Thursday, May 26, 2016

මක් හිතුනාද අම්මේ


කඳු කපා හැලෙන සීතට
ඇ‍‍ඟේ ඇනි ඇනී දැවටී
හිතත් රිද්දන හී ගඩු මල
දාඩිය පිපෙනකොට
පරවෙලා බිම වැටුනට
දුක හිතුනාද අම්මේ

            ඒ ගැන හිතලමද
            ඉරත් අහසට  නැංගේ

බදු වගේ ඇඟේ එල්ලී
කූඩැල්ලො ලේ බොනකොට
ජීවිතේ තරං උස
රබර් ගස වටේ වන්දනාවෙදි
කකුල් රිදුනාද අම්මේ

            ඒ ගැන හිතල මද
            නිදිකුම්බ අතු පාවඩව බිම වැවුනේ

තරු රටා ඇඳි අහස
මැටි  බිත්තියට ඉහලා
කුඹුරකම මඩ ඇති බිම
එළුන වැරහැලි පදුරට
රෑ කරුවලත් ඇරගෙන
වත්තෙ මහත්තය එනකොට
බය හිතුනාද අම්මේ

            අහසටත් දුක හිතිලද
අනෝරා කඳුළු වැටුනේ

පනහක අරන් ලෝදිය
මිලියන පහක් වෙරි උන
උඹේ මුර දෙවියා
කානුවක  බුදියන කොට
පාං බාගෙට පොරකන
හීං උන්ගේ කෙඳිරිය
කනට කටු අනිද්දී
දුක හිතුනාද අම්මේ

            ඒ ගැන හිතිලමද
            කිරි පැනිත් නැති පුර හඳ

            වලාකුලකට වැහුනේ