අසරණ මං හීනෙන් වත් නොසිතූ ලෙසින් බස්සීගේ
නවාතැනෙදී හම්බුන පෙළඹවීමකට රැවටී බ්ලොග්
ලෝකයට සම්බන්ද වූයේ පසුගිය වසරේ අප්‍රේල් 29 වනදාය.හරියටම කිව්වොත් බොගක් ලෙස අටවා
ගත් මගේ බ්ලොග අටමා විසින් මල් වත්තකට හරවන ලදුව හුදී ජන පහං සංවේගය සඳහා මුදා
හැරියේ එදාය
මා කියන්නට හැදුවේ බ්ලොග් ලෝකයට පා තබා
අවුරුද්දක්වත් ගත වී නැති මං බ්ලොග ගැන දන්නා මෙලෝ දෙයක් නැති බවය.
ඔය අහු අස්සේය 2016/03/26 වන දින නෙළුම් යාය
2015 බ්ලොග් සම්මාන උලෙල සංවිධානය වූයේ.
හොඳම නවකතා 5 අතරට මගේ නම නිර්දේශ වූයේ
සංවිධායක මණ්ඩලයට වූ වැරදීමකින් බව සිතා එදත් ගෙදරට වී නිකං හිටින්ට මුලිංම මං කල්පනා
කලෙමි.එහෙත් කොමෙන්ටු අස්සේ හා මුහුණු පොතේ හමු වී ඇති මිතුරන් සැබෑවටම හමුවීමට ලැබෙන අවස්තාව නැති කර
ගැනීමට තරම් හිත දුන්නේ නැත.විශේෂයෙන් මගදී අතහැර දැමීමට හිතං උන් බ්ලොග් කෙරුවාව මේ
දක්වා ඇදගෙන ඒමට අත දුන් කල්‍යාණ මිත්තරේ, අටමා හා සුට්ටං කසුට්ටා මුනගැසීම අතපසු
කර ගැනීමට හිත දුන්නේම නැත.
සයිබරයේ හමු වූ මුත් මුහුණ මතක නැති
ආගන්තුකයන් මැද්දෑවේ මට හුදෙකලාව වහලේ සිවිලිං ෂීට් ගනන් කොරන්ඩ වේ දැයි බියෙන් මං
සුද්දාට ආයාචනා කොර සිටියේ මගේ බොඩිගාඩ් තනතුර දරා මාත් එක්ක ජන මාද්දිය අමාත්‍යාංසෙට
එන ලෙසයි.
සුද්දාගේ තෙතමනයක් නැති ක්ෂණික පිලිතුර වූයේ
නිදාගැනීමට සිතේ නං දේසන සාලාවක පුටුවකට වඩා ගෙදර ඇඳ සුව පහසු වගය
ඉතිං මං බණ්ඩා කොළඹ ගියා සේ සෑහෙන
පිරිසකගෙන් මග තොට ලකුණු අසා යාන්තං පොට් එක සොයා ගතිමි.
තනිව උඩ බලං ඉන්ට ගිය මට එසේ සිටීමට වූයේ
නැත.මගදීම හමු වූයේ කුරුටු හා කුරුටී ය.උන්දෑ මං තරං වත් අනිත් උදවිය නොහඳුනන බව
හඳුනා ගත් පසු මගේ බය හරි අඩකින්ම අඩු විය
ඒ අස්සේ මිත්තරේ එවෙලේම රෝද තුනකින් එතනට ප්‍රාදුර්භූත
විය.මා හිතං උන්නා සේම ඔහු උසය මහතය කළුය.බුකියේ එල්ලා තිබූ පොටෝ කෑලි වලට පිං
දෙන්ට මං දුටු සැනිං ඔහු හඳුනා ගතිමි.
ලිෆ්ට් වලදී පුරුද්දක් ලෙස ඔළුව කැරෙකෙන
හින්දා හති හල හලා
තරප්පු වල බඩ ගාන මං වීරයා වගේ මිත්තරේ එක්කම ඒකකම ආවේ තැන හොයා ගන්ඩ බැරිවෙයි
කියන බය ඊටත් වැඩි හිංදයි.
ඔමා මට හම්බුනේ එතනදිමය.මං ඇය ගැන හිතං
උන්නේ ස්ට්‍රේට් කොන්ඩෙ කන දෙපැත්තෙන් කඩා වැටෙන පුංචි කාලෙ ආසාවෙන් බලපු නයිල් නදී කුමරිය කාටුන් එකේ කුමරිය වාගේ
කියාය.ඊට සම්පූර්ණ කනපිට පෙනුමකින් යුත් ඇය හමුවීම සතුටක් ගෙන දුන්නත් මගේ නයිල්
නදී කුමරිය එතැන නොසිටීම ගෙනාවේ බලාපොරොත්තු කඩ වීමේ දුකක්.
ඊ ලඟට ඉවාන්ය.කොමෙන්ටු අප කෙතරම් නොමග යවන
සුළුද?.කොමෙන්ටු අනුව මා මවා උන් ළදරු පෙනුමින් යුත් බෝලයක් බඳු ඉවානයෙක් එතැන
සිටියේ නැත.එතැන උන්නේ සැබෑ කඩවසම් හාදයෙකි. එතැනදීද මා මවා හුන් චරිතය නොවීය.
අනතුරුව හමුවූයේ සුරංගය.ඔහු නං යාං හෑල්ලේදී
වගේමය.ඒත් ආච්චිගේ කයි කතන්දර සියල්ලට කට පියං ඉන්න අහිංසකයෙකුගේ මුහුනක් නං ඔහුට
තිබුනේ නැත.බ්ලොගේ නොලීවාට ඇතැම් විට ආච්චිට අම්බානක රිටන් එකක් දී තිබීමට
පුළුවන.ඔහු මට වඩා මාසයයි දවස් හතරක් බාල බව සොයා ගැනීම මගේ දවසේ විශිෂ්ටම සොයා ගැනීම
විය.
මා ආසන්නයේම උන්නේ ටෙක් සයුරේ චූටි
මල්ලියාය.ටෙක් සයුරක් ඇති බව වත් මං දන්නේ එවෙලේය. තාක්සනික දේ කවදත් ඇලජික් මට
එසේ වීම අරුමයක් නැතත් පුංචි එකා ඉස්සරහා මට දැනුනේ අපහසුවකි.
තරහ වෙන්ඩ එපා මල්ලියෝ ඉස්සරහට නං නොතේරුනත්
කියවනව ඕං.
ඩ්‍රැකීද ලඟින්ම ඉඳන් හිටියේය.
තරු රසී කියවන විට මා හිතං හිටියේ බස්සීටත්
වඩා ලා බාල චූටි තරු ඇස් ඇති නංගියෙක් ගැනය.මට පිටුපසින් වාඩි වී සිටි ඇය දුටු විට
මට හැඟුනේ ඇය මගේ වයසේම විය හැකි බවයි.(මගේ ඇස් සමගර විට මා රවටා තිබීමට පුළුවන)
පැත්තක හිද වේදිකාවට ඒකාත්මික වී හුන් මා අත
වනා ඔහු උන් තැනට කැඳවා ගත්තේ සුට්ටං කසුට්ටාය.මගේ රජ තුං කට්ටුවෙං එකෙකි.
නමුත් මා හිතං උන් තරං කසුට්ටා සුට්ටං
නැත.කසුටු වෙනුවට “ඩයිනෝසර හදවත“ වැනි නමකිං බ්ලොග නම් කලා නං මට වැරදෙන්නේ නැත.දැන්
සුට්ටං කපා දමා වෙනත් විශේෂන පදයක් හොයංට වීම මං සම්මාන උලෙලෙන් උස්සං ආ අමතර
කරදරයකි.
මාතලං ගැන මං හිතං උන්නේ පපුවේ මරුවා බුදු
වේවා! කියා පච්ච ගසා ඉනේ උල් පිහියක්
ගහගෙන ඉන්න හතර රියං කලු තඩි නැඩ මිනිසෙක් ලෙසය.පස් හය දෙනෙකුම පෙන්වා හඳුන්වාදෙන
තුරුම මං ඔහු මාතලං බවට මං විස්වාස කලේ නැත.
ඒ සිනාසෙන සිරියාවන්ත මිනිසා ඔහුගේ අකුරු
අතරින් මා දුටු මරුමුස් මිනිසාට චුට්ටක්
හෝ සමාන නොවීය.
රූපේ හා මහේෂ් මල්ලිලානම් බුකියේ දුටු
ආකාරයෙන්ම වූ මුත් රූපේගේ රූපේ හඳුනා ගැනීම මට ටිකක් අපහසු විය.
විදානේ මට පුටු කීපයක් එහායිං ඉඳගෙන උන්නත්
ඔහු සම්මානය ගන්ට වේදිකාවට නගින තුරුම ඔහු කවුදැයි නොදැන කතා නොකර හිනාවකින් පමණක්
සෑහී උන්නෙමි.ඒ ගැන මගේ බලවත් මෙව්වා එක.
ළඟින්ම අඳුනා ගත් අය අතර ගිම්මිගේ කොලම ලියන
චූටි නංගියා හා ඔහුගේ කටකාර ඥාති අයියණ්ඩියද හඳුනා ගැනීම සතුටකි.
The sahan නම් බුකියේ පිංතූර වල ඉන්නවා වාගේම නිසා
ඈතිං දුටු සැනින්ම අඳුනා ගත් අතර බස්සා හා බස්සීද කිසිඳු අපහසුවකින් තොරව දුරදීම
අඳුන ගත් අය අතර විය.
ගීත හා නාට්ටිය සුපිරිම විය.ටොයියා හා බයියා
අප ඇති තරම් හිනැස්සුවේය.
ඈතින් දුටු රසික ලොජිස්ට් ,විචාරක තුමා
අජිත් පැරකුම්,නාලක ගුණවර්ධනයන් දැකීම පමණක්ම සතුටක් විය.
බොහෝ දෙනා සමඟ කතා කිරීමට කාලය ඉඩ නොදුන් අතර
රෑ බෝ වූ පසු ආ පාර හොයා ගැනීමට නොහැකිව අතර මං වෙතැයි බියෙන් සැකෙන් සිටි මට සුහද
පිලිසඳරක යෙදීමට තරං මූඩ් එකක් තිබුනේද නැත.
මා අටමා පැමින නැතැයි හිතං උන්නත් අවසානයේදී
කසුට්ටා සම්මාන උලෙලේ දොරෙන් එපිට උන් ඔහු මට සොයා දුන්නේය.
මෙසේ බ්ලොග් ලෝකයේදී මගේ සුපිරි වීරයා මුහුණට මුහුණ හමු විය.ඔහු දුටු සැනින් කොහෙන් හෝ
නැටුං තෙල් මූඩියක් පෑගී ඇති බව මට හිතුනි.
අනතුරුව සුසෙයි හා මිත්තරේ ගැන එකම
අසමජ්ජාති කතාව මට පස් වරක්ම කී නිසා මූඩි පහක්ම පෑගී ඇතැයි නිකමට නිගමනය කලෙමි.
කෙසේ වුවත් ඔහු හමු වීම විශේෂ දවසක් සුවිශේෂ
කිරීමට හේතු විය.ඔහු නැත්තං කැලේ මල් පිපෙන්නේ නැත.කැලේ මල් පිපුනේ නැති නං මේ සා
සුන්දර දවසක් මගේ ජීවිතයට එන්නේද නැත.
ඒ වෙනුවෙන් මිත්තරේට හා කසුට්ටාට වෙනමම ස්තූති
කල යුතුය.
අජිත් ධර්මා නං මා මවා සිටි පුද්ගලයාම වූ
අතර කොට භාවය හා හිසකෙස් ගැන තිබූ කොමෙන්ටු කියවා හුන් මට සැක හැර ඔහු අඳුනා ගත
හැකි විය.
.
බොහෝ සුන්දර දවසක් මෙසේ ගත විය.බොහෝ දෙනෙකු
සමඟ කතා බහ කිරීමට නැවතීමට නොහැකි වීම ගැන පමණි මට කණගාටුව ඇත්තේ.
නෙළුම් යාය
2015- වීරයන් මුණ ගැසීම හා බලාපොරොත්තු කඩ වීම
ලෙස මේ ලිපිය නං කලේ බ්ලොග් ලෝකයේ මගේ
වීරයන් සියළු දෙනාම පාහේ ඈතින් හෝ දැක ගැනීමට අවස්ථව ලැබුනත් බොහෝ දෙනා ඔවුන්ගේ වචන තුලින් මා දුටු මිනිසුන් පෙනුමෙන්
එසේ නොවූ බැවින් උපන් බලාපොරොත්තු කඩ වීමේ ශෝකයෙනි
මේ සුන්දර අවස්ථාව උදාකල හැමට තුති.සම්මාන
දිනූ හැමට සුභ පැතුම්
ප.ලි
මගේ කැලයේ උපන් මල් වත්තක මතක සුවඳ පොද
කොටස් 1-12 තෙවන ස්ථානය දිනා ගත් අතර එම සම්මානය මං කොටස් 5 කට කඩමි
1.
ඉන් එක කොටසක්
කැලෑ මල් පිපිමට පසුබිම සකසා මල් වලින් හැකි තරම් ඈතින් සිටීමට කැමති මගේ සුදු
මහත්තයාට දෙමි
2.
කැලෑ මල් පිපිමට
මුලින්ම අත හිත දී හැම විටම මට දිරියක් වන
හරියටම මට වඩා වසර 10කින් වැඩිමහළු අයියණ්ඩිය කල්‍යාන මිත්තරේට තව කෑල්ලක් දෙමි
3.
කැලෑ මල් සඳහා
මුලින්ම මඟ පෙන්වා ඊලඟට ඉඳ හිට ඇවිත් නොපෙනී හිඳ ඊයේ හැබෑවටම හමුවූ මිතුරා සුට්ටං
නැති කසුට්ටාට ඊලඟ කෑල්ල දෙමි
4.
අවසන් කොටස්
දෙක බ්ලොග් ලෝකයේ හිත හොඳ මිනිසා-කැලයක් කපා මල් වලට ඉඩ හසර දුන් මිනිසා දයාබර
අටමාට දෙමි
මලක සුවඳ මේ යැයි මට හඳුන් වා දුන් මගේ කුළුඳුල් ගෝලයා දිමුතු පුතු ඇතුලු බස්නාගල දූ දරුවන්ට වෙසෙසින් ස්තූති කරමි.
අඅළුතෙන් අඳුන ගත් මිතුරනි...මං මුහුනු පොතේ ඉන්නේ්මෙතැනයි
අඅළුතෙන් අඳුන ගත් මිතුරනි...මං මුහුනු පොතේ ඉන්නේ්මෙතැනයි
//බොහෝ දෙනා ඔවුන්ගේ වචන තුලින් මා දුටු මිනිසුන් පෙනුමෙන් එසේ නොවූ බැවින් උපන් බලාපොරොත්තු කඩ වීමේ ශෝකයෙනි// ඔය පාඩම මීට බොහෝ කලකට පෙර මා විසින් උගෙන ඇති බැවින් ඒ ගැන මගේ සන්තාපයක් නොමැත. හැක්..
ReplyDeleteමගේ මුල් පාඩම හින්ද වෙන්ටෑ මට දුක හිතුනෙ ප්‍රසන්න
Deleteඅඩේ මටත් සම්මාන කෑල්ලක්.. :) මේකේ ලින්ක් එකක් මම මගේ බ්ලොග් එකේ දානවා..
ReplyDeleteකඩවසම් ඉවාන්ටත්?
Deleteඉරිසියාකාරයෝ හැක
Deleteහපොයි මිත්තරේ...
Deleteකතා බතා කිරීමට අවස්තාවක් නොලැබුනත් ප්‍රා ජේ ද දුටිම්.
Delete//"එතැන උන්නේ සැබෑ කඩවසම් හාදයෙකි"// සක් උස්සලා උස්සලාම කොලර් එක ගැලවිලා අතට ආවා කියහන්කෝ . :D
ReplyDeleteමං මේ ලව්පූසා කියල නම දාපු එකා හොයනවා ඌට සම්මානයක් දෙන්න.
Deleteසංසාරේ.....
කෝ මේ පත්තරයා ඕනෙ වෙලාවට නෑනෙ
කඩවසං කීව.. පුහ්.. ඔන්න බලාපල්ල ඒකෙත් හැටි
Deleteහැක්
ඒ නම දාපු එකා මේ ලඟම ඉන්නවා
Deleteහපොයි දං කරපු අපරාදයක්.දැන් ලවු පූසාට අළුත් ෂර්ට් එකකුත් ගන්ඩ වෙනවනේ
Delete/ සැබෑ කඩවසම් හාදයෙකි /
Deleteඉවාන් කියල වැරදිලා විචාව දැකල තියෙන්නෙ. හැක හැක .
එන්න වුවමනාවෙන් හිටියත් කලින් යොදාගත්තු කටයුත්තක් නිසා එන්න බැරිවීම ගැන කනගාටු වෙමි. ලබන සැරේ අනිවාර්යෙන්ම එමි.
ReplyDeleteලබන සැරේ හමුවෙමු
Deleteහැක් ඔයා හිටියෙ විදානය ලඟ ද? විදානයගෙ අනිත් පැත්තෙන් ඉඳගෙන උගේ සම්මානෙ අරං ඇවිත් වාඩි වෙච්ච ගමන් ඒක උදුරගත්ත, විදානය එහා පැත්තේ හිටියෙ මම.
ReplyDeleteමලා හරියට මීටර් උනේ නෑ කසුන්.විදානයත් අඳුන ගත්තෙ අහම්බෙං
Deleteමමයි, කසුනයි, විදානයයි තමයි ඔයාට මෙහා පැත්තෙ වාඩිවෙලා හිටියේ.
Deleteආ බන්...
ReplyDeleteඩ්‍රැකී යයි ටෙක් සයුරයි මැද්දේ විභීෂණ හිටිය කියල පෙනුනේ නැද්ද බන්...
------------
මොනා වුනත් ඉතින් ලැබිච්ච සම්මාන වලට ඉතා සිතින් මෙන්න මගේ සුභාසිංශන...
සොගි වේවා....අපි කතා කලත් නේද?ඒත් මං ඔයාව අඳන ගත්තෙ නෑනේ
Deleteස්තූතියි
මමත් ඔයාව දැක්කනෙ මගෙත් බලාපොරොත්තු කඩවුණා.
ReplyDelete+++++++
Deleteඇයි අප්පා මං හිතපු තරං කැත නැති හංද නේද හැලපයෝ
Deleteහයියෝ පව්
Deleteමාරියක් කන්න චෑන්ස් එකක් වදින්නයි යන්නෙ !! ඕ යේස්
Deleteඔන්න අක්කණ්ඩිට විතරයි අපිව මතක් වුණේඈ.. හිහි
ReplyDeleteමගෙත් බලාපොරොත්තු කඩවුණා කියන්නකො අක්ක දැක්කම
මං හිතුවෙ අඩුගාණෙ වස්සලා කියපුවාම පොඩ්ඩක් හරි කෙට්ටුවට ඇති කියල.
කොහෙදෑ... මට මීටර් දහයක් විතර පස්සට යන්න වුණා ෆුල් වීව් එකක් ගන්න
හැක්...
සන්තෝසයි හමුවීම අක්කා...
ජයවේවා
අනිනවා ටොක්කක් හොදේ
Deleteමටත් හමුවීම සතුටක් මල්ලියෝ
ඩයිනසෝර් හදවත උස්සන් යන්න ගොඩ දෙනෙක්ට එකා වගේ එකතු වෙන්න උනා ආෆ්ට පාටියෙන් පස්සෙ :D.
ReplyDeleteසම්මානෙ ගන්නව දැක්කා. ඒත් කතා කරන්න බැරි උනා මට නම් ඩ්බ්.කේ එක්ක. ඊලඟ උලෙලකදි කතා කරමු.
ජය වේවා!!! :)
අනිවා මනා.ශයා ෆුල් බිසි එකේනෙ හිටියෙ
Deleteහයියෝ ඩයිනෝ මොකට බොනවද ඔච්චර...උස්සං යන මිනිස්සු ගැනවත් හිතන්න එපැයි
ඔබව හදුනා ගැනීමට ලැබීමත් සතුටක්.................
ReplyDeleteමටත් කුරුටු
Deleteපිහිය නම් ඉනේ තිබුනා... මට ඔය අටමා ෂුවර් නෑ නේ....
ReplyDeleteසුපැතුම්... හදවතින්....!!!!
හපොයි උත්සව ශාලාවට වත් නාපු අටමා ගැන ඔහොම කියන්ඩ එපල්ලා අෆ්ෆා
Deleteස්තූතියි
//තාක්සනික දේ කවදත් ඇලජික් // අඩේ මෙන්න බ්ලොග් පැලෙන බොරු කියනෝ..! මේ බොග අටවං තියෙන්නෙත් තාක්සනේට පිං සිද්ධවෙන්න තමයි වස්සලා අක්කේ... හැක්...!
ReplyDeleteතව තවත් අලුත් දේ කරන්න හදවතින්ම සුභ පතනවා...!
ආ මල්ලියා.මං ඔයාව හොය හොය තමයි උන්නෙ
Deleteස්තූතියි මලේ...ඔය පුංචි වයසට ඔයා ලොකු වැඩක් කලේ..මං ටොකු අනින මගේ ගෝලයොත් ඉතිං ඔයාගෙ වයසෙනේ අප්පා
අපූරයි අපූරුයි අපූරුයි.................................................!!!
ReplyDeletesugv.wordpress
තුති
Deleteමං මේ ගැනල බැලුවේ ඉවානය රැවටිච්ච දාහත්වෙනි සයිබර් ගෑනු පරානේ ඔහේ
ReplyDeleteඅම්මපා
DeleteThis comment has been removed by the author.
Deleteඉවානයට රැවටිච්ච දාහත්වෙනි....ලෙස නිවැරදි වියයුතුය
Delete....//මෙසේ බ්ලොග් ලෝකයේදී මගේ සුපිරි වීරයා මුහුණට මුහුණ හමු විය.ඔහු දුටු සැනින් කොහෙන් හෝ නැටුං තෙල් මූඩියක් පෑගී ඇති බව මට හිතුනි//....
Deleteඔය තට්ට හාදයා වතුර බොනවට වැඩිය බොන්නේ නැටුම් තෙල්.
බාරයක් ඔප්පු කරනව බොලව්..
Deleteආසාවට බොනව නෙවෙයි ඒ.. ඕ යේස්
මාත හිතන් හිටියෙ වත්සලා අක්ක චූටි ටීච කෙනෙක් කියල බැලින්නන් ලොකු ටීච කෙනෙක්.......කොහොම හරි මහේශය තමා පෙන්නුවෙ...
ReplyDeleteහපොයි මලේ....
Deleteචැහ්ඃ .. එන්න බැරි උන එකේ පාඩුව දැනෙන්නෙ මෙයාල මෙහෙම රහ කර කර ලියනකොට නෙව..
ReplyDeleteසුභ පැතුම්..!
ජයවේවා..!!
අවුරුදු උත්සවයේදී හමුවෙමු
Delete//බොහෝ දෙනා ඔවුන්ගේ වචන තුලින් මා දුටු මිනිසුන් පෙනුමෙන් එසේ නොවූ බැවින් උපන් බලාපොරොත්තු කඩ වීමේ ශෝකයෙනි// හික්ස්!
ReplyDeleteමටත් මුලින්ම බ්ලොග් අවුරුදු උත්සවේකට ගිය දවසෙ ඔහොම උනා අක්කේ!
මට වුන සන්තෑසිය බස්සිටත් උනා එහෙනං.සංතෝසයි සන්තෝසයි
Deleteඋඹේ නරක වෙලාවට මට එන්ට බැරිවුනේ....සෙක් එහෙනං උඹේ බලාපොරොත්තු කඩවීම ඩිංගක් හරි අඩු වෙන්ට තිබ්බ. ඒ කියන්නෙ බොල මම නං මගේ වචන වලින් පේන ගාම්බීර මනුස්සයම තමයි...හෙහ්...හෙහ්...හෙහ්...
ReplyDeleteරවී තුමා ඉතිං අපේ අම්මගෙ වයසෙ නොවැ.මං හිතං ඉන්නෙ ඉහ නිකට පැහිලා තුං කුදු වුන ආතා කෙනෙක් වගේ කියලා
Deleteඇයි ඊට වෙනස්ද????
මමත් කථා කළා නෙව. හැක් ...
ReplyDeleteඒක නෙව සුදීක
Deleteමට ඊයෙ වත්සලා අක්කගෙ නම ලාවට ඇහුන ඒත් මට කතා කරන්න මග අරුන.කැලේ පිපුන මල් බලන්න මම කලින් ගොඩඋනාද කියල මට මතකයක් නැහැ. ඒ ගැන නම් සමාවෙන්න .. දැන් දැන් මග අරුන බ්ලොග් ෆලෝ කරගෙන යනවා වෙලාවක් ලැබුන ගමන් ගොඩවෙලා ලිපි කියවල යන්න .. සම්මානෙට මගෙන් උණුසුම් සුබපැතුම් :)
ReplyDeleteඔයාටත් සුභ පැතුම් නංගියෝ
Deleteසුභ පැතුම්!! තව ලියන්න...
ReplyDeleteස්තූතියි යාළු
Deleteඅක්කා වාඩිවෙලා ඉඳලා තියෙන්නේ අපි ලඟමයි. කතා කරන්න විදියක් නැතිවුනා.
ReplyDeleteඔවු නගෝ............මං ටිකක් කලිනුත් ආවනේ...ඒ හින්දා හුඟ දෙනෙක් මිස් උනා...අවුරුදු උත්සවේ ඇරියස් කවර් කරමු හොඳේ
Deleteනගෝ නෙවෙයි මලෝ
Deleteහුටා..සොලිි වේවා
Deleteඋඹලා ඔප්ක්කොමලාව සිතෙන් වැළඳගත්තා. මගේ ලොකු අක්කාගේ මහත්තයාගේ දේහය උඩුකුරුව දපා තිබියදී, ඒ අවමගුලේ බර මගේ කර මත තිබියදී තමයි, පැය කීපයකට ආවේ.
ReplyDeleteහරිම දුකයි හුඟක් දෙනෙකුට කතාකරන්න නොලැබීම ගැන.
ජයවේවා! නෙළුම් යාය තව තවත් සුවඳවත් වේවා!!
ඒ වගේ දෙයක් තියා ගෙනත් සහභාගි වීම අගේ කරනව විචාරක තුමා..මං ආසන්නෙන් දෙතුං පාරක් කැරකෙනව දැක්කත් ඔබ තුමා බව දැනං හිටියෙ නෑ නොවැ කස්ටිය බුකියේ එල්ලපු පොටෝ කෑලි දකින කං
Deleteහෆූ... මට මාර මෙව්ව එකයි.! “...“අකුලට පිපි මල්“ නේද ඔයාගෙ බ්ලොග් එක?...“ කියල ඇහුවට.
ReplyDeleteඇයි අප්පෙ, ඉස්ටේජ් එකට නගිද්දිනෙ මේ උන්දැ වත්සලා කෝ විජේරත්න කියල දැනගත්තෙ.
අහුවෙයංකො මට..මගේ නමයි මගේ බ්ලොගේ නමයි දෙකම විකුර්ති කරලා නොවැ මේ ඩ්‍රැකියා
Deleteහයියෝ.. මමත් බලාපොරොත්තු කඩ කරල නේද? මට නම් හිතෙන්නෙ වත්සලා මම තරුවක් වගේ චුට්ටි අක්කා කෙනෙක් වෙන්න ඕන ඔයාට.. දකින්න ලැබීම සතුටක්...
ReplyDeleteකැලේ පිපුණු මල් මට මගෑරිලා තිබුණෙ.. සම්මන උත්සවයෙන් පස්සෙ තමයි ඔන්න හොයාගත්තෙ..
මං නං කලින්ම ඔයාව හොයං තිබ්බා...බලා පොරොත්තු කඩ වුනත් අඳුන ගැනීම මටත් සතුටක් අක්කා
Deleteසුබපැතුම්...
ReplyDeleteඔන්න මම ආව නම් ඔක්කොම බලාපොරොත්තු ඉටුවෙන්ට තිබ්බ .. හෙහ් හේ නැද්ද?
මං හිතං බන්නේ ඔයා ලස්සන සුදු කොණ්ඩෙ දිග උස කෙනෙක් හැටියට.දැන් කියමු බලන්න ඔයත් මගෙ බලාපොරොත්තු කඩ කරනවද කියල
Deleteස්තූතියි උපේක්ෂා ..අවුරුදු උත්සවේ දී හමුවෙමු
මේ මොන හෙනගෙඩියක්ද!!!
Delete//ලස්සන සුදු කොණ්ඩෙ දිග උස කෙනෙක් හැටියට
දැන් ඉඳල එහෙනම් මට සැලෝන් යන්න වෙනවා. කොණ්ඩෙට විග් එකක් කමක් නැතුව ඇති නෙහ්.. උස නම් ඉතින්... ඔය මොනවා හරි කරගන්න බැරිය... නේද? ඔයාගේ බලාපොරොත්තු එහෙම කඩ කරනවද මෙයා මම!
ඔක්කමත් හරි, ලස්සනත් වෙන්න එපැයි.. හම්මෙයි..... පන යයි මගේ
සුබ පැතුම් වත්සලා ! මේ සටහනත් හරිම රසවත්
ReplyDeleteස්තූතියි තිලක
Deleteසුභපැතුම් වත්සලා... තව තවත් ලියන්නට ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. අපිටනම් එන්න උනේ නැහැ.. ඔයාල සම්මාන ගන්නවා දැක්ක බුකියේ තිබ්බ පින්තූරු වලින්..
ReplyDeleteඒක තමයි ඊලඟ වතාවේ හමුවෙමු..ස්තූතියි අම්බලම්
Deleteසුභ පැතුම්
ReplyDeleteස්තූථියි උඩුවෝ
Deleteඋණුසුම් සුභ පැතුම් වත්සලා. සම්මානය ගනිද්දී දැක්කත් පස්සේ කතාබහ කරන්න වුණේ නෑ. නැවත හමු වෙමු.
ReplyDeleteමට ගොඩ දෙනෙකුට වුනේ ඒකනේත....ලඟම ඉඳන් හිටපු විදානෙ වත් අඳුන ගත්තෙ සමිමානෙ ගන්ඩ නැගිටිනකොට
Deleteස්තූතියි..නැවත හමුවෙමු
හදවතින්ම සුබ පතනවා..
ReplyDeleteස්තූතියි ලලිත්
Deleteඑදා කොච්චර එකට හිටියත් අක්කණ්ඩියේ...සුභ පතන්න අමතක උනානේ...කොහෙද අර කසුට්ට මැදට පැනල අපි දෙන්නට හැම වෙලේම බාද කලානේ...:P
ReplyDeleteසුභ පැතුම් අක්කණ්ඩියේ...!!!
මන් ගැන නං ලිව්වත් මොකද අර මාව පරිස්සම් කරන්න එවපු රස්තියාදුකාරය ගැනත් ලියලනේ :D :D :D