Thursday, September 8, 2016

උඹ නුදුටු ඉසවු මම දුටුව උනත් මට වැරදුනාද පුතුනේ




 මීට අවුරුදු එකහමාරකට කලින් මම ඉස්කෝලෙට ආවේ ව්‍යාපාර අධ්‍යයනය ගුරුවරිය විදියට.නියෝජ්‍ය විදුහල් පති තුමා මගේ විෂය ඇර මං කරන්ඩ කැමති විෂය මොකක්ද කියල අහනකොට “ඉතිහාසය“ කියල  මං පැනල උත්තර දුන්නෙ මගේ පාසල් කාලයේ මං වාඩාත් ආස කරපු විෂයවුනේ ඒක නිසයි.වාසනාවකට හෝ අවාසනාවකට පාසලේ එකම ඉතිහාසය පිළබඳ උපාධිදාරී ගුරුවරයෙක් වත් නොහිටි ඒ කාලයේ මට ඉතිහාසය උගන්නන්න හම්බුනේ 8 වසරට.

අට ඒ පන්තිය අවුලක් නෑ....ඒත් අට බී පන්තියට ගියාමයි මට දෙයියො සිහි වුනේ.පංතිය එකම පිස්සන් කොටුවක්.කොල්ලො බර ගානක්.කෙල්ලො අඩු ගානක්.එකෙක් හැමදාම ඔළුවෙ කැක්කුමයි කියල බොරුවට නිදි.පිටිපස්සෙ පේලියේ දරුවන්ගේ කියවිල්ල මක් කරලවත් නවත්ත ගන්න බෑ

.වැඩි දෙනෙක් පොත් ගේන්නෑ.හතර දෙනෙක්ටම විතර පිලිවෙලට අකුරු ලියා ගන්න බෑ.එක්කෙනෙක් අකුරු අඳුනන්නෙම නෑ.එකෙක් මක් කරලවත් විනාඩි 5ට වඩා පුටුවෙ වාඩි කරල හිටියොත් යකා නටන්න ගන්නව.මේ වගේ තැනක විෂය නිර්දේෂය කවර් කිරීමේ මහා අභියෝගය!!!!


ඉගනගන්න ඕන කියන එක ,ඉගනීම ජීවිතයට හුඟක් වටින දෙයක් කියන හැඟීම උඹල කාටවත් තිබුන් නෑ.කාලෙ ගෙවා ගන්න ඉස්කෝලෙ ආවා.ඉගෙන ගන්න කම්මැලි හිතුනාම දඟ කරලා ගුරුවරයාගේ අවධානම පාඩමෙන් ඈත් කරන්නයි උඹලට ඕන වුනේ කියල මට තේරුම් ගියා.අට බී පන්තියේදි ඉතිහාසය ඉගැන්ම එතරම් සාර්ථක නැති බව ආපහු හැරිල බලද්දි මට හිතෙනව.මාත් ඉල්ලං කාපු පරිප්පුවේ අපූරුව මං හුග වෙලාවට තනියම කල්පනා කලා


2015 දෙසැම්බර් ලං වෙද්දි මං සැනසුම් සුසුම් හෙළුවෙ මේ පිස්සං කොටුවට උගන්නපු කාලය අවසානයි.මං දැන් නිදහස් කියල හිතාගෙන.ඒත් මං නිවාඩුවක් ගත්ත දවසකම විදුහල්පතිතුමා 2016ට පන්තිබාර ගුරුවරු පත් කරල.9 බී පංතියට මං.ඒ කියන්නේ මේ යකා නටන පංතිය අවුරුද්දක් මට බාර ගන්ඩ වෙලා.
මට හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දැම්ම ඒක ඇහුවම.අධ්‍යපන ඇමතිගෙ පටන් සියළුදෙනාගෙම මවු දෙමවුපියො සිහිකරමින් පැය තුන හතරක් අහක හිටපු අහිංසක සුද්දාට දෙහි කැපුවෙ හිතේ අමාරුව වැඩි කමටමයි

අන්තිමට
දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුරු සිප ගතිමි හෙට මලක් වනු පිණිස කියල 


- හිතං ඕන අට මගලයක් සඳහා හිත හදා ගත්ත.ඒක අභියෝගයක් කියල හිතල බාර ගත්ත.

“මං කීයටවත් අසාර්ථක වෙන්නෑ...මට අසාර්ථක වෙන්නත් බෑ...“ මං මටම කියා ගත්තෙ තදින්

අන්තිමට කොල්ලො 17 ක් හා කෙල්ලො තුන්දෙනෙක් ඉන්න 9 බී පංතියේ පන්තිබාර කම මට පැටවුනා.

දැන් මාස අටක් ගෙවිල.හිතා ගන්න බැරි තරම් දේවල් සිද්ද වුන අට මාසයක්.ලබන සතියේ ඉඳන් මට උඹලව නැති වෙනව.ආයෙත් උඹලට ඉතිහාසය උගන්නන්ඩ මට බෑ.ඒ වෙනුවට 12 පංතියට ඉකෝන් උගන්නන්න වෙලා.මේ පිස්සන්කොටුවෙන් ඈත් වෙන එක මගේ ඇහැට කඳුළු ගෙනේවි කියල මට කවදාවත් හිතුනෙ නෑ.
මං කීප සැරයක්ම උඹල එක්ක අසාර්ථක වුනා.මට ඒව අමතක නෑ

විජිත - විට කහට බැඳිච්ච දත් පෙන්වා කට කොනකින් හිනා වෙන ,බොරුවට ඔළුවෙ කැක්කුමයි කියල හැමදාමත් පංතියේ නිදා ගත්ත උඹ සම්බන්ධයෙන් මං අන්තිම අසාර්ථකයි.උඹව ඉස්කෝලෙ රඳව ගන්න මට බැරි වුනා.අස්වෙන්න හැබෑ හේතුව උඹ නොකිව්වත් මට තේරුම් ගන්න අපහසු නෑ.උඹ පංතියෙ අනිත් ළමයින්ට වඩා අවුරුදු 2ක් වැඩිමාල්.විෂය කරුණු ධාරණය කරගන්න එක උඹට මල වදයක් වෙන්ඩ ඇත්තේ අකුරු ලිවීම සම්බන්ධයෙන් උඹේ දුර්වලතා මේ වෙනකොටත් තිබුන හන්ද

.ඒත් උඹ පාසලෙන් එලියෙ දැක්ක නිදහස් යෞවනයට වහල්  වුනේ නැත්තං උඹ තාමත් පාසල් යන දරුවෙක්.විට කෙල ගසමින් හන්දියේ රස්තියාදු ගහන එක,මල්පැන් පොදක රසය විඳින එක,දඩුමොනරෙක නැගල පියාඹන එක ජීවිතය නෙමෙයි කියල උඹට කියා දෙන්න මට බැරි වුනා.ඒ නිදහස හොයාගෙනයි උඹ ගමේ ඉස්කෝලෙට ගියේ.දැන් උඹ එතනිනුත් හැලිල.උඹව රඳව ගන්න මට ශක්තියක් නොතිබුන එක ගැන මගේ හෘද සාක්ෂිය තාමත් මට දොස් කියනව.


ඒ මතකය ඇරෙන්න උඹල එක්ක මං හුඟක් ලස්සන කාලයක් ගෙවල දැම්ම.උඹල දඟයි තමයි .හුඟක් දඟයි.ඕනවටත් වඩා දඟයි.ඒත් මේ ඇත්ත පිලිගන්න මං ලැජ්ජ වෙන්නෑ.මං උඹලට ඉගැන්නුවට වඩා හුඟක් දේවල් උඹල මට ඉගැන්නුව.
කවීෂා- මේ පන්තියේ මගේ වටිනාම උපයාගැනීම උඹයි.උඹ අට වසරෙ ඉඳ්දි යාළුවාගෙ පොත අරගෙන බලා ඇඳීමක් වගේ අකුරු ලියාගත්ත.කවදාවත්ම පන්තියේදි කට ඇරියෙ නෑ.උඹෙන් අහන ඕනෑම ප්‍රශ්නෙකට උත්තර දුන්නෙ යාළුවො...
එහෙවු උඹ අද අකුරු ගැට ගහ ගෙන පොත් කියනව.පංතිය ඉස්සරහට ඇවිත් කතා පවත්වනව.අසාධ්‍ය ලිව්කේමියා රෝගියෙක් වෙලා ඉන්න කාලේ උඹේ ඔළුවට වැටුන “බැහැ“කියන විෂබීජය මරන්න උඹට නොදැනෙන්න මං කොයි තරම් මහන්සි වුනාද?අද අඩුගානේ උඹ උත්සහ කරල බලන්න හරි හදනව...මහා ලොකු විප්ලවයක් නොවුනත් උඹ ජීවිතයට උත්සාහය එක් කර ගත්ත එක ගැන මං සතුටු වෙනව

පංතියේ කාගෙ හරි අවනඩුවක් ගැන පැමිනිල්ලක් නැතුව මං පාසලෙන් පිට වෙලා ගිය එකම දවසක්වත් මේ මාසඅට තුල නැතුවට ඊට වඩා උඹලගෙ සමහර වැඩ වලින් මං හිනා වුනා.
උඹල පාලනය කරන්න අපහසුයි.එක තැන රැඳෙන්න තරම් සන්සුන් නැති කමයි 9 බී පන්තියේ අනන්‍යතාවය වුනේ.

ඒත් අපි හැමෝම පිලිගත්ත එක දෙයක් තියනව.උඹල පුංචි වැඩිහිටියො නෙමෙයි ළමයි.පුංචි පුංචි දඩුවම් දුන්නෙ අහිතකින් නෙමෙයි.උඹල හරි පාරෙම තියා ගන්න ඕන හංද.අදට වඩා ලස්සන හෙටක් හොයා ගන්න උඹලට මඟපෙන්වන එක මගේ රාජකාරිය කියල හිතපු හංද.


ඒත් මගේ ළමා කාල ගෙවිල ගිය විදියට නෙමෙයි උඹලගෙ ළමා කාලය ගෙවෙන්නෙ.මං හැදුනෙ සුරක්ෂික ආදරණීය පරිසරයක.උඹලගෙන් බොහොම දෙනෙකුට ඒහෙම දෙයක් උරුම වෙලා නැති බව දන්නව.ඒ දේවල් දන්න මට උඹල ඒ දේවල් අතරින් නගන එක හිනාවක් කෝටියක් වටිනව.

මට ඕන උනේ උඹල හීනයක් දෙන්න.ඒත් උඹල මට හිතා ගන්නවත් බැරි තරම් යථාර්ථයට ලංවෙලා.රුපියල් 1000ක් හම්බෙන හින්ද අයියල එක්ක පෙලපාලි ගිය තාමත් ඡන්ද අයිතිය වත් නැති උඹව,මං නිවාඩු කාලෙ ගෙදරදි සෙල්ලම් කරල පාඩම් කරල ගත කරල තියෙද්දි උඹල කුලීවැඩට ගිහින් විසි තිස් දාහ උපයපු උඹව,කරාබු ගම්මිරිස් කඩල ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරන උඹව මට ටිකක් ගෝචර නෑ.ඉගනීමත් එක්ක බැඳුන හීන උඹලට නෑ

.පාසලේ දරුවො වැඩි දෙනෙකටත් නෑ.

ගනන් බැරි හින්ද සාමාන්‍ය පෙල ෆේල් වෙනව කියල දැන්නම හිතාගෙන දුර රස්සාවල් වලට යන්ඩ හීන මවන උසස්පෙල /සරසවි හීනයක් නැති උඹලට හීන දෙන්න මට තේරෙන්නෙත් නෑ..

උඹල ගැන මං කලකිරුණු අවස්ථා නැතිවත් නොවේ.පාසල තුලදී නොවුනත් නමය වසර දරුවෙක් රා බෝතලයක් සමඟ මගේ අතටම අහු වුන එක මට හුඟක් දරා ගන්න අපහසු වුනේ ඒකයි.මගේ දෑසට නොනවත්තාම කඳුළු නැගුනෙත් ඒකයි.මං උඹලට ආදරය කල පලියට උඹල සර්ව නිර්දෝෂී වෙන්නෙ නෑ කියල මං තේරුම් ගත්තෙ එදා.

අන්න ඒකයි අමධ්‍යප ව්‍යාපාරයත් එක්ක මත් පැන් වල ආදීනව ගැන විෂය නිර්දේශයට අදාල නොවූ දේසනයක් කලේ.

එදා මගේ ප්‍රශන වලට උඹලගෙ උත්තර මට තාම මතකයි

“ඔයාලගෙ තාත්තල බොන අය ඉන්නවනං අත උස්සන්න“උඹලගෙ ජීවිතේ හුඟක් දේවල් අවංකවම මං එක්ක කියනව කියල මං දැනගෙන හිටිය. උඹලගෙන් දෙතුන් දෙනෙක් ඇර අනිත් සේරම අත ඉස්සුව.

ඔයාල බොන අය අත උස්සන්න

අනේ හැබෑට.....මං රා බෝතලයත් සමඟ අහුවුන උඹට දැම්මෙ නෝක්කාඩු බැල්මක්
අම්මප මං ඉස්සර බීව..දැන් නෑ

හැබෑටම..මං තාමත් උපහාස ස්වරයෙන්......කවද ඉඳන්ද අමධ්‍යප සංගමේට බැඳෙන්න හිතුනෙ....
අර මිස් අඩපු දවසෙ ඉඳන් තාම බිව්වෙ නෑ මිස්..අම්මප ආයෙ බොන් නෑ කියල හිතා ගත්ත...උඹ කීව..උඹ සමහර විට ඒ කීවෙ ඇත්තම නොවෙන්න ඇති...ඒත් එවෙල මගේ ඇහැට ඉනුවෙ සතුටු කඳුළු
අද තමයි නරකම දවස.උඹල පීරියඩ් කට් කරන්න පටන් අරගෙන.පංතියට නොගිහින් හිටපු උඹල තුන් හතර දෙනෙක් මගෙ ඇහැ ගැටුනෙ අහම්බෙන්.

අද රිලීෆ් පීරියඩ් දෙකක්ම දාගත්තෙ මේ අවුලත් ලෙහා ගන්ඩ ඕන හින්ද.මං වෙනදා වගේම විහිළුවෙන් ඉගැන්නුව.මුලදි උඹල මූනෙන් මූන බලා ගත්තෙ උදෙන්ම දේශනයක් හම්බෙයි කියල බලං හිටපු හංද වෙන්න ඇති.

මගෙ හිතේ තරහක් තිබුනෙ නෑ.ඒත් උඹ කලේ වරදක් කියල උඹලට අවබොධ කරවන්න මට ඕන කමක් තිබුන.හැමදාම බොරුවට විහිළු ටොකු ඇනපු නොරිදෙන්න උඹලගෙ කනින් ඇදපු මම අද නම් ඇත්තටම වේවැල් පාරවල් 02 ගානෙ ගැහුව.උප නායකයාත් මේ මගඩියට හවුල් කියල දැනගත්තාම උඹට 3ක් ගැහුවෙ නායකයා තමන්ගෙ පරිවාරයට වගකිය යුතු බව උඹට තේරුම් ගන්නයි.

එලිමහන් පන්ති කාමරයට එක්ක ගිහින් කාටවත් නොපෙනෙන්න වේවැල් කසාය දුන්නෙ උඹලට ලැජ්ජාවක් නොවෙන්නයි

ඒත ඒ පාරක් ගානේ උඹලට වැඩියෙන් මට රිදුන.ඒකයි ඊලඟ පීරියඩ් එක පටන් ගන්න කලින් උඹල හැමෝගෙම අත් අල්ලල වැවිරි පාරක් තිබුනද කියල මං බැළුවෙ.මගෙ පසුතැවීම උඹලට පේන්න ඇති.ඒකයි උඹල මං අහන්නෙ නැතුවම 

“වැඩිය රිදුනෙ නෑ මිස් කියල කීවෙ.“

උඹලගෙ හිතේ මං ගැන තරහක් ඇති වුනාද කියල බලන්නයි මං උඹලගෙ ඇස් වලට එබිල බැළුවෙ.ඒත් උඹලගෙ ඇසුත් වෙනදවගේම මාත් එක්ක හිනා වුනා.මං කරපු නපුරු වැඩේ මගෙ හිතට එකඟ නෑ...ඒත් පන්ති කට් කිරීමේ ආදීනව ගැන දේෂනයකින් මේ තරම් සාර්ථකව මේ පණිවිඩය උඹලට දෙන්න බැරි බව මං දන්නව.


මං ගැහුවෙ තරහකින් නොවන බවත්,ගහන්න හේතුවත් උඹල දන්නව....අඩු ගානෙ මාස 2ක් වත් යනකල් මේ වැරැද්ද උඹල කරන්නැති බව මට විස්වාසයි.

නමට පංතිබාර කාරත්වය තිබුනත් මට පංතියට යන්ඩ අවස්තාවක් නැති හංද වෙනද වගේ උඹලට ලංවෙන්ඩ මට අවස්තාවක් නෑ.

ඒත් උඹල වෙනුවෙන් මගේ හිතේ වෙන් වුන ඉඩ හැමදාමත් එහෙමමටි.මගේ ගුරු භූමිකාව සාර්ථක වුනත් අසාර්ථක වුනත් මං උඹලට ආදරේ බව උඹල දන්නව... උඹල සාර්තක වුන දවසට මාත් සාර්ථක බව මට හැඟෙනව




30 comments:

  1. ඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා ටීච.... එපාවෙන ලිවිල්ලක් අප්ප ලියල තියෙන්නෙ..
    //අර මිස් අඩපු දවසෙ ඉඳන් තාම බිව්වෙ නෑ මිස්..අම්මප ආයෙ බොන් නෑ කියල හිතා ගත්ත...උඹ කීව..//
    මේ ටික කියවනකොට නම් ආයෙ කොන්ට්‍රෝල් නෑ දෑස් දෝරෙ ගැලුවට අමතරව හික් ගෑවුනා....
    වාසනා වේවා...!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පන්තියෙන්ම දඟ මල්ල ඒකා තමයි.
      ළමයෙක් ඉස්සරහ මගේ හැඟීම් පාලනය කර ගන්න බැරුව අඩපු එකට නම් පට්ට ලැජ්ජයි අප්පා.ඒත් ඒකෙන් යහපතක් වෙලා කියල හිත හදා ගත්තෑකි.
      ඕකා එහෙම කියනකොට මුළු පංතියම ඇස් ජිල්බෝල කරගෙන මං දිහා බලං හිටිය.අම්මප පුළුවන් නං බිංකුන්ඩෙක් වගේ හැංගෙනව එවෙලෙ

      Delete
  2. දන්නවද, මේක කියෙවුවේ නයිට් ශිෆ්ට් එකේදී හම්බුන බ්‍රේක් එකේදි.ලබ්බට වගේම ඇස්වලට කඳුළු ආවා නවත්තගන්න බැරිවෙන්න. මතක්වුනේ මගේ ඉස්කෝලේ කාලේ.9,10,11කියන අවුරුදු 3ම මගේ පංතිබාරව හිටියේ එකම ගුරුවරියක්.ඇය ගුරුවරියකට වඩා අපි හැමෝගෙම දෙවනි අම්මා උනා.මිස් ඒ අවුරුදු 3ටම නිවාඩු අරන් තිබුනේ දවස් 4. ඒ තමන්ගේ දුවගේ විවාහයට. ඔය 9-b පංතිය වගේම තමයි අපේ පංතියත් ඒ කාලේ.ඇය හිටියේ නැත්තන් ඒ පංතියේ ගොඩදෙනෙක් අද හිරේ.නැත්තන් කුඩු ගහනවා.

    උඹෙන් දැකපු හොඳම ලියවිල්ල. ඒක එහෙමවුනේ හිතේ හැඟීම් අවංකව අකුරුකරපු නිසා වෙන්න ඇති. උඹලා වගේ ගුරුවරු රටකට වාසනාවක්.

    ReplyDelete
    Replies

    1. //උඹෙන් දැකපු හොඳම ලියවිල්ල.//
      ++++++++++++

      Delete
    2. ස්තූතියි ඉයන්
      ඔහොම හරි ගොඩ වැදෙන එක්ට තැන්කුයි කටුස්සෝ....

      Delete
  3. සංවේදී සටහනක්. ඉස්කෝලෙ ගිය කාලේ ආයිත් මතක් වුණා. ඒ කාලේ එක මිස් කෙනෙක් හිටියා. ඈ ළමයෙක්ට පාඩම කියවන්නට දී අනික් උන්ට එය ලියාගන්නට කියා පුටුව මත නිදාගැනීමට දක්ෂය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හපොයි ගුරුවරු ඔහොම කරන් නෑ...පස්සෙන් පන්න පන්න උගන්නන්න බලනව මිසක්..ළමයින්ටය් ඉගෙන ගන්න ඕන නැත්තේ....ඔයා ගියේ ඉස්කෝලෙකටමයි කියලා ෂුවර්ද යාළු...අනේ මන්දා

      Delete
  4. සුපරි.. 9B එකේ ඉන්නවා වගේ දැනුනේ..

    ReplyDelete
  5. සුපරි.. 9B එකේ ඉන්නවා වගේ දැනුනේ..

    ReplyDelete
    Replies
    1. ඉන්ඩම වටිනවා නේන්නං නුවන්.මේ වගේ පංතියක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ

      Delete
  6. ඔෆිස් එකේදී කඳුළු එන පෝස්ට් කියවන්න ලැබෙන එක වහක්...
    මොක උනත් හරි සංවේදීව ලියල තියෙනවා...

    මගේ හිතේ ගුරුවරු ගැන තියෙන ආකල්පය නරක එකක් කරවන්න දායක වෙච්ච ගුරුවරු කීපදෙනා ඇරෙන්න මටත් හොඳ ගුරුවරු මුණගැහුන බව මතක් කරවන්න මේ පෝස්ට් එක උදව් වුනා...

    ReplyDelete
    Replies
    1. හුඟක් ගුරුවරු මෙහෙම තමයි පුතා...ළමයින්ට ගහල ඇවිත් ස්ටාෆ් රෑම් එකේදි හැමෝම කතා කරන්නෙ අප්සට් මූඩ් පිට.තාමත් අපේ ළමයි වෙන ඕන දේනට වඩා කෝටු බාසාව දන්නව.මනෝ විද්‍යා තියරි දාල ගොඩ ගන්න හදනකොට උන් ජීවිතෙන් බාගයක් නාස්ති කරගෙන

      Delete
  7. නෙතට කඳුලක් උනපු සංවේදී සටහනක්

    ReplyDelete
  8. 8 වසරට එනකන් ඒ ළමයි ගැන නොදැනුවත් ඉස්කෝලයක් තියෙන්නේ කොහොමද... මම ඉස්කෝලේ යන කාලෙත් 8-9 පන්ති වල හිටියා අකුරු දන්නේ නැති ළමයි.. මගේ හිතේ ඒ කාලෙත් නැඟුනෙත් මේ ප්‍රශ්නය.. ඒ අවුරුදු කීයකට කලින්ද .. ඒ ඇයි.. තාම එකතැන..හරි පව් අපේ ළමයි..

    ReplyDelete
    Replies
    1. ඔය සුපිරි ඉස්කෝල හා ජාතික පාසල් ඇරුනම අනිත් හැම ඉස්කෝලෙකටම පොදු ප්‍රශ්නයක් මේක.ස්පිට් එක ඒව්වට යනවා.ඉතිරි වෙන දරුවන්ගෙන් ඒ 9ක් ගන්න අපිට ප්‍රාතිහාර්ය පාන්න බෑනේ...ඒත් අපි අපේ උපරිමයෙන්ම එයාලට හොඳක් කරන්න මහන්සි වෙනවා
      ඔය ශිෂත්වෙ තරගෙදි මග ඇරෙන ළමයි නොවැ...

      Delete
  9. සංවේදී සටහනක්.
    ඔය තත්වෙ ඉන්න ළමයි කොටසක් සමාජටෙ වැටුණට පස්සෙ අනාථ වෙන්නත් කොටසක් උත්සාහයෙන් රස්සාවක් කරල ගොඩ යන්නත් ඉඩ තියෙනව. තමංගෙ ගෙදරත් එක්ක, පවුලෙ අයත් එක්ක තියෙන සම්බන්ධය අනුව තමයි ඒක තීරණය වෙන්නෙ.
    කොච්චර කට්ටක් කන්න උනත් ඔය වගේ පන්තියක් එක්ක ඉඳල දාල යන එක කීකරු ළමයි ඉන්න පන්තියක් දාල යනවට වැඩිය අමාරුයි.

    ReplyDelete
    Replies
    1. අනිවා මං පට්ට අප්සට් පිට ඉන්නෙ ප්‍රසාන්න...මුළු ඉස්කෝලෙම බෝරිං වගේ ඔය පංතිය නැති වුනොත්

      Delete
  10. උඹ සංවේදී හදවතක තියෙන ගුරුවරියක් නඟා. ඔය වගෙ ගුරුවරු ලබන්න ලමයි වාස්නා කරල තියෙන්න ඕන. කොහොම හරි එකෙක්ව හදාගත්තත් ලොකු දෙයක්.

    කොල්ලො 17යි කෙල්ලො 3යි ??? චැහ් මොකක්දැ ඒ පංතිය. මම නං එහෙම පංතියක මොහොතක් ඉන්නෙ නෑ හැක්

    ReplyDelete
    Replies
    1. ඒ.. අපේ ඇඩ්වාන්ස් ලෙවල් පන්තියේ කොල්ලෝ දහ අටයි කෙල්ලෝ තුනයි.. (උනුත් කොල්ලෝ වගේ. හැක්.) පන්තිබාර සුරම්‍යා මිස් හිටියේ නැත්නම් අපි ඉන්නෙත් නෑ ඒ පන්තියේ..

      Delete
    2. අපෙත් ඒ ලෙවල් පන්තිය ඒ තත්තෙම තමයි. අපෙන් පස්සෙ ආපු සෙට් එකේ එක කෙල්ලෙක්වත් නෑ.

      Delete
    3. අපේ ඒ ලෙවල් පංතියෙනං කොල්ලො දාහතරයි කෙල්ලො නවයයි . ඒ නිසා පොඩි ගතියක් තිබ්බා. ඒකට බයෝ පංති සුරපුරේ වගේ කෙල්ලො දහඅටයි කොල්ලො හතරයි... ඔන්න ඔය වගේ . ඉතිං අපි ඉන්ටිබල් එකේ යනවා අඩු පුරවන්න

      Delete
    4. අපේ ඒ ලෙවල් පංතියෙනං කොල්ලො දාහතරයි කෙල්ලො නවයයි . ඒ නිසා පොඩි ගතියක් තිබ්බා. ඒකට බයෝ පංති සුරපුරේ වගේ කෙල්ලො දහඅටයි කොල්ලො හතරයි... ඔන්න ඔය වගේ . ඉතිං අපි ඉන්ටිබල් එකේ යනවා අඩු පුරවන්න

      Delete
  11. උඹ සංවේදී හදවතක තියෙන ගුරුවරියක් නඟා. ඔය වගෙ ගුරුවරු ලබන්න ලමයි වාස්නා කරල තියෙන්න ඕන. කොහොම හරි එකෙක්ව හදාගත්තත් ලොකු දෙයක්.

    කොල්ලො 17යි කෙල්ලො 3යි ??? චැහ් මොකක්දැ ඒ පංතිය. මම නං එහෙම පංතියක මොහොතක් ඉන්නෙ නෑ හැක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්..බහුතර ගුරුවරුන්ගෙ තත්වය මේක තමයි.ගුරු වරු කියන්නේ මේ වගේ ජාතියක්

      Delete
  12. උඹ සංවේදී හදවතක තියෙන ගුරුවරියක් නඟා. ඔය වගෙ ගුරුවරු ලබන්න ලමයි වාස්නා කරල තියෙන්න ඕන. කොහොම හරි එකෙක්ව හදාගත්තත් ලොකු දෙයක්.

    කොල්ලො 17යි කෙල්ලො 3යි ??? චැහ් මොකක්දැ ඒ පංතිය. මම නං එහෙම පංතියක මොහොතක් ඉන්නෙ නෑ හැක්

    ReplyDelete
    Replies
    1. මෙයා ත්‍රිබල් ආදිපාද වෙන්නද හදන්නෙ.

      Delete
    2. හුටා යකෝ ඒ ගමන තුනයි.

      ප්‍රසායියෙ මොනවා හරි කරල දීපංකො බං

      Delete
  13. අනේ අම්මේ අපි අපේ ටීචර්(ල)ට දීපු වදයක්.. මේක ඉස්කෝලේ යන කාලේ කියවන්න තිබ්බ බ්ලොග් එකක්..

    ReplyDelete
  14. අම්මපා අපිත් ඔහොම හිතනව...අපේ ළමයිනුත් ලොකු උනාම හිතයි ටීචර්ලට වදයක් නේද දුන්නේ කියල

    ReplyDelete