Sunday, September 11, 2016

පාසල් විෂය නිර්දේශයේ මහා හිඩැස බ්ලූ ෆිල්ම් වලින් පුරවමුද??


මේ වසර හතකට එපිට සිද්දියකි.මගේ නංගී එවකට හතර වසරේය.මා ගෙදර යන විට අම්මා ඇයට නොසෑහෙන විදියට බැන වදිමින් උන්නීය.ඕපා දූප වලට කවදත් හිත ඇති මං එතනට කිට්ටු කලේ සිදු වූයේ කුමක්දැයි දැන ගැනීමට.මට වඩා වසර පහලවකින්ම බාල ඇය පවුලේ හුරතලිය වූවා ඇගේ සිත රිදවන යමක් කිරීමට පවුලේ ඇත්තන්ට කවදාවත් හිත දෙන්නේ නැත.ඉකි බිඳිමින් ඇය කියූ කතාවේ සාරාංශයයි මෙය.

ඇගේ පංතියේ පෙම්වතියක් ඇත.නමුත් නිවැරදිව අකුරු ලිවීමට නොදනී.ලියන විට ඉස්පිලි පාපිලි අඩුව ලියයි.දහය වසරේ ඉගෙන ගන්නා සිය පෙම්වතාට ලියුම් ලියවා ගන්නේ නංගී මගිනි.හතර වසරේ පෙම්වතියක්....

සුරංගනාවියන් ,නපුරු කුරුමිට්ටං,පොල්පිති හරක් හා බළු පූස් පැටවුන්ට ආදරය කරමින් හතරෙ පංතියේ උගත් මා මෙය කෙසේ වටහා ගන්නද?

ඒ වන විට පාසල් අධ්‍යාපනය හමාර කර හිටි මං පවා ආදරය ආශාව ලිංගිකත්වය ගැන යම් අවබෝධයකින් උන්නේ මගේ දූරදර්ශී මව වරින් වර ගෙනත් දුන් යොවුන්  මනෝ විද්‍යා පොත් මගින් ,අත්දැකීම් ඇති මිතුරියන්ගේ  කතා බහවලිනි.අනතුරුව පාසලෙන් ලබා දුන් “උදාවූ යෞවනය හා සරුංගලය “  යන පොත් දෙකිනි.ඒවායෙහි හිස් තැන් පුරවා ගත්තේ ටෙලි නාට්ටිය හා නව කතාවලින් ගොඩනගාගත් මනෝ චිත්‍ර ආශ්‍රයෙනි.

හතර වසරේ දරුවෙක්!!!!!!!

මොනවද ලියල තිබුනේ???කුතුහලය උපරිමයට පැමිණි මං ඇසුවෙමි.

බස් එකේ ෆුඩ් බෝඩ් එකේ යන්න එපා වැටෙයි කියලා තිබුන...හ්ම්ම්ම්ම්...තව බස් එකේදි එයා එක්ක කතා කරන්න එපා.ගමේ මිනිස්සු ගෙදරට කේලම් කියයි කියල....තවවවවවවව......එයාට රෝස පැලයක් හොයල දෙන්න කිව.එයා මල් පාත්තියක් හදල.........අන්තිමට එයා බෝකොල දෙකක් ඇඳල එයාගෙ නමයි අයියගෙ නමයි ලියල ඊ තලයක් ඇන්දා...මං ඔයාගෙම ###### කියල කියල එයා අත්සං කලා“

මම හිතට හා හිනාව හංගා ගතිමි...“බෝ කොල  හ්ම්....“

මට මෙය නැවත සිහියට ආවේ අසල්වැසි පාසලක හතේ පංතියේ පෙම්තියක් ගැන මගේ මිතුරියක් කියූ තොරතුරු ආශ්‍රෙයනි.

පෙම්වතිය හතේ පංතියේය.පෙම්වතා අටේ පංතියේය.

දෙයියෝ සාක්කි

මාස තුනේ ප්‍රේමයට ලියුම් විසිපහක් ලියා ඇත.

ආහ්..මේ එස් එම් එස් ,ෆේස් බුක් යුගයේ තවමත් ලිව්ම් ලියන ජෝඩු ඉන්නව එහෙනම්

කොල්ල අතේ බ්ලූ ෆිල්ම් සීඩී තිබිල ඉස්කෝලෙට මාට්ටු වෙලත් තියනව

දෙයියෝ සාක්කි ..අටේ පංතියේ ළමයි....

කෙල්ල එක ලිව්මක ලියල තියනව අද ගෙදර කව්රුවත් නෑ ගෙදර එන්ඩ කියල...

කෙල්ල දැන්නම් කෙල්ලෙක් නෙමේ වෙන්ඩ ඇති...

කොල්ල පිලිගත්ත  ගෙදර ගියා කියල

දෙයියෝ සාක්කි....ගිහින් කරන්ඩ ඕන දේ ඌ දන්නවද බං...

බ්ලූ ෆිල්ම් බලන එකානේ...දන්නව ඇති ....කෙල්ල තාම ලොකු ලමයෙකුත් නෙමෙයි.....
හපොයි දෙයියනේ...

එදා ලිව්මේ හා අද ලිව්මේ වෙනස මට නොසිතා සිටිය නොහැකි විය.නංගීගේ පංතියේ හුන් ලාබාල පෙම්වතිය අද 11 වසරේ සිටිය යුතුය.ඇයත් කොතැනක හෝ ජීවිතය වරද්දාගෙන ඇත්ද මට නොසිතා සිටිය නොහැක.
මේ අපේ දේශයේ නොව ලෝකයේම හෙට දවසයි...දෙයියෝ සාක්කි..හපොයි දෙයියනේ කියා ...විස්කෝප වී අනතුරුව අපිට මෙය අමතක කල නොහැක.

දරුවා රැක ගැනීම දෙමාපියන්ගේ හා  සමාජයේ වගකීමක් බව හැබවි..එහෙත් අද කාලයේ දෙමාපියන් අතින් මේ වගකීම ඉටුවන්නේද?සමාජය නම් සිය වගකීම අමතක කර කල දුටු කල වල ඉහ ගන්නා බව කොයි කවරුත් දන්නා දෙයකි.

ගම් ගැන කතා කරන විට අපේ ගම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස වලින් අඩු වයස් මව්වරුන් වැඩිම පිරිසක් සිටින ගම ලෙස මේ වන විට කිරුළු පලඳා ඇති බව අභිමානයකින් තොරව ප්‍රකාශ කර සිටිමි.

මේ දරුවන් බිහිවීමට හේතුව දැරිය බලහත්කාර කමට ලක්වීමම නොවේ....99%ම සිය කැමැත්තෙන් ලිංගික ක්‍රියාකාරකම වලට එක් වූ දරුවන්ය.

මෙයාලා බබ්බු හදන්නෙ කොහොමද?මෙයාලත් තාම බබ්බු කොට...

මේවාට මුල් වී ඇත්තේ කවර හේතු සිතා බලන විට පාසල් විෂය නිර්දේශයේද වරදක් තිබේදැයි කියා දෙවරක් හිතා බැලිය යුතුව ඇත.

මේ ප්‍රදේශයේ තාමත් වැඩි උගත්කමක් නැති දෙමා පියන් වැඩි ප්‍රතිශතයක් ඇත.බොහෝ දෙමාපියන්ගේ ජීවිත තේ වතු හා රබර් වතු මෙන්ම කුලී වැඩ මේසන් වැඩ වඩු වැඩ ආදී කර්මාන්ත සමඟ ගෙවී යයි.

එසේම දරුවන් දෙමාපියන්ට වඩා තාක්ෂණයත් සමඟ පෙර ගමන් ගොස් ඇති නිසා දෙමාපියන්ගේ කනෙන් රිංගීම දරුවන්ටද කිරි කජුය.

එසේම අපි තාමත් ලිංගිකත්වය කුණුහරුපයක් සේ සලකන ජාතියක්මු.ඒ ගැන වචනයක් හෝ කතා කරන්නෙකු අම්බ වලෙක් සේ සිතන ජාතියක්මු.කාමරේ දොර වසා යතුල්ලා පමණක් පෙම් සුවය විඳිය යුතුයැයි හිතන ජාතියක් වන්නෙමු.

ජීවිතය වැරදීම යනු දෙවන ගමන දවසේ රතු පැල්ලමක් තබා බන්දේසියක අසුරා ප්‍රදර්ශනය කරන්නට සුදු රෙද්දක් නැති වීම බව මම කිසි ලෙසක නොකියමි.ජීවිතය වැරදීම යනු ඊට වඩා බොහෝ සංකීර්ණ වූවකි.

එනම් ජීවිතය ඇරඹීමටත් පෙර අතර මැද කඩා වැටීමයි..අනුන්ගේ රූකඩයක් වී ඔවුන්ගේ පදයට නටමින් ජීවත් වන්නට සිදුවීමයි.තම දෙපයින් හිට ගැනීමට තමාට ශක්තියක් නොමැති වීමයි.තමා පරාජිතයෙකු බවට තම සිතේ විශ්වාසයක් ඇති වීමයි.මහා ලොකු සුචරිත වාදී සමාජය විසින් පිළිකුලට ලක් කිරීමයි...සතුටක් නැතිව ජීවත් වන්නට සිදු වීමයි,තමාගේ යැපුම සරි කර ගන්නටවත් තමන්ට මාර්ගයක් නොමැති වීමයි.මූලික අවශයතාවත් හිමි කර ගත නොහැකිව ජීවත් වීමට සිදු වීමයි...ආදරය බැඳීම අන්‍යෝන්‍ය ගරුත්වය හා විශ්වාසය එකතු නොවූ ශාරීරික බැඳීමකට යටත් වීමට සිදු වීමයි.අවසානයේ තමන් සේම සමාජයට බරක් විය හැකි තවත් ජීවියෙකුට උපත දෙන්නට සිදු වීමයි.

එබැවින් හෙට දවස උදෙසා මෙම තත්වය පිටු දැකීමට කුමක් හෝ කිරීම අප සියල්ලන්ගේම වගකීම වන්නේය.

එදා විස්තීරණ පවුලෙන් ලද ආදරය සුරක්ෂාව අද දරුවන් නොබන බව අප දනිමු.සංකීර්ණ උවමනා ජාලයක හිරවී සිටින අප නොනවතින ජීවන අරගලයක දිවා රෑ නොලබා යෙදෙන්නෙමු...මේ සියල්ල දරුවාගේ හෙට දවස උදෙසායි අවසානයේ හිත හදා ගන්නෙමු...මේ මොහොතේදී දරුවාගේ අද දවස විනාශ වනු ඇතැයි සිහිනෙන්වත් නොසිතන්නෙමු.


අප රැකියාවේ දහසකුත් වැඩ නිම කර ගෙදර එන්නේ දෙයියනේ කියා යමක් කා ඇඳට වැටීමට බලාගෙනය.නමුත් දරුවෝ අප එනතුරු බලා සිටින්නේ දවසේ ගොඩ ගැහුණු දහසකුත් ප්‍රශ්න අප සමග කතා කිරීමටය.එවිට අපට නොරිස්සුමක් ඇතිවීම ස්වභාවිකය.

අප දරුවාට සවන් නොදී දරුව ඉවත් කරන විට දරුවා එය වටහා ගන්නේ අප ඔවුන්ට ආදරේ නැති ලෙසය.එවිට ආදරේ යැයි කියමින් දරුවාට සවන්දෙන ඕනම අයෙකුට ඕනෑම ආකාරයකට දරුවා ලං වීම වැලැක්විය නොහැක.

එබැවින් අපගේ විවේකය හා දරුවාගේ ප්‍රශ්න අතර සමතුලිත ලක්සය සොයා ගැනීමට අපට හැකි විය යුතුමය
යමෙකු තම අදහස වෙනුවෙන් ආදරය මවා පාන විට දරුවා ආදරය කියන්නේ එය යැයි විශ්වාස කිරීමට ගනී.කාර්යබහුල ජීවිතය මැද දරුවාට වැඩිපුරම අවශ්‍ය අවධානය බව අමතක කරන ඕනෑම දෙමව්පියෙකුගේ දරුවෙකු ඉදිරියේ මෙම අණතුර ඇත.

අප ගම් පලාතේ සලකා බලන විට දරුවන්ගේ දෙමාපියන්ද විවාහ වී ඇත්තේ අඩු වයසිනි....උතුරා ගිය ආදරයේ අතුරු පලයක් ලෙස පොරු මස්තකාරූඩව පැමිණියා නොව පාලනය කර ගත නොහැකි ආශාවන්ට මොහොතකට වහල්ව අනතුරුව දීගය ඇරඹෙන්නේය. එබැවින් සවිමත් මානසික හා ආර්ථික පදනමක් නැතිව අටවා ගන්නා මේ දීග ටිකින් ටික ඒකාකාරී වී නීරස වන්නට පටන් ගන්නා විට වෙනස් රසයක් සොයා යාමට බොහෝ අය නොපැකිලෙකි.එබඳු පව්ලක බිහිවෙන දරුවෙකුට ආදරය හා ලිංගික ආශාව අතර වෙනස හඳුනා ගත නොහැකි වීම අරුමයක් නොවේ.

තවද අඩු වයසින් මව / පියා මිය යාම නිසා ඉතිරි කෙනා ජීවිතයට සවියක් සොයා තවකෙකුට ලංවීමද මෙබඳු ගැටළු ඇති කරන්නට හේතුවකි.

මේ සියල්ලේම වරද දරුවාගේ පවුල පිට දමා තවත් ගැඹුරට බලන කල ඒ දෙමාපියන්ගේ ජීවිත ඊටත් වඩා ඛේදවාචකයන්ය

අඩු වයසින් දරුවන්ගේ ද්වීතියික ලිංගික ලක්ෂන පහල වීමේ ප්‍රවනතාවක්  වර්ථමානයේ දක්නට ලැබේ.එවිට හෝර්මෝන ක්‍රියාකාරිත්වය නිසා මෙබඳු හැගීම් පහල වේ.එය ජාතික අපරාධයක් නොවේ.නමුත් තම අනාගත යහපත උදෙසා මෙම හැඟීම් කලමණාකරණය කිරීමට දරුවා උගත යුතුය.

එය සිදුවිය යුත්තේ දරුවාට වඩාත්ම සමීප මව / පියා විසින් බව අවිවාදිතය.නමුත් එය ඉටු නොවන්නේය ..එය උන්ගේ කරුමයය කියා අපට අත පිහදා ගත හැකිද?

එසේ නම් ඒ සඳහා පුළුල් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කල යුතුය.දරුවා ට නිවස හැර ඊළඟට සමීප තැන පාසලය.එසේ නම් පාසල් පද්ධතිය හරහා මෙය සිදු කල නොහැක්කේ මන්ද?10 වසර දී එක් පාඩමක් තිබුනත් අපේ දරුවෝ දැන් දැණුම ලබා ගන්නා මූලාශ්‍ර බොහෝමයකි.

8 වසරේ දරුවාත් බ්ලූ ෆිල්ම් බැලීම ඛේදවාචකයකි.මා මෙය කියන්නේ ඊනියා සුචරිත වාදියෙකු ලෙස නොව.තමාට ගැලපෙක හා තමා තෘප්තිමත් වන අයුරින් ඕනෑම කාර්යයක් කිරීමට නිදහස් මනුශ්‍යෙයකුට අවසර තිබිය යුතුය..(තවකෙකුට ඉන් හානියක් නොවන තාක්)නමුත් දරුවන් යනු හොඳ නරක පැහැදිලිව තෝරා ගත නොහැකි උදවියය.අපගේ මඟපෙන්වීම ඔවුන්ට වැදගත්ය.ඔවුන් මේ වයසේදී යම් අසම්මතයක් සම්මතය සේ සිතත්ද අනාගතයේදී ඔවුන් සම්මතය අසම්මතය ලෙස දකිනු ඇත.සම්මතය කියාදී නිසි වයසේදී ඔවුන්ගේ රුචිය තෝරා ගැනීමට ඉඩ හැරිය යුතුය.

කවුරුන් කෙසේ කීවත් දරුවන්ගේ චර්යයා සම්මත රාමුවට හැඩ ගැස්වීම යෝග්‍ය බව මගේ පුද්ගලික මතය වන අතර නිසි වයසේදී ඔහු සිය කැමැත්ත මත තීරණ ගනු ඇත.

අනෙක කෙසේ කීවත් හත වසර දරුවා අතද අද ජංගමයක් ඇත.ඉන් අන්තර් ජංජාලයට සම්බන්ධවීමට වැඩිහිටියෝ නොදනිතත් දරුවෝ දකිති.මේ ජාලය අපේ දරුවෝ භාවිත කිරීමේදී ජංජාලයක්ම වන්නේ එබැවිනි.

දරුවන් තාක්ෂණයෙන් ඈත් කල නොහැක.අපට කල හැක්කේ තාක්ෂණය යහ භාවිතයට දරුවා හුරු කරවීම පමණි.

අනෙක දරුවා ට මේ ලිංගිකත්වය පිළිබඳ ඇත්තේ හුදෙක් කුතතුහලයකි.මෙම කුතුහලය සංසිඳවන ලෙස විෂය නිර්දේශය සකස් කිරීම කල යුතුම දෙයකි.අඩු ගානේ 3 වසරේ දරුවාට තම අවයව තමාට පුද්ගලිකයි යන හැඟීම තරයේ සිතට ඇතුලු කිරීමට අපට හැකි විය යුතුය.

අප පාසල් ගිය කාලයේ “උදා වූ යෞවනය“ නමින් පොතක් පෙල පොත් සමඟ හිමි වූ බවට මතකයක් ඇත.කවරෙක් හෝ ගුරු මවක් ලබා දී “සරුංගලේ“ නමින් වූ පොතක්ද කියවූවා මතකය.වර්ථමානයේ එය පාසල් පුස්තකාල වල ඇතත් යෞවනය හා ලිංගිකත්වය යනු කුනූහරුප බවට සලකන සාමාජයක දරුවෙක් ගුරුවරයෙක් ඉදිරියේ එම පොත කියවීමට එඩිතර වෙයිද?

ක්‍රිඩා සෞන්දර්යය විෂයන් මගින් මනෝ විද්‍යානු කූලව දරුවාට යහ වින්දනයක් ලබා ගැනීමට හැකි වන පරිදි විෂය නිර්දේශ සකස්කල යුතුය.නැත්නම් ඒවාද“ ඒ “ලබා ගැනීමේ තරගයේදී තවත්  එක “ඒ“ එකක් ලෙස සැලකීමෙන් වින්දනයක් නොලැබෙනු ඇත.

හයෙන් ඉහල සියළු දරුවන්ට ක්‍රමාණුකූලව ලිංගික අධ්‍යාපන ලබා දිය යුතුය.එවිට කුතුහලය නැතිවනු ඇත.
වැල සයිට් වලින් කියවෙන ආකාරයට අම්මා අප්පා සහෝදරයා බල්ලා හෝ වෙන ඕනෑම එකෙකු නැත්තං යට ඇඳුමක් හුරතල් ටෙඩි බෙයාර් කෙනෙක් සමඟ හෝ ලිංගය උපයෝගී කරගෙන කරන නරි නාඩගමක් හෝ තම පීඩනය මුදා හැරීමක් ලිංගික එක් වීමක් ලෙස දරුවා නොදකිනු ඇත.

එය ආදරය ආශාව සුහදත්වය අනෙ‍්‍යාන්‍ය ගරුත්වය පෙරටු කරගෙන කරනු ලබන ජීවිතය හා ශරීරය බෙදා ගැනිමක් බව දරුවාට ඉගැන්විය යුතුමය.කවියක් චිත්‍රපටයක් රස විඳින්නා සේ ලිංගිකත්වයද රස විඳිය යුතු දෙයක් බවත් එය කුණු හරුපයක් හෝ තහනම් දෙයක් නොවන බව දරැවාට වටහා දිය යුතුය.තවද ශරීර දෙකක් අතර සුන්දර ලෙස ජීවිතය  බෙදා හැනීමට නම් ඊට පෙර සම්පූර්ණ කර ගත යුතු සාධක ඇති බවත් දරුවාට මතක් කර දිය යුතුය.හෝමෝන ක්‍රියාකාරිත්වය සාමාන්‍ය දෙයක් බවත් එමඟින් එම හැඟීම්  පහල වීමට ජාතික අපරාධයක් නොවන බවත් ඒවා කලමනාකරණය කිරීමට යෝග්‍ය ක්‍රමත් ගැන දරුවා දැනුවත් කල යුතුය


නැතිනම් වහාම ක්‍රියාත්මක වන පරිදි 1 සිට විශ්ව විද්‍යාලය සඳහා ජිම්නාස්ටික් ක්‍රිඩාව හර විෂයක් ලෙස ඇතුලත් කල යුතුය.නැත්තං වැල වීඩියෝ ගුරු කර ගන්නා අපේ පුංචි උන් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන දිනක ඔවුන්ගේ කොඳු බිඳෙනු බෙලි කැඩෙනු  වලක්වා ගත නොහැකි වනු ඇත.





23 comments:

  1. ඉතාමත් සාධනීය කියවීමක්. මම හිතන්නෙ මේ ආකාරයෙන් සමබරව හිතන පුද්ගලයන් අතට අධ්‍යාපනයේ වගකීම් යා යුතුයි කියල.

    ඊනියා රැඩිකලුන් කියන ආකාරයට අටේ පංතියේ දරුවාටත් වැලක් බැලීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හිමිවිය යුතුය. හරි නමුත් මේ කෙරෙහි ඇබ්බහිවන්නන් මානසික රෝගීතත්වයන්ට ගොදුරුවන බව අද විද්‍යාත්මකව සනාථවූ කාරණයක් .

    විවාහයේදී පතිවත පෙන්වීම කියන කාරණයට එහාගිය තත්වයක් ජීවිතය වැරදීම කියන කාරණාව තුල ගැබව ඇතිබව ඔබ පෙන්වාදී ඇති අයුරු ප්‍රශංසනීයයි .

    රුවන්වැලි සෑය අපරාධයකි, ශ්‍රී මහා බෝධිය යට අඩියක් ගහන්න ආසයි වගේ දේවල් අදහස් හැටියට රැඩිකල් බවක් පේනවා. ඒත් ඒ මිනිස්සුත් තමන්ගෙ එකාව හරියට හදාගන්න උත්සාහ කරනවා. තමන්ගෙ එකා හැර අනික් උං විනාසවෙනවා දකින්න ආස සමාජයක් මේක. ඒනිසා ඒ ටික අඩුගානෙ දරුවන්ට තේරුම් කරන්න පුලුවන්නම් ගුරුවරයෙක් හැටියට උඹල වටිනා දෙයක් කලා වෙනව.

    අකුරු වගේම ජීවිතෙත් ඩබල් රූල් පොතක ප්‍රැක්ටිස් කරල ලස්සන කරගන්න පුලුවන් නම්........

    ReplyDelete
    Replies
    1. අනිවා ඉවාන්...කොල්ලො 16යි කෙල්ලො 3යි ඉන්න මගෙ පංතියට මං උදා වූ යෞවනය පොත වෙන ඉස්කෝලෙකින් හොයල ගෙනත් දුන්නා.හයැමෝම කියවපිය කියල .බලං ගියහම මං උනත් ඔයි ගැන මහ ලොකු දෙයක් දන්නෑ වගේ.
      පංතියේ ගුරු දෙගුරු රැස්වීමෙදිත් කිව්ව මෙහෙම පොතක් දෙනව පොඩි එකාගෙ කණ මිරිකන්ඩ එපල්ල කියල.
      අපි දන්න දේවල් ලාවට කියල දුන්නත් අමුවෙන්ම ඔය ගැන දරුවො එක්ක කතා කරන්ඩ කවුරු හරි ඉන්ඩ ඕන.
      වැල වලට ළමයි හරි ඉක්මනට ඇබ්බැහි වෙනව.එයාලට ඒක පාලනය කර ගන්න අමාරුයි.නොබලම ඉන්ඩ තියනවනං හොඳයි

      Delete
  2. මේ ලිපිය ප්‍රින්සිපල් ලටයි ගුරු උපදේශකයින්ටයි ඔෆිස් වල උන්ටයි පෙන්නල ඉන්නවෙයි මුලින්ම.නැත්තං ඉස්කෝලෙ කුණුහරප උගන්නලා ළමයි විනාස කරනවා කියලා සද්දයක් එන පුළුවන්..
    උපත් පාලනය ගැන නම් දැනුවත් කිරීම් හොඳටම මදි බව වටපිට බලනකොට තේරෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි ගස්..මේව බලන්න ඕන ඊටත් ඉහල අය.පෙලපොත් ලියන අය වගේ අය

      Delete
  3. ඉතාමත් සාධනීය කියවීමක්. මම හිතන්නෙ මේ ආකාරයෙන් සමබරව හිතන පුද්ගලයන් අතට අධ්‍යාපනයේ වගකීම් යා යුතුයි කියල.

    ඊනියා රැඩිකලුන් කියන ආකාරයට අටේ පංතියේ දරුවාටත් වැලක් බැලීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හිමිවිය යුතුය. හරි නමුත් මේ කෙරෙහි ඇබ්බහිවන්නන් මානසික රෝගීතත්වයන්ට ගොදුරුවන බව අද විද්‍යාත්මකව සනාථවූ කාරණයක් .

    විවාහයේදී පතිවත පෙන්වීම කියන කාරණයට එහාගිය තත්වයක් ජීවිතය වැරදීම කියන කාරණාව තුල ගැබව ඇතිබව ඔබ පෙන්වාදී ඇති අයුරු ප්‍රශංසනීයයි .

    රුවන්වැලි සෑය අපරාධයකි, ශ්‍රී මහා බෝධිය යට අඩියක් ගහන්න ආසයි වගේ දේවල් අදහස් හැටියට රැඩිකල් බවක් පේනවා. ඒත් ඒ මිනිස්සුත් තමන්ගෙ එකාව හරියට හදාගන්න උත්සාහ කරනවා. තමන්ගෙ එකා හැර අනික් උං විනාසවෙනවා දකින්න ආස සමාජයක් මේක. ඒනිසා ඒ ටික අඩුගානෙ දරුවන්ට තේරුම් කරන්න පුලුවන්නම් ගුරුවරයෙක් හැටියට උඹල වටිනා දෙයක් කලා වෙනව.

    අකුරු වගේම ජීවිතෙත් ඩබල් රූල් පොතක ප්‍රැක්ටිස් කරල ලස්සන කරගන්න පුලුවන් නම්........

    ReplyDelete
  4. ඇත්තටම හොඳ කරුණු දැක්වීමක්.. 4 වසරේ දරුවෙක් කොහොමද ආදරේ ගැන කියන්නේ ලියන්නේ.. ඉක්මනින් වෙනසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න ඇත්තට වෙනසක් දකින්න ලැබෙයි කියලා විස්වාසයක් තියන්න තරන් දෙයක් පෙන්නේ නැති එක කනගාටුවට කරුණක්..

    ReplyDelete
    Replies
    1. වෙනස කරන්න වෙන්නේ අපටමයි යාළු..ඒත් අපට පටන් ගන්න තැනක් තාමත් නෑ..අවුල ඒකයි

      Delete
    2. පටන් ගන්න වෙන්නෙත් අපිටමයි යාලු පේන් විදිහට..

      Delete
  5. Replies
    1. ස්තූතියි ප්‍රාෙජ්.ඔයා ආව එකම ලොකු සකුටක් මට

      Delete
  6. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය අද කාලෙට ගැලපෙන්නැති යල් පැනගිය එකක්. ඒක අදකාලෙට ගැලපෙන විදියට වෙනස් විය යුතුයි. ගුරුවරයෙක් උනත් පොතේ තියෙන දේ එහෙම්ම ළමයින්ට කටපාඩම් කරනව මිසක් ඊට වැඩිය දෙයක් වෙන බවක් පේන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවා එකඟයි....ඒත් කෝ අපට සම්පත් මඟ පෙන්වීම්..මේකයි අපේ තත්වය.අපි මනින්නේ මතකය මිස බුද්ධිය නෙමෙයි.හොඳම ගිරවා ඉස්සරහට යනව....වටිනාම එකා හැලෙනව.....

      Delete
  7. habai mamath blue magazine keyewwa 8 wasaredi.. a 1994di...

    ReplyDelete
    Replies
    1. ඒක හැඟිම් පාලන උපක්‍රමයක් විදියට යොදා ගන්නවට මගේ විරුද්ධත්වයක් නෑ...දරුවන් ඕක බැළුවොත් කරන්නත් යනව.ටාසන් බලල ටාසන් වෙන්න ගිහින් අපේ ළමයි මැරිලත් තියනව.ළමයි කියන්නෙ ඒ වගේ ජාතියක්.ඒකයි භයානක තත්වය

      Delete
  8. කාලෝචිත පොස්ටුවක්..

    ඔව්.. පාසල් පද්දතිය තුල නිසි අධ්‍යාපනයක් ලබා නොදීම, වර්තමානයේ පැන නැගිලා තියෙන බොහෝ ගැටළු වලට හේතු වෙලා තියෙනවා...

    ReplyDelete
  9. අපේ කාලයේ උදා වූ යෞවනය. මං නං හිතන්නෙ ඊටත් වැඩිය ඔබ තුමියගේ උපදෙස් වඩා වටීවි කියලයි.වැදගත් ලිපියක්.ඔව් ඇත්ත සහතික ඇත්ත අන්තිම ඡේදය...සියල්ල තීරණය වෙනව එකෙන්...

    ReplyDelete
  10. වැදගත් සහ කාලින ලිපියක්...

    අපිත් 9, 10 වසරේදී ඔය වගේ පත්තරේ හොරෙන් කියෙව්වා...
    හැබැයි ඒවායේ තිබුනේ කතා විතරයි...
    වැල කියන ඝණයට දාන්න අමාරුයි ඒවා, ගෙදරින් පාසලෙන් එවැනි දැනුමක් නොලැබෙන විට පිටින් එවැනි දේ ලබා ගන්න ළමයින් පෙළෙඹෙන එක නතර කරන්නත් බැහැ...
    මේක ටිකක් ලොකු පටලැවිල්ලක්...
    බේරුම් කරන්න පහසු නැහැ...

    ReplyDelete
  11. ඉතා පොඩි වයසේ සිටම විරුද්ධ ලිංගිකයින් කෙරෙහි ආකර්ෂණයක් ඇති වෙනවා. එහෙම නැතිනම් ඒ ළමයා සමලිංගික විය යුතුයි. නමුත් ඒවා නිකං සුන්දර හැඟීම් විතරයි අපේ කාලේ. දැන් සමාජය විෂබීජවලින් පිරිලා නිසා තත්වය වෙනස් ඇති.

    හෝඩියේ පන්තියේ මට චිත්‍ර කියා දුන් ළමයා, තුනේ පන්තියේ දී ළමුන් එකිනෙකා ගේ නම් ජෝඩුකර කියමින් විහිළු කළ හැටි මට නම් අමතක නෑ.

    ඒ කෙසේ වෙතත්, ඔබේ වයස නම් දැන ගත්තා මේ ලිපියේ මුල් ඡේදයෙන් ම (7+15+........).

    ;-)

    ReplyDelete
  12. 01.හතර වසරෙදි පෙම්වතුන් වීම ලොකු දෙයක් නෙවේ. මම හතරෙ ඉන්නකොට මම සහ තවත් කොල්ලො තුන්දෙනෙකුට කෙල්ලො හතර දෙනෙක් හිටිය. ඒ කියන්නෙ අහවලී මගේ අහවලී උඹේ කියල බෙදාගෙන හිටියෙ. ඒ දැරිවියොත් ඒක දැනගෙන ඊට අනුබල දුන්න. හැබැයි ලිංගිකත්වයක් තිබුනෙ නෑ. ලියුම් ලිවීම වගේ දේවල් නං තිබුන.

    02.අටේ කොල්ලො බ්ලූ බැලීමත් මහලොකු දෙයක් නෙවේ. අපේ කාලෙ "බ්ලූ" විදියට හඳුන්වන්න පුළුවන් අසභ්‍ය පත්තර බැලීම පටන් ගත්තෙ හත වසරෙදි.

    03.ලිංගික අධ්‍යාපනය දීම වැදගත්. මම හිතන්නෙ පහ හය වසර වලදි පාසලෙනුත් ඊටත් කලින් දෙමාපියන් විසිනුත් ලබාදුන්නට කමක් නෑ.

    ReplyDelete
  13. මම නවයෙ වසරෙ වගෙ කාලෙ නිරුවත් වානරයා කියල පරිවර්තනයක් කියෙව්ව. ඒකෙන් තමයි සංසර්ගයේ යෙදෙන ආකාරය පවා දැනගත්තෙ.බලනකොට තොරතුරු තාක්ෂණය එදාට වඩා ගව් ගානක් ඉදිරියෙන් කියල කිව්වට අද කියල වැඩි වෙනසක් නෑ වගේ...හෙහ්,හෙහ්,

    නෝනා මහත්මයා..ඉතාම වටිනා ලිපියක්..ඔබට ස්තූතියි!

    ReplyDelete