ක එන්ඩද? පොඩි එකෙක් පපුව පුම්බා දකුණු කකුල පෙරට දමා අහයි...
පුෂ්පයේ
උපරිමය ....
.
“දුවනව සේරමල
පිට්ටනියට“
මං මගේ කටහඩේ උපරිම ඩෙසිබල් ගනන ගනනය කරන ගමන් තදින් කීමි.
අනතුරුව අවම
තාරතාවයෙන් බෝතල් අයිතිකාරයාගේ කනට මෙසේ කෙඳිරීමි
“පුතේ මං
පුතාට අළුත් බෝතලයක් අරං දෙන්නං“










